April 21, 2010

අපේ බබා - 8 වන මාසය

ඔන්න මේ අවුරුදු අරුමැක්කේ අපේ බබාගේ 8 වැනි මාසෙත් ගෙවුනා නොවැ. කියන්න කාරණා බෝමැයි. ඉතින් කියමුකෝ එහෙනම් මෙන්න මෙහෙම කෙටියෙන්.


හරියටම අප්‍රේල් 20 වැනිදා වෙනකොට බබාට මාස 8යි. මාර්තු මාසේ 20ට කලියෙන් පිරිත් කියන්න ලැබීම ගැන අප මෙන්ම අපේ දෙමාපියන්ද බොහෝ සේ සතුටුවූහ. එය මගේ බිරිඳටද යම් අස්වැසිල්ලක් වූයෙන් ඇයද සතුටින් කාලය ගත කළාය. වෙනදා මෙන්ම මාර්තු ගෙවී අප්‍රේල් මාසය නොහොත් අවුරුදු මාසය එළඹෙන්නට විය. අප්‍රේල් මාසයේ මුල් සතියේ ඇගේ මාසික සායනය වූයෙන් එහි ගියේ නංගී සමගය. ඒ වන විටත් මා රාජකාරී කරමින් සිටි අතර පසුදින අප අපගේ වෛද්‍යවරයා හමුවීමට යොදාගෙන තිබුණි. එම නිසා රාජකාරී අහවර වී රාත්‍රී කාලයේ ඇගේ නිවසට ගොඩ වූයෙමි. සැමදා මෙන්ම ඇගේ ආදර සිනාව මගේ විඩාව එලවා දමන්නට විය.

"උඹට කොහෙන්ද හයියක් මගේ මිනිහගේ ඇඟේ නගින්න තරම් මං ඉන්නකල්" වැනි සිතිවිල්ලක් ඈ තුල නොවූවා වන්නට බැරිය.

කෙසේ හෝ නිවසට ගොඩ වී රාත්‍රී ආහාරයෙන් පසුව ඈ සුපුරුදු පරිදි මගේ ඔඩොක්කුවේ පහස සොයා ඇල වෙන්නට විය. රූප පෙට්ටියේ වෙළඳ දැන්වීම් අතරින් පුංචි නාට්‍ය කැබැලි පෙන්වුවද ඒවා කිසිත් ගනන් නොගෙන ඈ මගේ කණ් ගොඩ කරන්නට විය. සතියක් තුළ එක කරගත් වල් පල් සියල්ල එකිනෙක ඇද දමන්නට විය. ඒවා රසබර වුවත් නැතත් ස්වාමියකුගේ පරම යුතුකම ලෙස මා හැඳින ගත් එක් ගුණාංගයකට ගරු කරමින් මා ඒවා සඳහා අඩුම තරමේ "ආ... එහෙමද.. ඉතින්... ඔව් ඔව්.." යන වදනින්වත් පිළිතුරු දෙමින් අසා සිටියෙමි. මෙය ඇයට මහත් රුචි ගෙන දෙන්නක් බැව් මා බොහේ කලෙකට ඉහතදී දැන  සිටීම මාගේ භාග්‍යයක් ලෙස මා දකිමි.

"මේ ඒක නෙමෙයි... අද අර මිඩ් වයිෆ් කිව්වා මගේ බර වැඩි වෙලා නෑ කියලා..." ඇය කීවාය.
"ඒ මොකද ඒ..."
"අනේ මංදා.. මම ඉතිං කනවනේ..."
"බොරු නේද.... කන්නේ නැතුව ඇති... නැත්නම් බර වැඩිවෙන්න ඕනේනේ... මෙන්න පුතේ.. අම්මා කන්නේ නෑ..."

කියමින් මම බොරුවට චෝදනා කරමින් ඇගේ උදරය පිරි මදින්නට වූයෙමි. ඇය මහත් වූ ආඩම්බරයෙන් එය බලා සිටින්නට විය. "ඔබ වෙනුවෙන් මගේ උතුම්ම තෑග්ග මෙලෙස මා රකිමි පණ සේ" කියා ඈට සිතෙන්නට ඇත. ඈ මගේ ඔඩොක්කුවෙන් කෙලින් කර මා ඇයව සිප, උදරයට කණ තබා කිසියම් ශබ්දයක් ඇසේදැයි බැලීමට උත්සාහ කෙළෙමි.

"ඩෝං" ගාලා පුතා දුන්නා නේද පයින් පාරක් මගේ කණට.

"අනේ අනේ තාත්තට එහෙමද සලකන්නේ.... ?" මම කීවෙමි.
"අනේ ඔයාටනම් එක පාරයි. අයියෝ මෙයා එක්ක බෑ.. ඔන්න... ඔය.... හරියට දඟයි. ඔයා වගේම නැතෑ..
මට ඉතින් දැන් දෙන්නෙක් නල වෙන්න වෙයි හෙට අනිද්දා ඉඳලම... අම්මෝ...."

මෙන්න මේ වගේ සොඳුරු මතකයන් අතරට අපේ බබා පැමිණීම අපි ආසාවෙන් රස වින්ඳෙමු. පසු දින අපි වෙදා වෙත ගියෙමි. එහිදී මනරම් සිදුවීමක් සිදුවිය.

වෙනදා මෙන්ම වෙදදුරා වේලාව වරදවා පැමිණියේය. අපි අංක පිළිවෙලට ඔහු වෙත ගියෙමු. රැජිණගේ පරීක්ෂා කිහිපයකට පසුව මෙසේ කියන්නට විය. 

"පුතා බබා පොඩ්ඩක් පොඩීනේ... වතුර මදි වෙලා... "
"අනේ සර්, ගොඩාක් පොඩිද?...."
"නෑ නෑ... ඔය බය වෙනවනේ... සතියක් විතර පරක්කුයි... බොහොම පොඩි එකක්... "
"අපි බලමුකේ ස්කෑන් කරලා...."

දැන් රැජිණගේ මූණ දෙක වෙලාය. මා හනිකට ක්‍රියාත්මක වීමි. අමාරුවෙන් හිත හදාගෙන ස්කෑනීන් කාමරයට ගියෙමු. මෙහිදී වෙදදුරා පරිගණක තිරය අපට පෙන්වමින් එක එක දෑ විස්තර කරන්නට විය.

"මේ තියෙන්නේ හාර්ට් එක.. දැක්කද?"
ආ... ඔව් ඔව්...
"මේ තියෙන්නේ ඩේට් එක. සතියක් පරක්කු වෙලා.. මම කිව්වේ... හරිනේ..."
ම්...ම්ම්....

එක්වරම වෙදා රැජිණ දෙසට හැරී මෙසේ විමසන්නට විය.

"මෙන්න මේ වගේ එකක් ගෙදරදී දැකලා තියෙනවද? "

ඔහු පෙන්වමින් සිටියේ අපේ බබාගේ කුරුල්ලාය.
තිරය හරියට නොපෙනුන නිසා ඇය ""මට පේන්නේ නෑ..." කීවාය....

"වෙන්න බෑ.... හොඳට බලන්න.... මේ වගේ එකක් දැකලම තියෙන්න ඕනේමයි..."
"අනේ... හික්ස්..."

මෙසේ කියමින් ඇය ලැජ්ජාවෙන් ඇඹරුණාය. දැන් අපේ බබා අහවරය. ඔහු දැන් අපේ පුතා වෙලාය. කුරුල්ලා හොඳටම පැහැදිළිය.
අපේ සිත් සතුටින් පිරී ඉතිරී ගොසිනි. හනිකට රෝහලෙන් පිට වූ අපි දෙදෙනා මෙය සැමරීමට පුරුදු විදියටම චොකලට් ගත්තෙමු.

ඒ අතර නොයෙකුත් පෙම් කතා කියමින් අපි විවෙස බලා පිය මැන්නෙමු.


77 comments:

  1. "උඹට කොහෙන්ද හයියක් මගේ මිනිහගේ ඇඟේ නගින්න තරම් මං ඉන්නකල්" වැනි සිතිවිල්ලක් ඈ තුල නොවූවා වන්නට බැරිය.

    නියම කතාව...

    ReplyDelete
  2. නියමයි කතාව

    ReplyDelete
  3. @මිත්‍රයා ,
    වැඩිය හයියෙන් කියන්න එපා... ඔයාගේ නෝනට ඇහෙන්න පුළුවන්....

    /බිඟුවා...!

    ReplyDelete
  4. ඔහු පෙන්වමින් සිටියේ අපේ බබාගේ කුරුල්ලාය.

    Hiksss & Hikss...

    ReplyDelete
  5. @නදුන්,
    ස්තුතියි මචං...

    /බිඟුවා...!

    ReplyDelete
  6. සතුටුයි...බොහෝම සතුටුයි...

    මම අහලා තියෙන විදියට හුගාක් දෙනාගෙ කුළුදුල් බබා ටිකක් කුඩාලු. අත්දැකීම් අඩුකම ඒකට හේතුව වෙන්න ඇති....

    අනේ ඉතින් තව මාසෙන් අපේ බිගුලන්තයට පැටියා එනවනෙ....සෙල්ලම් නෙමේ රැජිනව හොදට බලාගන්න බිගු......

    තෙරුවන් සරණයි තුන් දෙනාටම !

    ReplyDelete
  7. ඕහ් අහන්නත් අමතක උනා....අර කුරුල්ලා....හික් :D

    ReplyDelete
  8. @දිල්,
    ඔයා කලිනුත් අහලා තිබ්බනේ මේ ලිපිය කෝ කියලා...
    මම හිතුවා දුවගෙන එයි කියලා මගේ විකාර කියවන්න...
    එල එල...

    ඔයා කිව්ව කතාව ඇත්ත වෙන්න පුළුවන්...
    අත්දැකීම් අඩු කම වෙන්න පුළුවන්...

    කුරුල්ලා මම දැක්කා....
    පස්සේ කුරුල්ලගේ පිංතූරයක් එවන්නම්කෝ....
    හික්ස්....

    /බිඟුවා...!

    ReplyDelete
  9. අඩේ මම බැලුවා කොහෙන්ද බන් ඔතෙන්ට කුරුල්ලෙක් ආවේ කියලා....හික්..

    උඹ ඔහොම ලියනකොටනම් ආසාවේ බැරුවා...

    අම්මටයි පුතණ්ඩියටයි තුරුණුවන් සරණයි ඕං බිඟුවෝ....

    ReplyDelete
  10. @චමිදේවා,
    ගොඩාක් ස්තුතියි දිරි දීමට.

    ආ.. කුරුල්ලා... කුරුල්ලා....
    මේක මට නිකං හිතුන වචනයක්....
    ඒක හරි මදිද මෙතන්ට...???


    /බිඟුවා...!

    ReplyDelete
  11. බිඟු පැංචත් ඔය තාත්ත තරම්ම දඟලු නේ...... රැජින තමා පවු.... බබාල දෙන්නෙක්ගෙ වැඩ බලන්නෙපැයි ඉතින්........ හිහ්...... :D :D
    පැංච පින්බර වෙසක් කුමාරයෙක් වගේ... හ්ම්ම්.... හ්ම්ම්ම්......

    "ඩෝං" ගාලා පුතා දුන්නා නේද පයින් පාරක් මගේ කණට

    හොඳ වැඩේ.... කරදර කරේ මොකටද??? :P ෂුවර් එකටම ෆිල්ම් එකේ ජවනිකා අධ්යක්ෂණය කරන හැටි හිත හිත ඉන්නැත්තේ........ :D :D :D :D :D :D :D :D :D

    ReplyDelete
  12. @බිඟුවා
    අපෝ නෑ බං....

    ReplyDelete
  13. @හා පැටික්කි,
    ඔය කිව්වට යනවා කියලා ඔය ඉන්නේ....
    මොකද කෙල්ලේ කරන්න යන්නේ...
    මට මොකක් හරි අලකලංචියක් අදින්න තමා මෙයා හැමවෙලාවෙම මාන බලන්නේ...
    හික්ස්...

    ඔයා කිව්වා වගේ සීන් එකක් වෙන්න පුළුවන්...
    හින්දි එකක් නම් වෙන්න බෑ....

    අනික මම දඟ නෑනේ...
    ඔයා වගේම අහිංසකයි...

    /බිඟුවා...!

    ReplyDelete
  14. "කුරුල්ලා" is the best name I have ever heard for that. that is very nice. even i can use that for my ....

    Max FUN.

    ReplyDelete
  15. ඒකනෙ දැක්ක ගමන් දුවන් ආවේ....දැන් ඉතින් ලබන මාසය වෙනකම් ඔයා විතරක් නෙමේ අපිත් ආසාවෙණ් බලා ඉදී...ඇයි හත් දෙයියනේ ඔය අත්දැකීම ලබන්න අපි තාම හිතලවත් නෑනෙ....

    බැරිද දන්නේ නෑ ඔය මාසෙත් " සං " ගලා යවලා දාන්න ;)

    ReplyDelete
  16. මම හිතුවේ තාම පොඩි කොල්ලෙක් කියලනේ.. දැන් බලනකොට තාත්තා කෙනෙක් නේ... බලපුවහම මමනේ තාම පොඩි.. හික් හික්..
    සුභ පැතුම්... ඔබ තිදෙනාටම නිදුක් නිරෝගි සුව ලැබේ වා..

    ReplyDelete
  17. ලස්සනම ලස්සනයි, හැඟීම්බරයි, තව කියන්න දේවල් ම් ම් ම් .....

    ReplyDelete
  18. අපෝ අයියේ දවසෙම පංති ගිහින් ආවම මේව දිව ඔසු ටිකක් රිලැක්ස් වෙන්න...... :D
    මූකුත් නෑ..... ;D
    ඔයත් මට දාන්නෙම අලකලංචිමනේ ඉතින්......

    එහෙනම් ඔයා ඒ වෙලාවෙ වැරදි දෙබස කියන්නැත්තේ....
    ආපෝ අයියේ දෙබසක්වත් මතක තියා ගන්න බැරිද හරියට....... ලැජ්ජාවෙ බෑ.... ෂී.... හිහ් හිහ්....... :D :D :D :D


    ඒ ඔයා කියන ඒවනේ....
    ඔය රැජින කියල තියෙන්නේ දඟයි කියල......
    අපි පිළිගන්නේ ඒවා..... :P

    ReplyDelete
  19. @දිල්,
    ආ... එහෙම ගිහින් බෑනේ දිල්, මොකද පුතාගේ බර ටිකක් වැඩි වෙන්නත් ඕනේනේ....
    නැත්නම් මටනම් දැන් හොඳටම ඇති බලාන හිටියා...
    මේ මාසේ තමා භයානකම..
    කොයි වෙලේ දුවන්න වෙයිද දන්නේ නෑ..
    මේ ඒක නෙමෙයි දෙන්නද කෙනෙක් හොයලා මේ විදියට ලියන්න පුළුවන් වෙන්න වැඩකුත් සෙට් කරලා
    ඒ කිව්වේ බඳින්න කෙනෙක් එහෙම (දැනට නැත්නම්.)....

    @පැතුම්,
    අනේ මම පොඩි කොල්ලා...
    රැජිණගේ වැඩනේ... මම මොකවත් දැන්නේ නෑ....
    මම ඹඹා....

    @ලංකා,
    අනේ ස්තුතියි....

    @හා පැටික්කි,
    ආ... ඒකත් එහෙමද... ඒත්
    "එහෙනම් ඔයා ඒ වෙලාවෙ වැරදි දෙබස කියන්නැත්තේ.... "
    මෙන්න මේක තේරුනේ නෑ මට...
    ඔයා කොහොමත් මා එක්ක හරහටනේ...
    කෙල්ලෝ ගන්නේම කෙල්ලන්ගේ පැත්තමයි...


    /බිඟුවා...!

    ReplyDelete
  20. @BEAUTIFUL SRI LANKA,
    I couldn't see you in long time in internet.
    what happened???

    ReplyDelete
  21. එහෙනං බබා පුතා උනා. ගොඩ ගොඩ! සුබ පැතුම්!

    ReplyDelete
  22. @බුද්ධි,
    ඔව් ඔව්...
    දැන් ඉතින් පුතා තමා.....
    කුරුල්ලා ඉන්නවනේ....

    /බිඟුවා...!

    ReplyDelete
  23. බිගුන්ලන්තයේ ඔටුන්න හිමි කුරුල්ලා.... හික්ස්...

    සුබ පැතුම්...
    ~සුළග~

    ReplyDelete
  24. @සුළග,
    හික්ස්....
    කුරුල්ලා...

    පුතාට කියන්න ඕනේ කට්ටියම පුතාගේ කුරුල්ලා ගැන කියපු කතා

    /බිඟුවා...!

    ReplyDelete
  25. Congrats brother.

    ReplyDelete
  26. ape suba pathum paulatama!!...........
    udeshi&isanka

    ReplyDelete
  27. ඔබ මී මැස්සාය
    ඇය (මී මැසි ) රැජිනය
    ඔබ දෙපලගේ පුතාට කුරුල්ලෙක් ඇත...!!!

    ඔබේ කතාව නම් හරිම රසවත්...
    දරුවටත් අම්මටත් තුරුණුවන් සරණයි....

    ReplyDelete
  28. @උදේශී,
    හරි හරි...
    මම කියන්නම්...
    හබී ආවාම එන්න ගෙවල් පැත්තෙන්....

    @ප්‍රියන්ත,
    කුරුල්ලා නැගලා යනවා වාගේ....
    ස්තුතියි මේ පැත්තෙන් ගියාට...
    කොහොමද අපේ පොඩි මෑන්...

    ReplyDelete
  29. සැමට බුදු සරණයි

    ReplyDelete
  30. අහා..කුරුල්ලෙක් නේ එහෙනම්.
    සතුටුයි උඹලා ගැන අයියෙ. බුදු සරණයි.

    ReplyDelete
  31. @වැප්, @Raven,
    බොහෝම ස්තුතියි

    ReplyDelete
  32. එහෙනම් බිගුවා කොහොම හරි අපේ පැත්තට එකෙක් වැඩි කලා :D..ඔහොම යන් අඩුම තරමේ ෆුට්බෝල් ටීම් එකක් වත් හදන්න try එකක් දෙන්න
    තුන් දෙනාටම ජය වේවා !!

    ReplyDelete
  33. බිගූට ආඩම්බරයිද..?
    පරම් පරාව ගෙනියන්න පුතෙක්ම දීල තියෙන්නෙ.
    කුරුල්ල ගැන ගොඩක් දේවල් ආව ලියන්න. මේකෙ ලියන එක හරිනැති නිසා මම නොලියමි.
    හැබැයි පුතෝ මේ කාලෙ තමා රැජිණව පරිස්සම්ම කරන්න ඕන කාලෙ. නිදොක්නිරෝගී, ලොවට වැඩදායක, ගුනගරුක, ලස්සන පුතෙක් ලබේවා!

    ReplyDelete
  34. ජීවිතය සුන්දර ද මෙතරම්... ඒ සුන්දර ජීවිතය විදින්න අපිවත් එකතු කරගත්තට ස්තූති... තුන් කට්ටුවටම නිදුක් නිරෝගී සුව...

    ReplyDelete
  35. හ්ම් තව මාසයයි. ඒකත් බොහොම ඉක්මණින් ගතවේවි. 9 වෙනි මාසේ ලිපිය කියවන්න අපි මග බලාගෙන ඉන්නෙ ඔන්න. පැටියා හම්බුණාට පස්සෙ ලිපිය ලියන්න අමතක කරන්න එහෙම එපා ඔන්න. :)

    ReplyDelete
  36. අහා පුතණ්ඩියෙක්........ හොඳා හොඳා...... බුදු සරණයි තුන් දෙනාටම....... සතුට සාමය පිරී ඉතිරෙන කැඳැල්ලකට සුබ පතනවා බිඟු අයියේ.......

    ReplyDelete
  37. @ප්‍රෝග්‍රැමර්,
    පාපන්දු ක්‍රීඩාවකට කී දෙනෙක් ඉන්නවද?
    මම අහලා බලන්නම් රැජිණගෙන්....

    @පීටර්,
    අනේ අර ලියන්න හදපු දේ මට හොරෙන් කියනවද....

    @මින්දද,
    ස්තුති කර කර ඉඳලා බෑ...
    මෙහෙම කතාවක් ලියන්න ගත්තා නම්...

    @මුතූ,
    අනේ මංදා..
    කට්ටිය මාව බය කරනවා...
    මුළු රෑම ඇහැරිලා ඉන්න වෙනවලු
    උඹ දැන් ඉවරලු
    ඇති වෙන්න දැම්ම නිදා ගනින්ලු
    ඔය අස්සේ මං කොහොමද ලිපි ලියන්නේ...

    @විශ්මි ,
    නමක් එහෙම දාන්න සෙට් වෙන්න ඕනේ ඔන්න...

    /බිඟුවා...!

    ReplyDelete
  38. කුරුල්ලෙක් ඉන්න බිඟුවෙක්...

    ReplyDelete
  39. කුරුල්ලා....
    hek hek

    ReplyDelete
  40. හැමදාමත් වගේ සමනලී කියන්නේ "බිඟු මැඳුරේ තුන් දෙනාටම තෙරුවණ් සරණයි!!!" තව මාසෙකින් "මෙන්න අපේ පුංචි පුතා ආවෝ..." කියලා පෝස්ට් එකක් දකින්න පුලුවන් වෙයි නේද? :-)

    ReplyDelete
  41. @දස්කොන්,
    ඒකනේ...

    @සමනලී,
    ඒක ලියන්න පුළුවන් වේවිද මන්දා...
    වෙලාව තමා....

    /බිඟුවා...!

    ReplyDelete
  42. අන්තිම මාසෙදි විතර බර වැඩි වෙන්නෙ අඩුවෙන්. සමහර අයගෙ බර වැඩි වෙන්නෙම නෑ. සමහරුන්ගෙ බර අඩුත් වෙනවා. බයවෙන්න එපා..හැමදේම හොඳට වෙයි කියලා හිතමු!

    තවම යන්නෙ ලේසි ටික. අමාරු ටික තව අවුරුදු 20 ක් විතර තියෙයි!

    ජයවේවා!!

    ReplyDelete
  43. @නදී,
    දැනුම් දීමට ස්තුතියි...
    කොල්ලෙක් නම් 20 ක් විතර
    කෙල්ලෙක් නම් ජීවිතය පුරාම..
    හික්ස්...


    /බිඟුවා...!

    ReplyDelete
  44. ලේට් වෙලා හරි මේ පැත්තේ ආවා ඔන්න... මොකෝ අපිත් 8 වෙනි මාසය කතාව පුල පුලා බලා සිටි ඈයොනේ :-) සා සා... බිඟු පැටියා.. පුදුම හැඟීමක් දැනෙන්න ඇති නේද තිරයෙන් බිඟු පැටියා දකිනකොට ??
    අහ් කුරුල්ලා.... කොහෙන්ද ඔය යෙදුම හොය ගත්තේ අප්පා... කොටින්ම කියනවනම් මට පොඩ්ඩක් වෙලාත් ගිය මේ අලුත් යෙදුම ජීර්ණය වෙන්න කතාවේ... හහ් හහ් හා.............

    තුණුරුවන් සරණයි..‍රැජිණටත්, බිඟු පැටියටත්.... :-)

    ReplyDelete
  45. කුරුල්ලෙක්ද මි මැසි පැටියෙක්ද දන්නෙ නෑ. බලාගෙන කන තියන්න යන්නෙ. දස්ට කලොත් එහෙම ඔන්න ඇපිනම් නෑ.

    පුතාටයි පුතාගේ අම්මටටයි තාත්තටයි හැමෝටම සියලු දේවිතාවුන්ගේ ආරක්ෂාවටයි. රැකව‍රණයි.

    ReplyDelete
  46. @මල්,
    අනේ ලේට් කියලා එකක් නෑ....
    ඔව් ඔව්.. මට මතකයි ඔයා මෙහෙම කිව්වා "අහ් දැන් 8 වන මාසය ලියන්නේ නැද්ද? කෝ? "...
    බොහොම සතුටුයි.....
    දැන් හරි නේද කුරුල්ලාගේ කතාව....
    හික්ස්....

    මෙදා පාරත් මට තුණුරුවන් සරණය නෑ. අර දෙන්නා විතරයි...
    ඉහික්.. ඉහික්...

    @අනුරාධ,
    කෝ බං පුතාට තෑගී...
    ගමේ ගිහින් ආවට මුකුත් නෑනේ දුන්නේ...

    ස්තුතියි මීයට ගොඩ වැදුනට....


    /බිඟුවා...!

    ReplyDelete
  47. සුභ පැතුම්.ගෙදර හැමෝටම ජයෙන් ජයම වේවා.ඒ වගේම ලස්සන පෝස්ට් එකක් කියලා කියන්න ඕනේ.

    ReplyDelete
  48. කුරුල්ලෙක් නම් අපි අනිවාර්යයෙන්ම සුබ පතන්න වෙනවනෙ.
    හැබැයි ප්‍රශ්ණෙ මී මැස්සොන්ට කුරුල්ලන්ගෙ සම්බන්ධකමයි.

    සුබ පැතුම් මචෝ...
    බුදු සරණයි !

    ReplyDelete
  49. ලේසි පාසු නෑ දැන් ඉතින් හෙට අනිද්දට තාත්තා කෙනෙක් නෙව..
    කොල්ලා ආඩම්බර වෙවිද මන්දා..

    මෙ ඒක නෙවී අර වෙදා මොකද අච්චර ෂුවර් එකට කිවුවෙ ගෙදරදී කුරුල්ලෙක් දැක්කා නේද කියලා...?*******

    වාසනාවන්ත දරු පැටියෙකුට මගේත් සුභ පැතුම්.

    ReplyDelete
  50. අයියෝ බිඟු.... සෝ සොරි මෙයා....
    මෙන්න තුනුරුවන්ගේ සරණ මම පතනවා මුලු බිඟු පවුලටම ආයෙත්.... ඔන්න එහෙනම් බිඟු පියාටත්, මවු ‍රැජිණටත්, පුංචි බිඟු පැටියටත් දෙවි පිහිටයි... තුණුරුවන්ගේම සරණයි....

    ReplyDelete
  51. තව මාසයයි නේද? .. අම්මටයි, පුතාටයි තුණුරුවන්ගේ සරණ පතනවා...


    මේවා කියවලා ආසාවෙ බෑ.. කොහෙද මඟුලට තව කල් තියෙනවා නේ... හික්ස්!

    ReplyDelete
  52. කියල වැඩක් නෑ. ඉස්තරම්. සුබ පැතුම් මගෙනුත්.
    That කුරුල්ලා term rox men :P

    ReplyDelete
  53. සුබ පැතුම්!!!

    ReplyDelete
  54. සුභපැතුම් මචං බිඟු අයියේ...

    හැබැටම අර "කුරුල්ලා" මොන කුරුල්ලෙක්ද අනේ මේ හදිස්සියේ... හික්ස්...

    ආ ඒක නෙවෙයි හා හා පුරා කියල පුත්තරයගෙන් ගුටියකුත් කැවා නේද.. ලොල් 100%

    ඒවා මේවා වැඩක් නෑ රැජින බලා ගනින් හොඳට.. ආතව එකක් කැම කන්න කියපන් බඩ පිරෙන්න

    -සෝරෝ

    ReplyDelete
  55. බිඟුලන්තයේ රජුටයි, රැජිණටයි, ලස්සන පින්වත් බිඟු කුමාරයාටයි තෙරුවන් සරණයි!

    ReplyDelete
  56. @eks' world,
    ස්තුතියි.

    @Outsider,
    එල එල...
    එතකොට කුරුල්ලන්ට විතරද අනිවා....
    හික්ස්...

    @මාරයා,
    ඔවා මෙහෙම කියන්න බෑ....

    @මල්,
    ඔය තියෙන්නේ...

    @සමීර,
    අහා... එහෙනම් මගුලට අපිටත් කියන්නකෝ..

    @td
    එල එල...

    @සුළඟ,
    ස්තුතියි සෑහෙන්න...

    @සෝරෝ
    හරි හරි මං කියඤ්ඤ්ං...

    @හසී,
    තුති... :D

    /බිඟුවා...!

    ReplyDelete
  57. බිඟු ලන්තයේ රජකම් කරනා පිස්සා
    පිය පදවිය ලබයි සෙනෙහේ වැසි වස්සා
    බිඟු ලන්තයට අලුතින් එන මී මැස්සා
    දෙබරුන් ගෙන් හොඳින් කර ගන් ආරස්සා

    ReplyDelete
  58. බිගු පැංචාට මගේ සුබ පතුම් !!

    ReplyDelete
  59. @මංජුල,
    කලක් තිස්සේ බිඟුලන්තය රජ කරමින් උන්නා
    පොඩි පැටියෙක් මේ ළඟ ළඟ එන්නා
    දෙබර රජෙක් ආවොත් ඔය පිහි පෙන්නා
    බිඟු තුඩකින් රැජිණ එයට පිළිතුරු දෙන්නා

    ReplyDelete
  60. ස්තුතියි ස්වප්නා....

    ReplyDelete
  61. This comment has been removed by the author.

    ReplyDelete
  62. you are the very lucky man bro......,all the best.

    ReplyDelete
  63. @Ruwan bhagya ,
    කලින් දැකලම නෑ මචං.
    එල එල

    /බිඟුවා...!

    ReplyDelete
  64. බිඟු පැටියට ජය වේවා !

    ලංකාවේ දැනට ඉන්න ජනප්‍රියම පැටියා මේ බිඟු පැටියා වෙන්න ඇති. මොකද කියන්නේ ?. බිඟු පැටියා ලොකු වුනාම නලුවෙක්වත් වෙයිද ?.
    නැත්නම් මී වද වල නෙට්වර්ක් අවුල් කරන ( තාත්තා වගේ ) කොම්පීතර් ඉංජෙක් වෙයිද ?

    ReplyDelete
  65. බිඟු පෝතකයා හරි සැරයි වගේ.
    තෙරැවන් සරණ පතනවා සියළු දෙනාවම !

    ReplyDelete
  66. අපේ සුභ පැතුම්!

    ReplyDelete
  67. ela ela . . mageth suba pathum . . .!

    ReplyDelete
  68. දැන් බිඟු පැටියා එන්න හොඳටම ලං වෙලා නේද? ඔයාල තුන්දෙනාටම තෙරුවන් සරණයි. පැටියා ආවට පස්සෙ එයාගෙ දැඟලිලි ගැනත් අපිට අහන්න පුළුවන් වෙයිනෙ. නියමයි.

    ReplyDelete
  69. අනේ මංදා...බිඟූ අයියේ...
    ඔයාට මොනවා කියන්නද කියලා
    මං හැමදාම ඔයාගේ බ්ලොග් එකට ඇවිත් ආපහු යන්නේ හුගාක් සතුටින්,
    ඔය බ්ලොග් එක කියවගෙන යද්දී අපෙ මුනේ ඇදෙන හිනාව ඔයාට පෙනවානම්..අයියේ.
    බ්ඟූ රැජිනටත්,පුංචි බිඟූ පැටියටත් නීරෝගී,සුවදායක ජිවිතයක් පතනවා.
    ඔයා පුංචි බිඟූවා එක්ක කතාකරද්දි මතක් කරලම කියන්න මං කිව්වා කියලා අම්ම්ට කරදර නොකර හොද බබා වගෙ ඉක්මනට එලියට එන්න කියලා.එයා එනකම් අපි බලන් ඉන්නවා කියන්න.
    ඒ වගේම පුංචි බිඟූවා අපු ගමන්ම අපට බලන්න පින්තුරයක් බ්ලොග් එකෙ දාන්න ඕනා බිඟූ අයියේ...

    ReplyDelete
  70. @මිස්සක,
    ඔය මොකවත් නැතුව පාර්ලිමේන්තුවටවත් යයිද දන්නෙ නෑ නේද?

    @නිර්මල, දුකා
    ස්තුතියි

    @විහඟි,
    අනේ මන්දා....
    ඒ වෙනකොට මට වෙලාවක් තියෙයිද කියලා....

    @මම ,
    හරිම සතුටුයි
    අනිවා මම කියන්නම් පුතාට ඔයා ගැනත්.
    ඔයා කියපු එකත් කියන්නම්කෝ....
    හරි හරි.... මම දාන්නම් පිංතූරයක්....

    /බිඟුවා...!

    ReplyDelete
  71. බලපන් මචං කොච්චර comments තියෙනවද කියලා දරු පැටියට. මොන තරමි ආදරෙයිද මේ හැමෝම.

    උඹේ හොඳ හිතයි..රැජිනගේ ලස්සනයි ගත්තු...දඟකාර කොලු පැටියෙක්ට...මලේ සුභාසිරි....

    තෙරුවන් සරණයි..හැමෝටම

    ReplyDelete
  72. @නිල් අහස,
    ම්...ම්...
    ඔව්ම තමා...
    හරි හරි...

    බොහොම ස්තුතියි.

    ReplyDelete
  73. ඇය් බං අය්යෙ මන් සෑහෙන්න වටින තෑග්ගක් දුන්නෙ. පැටියා පොඩි කාලෙදිම ඒ තෑග්ග දෙන්න මන් දුන්න කියලා.

    ReplyDelete
  74. ඕන්...බිඟු අයියේ මං අදත් අවා ඔයාලා තුන්දෙනාගේ විස්තර බලන්න.
    ආ බිඟු අයියේ මං මෙ දැන් නෙ දැක්කෙ මොකො මේ බිඟු පැටියා සල්ලියක් පස්සේ දුවන්නේ.අපෝ එයාව එහෙමනම් හදන්න එපා ඔන්න

    ReplyDelete
  75. @අනුරාධ,
    හරි හරි...

    @මම,
    ආයෙත් ආවද...
    හරි හරි...
    බොහොම ස්තුතියි එහෙනම්...

    /බිඟුවා...!

    ReplyDelete
  76. අනේ බිඟුවෝ ... මම අද තමයි කියෙව්වේ. මේක කියවලා මම ටිකක් කල්පනා කර කර හිටියා. අපි හැමෝගෙම ජීවිත ගලාගෙන යන්නෙ එකම රටාවකට නේද කියලා හිතුනා. මගේ හිතත් ඈතට ඇදිලා ගියා. අමාරුවෙන් ආපහු ඇදලා අරගෙන කොමෙන්ට් ටික කියෙව්වා. උඹේ කැදැල්ලට සදා ජය ....
    මටත් ඒ දවස්වල ඔහොමනෙ හිතුනේ ... ඒකනේ කියන්නේ ..

    ReplyDelete
  77. Ayye ganu lamek ehema unaa nam mokoo korannei?kurullek dekkaa kiyanna behene? ;D

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!