April 25, 2010

බිඟුලන්තය - දිය ඇල්ල (II)





බිඟුලන්තය මැදිවෙන්නට කඳු ගැටයක් ඇත්තේ
ඒ කන්දෙන් දොළ පාරක් හටගෙන ඇත්තේ
කවදාවත් නොසිඳෙන බව කවුරුත් දත්තේ
එකම එක බිඳක්වත් එහි ගැවසී ගත්තේ

ඈ දැන් ලොකු වෙලාය ගංඟාවක් වෙන්නේ
ඇගේ තරුණ කාලේදීම ඈ දරඳඩු වන්නේ
ගලක් දැක්කොතින් පනින්නටයි හිත දෙන්නේ
එහෙම කලාමයි ඔය දිය ඇලි ඇති වෙන්නේ

අඩි ගාණක් උඩ ඉඳලා බිමට පනින්නේ
කිසි ගාණක් නැතුව වගේ අපිට පේන්නේ
කොහොමවුනත් හරිම හැඩයි කැපිල පේන්නේ
අපි පැන්නොත් ඔහොම නොවෙයි පෙනිල කැපෙන්නේ

විහඟ නදයි ගුමු ගුමුවයි රසය මවන්නේ
සීතල පිණි බිංඳු ටිකත් එකතුම වෙන්නේ
සුදු කැටියට පෙණ බුබුලුයි මෙන්න නගින්නේ
කියන්න බැරි අසිරියකුයි ඉන් ඇති වෙන්නේ


3 comments:

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!