බිග මැච් කාලේ ඇවිල්ලා. මරු මරු. ෆන් ෆන්. ඔන්න ඉතින් කොල්ලෝ කෙල්ලන්ගේ ඉස්කෝලේ ගවුමකුත් ඇඳගෙන පනිනවා කෙල්ලන්ගේ ඉස්කෝලෙට. මැච් එක ගහන්න සල්ලි ඔනේනේ. ඉතින් අනේ කෙල්ලන්ගේ ඉස්කෝලේ හරියට සල්ලි තියෙනවානේ. අක්කගේ හරි නංගිගේ ගවුමක් උස්සලා හිරට හිරේ හරි, බකලෙට බකලේ හරි ඇඳ ගත්තොත් යන්තාන් පැන ගන්න පුලුවන් තාප්පෙන් එහා පැත්තට. ඉතින් කොල්ලෝ දැක්ක ගමන් ඒකේ ඉන්න කෙල්ලන්ට පිස්සු වගේ. සත්තු වත්තේ සත්තු කැම දෙන වෙලාව ආවහම මොර දෙන්නේ ආන්න ඒ වගේ තමා. කොහෙද ඉතින් කොල්ලෙක් බලන්නෙවත් නැනේ ඒකේ ඉන්න කෙල්ලෝ දිහා. ඒ හින්දා ඔන්න කෙල්ලෝ ටික මඤ්ඤං වෙලා පිස්සු වැටිලා අර ගවුම් ඇඳපු කොල්ලෝ වටේ රොක් වෙනවා. ඉස්කොලේ ලොකු මැඩම් ආවත් කොහොම හරි හන්ගලා කොල්ලන්ව බේරා ගන්නවා. සමහර කොල්ලන්ගේ කකුල් වල මයිල් පිරිලා හින්දා වැඩේ කේස් වෙනවා. එහෙම කියලා කොල්ලෝ වැඩේ අතාරින්නේ නැ. රේසර්පාරක් දාලා ෆුල් ටියින් ලෙවල් එකෙන් කොල්ලෝ සෙට් වෙනවා. කොන්ඩේ පැත්තට දාලා හොයා ගන්නම බැ. වෙලාවකට කොල්ලොත් රැවටෙනවා ටීචර්ලා තියා. කොහොමහරි ඔහොම පැනපු කොල්ලෝ රංචුව සල්ලි කෙසේ වෙතත් ෆන් එකක් අරගෙන යනවා. කෙල්ලන්ටත් පන්.
ඔන්න දැන් තියෙන්නේ පෙරඩ් කාලේ. කොහෙන් හරි බස් ටිකක් සෙට් කර ගන්නවා. ගහනවා ලොකූ බෝඩ් එකක් XXX විද්‍යාලය කියලා. ගන්නව ලොකු බෙර ටිකක්. ඔන්න පටන් ගන්නවා සබ්ද පූජාව. ඔන්න තාත්තලා අම්මලා පෙරහැරේ ඉස්සරහින්ම යනවා ඔක්කොම පෙන්නාගෙන. අම්මලා දැක්කාම කොල්ලන්ට විතරක් නෙමෙයි තාත්තලාටත් ටිකක් මඤ්ඤං වෙනවා. පුතාව වාහනේ දාගෙන යනවා ලොකු බෝඩ් එකකුත් එල්ලාගේන. පුලුවන් නම් ගහපියව් කියලා. වාහන පේලිය හින්දා මාර ෆන්. කාටවත් යන්න බැ. දෙන්නම් පැලෙන්න බෙර පාර. පාර යන එවුන්ට දෙන්නම් විසිල් එක. මොකෝ එවුන් අපිට ගහන්නද? මෙතන ඉස්කොලේම ඉන්නවඩෝ... ඔන්න පුලුවන්නම් චොපර් එකකුත් ගන්නවා සල්ලි වලට. බැනර් එකක් දාගෙන අහසින් යනවා උජාරුවට. ළමයින්ට වැඩිය ලොකුවට දෙමාපියෝ හිනා වෙනවා. කොහොමද අපේ එකේ සයිස් එක කියලා. මාර ෆන්.
අන්තිමට මැච් එක හහන දවසේ කුඩු වෙන්න බොනවා. පුලුවන්නම් කොල්ලෙක් එක්ක හරි කෙල්ලෙක් එක්ක හරි සෙට් වෙලා කැලේ පනිනවා. ආතල් එකක් ගන්නව. මාර ෆන්.
මෙන්න මේකයි බිග් මැච් එක. අම්මලා පස්සේ කියන්නේ දැක්කට අපේ එක. උස්සාගෙන ගිය හැටි. ඉස්සරහින්මයි ගියේ. ලොකුවට තිබ්බනේ. රතු පාටට. ආසාවේ බැ. මෙන්න මෙතැනම තමා අවුල එන්නේ. පාසැල හා සිසුවා දැන් නැ. ඉන්නේ කවුද කියලා හැමෝම දන්නවා. පොරත්වය එහෙම නැත්නම් ගැට්ට පෙන්වන්න කාලේ මේක තමා කියලා හිතාගත්ත මෝඩ අම්මලා ටිකක් ෆුල් ෆෝම් වෙලා රටේ අනිත් මිනිස්සුන්ට ආතල් දෙන කාලයක්. දෙමාපියන්ට අවනත නැති දරුවන් ඉන්න කාලේ අවනත් දරුවන් පවා බොරුවට ඇද දමන සමාජයක අපි සිටිමු. පෙරඩ් එකට 10ක් ගියත් මොකද අනිත් මිනිස්සුන්ට කරදර නොවන විදියට. එහෙම බැ. මේක ඔක්කොටම් පේන්න එපැයි. අපි යමු ගාලු පාරේම. ඔන්න ඉතින් පැය ගාණක් වාහන තද බදය. සල්ලි තියෙන එකෙක් තමන්ගේ වාහනේක ඕනැ ගමනක් යයි. ඒත් පොදු සේවා බස් එකේ යන මිනිහා මේක ඉවසන්න එපැයි. යන මගුලක් පලයල්ලකෝ අස්සේ පාරක. කරන මගුලක් කර ගනිල්ලකෝ ඉස්කෝලේ ඇතුලේ. මෙහෙම කියන මිනිස්සු කොච්චර ඇත්ද?
මේක සංකර ජීවිතවල ආරම්භයයි. සිංහලකම නැති වෙලා ඉවරයි. බෞද්ධකමක් කොහොමත් නැ. නමුත් තවම පාසල හා සිසුවා ඉවර නැ. ගුරුතුමා හා සිසුවා ඉවර නැ. මේක ඉවර කරන්නේ අපේ දෙමාපියොයි. මේ ගැනත් හිතලා යමක් කලෝත් යහපත් දරුවන් පාසැලෙන් බිහි වේවි. නැත්නම් වැඩි කල් නොගොස් දෙමාපියෝ දරුවාගේ මෙහෙකරුවා වනු නිසැකය.
March 6, 2012
February 24, 2012
දිරාපත් වෙන්න කොච්චර කල් යයිද?
මෙන්න තියෙනවා පොඩි වගුවක් සමහර දේවල් දිරන්න ගත වෙන කාලයත් එක්ක සම්බන්ද වෙච්ච. සමහර දේවල් දිරන්න කලින් අපි මැරිලත් ඉවරයි. ඉතින් ඒක හින්දා යමක් විසි කරන්න කලියෙන් පොඩ්ඩක් හිතලා බලලා විසි කරන්න. එහෙම කියලා කෙහෙල් ලිලි එහෙම දානවා නෙමෙයි තැන තැන.
| ද්‍රව්‍යය | කාලය |
|---|---|
| කඩදාසි අත් පිස්න (ස්වියර්ට්) | සති 2 ~ 3 ක් |
| කෙසෙල් ගෙඩි ලෙලි | සති 2 ~ 3 ක් |
| කඩදාසි බෑග් | මාස 1 ක් |
| පුවත් පත් | මාස 1.5 ක් |
| ඇපල් ගෙඩියක මදය | මාස 2 ක් |
| කාඩ්බෝඩ් | මාස 2 ක් |
| කපු අත් මේස් | මාස 3 ක් |
| දොඩම් පොත්ත | මාස 6 ක් |
| තුනී ලෑලි | අවුරුදු 1 ~ 3 ක් |
| වූල් මේස් | අවුරුදු 1 ~ 5 ක් |
| කිරි පැකට් | අවුරුදු 5 ක් |
| සිගරැට්ටුවක කොට | අවුරුදු 10 ~ 12 ක් |
| වානේ ටින් | අවුරුදු 50 ක් |
| ප්ලාස්ටික් කෝප්ප | අවුරුදු 50 ක් |
| රබර් සෙරෙප්පු | අවුරුදු 50 ~ 80 ක් |
| ප්ලාස්ටික් භාජන | අවුරුදු 50 ~ 80 ක් |
| ඇලුමිනියම් ටින් | අවුරුදු 200 ~ 500 ක් |
| ප්ලාස්ටික් බෝතල | අවුරුදු 450 ක් |
| ළදරු නැපි(පැම්පර්) | අවුරුදු 550 ක් |
| ප්ලාස්ටික් බෑග | අවුරුදු 200 ~ 1000 ක් |
| වීදුරු | අවුරුදු දශලක්ෂ 1 ~ 2 ක් |
February 23, 2012
මෙයාව මතකද
අපේ පුතාගේ පළමු වීඩියෝ පටය
මෙන්න මේ වීඩියෝ එකේ ඉන්නවා ඩොකෙක්.අපේ පුතා සීසර් කරලනේ ගත්තේ. ඒ ඔපරේෂන් එක කලේ දොස්තර ලෙනදොර කියලා කෙනෙක්. ඒ කාලෙත් අපි ගියාම ඩොකා හම්බ වෙන්න එයා මොකද්ද මැෂිමක් ගැන හැමදාම මගෙන් අහනවා. ලීවර් සිස්ටම් ගැන පෙෂර් හැන්ඩ්ලින් වගේ මකැනිකල් ඉන්ජිනේරින් දේවල්. මොකද මැන්ස් දැන්ගෙන හිටියා මම ඉන්ජෙක් කියලා. මැන්ස්ගේ අලුත් අයිටම් එකකට මොකද්ද කැල්ලක් ලේත් කර ගන්න තැනක් එහෙම මගේ ඇහුවා. කොහොම හරි අන්තිමට බබා හම්බුනාට පස්සේත් ඉඳලා හිටලා කෝල් එකක් එහෙම දුන්නා. පස්සේ පස්සේ ඉතින් ඒකත් නැ.
මෙන්න බොලේ ඉරිදා පත්තරේ බලනකොට පුරුදු මූණක් තිබ්බා මහින්ද මාමා එක්ක ඉන්නවා. අප්පට සිරි. ලෙනදොර මාමා ඉන්නවා තැගි උත්සවේ. 2010 අවුරුද්දේ හොඳම නව නිමැවුම්කරු සඳහා තැග්ග දිනාගෙන. මොකද්ද මන්දා සැත්කම්වල දී පටක ඈත්කිරීම සඳහා වඩාත් දියුණු උපකරණයක් හදලා. මං හිතන්නේ මේ අර මගෙනුත් අහ අහ හිටපු ගැජට් එක වෙන්න ඇති. කොහොම උනත් ඔන්න මැන්ස්ට මගෙනුත් සුබ පැතුම්
http://sundaytimes.lk/120205/BusinessTimes/bt33.html
http://www.slcog.lk/news/news2.php
වැඩි දුර මෙතැනින් කියවන්න.
February 15, 2012
ඉතා අමාරු කටයුතු 2ක්
කිසිවෙකුට මුදුන්පත් කර ගැනීමට ඉතා අමාරු කටයුතු 2ක් පහතින් දැක්වේ.
පළමුවැන්නය සාර්ථකව ඉටු කරන්නා ගුරුවරයා ලෙසින් හැඳින්වේ.
දෙවැන්න සාර්ථකව ඉටු කරන්නා ව්‍යාපාරිකයා ලෙසින් හැඳින්වේ.
මේ දෙකම සාර්ථකව ඉටු කරන්නා බිරිය ලෙසින් හැඳින්වේ.
මේ දෙකම අසාර්ථකව ඉටු කරන්නා ස්වාමිපුරුෂයා ලෙසින් හැඳින්වේ.
ඊයකින් උපුටන ලදී..
- 1. ඔබේ අදහස් වෙනස් අයෙකුගේ මනසෙහි රෝපණය කිරීම
- 2. වෙනත් අයෙකුගේ මුදල ඔබේ පසුම්බියේ දමා ගැනීම
පළමුවැන්නය සාර්ථකව ඉටු කරන්නා ගුරුවරයා ලෙසින් හැඳින්වේ.
දෙවැන්න සාර්ථකව ඉටු කරන්නා ව්‍යාපාරිකයා ලෙසින් හැඳින්වේ.
මේ දෙකම සාර්ථකව ඉටු කරන්නා බිරිය ලෙසින් හැඳින්වේ.
මේ දෙකම අසාර්ථකව ඉටු කරන්නා ස්වාමිපුරුෂයා ලෙසින් හැඳින්වේ.
ඊයකින් උපුටන ලදී..
Subscribe to:
Posts (Atom)


