March 29, 2010

මෙන්න ජිල්මාට් එක - වමද දකුණද

දැක්කද ජිල්මාට් එක.
මේක ටිකක් තාර්කික වැඩක්. හැමෝටම තේරෙන එකක් නෑ.
කමක් නෑ. බලන්න තේරුම් ගන්න පුළුවන්ද කියලා.
බැරිනම් ඒක අල්ලලා දාලා කලින් ලිපියට ගිහින් වමද දකුණද කියලා බලලා සතුටු වෙන්න.

මෙන්න මේකෙන් පුළුවන් ඔය කැරකෙන සප්‍රාණික පින්තූර(animated images) හැදිලා තියෙන්න මොනවා එකතු වෙලාද කියලා ඇතුල බලන්න.
http://www.evanolds.com/dl/GIFFrame.exe
පුංචි උනත් වැඩකාරයා...

අපේ අර පින්තූරය හැදිලා තිබුනේ පින්තූර 34 කින්.
මේ තියෙන්නේ ඒ පිංතූර 34 පිළිවෙලින්. (අපි ඒක 0 සිට 33 දක්වා කියලා නම් කරමු.)

0
Frame0 Frame1 Frame2 Frame3 Frame4 Frame5 Frame6 Frame7 Frame8 Frame9



10
Frame10 Frame11 Frame12 Frame13 Frame14 Frame15


16
Frame16


17
Frame17 Frame18 Frame19 Frame20 Frame21Frame22


22
Frame23


24
Frame24 Frame25 Frame26 Frame27


28
Frame28 Frame29 Frame30 Frame31


32
Frame32


33
Frame33




මේක ලෙහා ගන්න මෙන්න මේ විදියට කොටස් කරන්න පුළුවන්.

  • 0 සිට 9 දක්වා පිංතූර ටික
  • 10 සිට 15 දක්වා පිංතූර ටික
  • 16 පිංතූරය
  • 17 සිට 22 දක්වා පිංතූර ටික
  • 23 පිංතූරය 
  • 24 සිට 27 දක්වා පිංතූර ටික
  • 28 සිට 31 දක්වා පිංතූර ටික
  • 32 පිංතූරය 
  • 33 පිංතූරය 


හරි අපි දැන් බලමු කොහොමද ජිල්මාට් එක සිද්ධ වෙන්නේ කියලා


හිතාගන්න පුළුවන්ද කොහොමද මේක වෙන්නේ කියලා.
පොඩ්ඩක් පරිස්සමින් බලන්න දික් කරගෙන ඉන්න කකුලෙ හෙවනැල්ල දිහා...


හරි අපි පටන් ගනිමු අංක 10 ඉඳලා 15 දක්වා. ඔයාලට පේනවද දික් කරගෙන ඉන්න කකුලේ හෙවනැල්ල පටන් ගන්නවා.
මේ වෙලාවේ හෙවනැල්ල මෙහෙම වැටෙන්න ආලෝකය ඇයගේ පිටුපසින් හා ඇයගේ හිසට ආසන්නයෙන් ආ යුතුය.
හරි ඒක දැන් පැහැදිලියි නේද?

16 වැනි පිංතූරයේදී හරියටම ආලෝකය ඇගේ පිටු පසින් එන්නේ. ඒකයි හෙවනැල්ල හරියටම එක මත වැටෙන්නේ.
මෙන්න මේ අවස්ථාවේදී යම් කෙනෙකුට හිතන්න පුළුවන් මේ හෙවනැල්ල තියෙන්නේ පිටු පසට කියලාත්.
ඒ කියන්නේ ආලෝකය ඉස්සරහින් ආවහම වෙන දේ අනුව.

17 ඉඳලා 22 දක්වා පිංතූර ටිකත් දැන් පැහැදිළි ඇති ඔබට. ඒක 10 ඉඳලා 15 දක්වා පින්තූර වගේම අනිත් පැත්තට යන්න ගන්නවා.
වෙනස එච්චරයි.

23 පිංතූරයේදී ඇගේ කකුලේ හෙවනැල්ල උපරිම දිගක් ගන්නවා.
මෙන්න මෙතන ඉඳලා හොඳ පරිස්සමින් බලන්න ඕනෑ.
ඊළඟට තමා ජිල්මාට් එක සිද්ධ වෙන්නේ...

24 ඉඳලා 27 දක්වා පිංතූර ටිකේදී අර හෙවනැල්ල ටික ටික අඩු වෙනවා.
නමුත් හොඳට බලන්න ඒක වෙන්නේ කොහොමද කියලා.
ඔබ වඩාත් ඕනෑකමින් බැලුවොත් දැන් මෙය ඉන්නේ කකුල ඉස්සරහට දාගෙන කැරකෙන්නේ වාමාවර්ථව.

මෙපමණ වෙලාවක් දක්ෂිණාවර්ථව කැරකුනා. දැන් වාමාවර්ථව කැරකෙනවා.


28 ඉඳලා 31 දක්වා පිංතූර වල හෙවනැල්ල නෑ.
මේ වෙලාවට මෙයා කැරකැවෙන්නේ වාමාවර්ථව.

32 පින්තූරේදී ආයෙත් සමපාත වෙනවා.

33 පින්තූරෙදී එයා ඉන්නේ දක්ෂිනාවර්ථ කෝණයක.

0 ඉඳලා 9 දක්වා පිංතූර ටිකේදී ඉන්නේ දක්ෂිණාවර්ථ කෝණයක.


ඉතින් දැන් පැහැදිලිද අපි දකින දේ නෙමෙයි තියෙන්නේ කියන එක ගැන???



මං හිතනවා අඩුම තරමේ මේ පිංතූරේ හැදිලා තියෙන්න පින්තූර 34කින් කියන එකවත් තේරුන අය ඇතිනේ.
ඒක හින්දා මට සතුටුයි.
අනික මේක ටිකක් තාර්කික වැඩක්. හැමෝටම තේරෙන එකක් නෑ. මම ආයෙත් කියනවා.
තව එකක්. ඔය කැරකෙන පිංතූර පලන්න පුළුවන් කියලායි ඒක පලන්න ඕනේ යෙදුමකුයි අපි ඉගෙන ගත්තනේ.
ඒ ටිකම මදෑ නේද?


හරි...
දැන් නිකන් මටත් පිස්සු වගේ. ආයෙත් අර ලිපියට ගිහින් බලන්න ඔනේ දෙපැත්තටම කැර කෙනවද කියලා...




March 28, 2010

වමද දකුණද?

පහල පිංතූරේ සිටිනා කාන්තාව කැර කැවෙන්නේ වාමාවර්තවද?
දක්ෂිණාවර්තවද?

වාමාවර්තව නම් බොහෝ විට ඔබ ඔබේ වම් මොළය භාවිතා කරන පුද්ගලයෙකි.
දක්ෂිණාවර්ත නම් බොහෝ විට ඔබ ඔබේ දකුණු මොළය භාවිතා කරන පුද්ගලයෙකි.


ලොව සිටිනා බහුතරය මැය වාමාවර්ථව කැරකැවෙන බව දකිති.
ඔබ බලෙන්ම් උත්සාහ කලද එය මොහොතකින් වෙනස් වනු දැකිය හැකිය.
මීට හේතුව ඔබේ සිත බොහෝ අවධානයෙන් මෙය විමසන බැවිනි.



image001


වම් මොළයේ වැඩ

දකුණු මොළයේ වැඩ

තර්කය යොදා ගනී ගැඟීම් යොදා ගනී
යථාර්තය පදනම් කර ගනී මනඃකල්පිත පදනම් කර ගනී
කුඩා දත්ත පවා නිරීක්ෂණයට යොදා ගනී විශාල දත්ත නිරීක්ෂණයට යොදා ගනී
අකුරු හා භාෂා යොදා ගනී. සංකේත හා රූප යොදා ගනී
අතීතය හා වර්ථමානයයි වර්ථමානය හා අනාගතයයි
ගණියතය හා විද්‍යාව වේ ආගම හා දර්ශනය වේ
දැනුම විශ්වාසය
පරෙස්සම  සහිත අවදානම් සහිත
රටාවන් හඳුනාගෙන ප්‍රත්‍යක්ෂ කර ගනී කලාවන් හඳුනාගෙන ප්‍රත්‍යක්ෂ කර ගනී
වස්තූන් නම් වශයෙන් හඳුනා ගනී වස්තූන්වල ක්‍රියාවන් වශයෙන් හඳුනා ගනී
යථාර්තය පදනම වේ මනඃකල්පිතය පදනම වේ

විද්යුත් තැපෑලක් ඇසුරෙනි.

March 27, 2010

පෝරුවක් සෑදුවෙමු

පහුගිය දවස් ටිකෙ ඇත්තටම සයිබර් යායට ගොඩ වෙන්නට තරම ඉස්පාසුවක් ලැබුනේ නෑ. ඒ මොකද කියනවා නම් එකක් මගේ ප්‍රියාවිය වෙනුවෙන් බබා වෙනුවෙන් පවත්වන ලද පිරිත් කටයුතුය. ඒ අතරම මෙන්න මේ වගේ වැඩකටත් සෙට් වෙන්න වුනා. මගේ යාළුවෙක් ඉන්නවා මංජුල කියලා. අපි දෙන්නා එකට සෙට් වූයේ උසස් පෙළ කාලයේදීය. එයද අහඹු සිදුවීමකි. කෙසේ නමුත් අපි බොහෝ කිට්ටුවෙන් ආශ්‍රය කල අය වෙමු. ඔහු අපේ නිවසේ සිදුවන සියළුම වැදගත් කටයුත්තකදී පාහේ මුල් චරිතක් ගෙන ක්‍රියා කලේය. මාද එසේම විය. පහු ගිය දිනෙක ඔහුගේ බාල නැගණියන්ගේ විවාහ උත්සවය විය. වෙනදා මෙන්ම එයට සහභාගී වීම මාගේ යුතුකමක් විය. ඊට දින කිහිපයකට කලියෙන් ඔහුගෙන් දුර-ඇමතුමක් විය.


"මචං පොඩි සීන් එකක්.."
"මොක්ක්ද බං..."
"පොඩි අපේ තාලේ වැඩක් සෙට් වෙන්න යන්නේ..."
එල එල... මොකද්ද.. කවදද... කොහෙද...""
"අපේ නංගිගේ... මාර්තු 17 රෑ සෙට් වෙන්න තියෙන්නේ..."
"හරි.. මම ප්‍රසන්න, කෝසල්, සූරි... ඔක්කොමලා සෙට් කර ගන්නම්.."
"හරි හරි.. අපේ වෙපන් ටික මලකඩ කාලද දන්නේ නෑ බං... හී.."


මෙහෙම කියලා අපි කෂ්ටිය සෙට් උනා මාර්තු 17 රෑ. මම යනකොට රෑ 12.15 විතර ඇති. යනකොට කෂ්ටිය වැඩේ පටන් අරගෙන නැගලා යනවා. මංජුගේ නංගීගේ යාළුවෝ කිහිප දෙනෙක් අපිට වැඩ කරන්න ඕනේ උත්ප්‍රේරක දෙන්න අමතක කලේ නෑ. එතන හිටියා හරිම කටකාර කෙල්ලෝ කිහිප දෙනෙක්ම. හැබැයි ගොඩක් ලස්සන නෑ.... ඒත් මොකද නේ බං...

ඉතින් වැඩේට මාත් සෙට් උනා. ඒත් එතන තිබුණ සුදු පාට ගොක් අත්ත ගැන මගේ වැඩි පැහැදීමක් තිබුණේ නෑ. මොකද ඒක පොල් ගහේ පළවෙනි අත්ත තරම් සුදු පාට නැති හින්දා. මංජුත් එසේමයි.

"ඒ ප්‍රසන්න... මචං ගනින්කෝ පිහියක් හොයලා..."
"හරි.. යමන්..."

මෙහෙම කියලා මමයි ප්‍රසන්නයි කෝසලයි අපි තුන්දෙනා පිහියකුයි විදුලි පන්දමකුයි අරගෙන ගියා ළඟ තියෙන පොල් වත්තකට. මං හිතන්නේ අවුරුදු ගානකින් තමා අපි මේ හොර වැඩකට සෙට් උනේ.


"වැඩිය ඕක පත්තු කරන්න එපා. මුරකාරයා ඒවි"
"මචං සත්තුත් ඇති බලාගෙන.. පෑවිල්ල හින්දා ගහ ලිස්සනවාත් ඇති.."
"හරි... මචං පොඩි සප් එකක් දීපං.. මේ මගුල ලිස්සනවා.."

ඔහොම කියලා මම නැග්ගා පොඩි පැල ගහකට. වාසනාවට ඒකේ තිබ්බා අලුත්ම ගොබයක්. සට සට ගාලා කපා ගත්තා. බිමට බැහැලා වැටුන ඔක්කොම පොල් කොල ටික අහුලා ගත්තා. මොකද ඒක තමා එකම සාක්කිය. අපි මේ කොල අහුලන්නේ නැතුව ගිහින් ඉස්කෝලේ වැඩකදී, මාට්ටු වුනා. එදා ඉඳලා අද වෙනකන් අහු උනේ නෑ...



ඉතින් කොහොම කොහොම හරි උදේ පාන්දර 7.30 විතර වෙනකොට අපි වැඩේ ඉවර කලා. මුලදී කෂ්ටිය 10 ක් විතර හිටියා. අන්තිමට මමයි, මංජුයි, ප්‍රසන්නයි විතරයි. කෝසලයා නම් ගියේ පාන්දර 5ට විතර, අනිත් උන් ටික හිමීට මාරු වෙලා. ඔහොම තමා හැමදාම. අපි හැමදාම තිරය පිටු පස වැඩ.

ඔන්න මගුලේ වැඩ ගත්තා. මල කෙලියයි. පෑවිල්ල තදකම හින්දා මංජුලගේ ළිඳේ වතුර අඩු වෙලා. පිටින් ගෙනාපු වතුර ටැංකියකුත් තිබ්බා. ට්ක වෙලාවකින් ඒකත් ඉවර උනා. මොනා කරන්නද. අපි තුන්දෙනාට තවම නින්දක් නෑ. මගුල් ඇඳුම් නෑ. වතුර දෙන වැඩේට සෙට් උනා. මංජු ටිකක් අමුතු මනුස්සයා. මිනිහා පින්තූර ගන්නවාත කැමති නෑ. මේවා පුස් වැඩ විදියට දකින අමුතු තාලේ වැඩ කරන කෙනෙක්. පල්ලෙහා ලිඳකින් වතුර ගෙනල්ලා ටැංකිය පුරවලා... ඔහොම ගොඩාක් වැඩ කලා. හැබැයි තිරය පිටු පස. කොට කලිසමක් ගහගෙන. මොනා කරන්නද.. මේවා කරන්න වෙන කෙනෙක් හිටියේ නෑ... මගුල් ගෙදරට ආපු අය අපි දිහා බැලුවේ නිකන් අමුතු විදියට. දන්නවනේ ඉතින් අඳුමට මුල් තැනක් දෙන තැනක්නේ මගුල් ගෙදර කියන්නේ... කොහොම උනත් අපි 3 දෙනා කැපිලා ඉවයි. එතන හිටියා ලස්සන නංගිලා කිහිප දෙනෙකුත්..

මෙන්න මේ විදියට මගේ දවස (දෙකද මන්දා) ගෙවුනා...

March 21, 2010

අපේ බබා - 7 වන මාසය

මෙන්න මේ මාසෙත් ඉක්මනටම ගෙවිලා ගියා. ඉස්සරනම් කාලය ගත වෙන්නේ හරිම හිමින්. ඒත් දැන් තටු ඇවිල්ලද මන්දා... පෙබරවාරි 20 වැනිදා ඉඳලා මාරිතු 20 කියන්නේ අපේ බබාගේ 7 වෙනි මාසය. මම කලි ලිපිය ලියලා හොඳ හුස්මක් ගත්තා විතරයි මෙන්න ඊළඟ මාසෙත් ඉවර වෙලා. හරි...

මේ ගෙවුනු මාසේ නම් බබාට වගේම අපිටත් ගොඩාක් වැදගත් වැඩ තිබ්බා. සුපුරුදු විදියට අපි දෙන්නා ගියා අපේ වෙදදුරා හමබ වෙන්න. අහා... මාර වැඩේනේ. අපි තෝරා ගෙන සිටියේ කුරුණෑගල මහ රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයාය.

මොකද රැජිණ තෝරාගෙන තිබුනේ කුරුණෑගල මහ රෝහල පරිශ්‍රයේ මල් වත්තයි. ඉතින් එයට අධිපති වෙද මැස්සා අපි විසින් තෝරා පත් කරගෙන තිබුණා. සුපුරුදු විදියට උදේම කාල වේලාව වෙන් කර ගැනීම උදෙසා බිඟු ඇමතුමක් දුන්නා මල් වත්තට. මෙන්න බොලේ වැඩේ. වෙද මැස්සා පලා ගොයින්. ගම්පහ මල් වත්තට. අලුත් වෙද මැස්සෙක් ඉන්නව කිව්වා. මොනා කරන්නද?
ආපහු ගම්පහ යන්නයෑ.. අලුත් වෙද මැස්සාව තෝරා පත් කරගෙන අපි ගියා.
අපේ පැටියගේ
"සද්දේ හොඳයි" කිව්වා. බර හරි කිව්වා.
ලොකු දෙයක්නම් කිව්වේ නෑ. ඉතින් ප්‍රශ්නයක් නැති හින්දා අපි සතුටෙන් ආපහු මී වදයට වැදුනා....

පහුවදා පිරිත් වැඩ සටහනක් තිබ්බා අපේ බිඟු පැටියා වෙනුවෙන්. ඔයාලා දන්නවා වගේම මාස 7 පිරෙන්න කලියෙන් පිරිත් කියනවනේ. සමහර පලාත් වල මාස 7 ට පස්සේ තාමා පිරිත් කියන්නේ. ඒත් අපේ ගමේ වැඩිහිටියෝ කිව්වා මෙහෙම.

"හරි විදිය නම් මාස 7 පිරෙන්න කලියෙන් පිරි කියන්න ඕනේ. මාස 7ට පස්සේ ඕනේ වෙලාවක බබා හම්බ වෙන්න පුලුවන්."
 නැත්නම් ඉස්පිරිතාලේ ඉඳගෙන තමා පිරිත් කියන්න වෙන්නේ.
අනික ඔය වරු පිරිත් නම් හරි යන්නේ නෑ. ඒකේ බොරුව කරන්නේ....
නිකන් වරු 3 අවිල්ලා පැය 2ක් විතර කියලා යනවා.
කරනවනම් හරියට කරපන්, නැත්නම් නිකන් ඉඳපන්...

ඔන්න ඔය වගේ 1000 කතා කියන්න ගත්තා. සමහර එව්වා නම පිළිගන්න පුලුවන්. වරු පිරිත් අම්මට ලේසියි. සර්වරාත්‍රික පිරිත් කියන්නේ දන්නවනේ.... ඉතින් කොහොම හරි ඔන්න සරවරාත්‍රික පිරිතක් කියන්න ලෑස්ති උනා...

උදේම මම තාත්තා එක්ක ගියා තල් පිති හොයන්න. සමහරු නම් ගන්නේ කෙහෙල් කඳන්. ඒත් ඒකට වැඩියෙන් මේක හොඳයි. මොකද කෙහෙල් ගහ අපරාදේනේ. තල් පිති ඕනේ මොකටද කියලා දන්නවනේ. පිරිත් මණ්ඩප්පේ පාදම හදා ගන්න. තල් පිත්තේ හිලක් හදලා කෝටු හිටවන්න පුලුවන්නේ. ඊට පස්සේ ගියා වැට මාර (ඇල්බීසියා ) කෝටු හොයන්න. අපි පාර දිගේ  යනකොට මෙන්න විදුලි බල මණ්ඩලෙන් ඇවිල්ලා පාර දිගේ ගස් කපනවා. ඒක නම් නියම වාසිය උනා. අපිට තිබුනේ කපාපු ගස්වලින් හොඳම ලී හොයා ගන්න විතරයි.

"වාසනාව... වාසනාව..." තාත්තා එහෙමත් කිව්වා...

ඊට පස්සේ තිබ්බේ ගොක් අතු හොයාගන්න. මල්පැල 5කට. ගස් කිහිපයටම නගින්න උනා. අද මම නැග්ගේ නෑ. තාත්තා තමා. මම අද සහායකගේ චරිතය. ඒවත් හරි. පස්සේ කඩෙන් ගන්න බඩු. නූල්, පහන් වැටි, සුවඳ කුඩු, සාම්බ්‍රානි, සූකිරි.... ඔය වගේ ලිස්ට් එකක්ම තිබ්බා.

ඔන්න ඔක්කොම බඩු ලෑස්ති කරගෙන පිරිත් මණ්ඩප්පය සූදානම් කලා. රාත්‍රී 7ට විතර පිරිත් පටන් ගත්තා. රැජිණ පිරිත් මණ්ඩප්පේ ඇතුලේ. කිව්වට පිලිගන්න... එයා එළි වෙනකන් ඇහැරිලා හිටියනේ.. පොඩ්ඩක්වත් නිදි නෑ.. වෙනදා අපේ බබ රෑට හරියට දඟලනවා. ඒත් එදා රෑ කිසිම කරදරයක් නෑ. පොඩ්ඩක් එහෙට මෙහෙට ගියා විතරමයි. මම නම් පොඩි නින්දක් දැම්මා.




ඉතින් ඔය විදියට තමා මේ මාසේ ගෙවිලා ගියේ. කට්ටිය අහලා තිබ්බනේ මොකද උනේ කියලා. මේකයි හේතුව උනේ සයිබර් යායට එන්න බැරි වීමට.

March 19, 2010

සින්ග්ලිෂ් ගැජට්(Widget) එකක්

නේ මම දැන් කාලෙක ඉඳලා සින්ග්ලිෂ් ගැජට් එකක් හොයනවා.
එහෙම එකක් හමබ උනානම් බ්ලොග් එකේ පැත්තකින් එල්ලන්න තිබ්බා.
එතකොට කට්ටියට ඉන්ගිරිසි අකුරු ගහනවා වෙනුවට ඕකේ කොටලා කෙලින්ම කමෙන්ට් එක දාන්න තිබ්බනේ.
මම පොඩි උත්සාහයක් කලා.

ඔන්න ඒක මම දකුණු පැත්තේ එල්ලුවා.
බලන්න වැඩ කරනවද කියලා.
මේක හදන්න මම යොදාගත්ත මදේ කොහෙන්ද කියලා ඔයලා දන්නවනේ...
(මේ ලියමන ලියන්නෙත් ඒක දාගෙන තමා.:D )

මට දැන් ඕනේ මේක කොහොම හරි කමෙන්ට් දාන තැනට ඔබා ගන්න.
තවම බැරි උනා, එහෙම උනොත් හරිම ලේසියි කට්ටියට.
ඉන්ගිරිසි අකුරුවලින් සින්හල වචන් ලියන එක නවතලාම දාවි( ද )...
හික්ස්...

මේකත් සාමාන්‍ය ගැජට් එකක් එකතු කරනවා වගේම එකතු කර ගන්න පුලුවන්.
( pls Click on Get Widget Button)


එකක් කියන්න ඕනේ; මේක තවම මූලික අවධියෙ තියෙන්නේ...





For your Help...

March 17, 2010

ඉර හඳ පායන ලෝකේ....

summer_clipart_sun moon පායන world    
Light-Beam-Projector-304590 අතරේ...        
happy sad2 u21752527 වේ…    
මේ ජීවන කතරේ මේ… ජීවන කතරේ...  
           
happy sad2 u21752527 වේ…    
0511-0812-2901-5542_Old_Woman_with_a_Bad_Hip_clipart_image breast_check_2-249x250 u21752527 A_Man_Struggling_To_Lift_A_Barbell_Royalty_Free_Clipart_Picture_090725-190099-943042    
0511-0812-2901-5542_Old_Woman_with_a_Bad_Hip_clipart_image breast_check_2-249x250 u21752527 A_Man_Struggling_To_Lift_A_Barbell_Royalty_Free_Clipart_Picture_090725-190099-943042    
villagegirl1 0511-0812-2901-5536_Spry_Old_Woman_Running_With_a_Walker_clipart_image ….      
12305715801207785819rg1024_Set_of_soft_clouds_2_svg_med female_body_silhouette_front_clip_art_19088 0060-0910-0811-2141_Young_Girl_On_A_Swing_clipart_image සේ…    
           
mountain_clipart_12 river02 ocean1 img-thing සේ…  
earth u21752527      
මේ ජීවන කතරේ මේ… ජීවන කතරේ...  
happy sad2 u21752527 වේ…