December 31, 2007

ආපසු බැලීමක් - 2007

ම්...ම්...ම්...
ආපසු හැරී බැලීමක් කරන්නයි හදන්නේ...

2007 වසරේ මැයි මාසේ තමා මේ බ්ලොග් එක නැත්නම් මගේ ප්‍රසිද්ධ (පුද්ගලික නොවන නිසා...) දින පොත ලියන්න ගත්තේ.
මේක නිකන් විකාරයක් වගේ වෙන්නත් පුලුවන්. ඒත ඒ විකාරය මගේ. ඒක හින්දා කමක් නෑ. මට කොහොමත් විකාර තමා.

අවුරුද්ද මුල නම් ලොකු වැඩක් කියලා යමක් උනේ නෑ. රස්සාව කරගෙන හිටියා. සති අන්ත වල එක්කෝ ගමේ ගියා. නැත්නම් නුවර ගියා.
නුවර කිව්වට පේරාදෙනියට තමා ගියේ. අක්බාර් එකෙන් කාලා ලේන් එකේ රවුමක් ගහලා ෆකල්ටියේ පොඩ්ඩක් ඉඳලා ආවා.

ආ... මම අලුත් රෝද දෙකක් ගත්තනේ. ඒක මගේ මුල්ම වාහනය. පල්සර් 180සීසී වර්ගයේ එකක්. රතු පාට. ලොකු එකක්. මීට කලියෙන් මම සුසුකි එකක් පැද්දා.
මේට් එකකුත් පැද්දා. හොන්ඩා එක නම් අපේ තාත්තගේ එක. මේක මගේ. මංජු සහෝදරයා මට මේක ගන්න උදව් කලනේ සෑහෙන්න. ඒක ගත්තේ ජුනි මාසේ.
ඇති වෙන්න පැද්දා.

ඊ ළඟට ඔක්තෝමබර් මාසේ අපි බැන්දා. බොරලැස්ගමුවට පදිංචියට ආවා. වැස්ස කාලේ. ඒත් අපි ආවා. හරිම ෆ්න් එකේ ගෙවුනු කාලයක් උනා.
අපි දෙන්නා කලේ අපිටම හරියන මෝඩ වැඩ. හික්ස්.. ඒවා මාර ෆන්. කොඩ්ච්චි කියලා අපි නමකුත් දාගෙන හිටියේ ගෙදර අයිති ගෑනු කෙනාට. එයා හරිම කෙක්ක.
අපි ගනන් ගත්තේ නෑ. මේ කාලේ එයා රස්සාවක කලෙත් නැති හින්දා මම 5ටම කන්තෝරුවෙන් පනිනවා. පස්සේ ඇවිල්ලා ව්කාර කර කර ඉන්නවා. තාම එහෙමමයි.
හිතුනොත් දෙන්නාම ගමේ යනවා.

ඔන්න නත්තල ආවා. ඒකත් ඉවරයි.

හෙට 2008. එහෙනම් 2007 ඔබට ආයුබෝවන්...

December 12, 2007

මෙන්න මගේ රෝද දෙක

මෙන්න මගේ රෝද දෙක