August 27, 2011

සිත් පුබුදුන්න තරම්

එක් වදනක්වත්
කියාගන්න බැරි තරමට
එක් අකුරවත්
ලියාගන්න බැරි තරමට
එක් සිතිවිල්ලක්වත්
සිතට නොඑන තරමට
පාලුව කාන්සිය
සිත් මඩලට කාන්දු වෙලා
සිත් පුබුදුන්න තරම්
එක් වදනක් වත්
ඇසේ නම්
දෙසවන් පිනවන්න...

August 11, 2011

පාරට බෙන්ස් ගෙදරට මයිනර් වෙන්න එපා

පාරට සාරිය ගෙදරට හුචක්කු අඳිනු එපා
පාරට මුකුළුව ගෙදරට රණ්ඩුව දමනු එපා
පාරට පීරණ කොණ්ඩය ගෙදරට කඩනු එපා
පාරට බෙන්ස් ගෙදරට මයිනර් වෙන්න එපා

August 10, 2011

ආලෙන් වෙලා ගන්න කෝලම් කලා


මේ සිංදුවේ කියැවෙන්නේ මොකද්ද කියලා හරියටම හිතාගන්න බැනේ. මේ කෙල්ලට කොල්ලෙක් ඉන්නවා. නමුත් මේ කියන කොල්ලටත් කැමැතියි වගේද?