November 25, 2011

කවුද කියන්න එහෙම කියපු බුවා

මෙන්න පොඩි පහේ කතාවක්. සරලයි. පහසුයි. නිකන් ඉන්න ගමන් පොඩ්ඩක් හිතන්න එහෙනම්. මෙන්න කතාව.

ඔන්න එකෝමත් එක කාලෙක හොරු 4 දෙනෙක් හිටියා. එක දවසක මේ හොරු 4 දෙනා හොර වැඩක් කරන්න ගිහින් පොලීසියට අහු උනා. සමහර වෙලාවට පොලීසිය කීව්වට ඒක පොලීසියක්ම නෙමෙයි. නිකන් රජ්ජුරුවන්ගේ ආමි එක කියමුකෝ. ඉතින් මෙයාලා 4 දෙනා වරදි කරුවෝ කියලා මරන්න නියම උනා. දැන් ඉතින් මෙයාවල මරණ දාවසත් ආවා. එදා උදේම මෙයාලව නාවලා කරලා ඔන්න අරගෙන ගියා හිස ගසාදාන තැනට. එක්කරගෙන යන්නේ එක පෝළිමට.

ඉස්සරහා ඉන්න කෙනාට ඊළඟට ඉන්න කෙනාව පේන්නේ නැ. මෙතන මෙහෙමයි වෙන්නේ. ඉස්සරාම එකාට කවුරුවත් පේන්නේ නැ. දෙවැනියට ඉන්න එකාට 1වෙනි එකාව පේනවා. එච්චරයි. 3වැනි එකාට 1යි 2යි පේනවා. 4වැනි එකාට ඔය මොකවත් පේන්නේ නැ. මොකද 4වෙනි එකා අන්ධයි. මළ කෙලියයි නේද?

හරි දැන් මේ 4 දෙනාට තොප්පි 4ක් දානවා. කළු පාට 2යි. සුදුපාට 2යි. දැන අළුගෝසුවා මෙහෙම චාන්ස් එකක් දෙනවා 4 දෙනාට.

දැන් උඹලා 4දෙනාම තොප්පි 4ක් දාගෙන ඉන්නවනේ. ඔතන ඉන්න එකෙක් මට කියන්න ඕනැ තමන්ගේ ඔළුවේ තියෙන තොප්පියේ පාට මොකද්ද කියලා. ඒක හරියට කිව්වොත් උඹලාව නිදහස් කරනවා. එකම එක් කෙනෙක් ඉදිරිපත් වෙන්න ඕනැ. එකම එක චාන්ස් එකයි තියෙන්නේ. හරි දැන් කවුද ඉදිරිපත් වෙන්නේ තමන්ගේ ඔළුවේ තියෙන තොප්පියේ පාට කියන්න? 

ඉතින් මෙහෙම කීව්වාම එකෙක් කිව්වලු මම කියන්නම් හරියටම කියලා. මං අහන්නේ එහෙම කිව්වේ කී වෙනියට හිටිය එකාද කියලා. ඒකා හරියටම කිව්වලු ඌදාගෙන ඉන්න තොප්පියේ පාට. ඉතින් කස්ටියම නිදහස් වෙලා ගිහින් තොප්පි කඩයක් දාගත්තලු. සතුටින් ජීවත් උනාලු.

දැන් කවුද කියන්න එහෙම කියපු බුවා.

November 20, 2011

නිර්භීත බොසා




Rule 1: The boss is always right.

Rule 2: If the boss is wrong, refer to rule 1.


මේක සාමාන්‍යයෙන් ඉතා ප්‍රසිද්ධ කතාවක්ය. පළමු රීතිය වන්නේ ඔබේ බොසා හැමවෙලාවෙම හරිය යන්නය. දෙවැනි රීතියෙන් කියැවෙන්නේ බැරිවෙලාවත් ඔබේ බොසා වැරදි නම් කරුණාකරලා රීති අංක 1 බලන්න කියලාය. ඒ කියන්නේ ආයෙත් බොසා හරිය කියලාය. ඉතින් ඔහොම බැලුවාම බොසා හැම වෙලාවෙම හරිය. පහල ඉන්න එකා වැරදිමය. නමුත් සමහර බොසාලා එහෙම නැතිය. එහෙමත් බොසෙකුට දෙවැනි රීතිය වෙනස්ය. සමහර බොසාලට දෙවැනි රීතියක් නැත්තේය. සමහරුන්ට දෙකට වඩා රීති ඇත්තේය. සමහර බොසාලට රීතිය එවේලේම හැදෙන්නේය. බොසාගේ ප්‍රබලකම හා පහල එකාගේ දුබලකම අතර දුරේ වෙනස අනුව මේ කතාව වෙනස් වන්නේය. බොහෝ ප්‍රබල බොසාලා සියළුම නීති තමාගේම පමණක් කර ගන්නේය. බොහෝ දුබල පහල එවුන් ඒ සියළුම රීති ඒ අයුරින්ම හිස් මුදුනින් පිළිගන්නේය. මෙය අද ඊයේ වූවක් නොවේය. ඈත අතීතයේ රජවරු සිටුවරු කාලයේ සිටම මෙසේ ම ක්‍රියාතම වූ සිද්ධි දාමයක් වන්නේය. නමුත් අද මගේ අකුරු කෙරුවාම වෙන්නේ මේ අතර ඉන්න ඉතා කුඩා ප්‍රමාණයක් සිටින මම කැමති ජාතියේ බොසෙක් ගැනය.



දිනක් මා සේවය කරමින් සිටිනා අතරේ එක් නවකයෙක් පැමිණි මාගේන් යම් ගැටළුවක් ඇසුවේය. ඔහු නවක බැවින් හා උදව් කිරීම යහපත් කටයුත්තක් බැවින් මම ද හැකි පමණින් ඔහුට උදව් කරන්නට ගත්තෙමි. අපේ සේවා ක්‍රියාදාමයේ එක් අංගයක් ලෙසින් නවකයෙක් පැමිණි විගස ඔහුට උදව් කරන්නට ආයතනය විසින්ම එක් පුහුණු සේවකයෙක් අනුයාත කිරීම කෙරෙනු ලැබෙයි. එවිට නවකයා බොහෝ පහසුවෙන් පරිසරයට හැඩ ගැහී තම රාජකාරීන් නිසි අයුරින් කර ගනිමින් ක්‍රියාවන් හඳුනා ගනී. මෙසේ මාස 3ක් පමණ කාලයක් නවකයාට ගෙවන්නට සිදු වෙයි. ඉන් පසුව ඔහුද අත්දැකීම් ඇත්තෙකු සේ සැලකේ. ඒ කෙසේ වෙතත් ඕනැම කෙනෙකුට ඕනැම කෙනෙකුගෙන් රාජකාරී හා බැඳි ගැටළු ඇසීමේ කිසිදු බාධාවක් නොමැත. දෙවන පුදගලයා එනම් පිළිතු දෙන්නා කාර්යබහුල නොවේ නම් බොහෝ විට පිළිතුර ඒ සැනින්ම ලැබෙයි. මෙසේ බොහෝ සහජීවනයෙන් කාලය ගෙවෙන්නේය. මෙහිදී සඳහන් කළ නවකයාටද එසේ අනුයාත කල අයෙක්ද විය. එසේම මාද බොහෝ කාර්ය බහුල වී සිටි අවස්ථාවක්ද විය. එම නිසා යම් යම් අවස්ථාවන්හිදී ඔහුගේ සියළු පැණයන් කෙරේ 100% දායකත්වයක් දීමට නොහැකි විය. මට හැකි පමණින් උදව් කිරීමට අමතක නොකළෙමි.



මේ අවස්ථාව එක් බොසෙක් විසින් දක්නා ලද්දේය. ඔහු සිතා සිටියේ ඉහත කී නවකයාගේ අනුයාත උදව් කරුවා මම කියාය. එවිට ඔහුට පෙනෙනුයේ මා පැවරූ රජකාරියක් අතපසු කරමින් හැසිරෙන්නාක් මෙන්ය. දැන් බොසා මා ගැන හිතාගෙන ඉවරය. මගේ ලකුණු කැපී හමාරය. පසු දිනෙක මේ කියූ බොසා හා මා අතර එක් රාජකාරී සංවාදයක් වන්නේය. මෙහිදී ඔහු විසින් ඉහත සිද්ධිය දක්නා ලද්දේයැයිද එය වැරදි යැයිද මට පවසන්නට වන්නේය. එහිදී ඔහුගේ මේ මතයට ප්‍රධාන හේතුව මා අනුයාත උදව් කරුවා යැයි සිතා සිටීම යන්න මට සැනෙකින් වැටහෙන්නේය. නමුත් දැන් බොසා සැමවිටම නිවැරදිය යන්න මට සිහිවන්නේය. ඒක කුමක් වුවත් මා විසින් මෝඩකමක් කලයුතුයැයි සිතෙන්නට වූයෙන් මා කරුණු පහදන්නට වන්නේය.

අහා..! පුදුමයෙකි!.

මේ බොසා වහාම ඔහුගේ වැරදි මතය ඉවත් කරගන්නට වන්නේය. ඔහු අතින්ද වැරදි වන්නේයැයි කියා ඒ කතාව එතැනින්ම ඉවර කරන්නට වන්නේය. ඉතින් මෙසේ බොසාලාද අප අතරේම වන්නේය.

මෙසේ තමා අතින් වැරදි වෙන්නේය. එය වැටහුන විට නිවැරදි කිරීමට තරම් තමා නිර්භීත විය යුතු වන්නේය. එමගින් මට කැකලක් නොවන බවත් අගය වැඩිවීමක්ම වන බවක් තේරුම් ගත්තෙක් විය යුතු වන්නේය. යනුවෙන් සිටින බොසාලා වෙනුවෙන් අකුරු කිරීමක් කරන්නට සිත් වූයෙන් එය මෙසේ විම විය.

ජය සතුට!!!