November 20, 2011

නිර්භීත බොසා




Rule 1: The boss is always right.

Rule 2: If the boss is wrong, refer to rule 1.


මේක සාමාන්‍යයෙන් ඉතා ප්‍රසිද්ධ කතාවක්ය. පළමු රීතිය වන්නේ ඔබේ බොසා හැමවෙලාවෙම හරිය යන්නය. දෙවැනි රීතියෙන් කියැවෙන්නේ බැරිවෙලාවත් ඔබේ බොසා වැරදි නම් කරුණාකරලා රීති අංක 1 බලන්න කියලාය. ඒ කියන්නේ ආයෙත් බොසා හරිය කියලාය. ඉතින් ඔහොම බැලුවාම බොසා හැම වෙලාවෙම හරිය. පහල ඉන්න එකා වැරදිමය. නමුත් සමහර බොසාලා එහෙම නැතිය. එහෙමත් බොසෙකුට දෙවැනි රීතිය වෙනස්ය. සමහර බොසාලට දෙවැනි රීතියක් නැත්තේය. සමහරුන්ට දෙකට වඩා රීති ඇත්තේය. සමහර බොසාලට රීතිය එවේලේම හැදෙන්නේය. බොසාගේ ප්‍රබලකම හා පහල එකාගේ දුබලකම අතර දුරේ වෙනස අනුව මේ කතාව වෙනස් වන්නේය. බොහෝ ප්‍රබල බොසාලා සියළුම නීති තමාගේම පමණක් කර ගන්නේය. බොහෝ දුබල පහල එවුන් ඒ සියළුම රීති ඒ අයුරින්ම හිස් මුදුනින් පිළිගන්නේය. මෙය අද ඊයේ වූවක් නොවේය. ඈත අතීතයේ රජවරු සිටුවරු කාලයේ සිටම මෙසේ ම ක්‍රියාතම වූ සිද්ධි දාමයක් වන්නේය. නමුත් අද මගේ අකුරු කෙරුවාම වෙන්නේ මේ අතර ඉන්න ඉතා කුඩා ප්‍රමාණයක් සිටින මම කැමති ජාතියේ බොසෙක් ගැනය.



දිනක් මා සේවය කරමින් සිටිනා අතරේ එක් නවකයෙක් පැමිණි මාගේන් යම් ගැටළුවක් ඇසුවේය. ඔහු නවක බැවින් හා උදව් කිරීම යහපත් කටයුත්තක් බැවින් මම ද හැකි පමණින් ඔහුට උදව් කරන්නට ගත්තෙමි. අපේ සේවා ක්‍රියාදාමයේ එක් අංගයක් ලෙසින් නවකයෙක් පැමිණි විගස ඔහුට උදව් කරන්නට ආයතනය විසින්ම එක් පුහුණු සේවකයෙක් අනුයාත කිරීම කෙරෙනු ලැබෙයි. එවිට නවකයා බොහෝ පහසුවෙන් පරිසරයට හැඩ ගැහී තම රාජකාරීන් නිසි අයුරින් කර ගනිමින් ක්‍රියාවන් හඳුනා ගනී. මෙසේ මාස 3ක් පමණ කාලයක් නවකයාට ගෙවන්නට සිදු වෙයි. ඉන් පසුව ඔහුද අත්දැකීම් ඇත්තෙකු සේ සැලකේ. ඒ කෙසේ වෙතත් ඕනැම කෙනෙකුට ඕනැම කෙනෙකුගෙන් රාජකාරී හා බැඳි ගැටළු ඇසීමේ කිසිදු බාධාවක් නොමැත. දෙවන පුදගලයා එනම් පිළිතු දෙන්නා කාර්යබහුල නොවේ නම් බොහෝ විට පිළිතුර ඒ සැනින්ම ලැබෙයි. මෙසේ බොහෝ සහජීවනයෙන් කාලය ගෙවෙන්නේය. මෙහිදී සඳහන් කළ නවකයාටද එසේ අනුයාත කල අයෙක්ද විය. එසේම මාද බොහෝ කාර්ය බහුල වී සිටි අවස්ථාවක්ද විය. එම නිසා යම් යම් අවස්ථාවන්හිදී ඔහුගේ සියළු පැණයන් කෙරේ 100% දායකත්වයක් දීමට නොහැකි විය. මට හැකි පමණින් උදව් කිරීමට අමතක නොකළෙමි.



මේ අවස්ථාව එක් බොසෙක් විසින් දක්නා ලද්දේය. ඔහු සිතා සිටියේ ඉහත කී නවකයාගේ අනුයාත උදව් කරුවා මම කියාය. එවිට ඔහුට පෙනෙනුයේ මා පැවරූ රජකාරියක් අතපසු කරමින් හැසිරෙන්නාක් මෙන්ය. දැන් බොසා මා ගැන හිතාගෙන ඉවරය. මගේ ලකුණු කැපී හමාරය. පසු දිනෙක මේ කියූ බොසා හා මා අතර එක් රාජකාරී සංවාදයක් වන්නේය. මෙහිදී ඔහු විසින් ඉහත සිද්ධිය දක්නා ලද්දේයැයිද එය වැරදි යැයිද මට පවසන්නට වන්නේය. එහිදී ඔහුගේ මේ මතයට ප්‍රධාන හේතුව මා අනුයාත උදව් කරුවා යැයි සිතා සිටීම යන්න මට සැනෙකින් වැටහෙන්නේය. නමුත් දැන් බොසා සැමවිටම නිවැරදිය යන්න මට සිහිවන්නේය. ඒක කුමක් වුවත් මා විසින් මෝඩකමක් කලයුතුයැයි සිතෙන්නට වූයෙන් මා කරුණු පහදන්නට වන්නේය.

අහා..! පුදුමයෙකි!.

මේ බොසා වහාම ඔහුගේ වැරදි මතය ඉවත් කරගන්නට වන්නේය. ඔහු අතින්ද වැරදි වන්නේයැයි කියා ඒ කතාව එතැනින්ම ඉවර කරන්නට වන්නේය. ඉතින් මෙසේ බොසාලාද අප අතරේම වන්නේය.

මෙසේ තමා අතින් වැරදි වෙන්නේය. එය වැටහුන විට නිවැරදි කිරීමට තරම් තමා නිර්භීත විය යුතු වන්නේය. එමගින් මට කැකලක් නොවන බවත් අගය වැඩිවීමක්ම වන බවක් තේරුම් ගත්තෙක් විය යුතු වන්නේය. යනුවෙන් සිටින බොසාලා වෙනුවෙන් අකුරු කිරීමක් කරන්නට සිත් වූයෙන් එය මෙසේ විම විය.

ජය සතුට!!!

11 comments:

  1. හ්ම්ම් මෙහෙම බොස් ලත් ඉන්නවා තමා...මට හමු උන හැම බොස් කෙනෙක්ම මේ වගේ හොඳ අය....

    ReplyDelete
  2. අම්මප මචං . . . පතන්න ඕනෙ ඔය වගේ බොසාලව . . . .මට ලැබුනෙ නෑනෙ ඔහොම එකෙක්වත් බේතකටවත්

    ReplyDelete
  3. මටත් ලැබිච්ච ඉස්සෙල්ලම බොස් තමයි හොද. අනිත් උන්ගෙන් ගන්න දෙයක් නෑ.

    ReplyDelete
  4. ඔය කිව්වට බොසා ඇත්තටම උඹට කෙලලා වෙන්න පුලුවන්. බලාගෙන හිටපන්. ඌ බොසානේ...

    ReplyDelete
  5. මේක බොසාට පෙන්නන්න.
    අයෙත් කැපුණා යැයි සිතුවාටත් වඩා ලකුණු ලැබෙනු ඇත.
    (ඇත්තටම මේක ලිව්වෙත් එහෙම හිතාගෙන නේද? හී හී හී
    හොර ගෙඩිය )

    ReplyDelete
  6. කතාව ඇත්ත.. ඒත් සමහරුන් සමගනම් කතාකරලා ඕනම දෙයක් විසද ගන්න පුළුවන්...

    ReplyDelete
  7. කොල්ලා බොසාව ගොඩදාලා වගේ...

    ReplyDelete
  8. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිර්භීත බොසෙක් !!
    ඒකට අපේ බොසා !!!!

    ReplyDelete
  9. අල්ලගන්න හිටියේ මම ලයිව් රයිටර් පාවිච්චි කරනවා නේ??? හික්ස්

    ReplyDelete
  10. මෙහෙම බොස්ලා හරි දුලබයි. ඊට පස්සේ හරි අලුත් පොරගේ භාරකාරීත්වය ඔයාට සෙට් වුනේ නැද්ද ???

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!