May 7, 2013

කොන්ඩේ කෙලින් කරපුවාම ඇවිදින වේගය ඉබේ වැඩි වෙනවාද?


නිකන් තියෙන කොන්ඩේ කෙලින් කෙරුවා ඔක්කෝමලා කරනවානම් මං කරාම මොකද කියලා බලන්න. මේන්න බොලේ මාර ආතල් එකක්නේ තියෙන්නේ. කස්ටියම බලනවා මගේ කොන්ඩේ ලස්සන. කැඩිලා කැරකිලා තිබ්බ කබ්බ කොන්ඩේ දැන් බලන්න දුකේ බෑ පීරලා වැටෙන ලස්සන. සමහරු අහනවා කොහෙන්ද කලේ, කීයක් ගියාද, ෂා නියමයි... ඉතින් අර වියදම් කරපු සල්ලි අපරාදේ කියලා පොඩ්ඩක්වත් හිතුනේ නෑනේ. දැන් ඉතින් පොඩ්ඩක් ගස්සලා යන්න ඕනෑ..

ම්.. ම්... ඔය තියෙන්නේ නියමෙට...

පැත්ත බලනකොට ආලෝකයේ වේගයෙන් මූණ හරවන්න ඕනෑ. නැත්නම් කෙලින් වෙච්ච් එකේ ආතල් එකක් නෑනේ.. ඔව්, නෑ, බෑ වචනයක් ගානේ ඔලුව වන වනා කතා කරන්න ඕනෑ... එතකොට කට්ටිය එක්ක බොරුවට හරි හිනා වෙන්න ඕනෑ. දන්න අඳුරන අය එක්ක කතාව අඩු කරන්න ඕනෑ. බොරුවට ගාණ උස්සන්න ඕනෑ. එතකොටනේ අගේ තියෙන්නේ. ආ අමතක උනානේ... හොඳට සද්දේ ඇහෙන සපත්තු දෙකක් ගන්නත් ඕනෑ.. කස්ටියම බලයි මගේ දිහා. එතකොට යනවා තවත් හයියෙන්...


කොන්ඩේ කෙලින් කරපුවාම ඇවිදින වේගය ඉබේ වැඩි වෙනවාද?