September 22, 2007

පුදන්නට තවත්

කියන්නට තව
වදන් නැත
අසන්නට තව
බැනුම් නැත
රිදෙන්නට තව
හදක් නැත
පුදන්නට තව
පෙමක් නැත

September 19, 2007

අහවරක් විය

ඇවිද ගියෙමි
පරක් තෙරක් සොයා...
සිතා බැලුවෙමි
ඉමක් කොනක් බලා...
පූජා කෙරුවෙමි
මුළු හදින්ම පුදා...
අහවරක් විය
එක මොහොතින් සදා...

September 11, 2007

හෙටම බැරියෑ....

මොකද කියන්නේ...
නෑ පස්සෙම කියනවා....
එක්කෝ ඕනේ නෑ...
නැත්නම් කියනවද මන්දා....
කමක් නෑ..
හෙටම බැරියෑ....
එහෙනම් අදට ගියා....