June 15, 2012

පියවරුන්ගේ දිනය

මව්වරුන්ගේ දිනය යනුවෙන් පැවසූ සැනින් අපේ බොහෝදෙනාට එය කුමැක්දැයි යන්න ගැන අවබෝධයක් ඇතිවා මෙන්ම එය කෙසේ සැමරිය යුතුද, එය අවුරුද්දේ කවදාද යන කරුණු ගැනද නිතැතින්ම සිහියට එනවා ඇත. එදිනට මව්වරුන් වෙනුවෙන් නොයෙකුත් උත්සව, ප්‍රය සම්භාෂණ සූදානම් කරමින් නොයෙකුත් පෙදෙස්වල නෙයෙකුත් කයටුතු කෙරෙන්නේය.

මෙසේ කටයුතු සංවිධානය කරන පුද්ගලයකුගෙන් "ඔබ පියවරුන්ගේදිනය වෙනුවෙන් කුමක් කරන්නට බලාපොරොත්තු වනවාදැයි" විමසුවහොත් "ඒ කුමක්දැයි" යන පිළිතුර හෝ පැණය ඔබ වෙත එල්ල වන්නට ඇති ඉඩකඩ බොහෝය. ඒ තරමට ඔවුන් ඒ ගැන නොදැනුවත් විය හැකිය. "අම්මා රත්තරං" කිව්වාම "තාත්තා පිත්තලද" කියූ කතාව මගේ සිහියට එන්නේ මෙවන් අවස්ථාවකදීය.

ඒ කෙසේ වෙතත් අද සමාජයේ බොහෝ දෙනාට මෙම පියවරුන්ගේ දිනය අමතකව ගොසින්ය. එය යෙදෙන්නේ ජුනි මාසයේ තුන්වන ඉරිදා දවසටයි. 2012 අවුරුද්දේ නම් ජුනි 17 වැනිදාටයි. මෙසේ මේ දිනය අමතක වන්නේ අපේ පියවරුන්ගේ ක්‍රියාවන් මතමයැයි විටෙක කෙනෙකුටත් සිතෙන්නට පිළිවන. අපේ පියවරුන්ගේ සමහර ක්‍රියාවන් දෙස විමසුන් දෑසින් බලන කල්හි එය සැමරිය යුතුදැයි සාධාරණ සැකයක් ඔබේ සිතේද නිතැතින් ජනිත වන්නට ඉඩ නැතුවාම නොවේ.

ඒ කෙසේ වෙතත් ඔබේ පියා අගය කල යුත්තකුනම් අන් සියල්ල අමතක කර එදිනට ඔබේ පියා වෙනුවෙන් එක මිනිත්තුවක් ගත කරන්නට අමතක නොකරන්න.

.