July 28, 2014

ස්‌වප්නමය කල්පිත

මිථ්‍යා ගතික වූ
භාවාත්මක උත්කර්ෂණය සහිත
අත්‍යානන්දන සිතුම් වේද
අධිතාත්විකත්වීයෙන් විමසන්නේද
ඒ වත් බැඳි චිත්තරාග
නිර්මාපකයා සිතනුවත් නොතබාම
හුදෙක්‌
ස්‌වප්නමය කල්පිතයක
පදනමක්‌ සේ
අටවා බිළාලයකුලා හෙරලි ඇට
ගාන්නාටියෙන් මෙරමාලවා
දසුන් වෙන්වාදී මනඃකල්පිත
ආත්මීය ලෝකයක ගිල්වන්නේය.
වියත්කැල නුවණින්
විමසාසිටිනුයෙන්
අනේකප්‍රකාර දෛව නියුක්තයන්
හුදෙක්
සකය සේ
අනෙකක්මතටම වන්නේය.