May 23, 2012

අලුත්ම BMW එක

එක්තරා පුදගලයෙක් නවතම ස්වයංක්‍රීය BMW X8 වර්ගයේ මෝටර් රථයක් ගෙන්වා ගත්තේය. ස්වයංක්‍රීයව ගියර් මාරුවන නිසා ඔහුට බොහෝ පහසුවෙන් මෝටර් රථය පදවාගෙන යා හැකි විය. මෙසේ පැදවිය හැකි වූයේ දහවල් කාලයේදී පමණි. රාත්‍රියේදී මෝටර් රථය එකදු අඩියක්වත් පදවා ගැනීමට නොහැකි වීම ගැන ඔහු බොහෝ දුක් වී සිටියේය. අවසානයේදී ඔහු වාහනය මිළදී ගත් සමාගමට මේ ගැන දැනුම් දුන්නේය. එම සමාගම විසින් කාර්මික ශිල්පියෙක් එවන ලද්දේය. ඔහු වාහනය පිරික්සීමෙන් අනතුරුව මෙසේ විමසීය.

සර්, ඔබ වාහනය පදවාගෙන යනවිට නිවැරදි ගියරය භාවිතා කරනවාද?

අනේ මෝඩයෝ... උඹ හිතන්නේ මම මැට්ටෙක් කියලාද, මම D එක දවල්ටයි N එක රෑටයි කියලා දන්නවා යකෝ...


May 13, 2012

304 (ක්‍රීඩාව)


304 එසේත් නැත්නම් තුන්සිය හතර යන්න ශ්‍රී ලංකාව හා ඉන්දියාව වැනි දකුණු ආසියාතික රටවල ජනප්‍රිය කාඩ් ක්‍රීඩාවකි. පිල් දෙකකට බෙදී ක්‍රීඩා කරන මෙම ක්‍රීඩාව සඳහා 4 දෙනෙක් හෝ 6 දෙනෙක් සහභාගී වේ. මේ සඳහා සාමාන්‍යය කාඩ් කුට්ටමක ඇති කාඩ් 52න් 7 සිට A දක්වා ඇති කාඩ් භාවිතයට ගනී.

පටුන

  [සඟවන්න

[සංස්කරණය]දළ විශ්ලේෂණය

304 උපක්‍රම සම්බන්ධ කාඩ් ක්‍රීඩාවකි. යම් යම් අවස්ථාවන්හිදී යම් යම් කාඩ් මතක තබා ගැනීමට සිදු වේ. එක් ආකාරයටකට මෙය වාසනාව හා ඇතැයි සිතිය හැකිය. තවද මෙය ගණනය හා බැඳී ඇති යම් අවස්ථාවලදී තරඟය අවසන්වීමට ප්‍රථම ජය පරාජය ප්‍රකාශ කල හැකි වේ.
ආරම්භයේදී එක් ක්‍රීඩකයකුට කාඩ් 4 බැගින් දක්ෂිණාවර්ථව කාඩ් බෙදන්නා විසින් කාඩ් බෙදනු ලැබේ. කාඩ් බෙදන්නාට ආසන්නතම දකුණෙන් සිටින ක්‍රීඩකයා විසින් තුරුම්පු වර්ගය කිව යුතු වේ. මෙම ක්‍රීඩකයා තමාට ලැබුණු කාඩ් 4න් වඩාත් ගැලපෙන කාඩ් පත රැගෙන එහි මුහුණත අන් අයට නොපෙනෙන පරිදි මේසය මත තබයි. පසුව අනිත් ක්‍රීඩකයින්ට ඇසෙන සේ තමන්ගේ පිළට ලබා ගත් හැකි ලකුණු ගණනක් ප්‍රකාශ කරයි. මෙය බොහෝවිට තමා අතේ ඇති වාසි දෙස බලමින් කෙරෙන නිගමනයකි. දැන් ප්‍රතිවාදී කණ්ඩායමේ ක්‍රීඩකයකුට අවස්ථාව ලැබේ. ඔවුන්ගෙන් එක් අයෙකුට පළමු ක්‍රීඩකයා කී ගණනට වඩා ලකුණු ගණනක් ගත හැකි නම් ඒ බව කියමින් ඔහුගේ තුරුම්පුව අන් අයට නොපෙනෙන්නට වඩා තබයි. මෙසේ දෙවැනි ක්‍රීඩකයා කිරීම අනිවාර්ය නොවේ. කිසියම් හෙයකින් දෙවැනි ක්‍රීඩකයා වඩා වැඩි අගයක් ඉදිරිපත් කලේ වී නම් පළමු ක්‍රීඩකයාගේ තුරුම්පුව අවලංගු වී දෙවැන්නාගේ තුරුම්පුව වලංගු වේ. දැන් අවැසි නම් 3වැනි ක්‍රීඩකයාට එනම් පළමු ක්‍රීඩකයාගේ පිළේ අනෙත් ක්‍රීඩකයාට අවස්ථාවක් ලැබේ. ඔහු යම් හෙයකින් ඔහුට ඊටත් වැඩි අගයක් ලබා ගත හැකියැයි සිතයි නම් නව අගයක් කියමින් ඔහුගේ තුරුම්පු වර්ගය ඉදිරිපත් කරයි. මෙසේ 4 වැනියාටද අවස්ථාවක් ලැබේ. එක් අයෙකුට ලැබෙන්නේ එක් අවස්ථාවක් පමණි. එම නිසා වාසි අවස්ථාවන් බලා වඩා ඉහල අගයක් කීමෙන් වාසිය තමා කෙරේ රඳවා ගත හැකිය. මෙසේ තුරුම්පු සැඟවූ පසුව අනෙත්කාඩ් 4 බෙදනු ලැබේ. දැන් එක් ක්‍රීඩකයෙකුට කාඩ් 8 බැගින් ලැබී ඇත. එක් ක්‍රීඩකයෙක් පමණක් තුරුම්පු වර්ගය දන්නා අතර ක්‍රීඩාව පටන් ගනී.
පළමුව කාඩ් ලැබුණු ක්‍රීඩකයා පළමුව කාඩ් පතක් ඉදිරිපත් කරයි. මෙහිදී ඔහු විසින් තුරුම්පු සඳහන් කලේ වී නම් එම වර්ගයේ කාඩ් පතක් නිකුත් කිරීම කල නොහැකි වෙයි. එවිට අනෙත් ක්‍රීඩකයින්ට තුරුම්පු වර්ගය ගැන කිසියම් නිගමනයක් ලබා ගත හැකි වෙයි. බොහෝ විට පළමු ක්‍රීඩකයා J කාඩ් ඇත්නම් එය ඉදිරිපත් කරයි. එවිට අනෙත් ක්‍රීඩකයින්ට සමාන වර්ගයේ කාඩ් ඇත්නම් ඒවා ඉදිරිපත් කලයුතු වෙයි. යම් හෙයකින් එම ජාතියේ කාඩ් නොමැති නම් කිසියම් වර්ගයක කාඩ් පතක් මුනින් අතට නවා අන් අයට එක කුමක්දැයි නොපෙනෙන ලෙසට තුරුම්පු සඳහන් කළ තැනැත්තා වෙතට ඉදිරිපත් කරයි. යම් හෙයකින් එය තුරුම්පු වී නම් එය සියල්ලන්ටම පසවයි.

[සංස්කරණය]ලකුණු

කාඩ් සියල්ලේම ලකුණු එකතුව 304ක් වේ.(නැතහොත් 30.4ක් වේ.) එම නිසාම මෙම ක්‍රීඩාවට 304 යන නාමය ලැබී ඇත. එය පහත අයුරින් කාඩ් එකිනෙක හා බෙදී යයි. 8 හා 7 යන කාඩ් සඳහා කිසිදු ලකුණක් නොලැබේ. උපරිම ලකුණු එනම් 30 ලැබෙන්නේ J සඳහාය.
ලකුණු පුවරුව
කාඩ් පතලකුණුවිකල්ප
ලකුණු
J303.0
9202.0
A111.1
10101.0
K30.3
Q20.2
800
700

[සංස්කරණය]ආරම්භක ලකුණු

මුල් ක්‍රීඩකයාගේ ආරම්භක ලන්සුවේ අවම අගයක් පවතී. එය බොහෝ විට 160 ලෙසින් පිළිගනී. මෙයින් අදහස් වන්නේ ලන්සුව තැබූ පිළ ලකුණු 160ක් ගත යුතු බවයි. එවිට අන් පිලේ අයෙක් 170 හෝ 200 හෝ කිසියම් වැඩි අගයක ලන්සුවක් තැබිය හැකිය. මේ අවස්ථාවේදී ලන්සුව තැබූ පිළි ඒ ලකුණු ගණන ලබා ගත යුතුය. එනම් ලන්සුව වැඩිවන විට ලබා ගත යුතු ලකුණු ගණන වැඩි වේ. එසේ නැත්නම් අනිත් පිළ ලබා ගත් යුතු ලකුණු ගණන අඩු වේ. එසේ වන්නේ මුළු ලකුණු ගණන 304ක් බැවිනි.
මෙහිදී මුල් ක්‍රීඩකයාට විශේෂ අවසරයක් ලැබේ. එනම් ඔහුට පළමුව ලැබුණු කාඩ් සියල්ලේ ලකුණු එකතුව 116ට වඩා අඩු නම් අත බිම දැමීම එනම් අවලංගු කිරීම කල හැකි වෙයි. මෙයින් කියැවෙන්නේ ඔහුට ආරම්භක ලන්සුව තැබීමට තරම් වාසි කාඩි නොලැබුණු බැවින් එම ක්‍රීඩා වාරය අවලංගු කලා යන්නයි.

[සංස්කරණය]නීති

  • දැනට ක්‍රියාත්මක වාරයේදී සක්‍රිය කාඩ් පත් වර්ගයේ එකක් තමා සතුව ඇත්නම් එය ඉදිරිපත් කල යුතු වෙයි.
  • දැනට ක්‍රියාත්මක වාරයේදී සක්‍රිය කාඩ් පත් වර්ගයේ එකක් තමා සතුව නැත්නම් පමණක් වෙනත් වර්ගයක කාඩ්පතක් ඉදිරිපත් කල හැකි වෙයි.
  • පළමුව කාඩ්පත් ලැබුණු ක්‍රීඩකයා මුල්ම ලන්සුව තැබිය යුතුය.
  • අවම ලන්සුවේ අගය 160කි.
  • මුල් ක්‍රීඩකයා තුරුම්පු නම් කලේ වී නම් ඔහුට එම වර්ගයේ කාඩ්පතක් පළමු වාරයේදී නිකුත් කල නොහැකිය.
  • තුරුම්පු සියළුම කාඩ්වලට වඩා බලවත් බැවින් කිසිවිටෙක එය සඟවා තැබිම (පාස් කිරීම) කළ නොහැක.
  • එක් ක්‍රීඩකයෙකුට තුරුම්පු ඉල්ලීම(ලන්සු තැබීම) සඳහා එක් අවස්ථාවක් පමණක් ලැබේ. ඔහුට ලන්සුව වෙනස් කිරීම කල නොහැකිය.
  • එක ළඟ ලන්සු තැබීම එකම පිළකට කල නොහැක.
  • මුල් ක්‍රීඩකයා අනිවාර්යයෙන්ම ලන්සු තැබිය යුතු හෙයින් ප්‍රතිවාදී පිළට ලන්සු තැබීමේ එක් වාරයක් හෝ අඩුම තරමින් ලැබේ.

[සංස්කරණය]උදාහරණ

  • ක්‍රීඩකයින් 6 දෙනෙක් ඇති අවස්ථාවක් සලකමු. පළමු ක්‍රීඩකයාගේ කාඩ් 4 එතරම් හොඳ වාසි සහගත නොමැති බැවින් හා තමා අනිවාර්යයෙන්ම ලන්සු තැබිය යුතු හෙයින් 170 යැයි පවාසයි. 4 වැනි ක්‍රීඩකයා(ප්‍රතිවාදී පිළේ ක්‍රීඩයයෙක්) තමාගේ කාඩ් 4 තරමක් වාසි සහගත බැවින් හේ 180 යැයි කියමින් ලන්සුව ඉහල දමයි. දැන් 2 වැනි ක්‍රීඩකයාගේ කාඩ් වඩාත් වාසි සහගත උවත් ඔහුට මෙම ලන්සුව වැඩි කර ගත නොහැකි වෙයි. ඒ මන්දයත් එක ළඟ ලන්සු තැබීම එකම පිළකට කල නොහැකි බැවිනි. දැන් ක්‍රීඩාවේ අවසාන ලන්සුව 180 බැවින් ප්‍රතිවාදී පිළ විසින් ලකුණු 125(304 - 180 + 1)ක් ලබා ගත යුතු වෙයි. ක්‍රිඩාව අරඹන්නේ පළමුව ලන්සුව තැබූ ක්‍රීඩකයාම වේ.
  • තවමත් තුරුම්පු හෙලි වී නොමැත. මෙම වාරයේ ක්‍රීඩා කරනුයේ තුරුම්පු නොවන කාඩ් වර්ගයකි. එක් ක්‍රීඩකයෙක්ට මෙම ක්‍රීඩා වාරයේ කාඩ් නොමැති හෙයින් ඔහුට තුරුම්පු අනුමානා කරමින් කාඩ්පතක් සඟවා තුරුම්පු නම් කල ක්‍රීඩකයා වෙතට යවයි. මෙම අවස්ථාවේදී එය තුරුම්පු වර්ගයේ කොලයක් නම් සියල්ලන්ටම එය හෙලි කල යුතු වෙයි. තමා විසින් සැඟවූ කොළයද අන් අයට පෙන්විය යුතු වෙයි.

[සංස්කරණය]විචලනයන්

  • සමහර අවස්ථාවලදී 8 හා 7 යන කාඩ් ක්‍රීඩාව සඳහා යොදා නොගනී. එවිට එක් ක්‍රීඩකයකුට ලැබෙන්නේ කාඩ් 6ක් පමණි.
    • මෙම අවස්ථාවේදී පළමුව කාඩ් 3ක් හා දෙවැනුව කාඩ් 3ක් බෙදීම සිදු වේ.
    • සමහර අවස්ථාවලදී පළමුව කාඩ් 4ක් හා දෙවැනුව කාඩ් 2ක් බෙදීමද සිදු වේ.
  • ක්‍රීඩකයින් ගණන අනුවද යම් යම් විචලනයන් සිදු වේ.
    • ක්‍රීඩකයින් 4 දෙනෙක් ඇති විටදී
    • ක්‍රීඩකයින් 6 දෙනෙක් ඇති විටදී
    • ක්‍රීඩකයින් 8 දෙනෙක් ඇති විටදී
      • අවම ලන්සුව වෙනස් වේ.
  • තුරුම්පු
    • Half-Court
      • මෙම අවස්ථාවේදී Half-Court යනුවෙන් පැවසූ ක්‍රීඩකයා විසින් සියළුම වාර ගණන්වල ජය ලබා ගත යුතු වෙයි. මෙහි විශේෂත්වය වනුයේ දෙවැනි වටයට කාඩ් බෙදීමට ප්‍රථම එය අන් අයට පැවසිය යුතු වෙයි. එනම් කාඩ් 4ක්(හෝ 3ක්) ලැබීමෙන් අනතුරුවය. තවද සියළුම කාඩ් එකම වර්ගයකින් නම් මෙසේ කල හැකි නොවෙයි. තුරුම්පු වර්ගය අන් අයට පැවසිය යුතු වෙයි. පළමු කාඩ් පත ඉදිරිපත් කරනුයේ පළමුව ලන්සුව තිබූ තැනැත්තාම වේ.
    • Full-Court
      • මෙම අවස්ථාවේදී Full-Court යනුවෙන් පැවසූ ක්‍රීඩකයා විසින් සියළුම වාර ගණන්වල ජය ලබා ගත යුතු වෙයි. සියළුම කාඩ් එකම වර්ගයකින් නම් මෙසේ කල හැකි නොවෙයි. තුරුම්පු වර්ගය අන් අයට පැවසිය යුතු වෙයි. පළමු කාඩ් පත ඉදිරිපත් කරනුයේ පළමුව ලන්සුව තිබූ තැනැත්තාම වේ.

May 8, 2012

ලෝඩ් ඔෆ් අල්ටිමා (Lord Of Ultima)



ලෝඩ් ඔෆ් අල්ටිමා (Lord Of Ultima) යනු නිදහස් බවුසර පාදක වූ සද්දන්ත බහු ක්‍රීඩක සත්‍ය-කාල යුද්ධෝපක්‍රමය ක්‍රීඩාවකි. ඔය බර වචන නැතිව කිව්වොත් නොමිලේ ඉන්ටනෙට් එකේ ගොඩාක් අයට සෙල්ලම් කරන්න පුලුවන් ස්ට්‍රැටජික් කොම්පියුටර් ගේම් එකක්. වැදගත්ම දේ නොමිලේ. අනික තමා ගොඩාක් අය එක්ක සෙට් වෙලා ගහන්න තියෙන්නේ. Age of Empire වගේ එකක්. මේක සෙල්ලම් කරන්න ඕනෑ වෙන්නේ අන්ත‍්රජාල පහසුකමයි වෙබ් බ්‍රවුසරයකුයි විතරමයි. ඉතින් මේ දෙකම නිකම් අපේ ඇස් දෙක වගේනේ. කොහේ හරි කොම්පියුටරක් ඔන් එකේ තියෙනවා දැක්කොත් ඉතින් Google කියලා ගහල බලනවා නෙට් තියෙනවද කියලා.

එහෙනම් මෙන්න www.lordofultima.com ලින්ක් එක. දැන් තියෙන්නේ ගිණුමක් හදාගෙන ලොග් වෙන්නයි. log වෙලා අලුත් ගේමක් පටන් ගන්නකොට ලෝකයක්(World) තෝරාගන්න කියලා. දැනට මෙකේ ලෝක 70ක් විතර තියෙනවා. world1, world2, world3... කියලා ඒවා නම් කරලා තියෙන්නේ. මතක ඇතුව අලුත්ම ලෝකයට ඇතුල් වෙන්න. පරණ ලෝකවල ඉන්නේ ලෝකයෝ. ඒ කියන්නේ අත්දැකීම් ගොඩාක් තියෙන අය. වලි වැඩියි. අලුතෙන් ආපු එකෙකුට කුඩු වෙන්න ගහයි. ඒක හින්දා අලුත්ම ලෝකයකට ඇතුල් වෙන්න. කැමති ලෝක ගණනක එප පාර සෙල්ලම් කරන්නත් පුළුවන්. නමුත් එක ලෝකයක ඉන්නවානම් දිනන්න පුලුවන්.


ගේම දිනන්න නම් ඔයාට ලෝඩ් ඔෆ් අල්ටිමා වෙන්න වෙනවා. ඒ කියන්නේ level 10යේ palaces 8ක් හදන්න වෙනවා ජාති 8කින්. ඒක තනියම කරන්න අමාරු වැඩක්. ඒක හින්දා කස්ටිය සෙට් වෙලා තමා කරන්නේ. ටීම් එකකට සෙට් වෙන්න වෙනවා. එක alliance එකකට ඉන්න පුලුවන් උපරිමය 100යි. ඒ හින්දා හොඳම සෙට් එකකට සෙට් වෙන්න වෙනවා. ඉතින් අනිවා අනිත් එවුන් මාලිගා හදනකොට වලිය පටන ගන්නවා. හෙන ගේමක් දීලා තමා බේරා ගන්න වෙන්නේ. මේ දකුණු පැත්තේ තියෙන්නේ එක නගරයක ඇතුලේ පිහිටීමක්. දර, ගල්, යකඩ සහ රත්තරං තමා මූලික සම්පත් වෙන්නේ. නගර එක එක හදාගෙන තමන්ගේ බලය වැඩි කරගෙන ගේම ගෙනියන්නේ තියෙන්නේ. මම මේකේ ලෝක 26යේ (World 26) ගේම ගහලා දිනුවා. පට්ට ආතල්. දවස් ගාණක් ගහන්න පුලුවන්. ඇත්තම කිව්වොත් මම දවස් 216ක් ගහුවා. හැමදාම ගහන්න ඕනෑත් නෑ. මුලදී ටිකක් අමාරුයි. පස්සේ පස්සේ ගේම පට්ට ලේසියි. දැන් ගහන්නේ world_69 යේ. අලුත් අය ගොඩාක් ඉන්නේ. ඔහේ ෆන් එකේ ගහනවා. playersලා 500ක් විතර ඉන්නවා. ගේම් එක ගැන තව විස්තර තවත් ලියමනකින් ලියන්නම්. ඒක ලියන්නම ආස හිතෙන ගේම එකක්.



May 4, 2012

ඔහුත් ගොසින්ය

එකම එක
සුරංගනා කතාවක් කියන්න
හව්... හව්... කියමින්
හැංගි මුත්තම් කරන්න
ඇඬෙනකන්ම කිති කවමින්
හිනස්සන්න
කිංකිණි නාදය දෝර ගලන්න
නිවස පුරාවට
නැති අඩුව කෙසේ පිරිමසම්ද
ඔහුත් ගොසින්ය
ඇයත් ගොසින්ය.