October 19, 2015

ගුරු ගීතය කියැවීමි.

මේ පොත් ගොඩක් පරණ පොතක්(1962 - "Первый учитель" (The Fist Teacher)) උනාට පළවෙනි වතාවට කියැව්වේ පහුගිය මාසේ. ඒකත් මේ නෑනාගේ ගෙදර ගියපු ගමන්. පිටු 100ක් විතර තියෙන හින්දා කියවලා ඉවර කරන්න පුළුවන් වෙයි කියලා හිතලා කියවන්න ගත්තා. මුලදී නිකං මඤ්ඤං වගේ උනා.

කතාව පටන් ගන්නේ මොකද්ද මේ පොප්ලර් කියලා ගස් දෙකක චිත්‍රයක් අඳින්න තටමන පොරක් ඒක හරියට ඇඳෙන්නේ නැති සීන් එකක් ගැන. ඒ අතරේ අල්තිනායි සුලෙයිමානවා කියලා මහාචාර්යවරියක් හා දුයිෂෙන් කියලා වයසක පොරක් ගැනත් කතාව යනවා. ටික වෙලාවකට පස්සේ තමා තේරුනේ මේ ගස් දෙකයි අර දෙන්නයි අතරේ මොකද්ද සම්බන්ධයක් තියෙන වග. ඒ තමා අල්තිනායිනාගේ මුල් ගුරා තමා දුයිෂෙන් වෙන අතරේ මේ පැල හිටවලා තියෙන්නේ එයාලා. කොමියුනිස්වාදියෙක් වෙන දුයිෂෙන් පුළුවන් විදියට අල්තිනායිනාට අකුරු උගන්වනවා ඉස්කෝලයක් දාගෙන. අල්තිනායිනාව බලෙන් කරකාරෙට දෙනවා චන්ඩියෙකුට. ඉතින් ඒ හරහා ගට්ටනයක්  ඇවිල්ලා දුයිෂෙන් ගේමක් දීලා, ඇත්තටම කිව්වොත් ගුටි කාලා කොහොමහරි බේරාගෙන මිනිහා ටාගට් එකට යවනවා.

මට හිතෙනවා දුයිෂෙන් හිතපු විදියට අල්තිනායි වැඩ කලේ නෑ කියලා. මෑන්ස් හිතන්න ඇත්තේ අල්තිනායි ආපහු ගමට සේවයක් කරාවි කියලා. ඒත්....

කතාව බොහොම සරල, පොදු එකක් උනාට ඉතාම හොඳට ඒක ගලපලා තියෙනවා. වටිනාකමක් තියෙන හින්දා හිතුනා පොඩි සටහනක් දාන්න. කියවන්න හොඳ කතාවක්. අද කාලේ නම් මේවගේ ගුරුවරු හොයන්න වෙන්නේ නෑ. අරූගේ චිත්‍රය වගේම මටත් හරියටම අකුරු ගලපාගන්න බෑ මේ පොත ගැන කියන්න.


කියවන්න ආසනම් මෙන්න මෙතැනින් බාගන්න පුලුවන්:
http://www.mediafire.com/download/m4o1m4m52my/Guru_Geethaya.pdf