March 28, 2013

සීයාගේ ස්වයංක්‍රීය පිළිතුරුදීමේ යන්ත්‍රය



හලෝ ආයුබෝවන්. සමාවන්න. මේ මොහොතේ අප නිවසේ නොසිටී. කරුණාකර ඔබේ පණිවුඩය බීප් නාදයට පසුව සඳහන් කරන්න.

බීප්.. ප්....ප්....

ඔබ අපේ දරුවෙක්නම් අංක එක(1) ඔබන්න. දැන් ඔබ පවුලේ කීවෙනියාද යන්න දැක්වීම සඳහා එකේ සිට පහ දක්වා ඇති අංකවලින් ඔබේ අංකය ඔබන්න. මීළඟට මතු දැක්වෙන මනාපයන් තෝරා ගන්න.

අප ඔබේ දරුවන් සමග සිටීමට අවැසි නම් අංක 2 ඔබන්න.
ගමනක් යාමට අපගේ මෝටර් රථය අවැසි නම් අංක 3 ඔබන්න.
ඔබේ රෙදි සෝදා වේලා ගැනීමට අවැසි නම් අංක 4 ඔබන්න.
ඔබේ දරුවන් අපේ ගෙදර අද රාත්‍රිය නැවැත්වීමට අවැසි නම් අංක 5 ඔබන්න.
අප ඔබේ දරුවන් පාසැලින් ගෙදරට ඇරලීමට අවැසි නම් අංක 6 ඔබන්න.
අප අද රාත්‍රී ආහාරය සූදානම් කිරීමට අවැසි නම් අංක 7 ඔබන්න.
අප කෑම සකසා ඔබේ නිවසට ගෙනත් දීමට අවැසි නම් අංක 8 ඔබන්න.
ඔබට කිසියම් මුදල් ප්‍රමාණයක් අවැසි නම් අංක 9 ඔබන්න.

අපට රාත්‍රී ආහරයට ආරාධනා කිරීමට හෝ චිත්‍රපටයක් නැරඹීමට යාමට ආරාධනා කිරීමට නම් දැන් කතා කිරීම ආරම්භ කරන්න.
අපි දැන් අසා සිටින්නෙමු....

March 13, 2013

දෙදරූ පියෙක් වූ වගයි

මම දෙදරූ පියෙක් වූ වග මෙයින් දන්වා සිටිමි. අපේ බිඟු කුමාරයාට සෙල්ලම් කිරීම පිනිස තවත් එක් බිඟු කුමාරයෙක් අප මීවදයට එක් වූ වගත් අපේ දඟයා ඉතා ආසාවෙන් නව කුමාරා සමග සිටිනා බවත් තවදුරටත් දන්වා සිටිමි. තවමත් නමක් ස්ථිර කර නොමැති අතර ඒ සඳහා නම් කැඳවනු ලැබේ. හැකියාව ඇති නැති කාටත් ඒ සඳහා ඉදිරිපත් විය හැකි අතර අවසන තීරණය රැජිණ විසින් ගනු ලබයි. උපන් දිනය: 2013-03-06