November 7, 2017

පෙට්ට්‍රොලයක් කළ හදිය

ඊයේ,
කවුලු වහගෙන
ඒ.සී. දාගෙන
හෝන් එක ගහගෙන
එක පිම්මේ වෙට්ටු ද දා
ගිය එවුන්

අද යනවා
කවුළු ඇරන්
ඒ.සී. නැතිව
සද්ද බද්ද නැතිව
පාරේ අයිනෙන්
කිසි කලබලයකුත් නැතිව
අනේ හරි පිළිවෙලට...

June 27, 2017

මෙයද හැබෑම කලාව

පන්හිඳ ගත්තද සියතට
ඇඳුනේ නැත
සිත්තම් සිතූ විලසට
බොඳ කෙරුවා
මුළු පිටුවම
සිත් මඩලේ දෝංකාරය
මැවූ සිහිනදෝ අනාවකට
මතු වූවා
පත් ඉරුවෙන්
නොදැනීම මටත්
මෙයද හැබෑම කලාව
මහා පුරසාරමින් දොඩනා...

May 29, 2017

උගත්තෙමි මහත් පාඩම ආයාසකින් තොරවමැ

සිතා ගන්නට බැරි තරම්
කුරිරු උනේ ඇයි නුඹ
ඔබ නොදැක සිටි බව සත්තයි
ඔබ නැතිව බැරි බව සත්තයි
ඒත්
ඇයි මෙලෙස කුරිරුකම්, නපුරුකම්
රිදවන්නේ අහිංසකයින්, අසරණයින්
නොදැක සිටි කාලේ බැන්න බව සත්තයි
නැතිව සිටි කාලේ බැන්න බව සත්තයි
ඒත්
බැන්නේ රිදවන්නට සිතා නොවෙයි
බැන්නේ හඬවන්නට සිතා නොවෙයි
සිතා ගත්තෙමි ඔබේ තරමත්
සිතා ගත්තෙමි ඔබේ හයියත්
නොකරන්නෙමි
උසුළු විසුළු නැවතත්
ඔබ දුටුවත් නොදුටුවත්
උගත්තෙමි
මහත් පාඩම
ආයාසකින් තොරවමැ

April 17, 2017

දවස් 9කට පස්සේ පාස්වර්ඩ් එක මතක නෑ කියහංකෝ...


ඔන්න අප්‍රේල් 7 වෙනිදා හවස යනවා ගෙදර, දෙන්නම් මේ සැරේ අවුරුද්ද කුඩු වෙන්න කියලා හිතාගෙන.  මොකද අප්‍රේල් 11, 12 දෙකම ප්ලෑන් කරලාම දැම්මනේ නිවාඩු. ඉතින් ගජරාමේට නිවාඩුව සමරන්නයි තියෙන්නේ. ආයෙත් ඔෆීසිය පැත්තේ යන්නේ හෙන කාලෙකින් කියලා මාර හැපී එකේ ගෙදරට වෙලා ඉන්න අස්සේ සොෆින් එහෙමත් ගියා ඔන්න.

යකෝ මිනිස්සු අවුරුදු එන්කම්ම ඉඳලා නොවැ රෙදි ගන්න. මෙච්චර කල් රෙදි ඇඳලා නෑ වගේ මිනිස්සු පොර කකා රෙදි ගන්නේ. අපේ අම්මේ!!! පරණ අවුද්ද දවසේත් මිනිස්සු බඩු ගන්නවා හිටු කියලා. අනේ මංදා...


ඉතින් ඔව්වා මෙව්වා අස්සේ අවුරුද්දත් ඇවිල්ලා කලා බීලා බීලා බීලා ජොලි කරලා ආයෙත් ජොලි කරලා හෙන ෆන් එකේ හිටියා කියහංකෝ.

අප්‍රේල් 15,16 ත් ඉවර වෙලා ඔෆීසියට ඇවිල්ලා කොම්පියුටරේට ලොග් වෙන්න බලනකොට මෙන්න කවුද මගේ පාස්වර්ඩ් එක මාරු කරලා කියහංකෝ..... ලොල්යැ...

මතක මතක ඔක්කොම ගහලා බැලුවා.. කොහෙද මාරු කරපු එකා මාර අමාරු එකක් දාලානේ... මමත් අතඇරියේ නෑ... පට්ට හැක් එකක් දාලා අන්තිමට හොයා ගත්තා හෙණ ගේමක් දීලා...

අම්මෝ!!!
ආයේනම් නිවාඩු යනකොට පාස්වර්ඩ් එක කොලේක ලියලා මොනිටරේ එල්ලලා තමයි යන්නේ ඔන්න. මේක කොරන්න පුළුවන් මගුලක්යැ...