November 7, 2017

පෙට්ට්‍රොලයක් කළ හදිය

ඊයේ,
කවුලු වහගෙන
ඒ.සී. දාගෙන
හෝන් එක ගහගෙන
එක පිම්මේ වෙට්ටු ද දා
ගිය එවුන්

අද යනවා
කවුළු ඇරන්
ඒ.සී. නැතිව
සද්ද බද්ද නැතිව
පාරේ අයිනෙන්
කිසි කලබලයකුත් නැතිව
අනේ හරි පිළිවෙලට...

5 comments:

  1. පරපීඩක කාමුකත්වය.. හැක්

    ReplyDelete
  2. ඔය පාරෙ වාහන එලවන එවුවො මට්ටු කරන්න කරපු උප්පරවැට්ටියක්.

    ReplyDelete
  3. අනෙ මංතුමා නං හරි පිලිවෙලට එලවනවා අනුන්ට කිව්වට

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!