November 19, 2015

පැනගත්තා නම් ආයෙත් යන්න නම් එපා


ගොඩනැගිල්ලක් තුලදී සිදුවන ගින්නකදී, ඔබත් ගින්නත් දෙදෙනාම එහි තිබෙන සීමිත ඔක්සිජන් ප්‍රමාණය වෙනුවන් මහා සටනක යෙදෙයි. නමුත් ගින්න සැමවිටම ඔබව පරදා ජයගනී. එම නිසා වඩා වැදගත් වන්නේ ගින්නට ජයග්‍රහණය ලබා දී ඔබ එතැනින් ඉවත්වීමයි. එමෙන්ම නැවත එම ගොඩනැගිල්ලට කිසිදු හේතුවක් නිසාවෙන් තත්වය සමනය වනතුරාවට නොයායුතුය. තවද අනෙක් අයද ඇතුළට යාමද වලක්වා ගත යුතුය.

මෙවැනි ගින්නක් නිසා සිදුවන අනතුරු අතුරෙන්, බොහොමයක් සිදු වී ඇත්තේ ඔක්සිජන් අඩුවීම නිසාය.




වාතයේ ඔක්සිජන් මට්ටම වෙනස්වීම මිනිස් ජීවිතයේ වෙනස්වීමට බලපාන ආකාරය පහත ලැස්තුවෙන් ඔබට මනාව පැහැදිළි වෙයි.


21% ඔක්සිජන් මට්ටම
සාමාන්‍ය වාතයේ ඔක්සිජන් මට්ටම වේ

19.5% ඔක්සිජන් මට්ටම
අවම සෞඛ්‍යාරක්ෂිත ඔක්සිජන් මට්ටම වේ.

15% - 19% ඔක්සිජන් මට්ටම
දරා සිටීමේ හෝ දරා ගැනීමේ ශක්තිය හා සම්බන්ධීකරණ ශක්තිය අඩුවීම සිදු වේ. ඊට අමතරව පහත ලක්ෂණද ඇතිවිය හැකිය.

12% - 14% ඔක්සිජන් මට්ටම
අධික වෙහෙසකින් යුතුව ආශ්වාස ප්‍රශ්වාස කිරීම වේගය වැඩි වේ. හෘද ස්පන්දන වේගය වැඩි වේ. තීරණ ගැනීමේ හා හැඳින ගනීමේ ශක්තිය අඩු වීම මෙන්ම සම්බන්ධීකරණ ශක්තිය ද අඩුවේ.

10% - 12% ඔක්සිජන් මට්ටම
තොල් නිල්පැහැ ගැන්වේ. ඉතා ගැඹුරු ලෙස ඉතාම අපහසුවෙන් ආශ්වාස ප්‍රශ්වාස කිරීම සිදු වේ. තීරණ ගැනීමේ ශක්තිය තවත් අඩු වේ.

8% - 10% ඔක්සිජන් මට්ටම
මූර්ඡාව නොහොත් ක්ලාන්තය, විසඥතාව නොහොත් සිහිය නැතිවීම, වමනය නොහොත් විවමිෂාව

6% - 8% ඔක්සිජන් මට්ටම
මිනිත්තු 6ක් 8ක් කාලයක් පැවතුනහොත් මරණය

4% - 6% ඔක්සිජන් මට්ටම
තත්පර 40ක් ඇතුළත කෝමා තත්වය නොහොත් සිහි නැති දිගු නින්ද, ආශ්වාස ප්‍රශ්වාස කිරීම නැවතීම හා අවසන මරණය


ගිනි ගන්නා ගොඩනැගිල්ලකට නැවත ඇතුළට යාමට පෙර ඉහත කරුණු සිහියට ගන්න. මෙහි එක් වැදගත් කාරණාවක් වනුයේ තීරණ ගැනීමේ ශක්තිය අඩු වීමයි. ඒ නිසා ඔබ නොකලයුතු දේ කරයි. කලයුතු දේ නොකරයි. යා යුතු මග නොයයි. අනතුරටම පත් වෙයි. තවද පහත කරුණුද ඔබ සැලකිල්ලට භාජනය කල යුතු වෙයි.

* ගින්න නිසා තවත් නොයෙකුත් විෂ වායු ඇති වීම, කාබන් මොනොක්සයිඩය ඉතා හොඳ උදාහරණයකි. අධිසාන්ද්‍රණ ස්වල්පයකින් සිහි නැතිවීම හෝ මරණය සිදි විය හැකිය.
* පිළිස්සුම් තුවාල. ගින්නක් තුළ සෙල්සිය අංශක 800ක් වුවද විය හැකිය. නටන ජලයේ උෂ්ණත්වය සෙල්සිය අංශක 100කි.
* පිපිරීම් ඇති වීම
* ගොඩණැගිල්ල කඩා වැටීම
* විදුලිය වැදීම

එම නිසා ගින්නෙන් හැකිතරම් ඈත් වී සිටිය යුතුය. නැවත් ඇතුළට යාම නොකල යුතුය. අන් අය ඇතුල්වීමද වලක්වා ගත යුතුය. මෙමගින් මහා විපතක් නවතා ගත හැකිය.


October 19, 2015

ගුරු ගීතය කියැවීමි.

මේ පොත් ගොඩක් පරණ පොතක්(1962 - "Первый учитель" (The Fist Teacher)) උනාට පළවෙනි වතාවට කියැව්වේ පහුගිය මාසේ. ඒකත් මේ නෑනාගේ ගෙදර ගියපු ගමන්. පිටු 100ක් විතර තියෙන හින්දා කියවලා ඉවර කරන්න පුළුවන් වෙයි කියලා හිතලා කියවන්න ගත්තා. මුලදී නිකං මඤ්ඤං වගේ උනා.

කතාව පටන් ගන්නේ මොකද්ද මේ පොප්ලර් කියලා ගස් දෙකක චිත්‍රයක් අඳින්න තටමන පොරක් ඒක හරියට ඇඳෙන්නේ නැති සීන් එකක් ගැන. ඒ අතරේ අල්තිනායි සුලෙයිමානවා කියලා මහාචාර්යවරියක් හා දුයිෂෙන් කියලා වයසක පොරක් ගැනත් කතාව යනවා. ටික වෙලාවකට පස්සේ තමා තේරුනේ මේ ගස් දෙකයි අර දෙන්නයි අතරේ මොකද්ද සම්බන්ධයක් තියෙන වග. ඒ තමා අල්තිනායිනාගේ මුල් ගුරා තමා දුයිෂෙන් වෙන අතරේ මේ පැල හිටවලා තියෙන්නේ එයාලා. කොමියුනිස්වාදියෙක් වෙන දුයිෂෙන් පුළුවන් විදියට අල්තිනායිනාට අකුරු උගන්වනවා ඉස්කෝලයක් දාගෙන. අල්තිනායිනාව බලෙන් කරකාරෙට දෙනවා චන්ඩියෙකුට. ඉතින් ඒ හරහා ගට්ටනයක්  ඇවිල්ලා දුයිෂෙන් ගේමක් දීලා, ඇත්තටම කිව්වොත් ගුටි කාලා කොහොමහරි බේරාගෙන මිනිහා ටාගට් එකට යවනවා.

මට හිතෙනවා දුයිෂෙන් හිතපු විදියට අල්තිනායි වැඩ කලේ නෑ කියලා. මෑන්ස් හිතන්න ඇත්තේ අල්තිනායි ආපහු ගමට සේවයක් කරාවි කියලා. ඒත්....

කතාව බොහොම සරල, පොදු එකක් උනාට ඉතාම හොඳට ඒක ගලපලා තියෙනවා. වටිනාකමක් තියෙන හින්දා හිතුනා පොඩි සටහනක් දාන්න. කියවන්න හොඳ කතාවක්. අද කාලේ නම් මේවගේ ගුරුවරු හොයන්න වෙන්නේ නෑ. අරූගේ චිත්‍රය වගේම මටත් හරියටම අකුරු ගලපාගන්න බෑ මේ පොත ගැන කියන්න.


කියවන්න ආසනම් මෙන්න මෙතැනින් බාගන්න පුලුවන්:
http://www.mediafire.com/download/m4o1m4m52my/Guru_Geethaya.pdf


September 21, 2015

සොරා කවුරුන්ද ?


ජපන් නැවක් අරාබි මුහුදේ යාත්‍රා කරමින් තිබිණි. නාන්නට සිතුණු කපිතාන්වරයා සිය රෝලෙක්ස් අත් ඔරලෝසුවත් රන් බ්රේස්ලටයත් ගලවා තබා නාන කාමරයට ගියේ . ආපසු පැමිණි විට, ඔහු ගේ වටිනා දේ අතුරුදහන් වී තිබිණි.
හේ තෙමේ සිය සේවක මඬුල්ලෙන් පස් දෙනකු පිළිබඳ සැක කෙළේ . ඔවුනට අඬ ගැසූ හෙතෙම ගෙවුණු විනාඩි 15 ඇතුළත එකිනෙකා කළ දේ විමසා සිටියේ
ඔවුන් ගේ පිළිතුරු මෙ සේ විය -
01. ප්රංශ ජාතික කෝකියා - (අතෙහි මස් කපන පිහියක් විය.) '' උයන්න මස් ගන්න ගිහින් මං හිටියේ ශීත කරණ කාමරේ."
02. ජර්මන් ජාතික ඉංජිනේරුවා - (අතෙහි යම් උපකරණ වගයක් විය.) මම ඇන්ජිමේ වැඩක් කර-කර හිටියයේ."
03. බංග්ලාදේශි යාත්රිකයා - (හිස් අතිනි). මම හිටියේ කුඹ ගහ මුදුනේ, වැරදිලා උඩු-යටිකුරු අතට හයි කරලා තිබුණ කොඩිය හරි අතට හයි කරන්න ගිහිල්ලා."
04. ඇමෙරිකා ජාතික රේඩියෝ නිලධරයා - (හිස් අතිනි). ''මම හිටියේ සමාගමට පණිවුඩයක් යවමින්, අපි දවස් දෙකකින්, කියන්නෙ සිකුරාදා උදේ පැය 1100, වරායට එන බව දන්වලා.''
05. ඉන්දීය නාවුක නිලධරයා - (හිස් අතිනි). ''රෑ මුරය පටන් ගන්න කලින් මම පොඩි නින්දක් ගහගෙන හිටියා."

සියලු දෙනාට සවන් දුන් කපිතාන්වරයා සොරා කවුරුන් දැයි සොයා-ගති. කෙසේ , සොරා කවුරුන් ?


(මූණු පොතේ තිබුණ එකක්)

July 22, 2015

අංගීකාරය


නිමල් දවසක් සුනිල්ව මුණගැසීමට ගොසින් මෙසේ කියයි.

මචං මගේ පොඩි සම්බන්ධයක් තියෙනවා අර පල්ලියේ පාදිලියගේ ගෑණිත් එක්ක.ඒත් වැඩේ කියන්නේ පාදිලියා ගොඩාක් වෙලාවට ගෑණිත් එක්කමයි බං.
චිකේ බං... ඒක හරි නෑනේ
එහෙම එකක් නෑ බං. උඹට බැරිද පොඩි උදව්වක් කරන්න.
මොකක්ද කියපං. පුළුවන් නම් කරලා දෙන්නම්.
උඹට බැරිද ඉරිද හවසට පැයක් විතර ඌව කතාවට අල්ලගෙන ඉන්න?
අනේ මට බෑ බං.
අනේ මොකක්ද බං.. ප්ලීස්.. එක දවසක්... එකම එක දවසක්..
අනේ මංදා. එහෙනම් එක දවසයි...
එල මචං....


ඔන්න සුනිල් ඉරිදා හවස පල්ලියේදී පාදිලිතුමා එක්ක කතාවට සෙට් උනා. ඉතින් එතුමාව බිසී කරන්න මූ රටේ නැති දේවල් අහනවා. මුළදී වෙනසක් නොදැනුන පාදිලිතුමා හොඳට කතා කර කර හිටියා. එතුමාට තේරුණා මෙතැන මොකක් හරි අවුලක් කියලා. ඉතින් මෙහෙම ඇහුවා.


සුනිල් තව මොනවද දැන් ගන්න තියෙන්නේ. ඇත්තටම මොකද මෙච්චර දේවල් එකපාරටම අහන්න හිතුනේ.

සුනිල්ට ලැජ්ජා හිතුනා. සුනිල් ඇත්තම කිව්වා.

පාදිලිතුමා කතාව අහලා හිනා උනා. සුනිල්ට මාර අප්සෙට්. ඇයි කියලා අහපුවාම පාදිලිතුමා මෙහෙම කියලා පල්ලිය ඇතුළට ගියා.


මගේ නෝනා නැතිවෙලා දැනට අවුරුදු 2ක් වෙනවා සුනිල්....

June 17, 2015

June 11, 2015

අම්මට වයස හැටයි.


අම්මට අදට වයස හැටයි. ඉතින් සමරන්න එපැයි යමරෙට. ඒත් කල්පනා කලා මොකද්ද කරන්නේ කියලා. අම්මා කෑම ජාතිවලට එහෙම ලොකු ආසාවක් නෑ වගේම ඔය මස් මාළු වගේ දේවල් කන්නෙත් නෑ. රොස් කරපු, බැදපු තෙල් දාපු කෑම වලට රුචියකුත් නෑ. මට හිතුනා අම්මාව එක්කරගෙන හොඳ හෝටලේකට ගිහින් රෑ කෑම වේලක් සෙට් දෙන්න. ඒත් ඉතින් ඒවාගේ තියෙන්නේ ඔය කියපු කෑම ජාති හින්දා වැඩේ අල්ලලා දැම්මා. ඒ වගේම ඒකේ විශේෂ ගතියකුත් නැති වෙයි කියලා හිතුනා. මොකද අපිට ඉස්සරලා ඔළුවට එන්නේ කෑමනේ. ඉතින් කොහොමහරි ඒ අදහස දැම්මා බල්ලට.

ඊළඟට ඔලුවට ආවේ ඇඳුමක් ගන්න. ඇත්තම කිව්වොත් සාරියක්. ඒකත් ලේසි වැඩක් නෙමෙයිනේ. සුදු සාරියක් අරගෙන දෙන එක හරි නෑවගේ කියලා හිතුනා. ඒ හින්දා මං අමාරුවෙන් වගේ ගොඩාක් චාම් ලා දම්පාටක් තියෙන පුංචි මල් වැටිච්ච සාරියක් සෙට් කර ගත්තා. සාරි වැඩේට ඉතින් රැජිණ විශේෂ ප්‍රාගුණ්‍ය ලබලනේ තියෙන්නේ. ඒකේන් වැඩේ ලේසි උනා. හැම අවුරුද්දේම මං කොහොමත් සාරියක් අරගෙන දෙන හින්දා මේකත් විතරක් ස්පෙෂල් මදි කියලා හිතුනා. ඉතින් තව කල්පනා කලා. අහා.. අපේ අම්මගේ හෑන්ඩ් බෑග් එක පරණ වෙලා වගේ පොඩි මතකයක් තිබ්බා. දෙන්නම් ඒකටත් වැඩේ කියලා ඒකකුත් ගත්තා.
අම්මා දැන් ගොඩාක් දහමට බර හින්දා මට උවමනා වෙලා තිබ්බා දහම් පොත් ටිකක් අරගන්න. ඒත් මගේ නොසැලකිල්ලා හින්දා ඒක සෙට් කර ගන්න බැරිව ගියා. ඒත් ඒක මං කොහොමහරි කරනවා කියලා හිතාගත්තා.

අම්මගේ ආසාවක් තිබ්බා දෙව්රම් වෙහෙර අර පන්නිපිටියේ තියෙන්නේ ඒක බලන්න. එක්කරගෙන ගියා ඒකත් බලන්න. අපි සෑහෙන්න වෙලා එහේ හිටියා. එතැන සිරා. ඒත් මුදල හැම එකටම ඉස්සර වෙලාදෝ කියලා පොඩි හැඟීමකුත් ආවා.

අම්මාගේ අවුරුදු හැට සපිරීම ගැන මීට වඩා ලියන්න ඕනෑ. මෙහෙම කෙටි සටහනක් දැම්මා ලොකු ලිපියට කලියෙන්.

May 29, 2015

පද වැලක් ලියැවුනේ නැත


සිතුනත් ලියන්නට
පද වැලක්
ගිලෙන්නට ඔබේ මුව මඩලේ
සිනා පොදකට
කඳුළු එක්කර
දෙකොපුල් තලා ගලා යන්නට
ඇඟිලි තුඩු බෑ කියයි
පන්හිඳත් ඉකි ගසයි
හදවතත් මොර තියයි
වසා දැමුවෙමි
කවුළු සියල්ල
නිදා වැතිරුනෙමි
සුසුම් පොදකට හාදු තබමින්...

May 25, 2015

AoE II - ඒජ් ඔෆ් එම්පයර් රෙජිසයිඩ් (නූබ්)

ඒජ් ඔෆ් එම්පයර් (AoE) ගේම් එක කොම්පියුටර් ගේම් ගහන හොඩාක් අය ගහල ඇති. මේ ලිපිය එහෙම ප්‍රෝ අයට නම් නෙමෙයි. පට්ටම පට්ට නූබ්ලාට කියවන්න තියෙන්නේ. අද විස්තරේ රෙජිසයිඩ් කියන වර්ගය ගැන. ඒ කියන්නේ සතුරාගේ රජා මැරුවාම ගේම ඉවරයි.

ගේම එක පටන් ගන්නකොටම ටවුන් කාසල් ඒකයි, සෙන්ටර් එකයි, රජයි, ස්කවුට් අශ්වයයි, මිනිස්සු සෙට් එකක් හම්බ වෙනවා. රජා මලොත් ගේම ඉවර හින්දා ඉස්සරලාම ඒකාව කාසල් එකට දාගන්න ඕනෑ. දැන් කියන්නම් මොකෝ කරන්න ඕනෑ කියලා.

1. TC(ටවුන් සෙන්ටර්) එකෙන් මිනිස්සු 10ක් හදන්න පටන ගන්න.
2. දැනටමත් ඉන්න සෙට් එක අහල තියෙන කෑම පඳුර ගාව "මිල්" එකක හදන්න දාන්න.
3. අලුතෙන් හැදෙන එවුන් අරගෙන දර කපන යන්තරයක් (ලම්බර් ජැක්) ගස් කිට්ටුව හදන්න. (10 දෙනාම දාන්න)
4. තව මිනිස්සු 5කුත් හදන්න. ඒ සෙට් එක රත්තරන් ගොඩ ගාවින්ම ඒවා කඩන්න දාන්න. (mine camp එකක් හදන්න)
5. දැන් කෑම 500ක් ආවාම ර්‍ර්ළඟ ලෙවල් එකට යන්න.
6. තව ගෙවල් 2ක් විතර හදන්න.
7. ගෙඩි කඩලා ඉවරනම් ඒ කස්ටිය ෆාම් (farm)  හදන්න දාන්න.
8. තව සෙට් එකක් අරගෙන ගල් කඩනන් දාන්න.
9. දැන් ඔක්කොම resource ජාති එකතු වෙන්න පටන ගන්නවා.
10. ආමි හදන්න පටන් ගන්න ඕනෑ. ඒ හින්දා ඉස්සරලාම බැරක් එකක් අටවන්න. බඩු තියේ නම් ආමි හදන්න.
11. ඊළඟ ලෙවල් එකට ආවට පස්සේ TC, ලම්බර් ජැක්, මිල් හා මයින් එකේ තියෙන අප්ඩේට්ස් කරන්න.
12. දැන් මාර්කට් එකයි, බැල්ක්ස් මිත් එකයි, ආචරි රේන්ජ් එකයි, ස්ටේබල් එකයි හදන්න.
13. ඒවායේ තියෙන අප්ඩේට්ස් කරන්න.
14. තව මිනිස්සු හද හද අදාල රිසෝස් එකතු කරගන්න.
15. දැන් ඊ ළඟ ඒජ්(ලෙවල්) එකට යන්න.
16. දැන් යුනිවර්සිටි එකයි පන්සලයි හදන්න.
17. තව කාසල් එකකුයි, ටවුන් සෙන්ටර් එකකුයි හදන්න
18. කාසල් එකෙනුත් ආමි හදන්න.
19. බඩු තියෙන හැටියට අප්ඩේට්ස් කරන්න.
20. ආමි හදලා හදලා හදලා... සතුරාගේ රජාව මරන්න.
21. පුලුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න.

එච්චරයි අදට. ටිකක් හොඳට ගහන්නේ කොහොමද කියලා පස්සේ මං දන්න විදියට ලියන්නම්.

March 11, 2015

කොහොමද මේක සිද්ද උනේ?


තාත්තලා දෙන්නෙකුයි පුතාලා දෙන්නෙකුයි ඉන්නවා. අඹ ගෙඩි 3කුත් තියෙනවා. හැබැයි හැමෝම අඹගෙඩිය ගානේ කනවා.

කොහොමද මේක සිද්ද උනේ?

March 8, 2015

පොල් ගෙඩිය බිඳී යන අවම තට්ටුව කුමක්ද?

 ඔබ සිටින්නේ තට්ටු 100කින් යුතු ගොඩනැගිල්ලක පළමු තට්ටුවේය. ඔබ සතුව රුපියල් 140 ක් සහ පොල් ගෙඩි 2ක් ඇත. මෙම ගොඩනැගිල්ලේ පඩිපෙලක් නොමැති අතර උත්තෝලකයක් නොහොත් ලිප්ට් එක්ක තිබේ. එහි ගමන් කිරීමේදී උඩට යන සෑම වාරයක් සඳහාම රුපියල් 10 බැගින් අය කෙරෙන අතර නොමිලේ පහළට ගමන් කල හැකිය.

ගැටළුව වන්නේ යම් තට්ටුවක සිට පොල් ගෙඩියක් අතහැරිය විටදී, එය බිඳී යන්නේ නම් එසේ බිඳී යන අවම තට්ටුව කුමක්ද සොයා ගන්නේ කෙසේද යන්නයි.

January 25, 2015

යාපනේට ගෙනියන්න පුලුවන් වෙච්ච දොඩම් ගෙඩි ගාණ කීයද


පොඩිපහේ ගණිත ගැටළුවක් තියෙනවා. පොඩ්ඩක් බලන්නකෝ කොහොමද කරන්නේ කියලා.


ඔයාට දෙනවා දොඩන් ගෙඩි 1000 හේ බාස්කට් 3ක්. ඒ කියන්නේ දොඩන් ගෙඩි 3000ක්. මේවා අරගෙන යන්න ගමනක් තියෙනවා සැතැපුම් 1000ක් දුරක්. අපි කියමුකෝ ගාල්ලේ ඉඳලා යාපනේට කියලා.

ඉතින් මේ යන ගමනේදී යාපනේ පැත්තට යන හැම සැතැපුමකදීම එක දොඩම් ගෙඩියක් බද්දක් විදියට ගෙවන්න වෙනවා. ඔයාට දෙනවා ලොරියක් මේවා අරගෙන යන්න හැබැයි වැඩේ කියන්නේ මේ ලොරියට දාන්න පුලුවන් එක පාරකට එක බාස්කට් එකයි.

ඉතින් මං අහන්නේ ඔයාට යාපනේට ගෙනියන්න පුලුවන් වෙච්ච දොඩම් ගෙඩි ගාණ කීයද කියලා. එක ගෙඩියක්වත් ගෙනියගන්න බැරි උනා නම් දුක් වෙන්න එපා ඔන්න.


January 1, 2015

රුම්මි


රුම්මි යනු කාඩ් ක්‍රීඩාවකි. මේ සඳහා ජෝකර් සමග කාඩ් කුට්ටම් දෙකක කාඩ් එනම් කාඩ් 108ක් භාවිතා කෙරෙයි. මේ ක්‍රීඩාව සඳහා අවම වශයෙන් ක්‍රීඩකයින් දෙදෙනෙකු අවශ්‍යය වන අතර වයස් සීමාවකින් තොරව ක්‍රීඩා කල හැකිය. කාඩ්පත් ගලපා කෙරෙන රුම්මි හුදෙක් වාසනාම මතම රඳා පවතින ක්‍රීඩාවක්ම නොවේ. අනෙකුත් බොහෝ කාඩ් ක්‍රීඩා මෙන්ම මෙම ක්‍රීඩාවේදීද කාඩ් සම්මත කාඩ් පිළිවෙල භාවිතා කෙරෙයි. එනම් A, K, Q, J, 10, 9, ,8 7, 6, 5, 4, 3, 2 (A) ලෙසය.  A නොහොත් ආසියා රජුට(K) ආසන්නව හෝ 2ට ආසන්නව භාවිතා කිරීමේ නිදහස ඇත. ජෝකර් කාඩ්පත් ඕනෑම කාඩ්පතක් සඳහා භාවිතා කල හැකිය.


ක්‍රීඩාව අවසානයේ තමා අතැති කාඩ් සියල්ල ඉවත් කර ගැනීමෙන් අවම ලකුණු ලබාගත් ක්‍රීඩකයා ජයග්‍රාහකයා වේ. එම නිසා පළමුව කාඩ්වල අගයයන් සලකා බලමු.

  • ජෝකර් සඳහා ලකුණු 50 බැඟින් ද
  • A සඳහා ලකුණු 15 බැඟින් ද
  • K, Q, J සඳහා ලකුණු 10 බැඟින් ද
  • 10, 9, ,8 7, 6, 5, 4, 3, 2 සඳහා ලකුණු 5 බැඟින් ද ලැබේ. 



මෙම ක්‍රීඩාවට ප්‍රධාන මූලධර්ම රටා දෙකක් වෙයි. පළමු මූලධර්ම රටාව "සීරීස්" නොහොත් ශ්‍රේණිය වේ. ශ්‍රේණියක් සඳහා අවම වශයෙන් එකම වර්ගයේ(කලාබර, ඉස්කෝප්ප, රුවිත හෝ හාරත) කාඩ් පත් 4 ක්වත් අනුපිළිවෙලට තිබිය යුතුයි. උදාහරණ ලෙස (5,4,3,2), (J,10,9,8), (A,K,Q,J), (4,3,2,A) වලංගු ශ්‍රේණි වන අතර (3,2,A,K) හෝ (7,6,5,3) අවලංගු ශ්‍රේණි වේ. නමුත් (7,6,5,3) ශ්‍රේණිය (7,6,5,ජෝකර්) ලෙසින් හෝ (6,5,ජෝකර්,3) ලෙසින් වෙනස් කලේ නම් නැවතත් වලංගු රටාවක් සෑදේ.

(ජෝකර්,ජෝකර්,ජෝකර්,ජෝකර්) යන්නද වලංගු ශ්‍රේණියක් වේ. ශ්‍රේණියක් සෑදීමේදී කාඩ්පත් 4 කට වඩා තිබීම ගැටළුවක් නොවේ. එනම් (9,8,7,6,5,4,3,2) යන්න වලංගු ශ්‍රේණියක් වන අතර මෙය (9,8,7,6) සහ (5,4,3,2) ලෙසින් වලංගු ශ්‍රේණි 2ක් ලෙසින් උවද සකසා ගත හැකි වෙයි.



දෙවන මූලධර්ම රටාව "සෙට්" නොහොත් කට්ටලය වේ. කට්ටලයක් සඳහා අවම වශයෙන් එකම වටිනාකමකින් යුතු කාඩ්පත් 3ක්වත් එකම තිබිය යුතුය. මෙහිදී වංසය ගැලපීම නොකෙරෙන අතර අගය පමණක් ගලපනු ලැබේ. උදාහරණ ලෙස (රුවිත 7, හාරත 7, කලාබර 7), (ඉස්කෝප්ප K, හාරත K, හාරත K) වලංගු කට්ටල වන අතර (රුවිත 7, හාරත 7, රුවිත 8) අවලංගු වේ. පෙර සඳහන් කල පරිදි ජෝකර් ඕනෑම කාඩ්පතක් සඳහා ආදේශ කල හැකි බැවින් (ජෝකර්,ජෝකර්,ජෝකර්) යන්න වලංගු කට්ටලයක් වන අතර  (රුවිත 7, හාරත 7, ජෝකර්) යන්නද වලංගු කට්ටලයකි.



ප්‍රධාන මූලධර්ම දෙකේ සංකලන ඇසුරෙන් ක්‍රීඩාව වට 6කින් සමන්විත වෙයි. ඒවා පහත පරිදි වේ.

  • කට්ටල 2යි (3,3)
  • කට්ටල 1යි, ශ්‍රේණි 1යි (3,4)
  • ශ්‍රේණි 2යි (4,4)
  • කට්ටල 3යි (3,3,3)
  • කට්ටල 2යි, ශ්‍රේණි 1යි (3,3,4)
  • කට්ටල 1යි, ශ්‍රේණි 2යි (3,4,4)



ආරම්භයේදී එක් අයෙකුට කාඩ් 11 බැගින් සියළු දෙනාටම කාඩ් බෙදා ඉතුරු කාඩ් අන් අයට නොපෙනන ලෙසින් මුනින් අතට තබනු ලැබේ. තමාට ලැබුණු කාඩ් 11න් එක් කාඩ් පතක් ඉවත් කරමින් තමා සතුව කාඩ් 10ක් තබා ගත් යුතු වෙයි. මෙහිදී මෙම ඉවත් කරන කාඩ්පත හඳුනා ගන්නේ ක්‍රීඩාව කරන වටය අනුවෙනි. පළමු වටයේ ක්‍රීඩා කල යුත්තේ කට්ටල දෙකක් සාදා ගැනීම නිසා වඩාත් අවාසි සහගත කාඩ් පත ඉවත් කිරීම, තමා සතු අනෙකුත් කාඩ් හා සසඳමින් පරිස්සමින් යුතුව කල යුතුවෙයි. මෙසේ ඉවත් කල කාඩ් සියල්ල නොබෙදූ කාඩ් සමගින් මිශ්‍ර කර මැදින් තබයි. දැන් සියළු දෙනා සතුව කාඩ් 10 බැගින් වෙයි.

කාඩ් බෙදූ තැනැත්තාට වම් පසින් සිටින තැනැත්තා මැද ඇති නොබෙදූ කොළ සහිත ගොඩෙන් උඩින්ම ඇති කාඩ් පත රැගෙන ක්‍රීඩාව ආරම්භ කරයි. ඔහු දැන් තමා සතුව කාඩ් 11න් කට්ටල දෙකක් සාදා ගත හැකිදැයි බලයි.



උදාහරණ ලෙස ඔහු සතුව 7,7,7,5,6,4,3,3,2,2 ඇතැයි සිතන්න.
ඔහු අලුතෙන් ගත් කාඩ් පත 9යැයි සිතන්න. දැනටත් ඔහු සතුව එක් කට්ටලයක්(7,7,7) ඇත. තව 3ක් හෝ 2ක් හෝ ජෝකර් කාඩ් පතක් ලැබුනොතින් ඔහුට කාඩ් කට්ටල 2 සාදා ගැනීමට හැකි වෙයි. කට්ටල දෙකම සෑදී නොමැති නිසා "මම හරි" කියමින් කාඩ් කට්ටල දෙක තමා වෙතින් ඉවත් කිරීමට නොහැකි වෙයි. ක්‍රීඩාවේ අරමුණ තමා අතැති කාඩ් සියල්ල ඉවත් කර ගැනීම නිසා හැකි ඉක්මනින් කාඩ් කට්ටල දෙකක් සාදා ගැනීමේ අරමුණින් සහ ඔහුට එක් කාඩ් පතක් ඉවත් කිරීමට සිදුවන බැවින් 5,6,4 හෝ 9 ඉවත් කර අන් අයට පෙනෙන පරිදි වෙනම තබයි.

දැන් අවස්ථාව දෙවැනි තැනැත්තාටය. ඔහුට අවැසි නම් පළමුවැන්නා ඉවත් කල කාඩ් පත ගත හැකිය. ඔහුට එය නූවමනා නම් අන් අයට උවමනාදැයි අසයි. මේ අවස්ථාවේදී අන් අයෙකුට උවමනා කීවේ නම් එම කොළයද තවත් නොබෙදූ කාඩ් ගොඩේ උඩින්ම ඇති කාඩ්වලින් එක් කාඩ් පතක්ද(දඩයක් ලෙසින්) දෙනු ලැබේ. කිසිවෙකුට නූවමනා නම් නොබෙදූ කාඩ් ගොඩේ උඩින්ම ඇති කාඩ්වලින් එක් කාඩ් පත අර ගනියි.

පළමුවැන්නා සේම දෙවැන්නාද කාඩ් කට්ටල දෙකක් සාදා ගත හැකිදැයි බලයි. හැකි නම් "මම හරි" කියමින් එම කාඩ් කට්ටල දෙක අන් අයට පෙනෙන පරිදි ඉදිරියෙන් තබයි. ඔහු සතුව 6,6,6,8,8,8,A,J,Q,3,4 තිබුණේ යැයි සිතන්න. "මම හරි" කියමින් කාඩ් (6,6,6) (8,8,8) ඉදිරියෙන් තබයි. දැන් ඔහු සතුව ඇත්තේ කාඩ් 4ක් පමණි. ඔහුට පළමු වැන්නා කලා සේම තවත් එක් කාඩ් පතක් ඉවත් කිරීමට පුළුවන. එසේ ඉවත් කරන කාඩ් පත පළමු ක්‍රීඩකයා ඉවත් කල කාඩ්පත(9) උඩින් තබයි. දැන් ඔහු සතුව ඇත්තේ කාඩ් 3ක් පමණි. ඔහුට තවත් කට්ටල සෑදීමට නොහැක. අත ඉතිරිව ඇති කාඩ් ඉවත් කිරීමට අන් ක්‍රීඩකයන් කට්ටල සාදන තුරු සිටීමට සිදු වෙයි. වෙනත් ක්‍රීඩකයන් කාඩ් කට්ටල සෑදූ විට තමා අත ඇති කාඩ් ගැලපෙන කට්ටලය මතින් තැබිය හැකි වෙයි.

උදාහරණ ලෙසින් තුන්වන ක්‍රීඩකයා ක්‍රීඩ කරන අවස්ථාවේදී දෙවැන්නා (6,6,6) (8,8,8) කට්ටල සාදා ඇති නිසා තමා අත 6ක් හෝ 8ක් තිබුණේ වී නම් එම කාඩ් අදාල කට්ටල මතින් තැබිය හැකි වෙයි. නමුත් මෙසේ කිරීමට පළමුව තුන්වැන්නාට කට්ටල දෙකක් සාදා තිබිය යුතු වෙයි. එසේ නොමැති අවස්ථාවේ තමා සතුව 6 හො 8 තිබුනාට කිසිවක් කල නොහැක. මෙසේ ක්‍රීඩාව කරන අතරේ එක් ක්‍රීඩකයෙක් තම අත ඇති සියළුම කාඩ් ඉවත් කල විට පළමු වටය අවසන් වේ.  "පළමු වටය" යනුවෙන් අදහස් කරනුයේ කට්ටල 2ක් සෑදීම වටයයි.

දැන් අනෙකුත් ක්‍රීඩකයන්ගේ අත ඉතිරි කාඩ්වල ලකුණු ගණනය කර සටහන් කර ගනු ලැබේ.



නැවත දෙවන වටය සඳහා එනම් කට්ටල 1යි, ශ්‍රේණි 1ක් සෑදීමේ වටයට කාඩ් 11 බෙදයි. කාඩ් බෙදීම සිදු කරන්නේ ඉහත වටයේදී පළමු කාඩ් පත ක්‍රීඩා කල ක්‍රීඩකයාය. පෙරසේම එක් කාඩ් පතක් ඉවත් කර කාඩ් 10 සාදා ගනියි. කාඩ් බෙදූ තැනැත්තාගේ වම් පස පුදගලයා කාඩ් පතක් ගෙන අදාල කාඩ් රටාව ඇත්දැයි බලයි. නැත්නම් එක් කාඩ්පතක් ඉවත් කරයි... මෙම වටයේදී ශ්‍රේණියක් ඇති බැවින් තමා සතුව ඇති අදාල කාඩ් අනුපිළිවෙලට තැබිය හැකි වෙයි. එසේ කිරීමට තමාද එක් ශ්‍රේණියක් හා කට්ටලයක් සාදා තිබිය යුතුයි. පෙර පරිදිම එක් ක්‍රීඩකයෙක් තම අතේ සියළුම කාඩ් ඉවත් කර ගත් පසු මේ වටය නවතා අන් අයගේ ඉතිරි කාඩ්වල වටිනාකම් ගණනය කර පෙර ලබාගත් ලකුණුවලටම එක් කරයි.



මෙලෙස මුල් වට 5ම ක්‍රීඩා කෙරෙයි. අවසාන වටය තරමක් විශේෂ වටයක් වෙයි. මෙම වටයේදී තමාට ලැබුණු කාඩ් 11 භාවිතයට ගැනෙයි. අන් වටවලදී කල පළමුව කාඩ් පතක් ඉවත් කිරීම සිදු නොකරයි. තවත් විශේෂත්වය වන්නේ නොබෙදූ ගොඩෙන් ගන්නා කාඩ් පතද ඇතුළුව රටාව ගැලපිය යුතු වෙයි. උදාහරණ ලෙස  (A,A,A),(3,4,5,6),(8,9,10,J) කාඩ් සතුව ඇතැයි සිතන්න. දැන් කට්ටල එකක් හා ශ්‍රේණි 2ක් සෑදී ඇත. නමුත් පළමුව ඔහු නව කොළයක් ගත යුතු වෙයි. යම් හෙයකින් එය ඕනෑම A හෝ අදාල වංසයේ 2,7,Q හෝ ජෝකර් හෝ නොවුනහොත් ඔහුගේ රටාව බිඳ වැටෙනු ඇත. එවිට "මම හරි" යනුවෙන් කාඩ් ඉවත් කල නොහැකි වෙයි. එම නිසා අවසන් වටය බොහෝ විට වාසනාව හා උපාය මත රඳා පවතී.

මෙසේ අවසන් වටයෙන් පසුව මුළු ලකුණු අඩුම තැනැත්තා ජය ලබයි.