June 11, 2015
අම්මට වයස හැටයි.
අම්මට අදට වයස හැටයි. ඉතින් සමරන්න එපැයි යමරෙට. ඒත් කල්පනා කලා මොකද්ද කරන්නේ කියලා. අම්මා කෑම ජාතිවලට එහෙම ලොකු ආසාවක් නෑ වගේම ඔය මස් මාළු වගේ දේවල් කන්නෙත් නෑ. රොස් කරපු, බැදපු තෙල් දාපු කෑම වලට රුචියකුත් නෑ. මට හිතුනා අම්මාව එක්කරගෙන හොඳ හෝටලේකට ගිහින් රෑ කෑම වේලක් සෙට් දෙන්න. ඒත් ඉතින් ඒවාගේ තියෙන්නේ ඔය කියපු කෑම ජාති හින්දා වැඩේ අල්ලලා දැම්මා. ඒ වගේම ඒකේ විශේෂ ගතියකුත් නැති වෙයි කියලා හිතුනා. මොකද අපිට ඉස්සරලා ඔළුවට එන්නේ කෑමනේ. ඉතින් කොහොමහරි ඒ අදහස දැම්මා බල්ලට.
ඊළඟට ඔලුවට ආවේ ඇඳුමක් ගන්න. ඇත්තම කිව්වොත් සාරියක්. ඒකත් ලේසි වැඩක් නෙමෙයිනේ. සුදු සාරියක් අරගෙන දෙන එක හරි නෑවගේ කියලා හිතුනා. ඒ හින්දා මං අමාරුවෙන් වගේ ගොඩාක් චාම් ලා දම්පාටක් තියෙන පුංචි මල් වැටිච්ච සාරියක් සෙට් කර ගත්තා. සාරි වැඩේට ඉතින් රැජිණ විශේෂ ප්‍රාගුණ්‍ය ලබලනේ තියෙන්නේ. ඒකේන් වැඩේ ලේසි උනා. හැම අවුරුද්දේම මං කොහොමත් සාරියක් අරගෙන දෙන හින්දා මේකත් විතරක් ස්පෙෂල් මදි කියලා හිතුනා. ඉතින් තව කල්පනා කලා. අහා.. අපේ අම්මගේ හෑන්ඩ් බෑග් එක පරණ වෙලා වගේ පොඩි මතකයක් තිබ්බා. දෙන්නම් ඒකටත් වැඩේ කියලා ඒකකුත් ගත්තා.
අම්මා දැන් ගොඩාක් දහමට බර හින්දා මට උවමනා වෙලා තිබ්බා දහම් පොත් ටිකක් අරගන්න. ඒත් මගේ නොසැලකිල්ලා හින්දා ඒක සෙට් කර ගන්න බැරිව ගියා. ඒත් ඒක මං කොහොමහරි කරනවා කියලා හිතාගත්තා.
අම්මගේ ආසාවක් තිබ්බා දෙව්රම් වෙහෙර අර පන්නිපිටියේ තියෙන්නේ ඒක බලන්න. එක්කරගෙන ගියා ඒකත් බලන්න. අපි සෑහෙන්න වෙලා එහේ හිටියා. එතැන සිරා. ඒත් මුදල හැම එකටම ඉස්සර වෙලාදෝ කියලා පොඩි හැඟීමකුත් ආවා.
අම්මාගේ අවුරුදු හැට සපිරීම ගැන මීට වඩා ලියන්න ඕනෑ. මෙහෙම කෙටි සටහනක් දැම්මා ලොකු ලිපියට කලියෙන්.
මී පැණි වර්ග:
බිඟු නද
Subscribe to:
Post Comments (Atom)
දෙව්රම් වෙහෙර කියන්නේ බුද්ධාගමේ එකක් මිස බුදු දහමේ එකක් නෙමෙයි.. අම්මට සතුට හා සුවය පතමි
ReplyDeleteඒ කිව්වේ මොකද්ද අප්පා ඒ? තේරුණේ නෑ හරියටම
Deleteබුදු දහම යනු ආගමක් මෙන් අදහන්නක් නොවේ.
Delete//අපි සෑහෙන්න වෙලා එහේ හිටියා. එතැන සිරා// දෙව්රම් වෙහෙරේ කොහෙද සිරා ඉන්නේ. ඌ ඉන්නේ මැලේසියාවේ නේද?
ReplyDeleteලොල්යැ
Deleteමවට සුබ උපන්දිනයක්.
ReplyDeleteඑල
Deleteඅම්මාට සුභ උපන් දිනයක්!!!!
ReplyDelete- DZN
එල
Deleteහ්ම්ම් මට මේක කියවනකොට මගේ අම්මව මතක් උනා..... අපේ අම්මගේ අවුරුදු 60 උපන්දිනේට මුකුත් කරන්න මට එහෙම වත්කමක් තිබුනේ නෑ ඇත්තටම තාමත් නෑ... එදා මන් අම්මගෙන් ගොඩක් දුර හිටියේ. අදටත් එහෙමයි
ReplyDeleteඅයියෝ.. දුක හිතෙනවා
Deleteඅම්මට සුබ උපන්දිනක් කියන්න :)
ReplyDeleteහරි මං කියන්නම්
Delete