March 8, 2015

පොල් ගෙඩිය බිඳී යන අවම තට්ටුව කුමක්ද?

 ඔබ සිටින්නේ තට්ටු 100කින් යුතු ගොඩනැගිල්ලක පළමු තට්ටුවේය. ඔබ සතුව රුපියල් 140 ක් සහ පොල් ගෙඩි 2ක් ඇත. මෙම ගොඩනැගිල්ලේ පඩිපෙලක් නොමැති අතර උත්තෝලකයක් නොහොත් ලිප්ට් එක්ක තිබේ. එහි ගමන් කිරීමේදී උඩට යන සෑම වාරයක් සඳහාම රුපියල් 10 බැගින් අය කෙරෙන අතර නොමිලේ පහළට ගමන් කල හැකිය.

ගැටළුව වන්නේ යම් තට්ටුවක සිට පොල් ගෙඩියක් අතහැරිය විටදී, එය බිඳී යන්නේ නම් එසේ බිඳී යන අවම තට්ටුව කුමක්ද සොයා ගන්නේ කෙසේද යන්නයි.

16 comments:

  1. මගෙ හාමිනේ නං අවම එක තට්ටුවෙන් බිදිනව
    ඒත් මම පොල් බිදිද්දි අවම තට්ටු දෙකක් ඕනෙ වෙනව

    ReplyDelete
    Replies
    1. හා පට්ට ක්‍රියේටිව් කොල්ලා

      Delete
  2. ඔය ලිෆ්ට් එකේ යන්න රුපියල් දහය ගන්න එකාගෙ ඔළුවට ඔය පොල් ගෙඩියකින් පතබෑවාම ඕක හොයාගන්න පුලුවං වෙයි.

    ReplyDelete
    Replies
    1. පට්ට ලොල්යැ... ඒකත් හරියැ

      Delete
  3. මොලේ විකාරෙ හැදෙනවා

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ පොඩි ඉඟියක් දුන්නා නම් හරි කියලයි. දැන් අතේ තියෙන්නේ 140යිනේ. ඒ කියන්නේ ලිප්ට් එකේ උඩට යන්න වෙන්නේ 14 වතාවයි. දැන් හිතමු අපි පළමු වතාවට 50 වෙනි තට්ටුවට ගිගිල්ලා පොලේ දැම්මාම බිඳුනා කියලා. ඒ කියන්නේ පහල තියෙන තට්ටු 49, 48,47 වගේ එවායිනුත් ඒක බිඳෙන්න පුලුවන්නේ. ඒත් තව 13 වතාවයි යන්න පුලුවන්. නමුත් තට්ටු 49ක් තියෙනවා ට්‍රයි කරන්න. ඒ වගේම එක පොල ගෙඩියයි තියෙන්නෙත්.

      දැන් හිතලා බලන්න එහෙනම් ඉස්සරලාම පොල් ගෙඩිය දාන්න ඕනෑ මොන තට්ටුවෙන්ද කියලා.

      Delete
    2. ඉන්ටරෙස්ටින් ප්‍රශ්නයක්. නමුත් උඹේ මුලින් ලිව්ව ලියමන මදි. ඒක පැහැදිලි වුනා නං අවුල හැදෙන්නෙ නෑ.

      Delete
    3. හා හා.. ඒත් බන් සමහර එවුන් හරි උත්තරේ කිවව්නේ. ඒකනේ මාර සීන් එක

      Delete
  4. සැ.යු :- 1. කඩයිම් තට්ටු (1,2,4,7,13,25,50,100)
    2. දැන් සිටින තට්ටුවට උඩින් ඇති කඩයිම් තට්ටුවෙදී පොල්ගෙඩිය බිඳී ගියේනම් සහ දැන් සිටින තට්ටුවේදී සිට දැමූවිට බිඳුනේ නැතිනම් දැන් සිටින තට්ටුවට උඩ ඇති(උදා: දැන් 4, උඩින් ඇති කඩයිම් තට්ටුව = 7, යායුතු තට්ටුව = 5) ගොස් නැවත පොදු පියවරවල් කිරීම.

    මේ තමයි සෑම තට්ටුවකදීම කලයුතු දේවල්.

    1. තට්ටුවට ගිහින් පොල් ගෙඩිය අත හැරීම.

    2. පොල් ගෙඩිය බිඳුනේනම් ඉන්න තට්ටුවෙන් බගෙකට ආසන්න(උදා: 7/2 = 3.5 -> 4(4වෙනි තට්ටුව)) යාම.

    3. පොල් ගෙඩිය බිඳුනේ නැතිනම් ඊලඟ කඩයිම් තට්ටුවට යාම.

    ඉස්සෙල්ලම යන්න ඔනේ පලවෙනි තට්ටුවට.

    ReplyDelete
    Replies
    1. මේක යරිද? මොකද කියන්නේ 100 තට්ටුවෙදී පොලේ බිඳුනොත් 50,51,52,53,... 99 යන තට්ටු 50 එකක්දී මේක වෙන්න පුලුවන්. දැන් කොහොමද කියන්නේ? මොකද දැනටනත් ඔයා 8 පාරක් ට්‍රයි කරලා ඉවරනේ. තව රුපියල් 70යි තියෙන්නේ. වැඩේ ගොඩ යන්න පුලුවන්ද? මට ෂුවර්ම නෑ. බලන ඕනෑ තව ටිකක්..

      Delete
  5. http://www.youtube.com/watch?v=JQhciTuD3E8

    ReplyDelete
  6. උත්තරේ පස්සේ වෙලාවක ඇවිල්ල බලාගන්නවා බන් .. ඕව හිතන්න බෑ ... අර ඕනයගේ උත්තරේ තමයි අපිට නම් ඉතින් සරලවම තේරෙන්නේ .. :D

    ReplyDelete
  7. මුලින්ම 14 වෙනි තට්ටුවට ගිහිල්ල 1 පොල් ගෙඩියක් බිම් දානවා.
    ඒක බිඳුනොත් දන්නවා 1-14 අතර තමයි අවම තට්ටුව තියෙන්නේ කියල.
    ඊට පස්සේ 1 ඉඳන් උඩට යනවා ඉතුරු පොල් ගෙඩිය බිම දදා. ඒකෙන් හොයා ගන්න පුළුවන් බිඳෙන අවම තට්ටුව.

    14 දී බිඳුනේ නැත්නම් ඊළඟට මමේ විදියටම ට්‍රය් කරනවා 15-29, ....

    ReplyDelete
    Replies
    1. උත්තරේ පොඩි පරහක් තියෙනවා. පොඩ්ඩක් වෙනස් කලොත් හරි. මොකෝ බැරි වෙලාවත් 29 දී බිඳුනොත් 15 -29 වෙනකල් තියෙනවා තට්ටු 14ක්. ඒත් යන්න සල්ලි මදි නේද? ඒ හින්දා 14දී බිඳුනේ නැත්නම් එතැන ඉඳලා තට්ටු 13ක් උඩ තැනකට තමා යන්න ඕනෑ. ර්‍ර්ට පස්සේ තව තට්ටු 12ක් ,11ක්,....
      මෙහෙම ගිහාම නම් හරි

      Delete
  8. යකෝ මොකක්ද බන්..සිම්පල්නේ
    පලවෙනි තට්ටුවේ ගැට්ටට අවා.
    ආරම්භක ප්‍රෙව්ගයක් එක්ක ඇතැරියා (100මි/ත විතර)
    අනිවා පොලේ කුඩු
    140 සාක්කුවේ දාගෙන ගෙදර ගියා. වැඩේ ඉවරයි.

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!