January 25, 2015

යාපනේට ගෙනියන්න පුලුවන් වෙච්ච දොඩම් ගෙඩි ගාණ කීයද


පොඩිපහේ ගණිත ගැටළුවක් තියෙනවා. පොඩ්ඩක් බලන්නකෝ කොහොමද කරන්නේ කියලා.


ඔයාට දෙනවා දොඩන් ගෙඩි 1000 හේ බාස්කට් 3ක්. ඒ කියන්නේ දොඩන් ගෙඩි 3000ක්. මේවා අරගෙන යන්න ගමනක් තියෙනවා සැතැපුම් 1000ක් දුරක්. අපි කියමුකෝ ගාල්ලේ ඉඳලා යාපනේට කියලා.

ඉතින් මේ යන ගමනේදී යාපනේ පැත්තට යන හැම සැතැපුමකදීම එක දොඩම් ගෙඩියක් බද්දක් විදියට ගෙවන්න වෙනවා. ඔයාට දෙනවා ලොරියක් මේවා අරගෙන යන්න හැබැයි වැඩේ කියන්නේ මේ ලොරියට දාන්න පුලුවන් එක පාරකට එක බාස්කට් එකයි.

ඉතින් මං අහන්නේ ඔයාට යාපනේට ගෙනියන්න පුලුවන් වෙච්ච දොඩම් ගෙඩි ගාණ කීයද කියලා. එක ගෙඩියක්වත් ගෙනියගන්න බැරි උනා නම් දුක් වෙන්න එපා ඔන්න.


15 comments:

  1. උඩින් පල්ලෙන් ගාන හැදුව...500ක් පුලුවන් කියල ආව.හැතැම්ම 500න් 500 ගෙනිච්චම.250න් ගෙනිච්චමත් 500යි..100න් 100 හදන්න කම්මැලි...

    ReplyDelete
    Replies
    1. තව බලන්න. 100 න් 100 ගිහිල්ල් හරි යන්නේ නැති වෙයි

      Delete
  2. පළමුව සැ.500ක් ගොස්, ඉතිරි දො.500ය, එතන තබා ආපසු පැමිණ 1000 ක් රැගෙන සැ.500 වෙත ගොස්, තබා ආ 500ත් සමග1000 රැගෙන සැ.750 වෙත ගොස්, ඉතිරි දො.750, තබා ආපසු පැමිණ, අවසාන 1000 ස රැගෙන සැ.750 වෙත ගොස් පෙර තබාආ 750 ත් ඉතිරි දො. 250 ත් රැගෙන යාපනයට යෑම. යාපනයෙත් එකක් දීමට සිදවුවොත් ඉතිරිය 749 යි,නැතිනම් 750 යි.

    ReplyDelete
    Replies
    1. ඉතා හොඳයි. ඒත් තව පුලුවන් කියලයි මන් හිතන්නේ

      Delete
  3. කවුද මේ කප්පම් ගන්න කණ්ඩායම?

    ReplyDelete
  4. මේක ඩයිනමික් ප්‍රෝග්‍රැමින් ප්‍රශ්ණයක්. මනෝමයෙන් විසඳන්න තර්කයක් ගොඩ නගා ගන්න ටිකක් අමාරුයි.

    මෙන්න හොඳ පදනමක්.

    1. ගාස්තුව ගෙවන්නේ ලොරි-සැතැපුමකටයි. එනිසා ලොරිය හැකි උපරිමයට පිරී තිබීමෙන් ගාස්තුව අවමවේ.

    2. ඒ සමගම ලොරිය ගමන් කරන වාර ගණනද අවම කළ යුතුයි. එයින් ද ගාස්තුව අවම වේ.

    දැන් මෙහෙම හිතමු.

    ගෙඩි දාහේ බාස්කට් තුනක් ගෙනියාමට ලොරිය තුන් වරක් යා යුතුයි. ඒ හැම වාරයකටම, හැම ලොරි-සැතපුමකටම ගාස්තුව ලෙස දොඩමක් අහිමිවේ. එනිසා ලොරිය එකම මාර්ගයේ තුන්වරක් පාවිච්චි කළ යුත්තේ - මුලු දොඩම් ප්‍රමාණය (3,000) දෙවරක් ලොරියෙන් ගෙන යාමට තරම් (2,000) අඩුවන තෙක් පමණි.

    එනිසා දොඩම් 1,000 බාස්කට් එකක් ගෙන යා යුත්තේ සැතපුම් 333.33 කි. ආසන්න වශයෙන් සැතපුම් 333 කි. එවිට එක බාස්කට් එකක 667 බැගින් දොඩම් 2,001 ක් ඉතිරි වේ. (ඉන් එක දොඩමක් කන්න).

    ඉහත තර්කය අනුව, ඉතිරි දොඩම් 2,000 ලොරියෙන් දෙවරකට සැතපුම් 500 ක් ගෙනියන්න. එවිට එක ලොරියකට බඩු (1,000) ඉතුරු වෙන නිසා මෙය ප්‍රශස්ත දුරයි.

    දැන් ලොරියේ දොඩම් 1,000 පටවා ගෙන ඉතිරි දුර (1,000 - 333 - 500 = 167) යන්න. දොඩම් 1,000 - 167 = 833 ක් ඉතිරි වෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. මැක්සා... හරියටම හරි....

      Delete
  5. ගණං හන්දා ඉස්කෝලෙත් එපා උනා , උඹ හදන්නේ බිලොග් එපා කරන්ඩද

    ReplyDelete
    Replies
    1. හා හා....

      නෑ නෑ එහෙම නෙමෙයි බන්....

      Delete
  6. මෙලෝ අකුරක් තේරුනේ නැහැ අර උත්තරේ.........

    ReplyDelete
    Replies
    1. ඒකත් පට්ට. රසිකොලොජිස්ට් හරියට කියලා තියෙනවා කරන්න ඕනෑ වැඩේ. බලන්න ආයෙත්

      Delete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!