November 25, 2011

කවුද කියන්න එහෙම කියපු බුවා

මෙන්න පොඩි පහේ කතාවක්. සරලයි. පහසුයි. නිකන් ඉන්න ගමන් පොඩ්ඩක් හිතන්න එහෙනම්. මෙන්න කතාව.

ඔන්න එකෝමත් එක කාලෙක හොරු 4 දෙනෙක් හිටියා. එක දවසක මේ හොරු 4 දෙනා හොර වැඩක් කරන්න ගිහින් පොලීසියට අහු උනා. සමහර වෙලාවට පොලීසිය කීව්වට ඒක පොලීසියක්ම නෙමෙයි. නිකන් රජ්ජුරුවන්ගේ ආමි එක කියමුකෝ. ඉතින් මෙයාලා 4 දෙනා වරදි කරුවෝ කියලා මරන්න නියම උනා. දැන් ඉතින් මෙයාවල මරණ දාවසත් ආවා. එදා උදේම මෙයාලව නාවලා කරලා ඔන්න අරගෙන ගියා හිස ගසාදාන තැනට. එක්කරගෙන යන්නේ එක පෝළිමට.

ඉස්සරහා ඉන්න කෙනාට ඊළඟට ඉන්න කෙනාව පේන්නේ නැ. මෙතන මෙහෙමයි වෙන්නේ. ඉස්සරාම එකාට කවුරුවත් පේන්නේ නැ. දෙවැනියට ඉන්න එකාට 1වෙනි එකාව පේනවා. එච්චරයි. 3වැනි එකාට 1යි 2යි පේනවා. 4වැනි එකාට ඔය මොකවත් පේන්නේ නැ. මොකද 4වෙනි එකා අන්ධයි. මළ කෙලියයි නේද?

හරි දැන් මේ 4 දෙනාට තොප්පි 4ක් දානවා. කළු පාට 2යි. සුදුපාට 2යි. දැන අළුගෝසුවා මෙහෙම චාන්ස් එකක් දෙනවා 4 දෙනාට.

දැන් උඹලා 4දෙනාම තොප්පි 4ක් දාගෙන ඉන්නවනේ. ඔතන ඉන්න එකෙක් මට කියන්න ඕනැ තමන්ගේ ඔළුවේ තියෙන තොප්පියේ පාට මොකද්ද කියලා. ඒක හරියට කිව්වොත් උඹලාව නිදහස් කරනවා. එකම එක් කෙනෙක් ඉදිරිපත් වෙන්න ඕනැ. එකම එක චාන්ස් එකයි තියෙන්නේ. හරි දැන් කවුද ඉදිරිපත් වෙන්නේ තමන්ගේ ඔළුවේ තියෙන තොප්පියේ පාට කියන්න? 

ඉතින් මෙහෙම කීව්වාම එකෙක් කිව්වලු මම කියන්නම් හරියටම කියලා. මං අහන්නේ එහෙම කිව්වේ කී වෙනියට හිටිය එකාද කියලා. ඒකා හරියටම කිව්වලු ඌදාගෙන ඉන්න තොප්පියේ පාට. ඉතින් කස්ටියම නිදහස් වෙලා ගිහින් තොප්පි කඩයක් දාගත්තලු. සතුටින් ජීවත් උනාලු.

දැන් කවුද කියන්න එහෙම කියපු බුවා.

21 කගේ සිතිවිලි:

  1. මගුලක් කියනවා..ඉඳලා ඉඳලා ආවා මදිවට අපේ මොලේ මඤ්ඤං කරන්න හදනවා..මෙහෙමත් බිගුවෙක්...

    උත්තරේ තමා අර අන්ධයා...කොහොමද ඒක කලේ කියනවනං ඒක තනිකරම කනා පාරක්...:D

    ReplyDelete
  2. තොප්පි ගලවගෙන කම්පනා කරන්න ඕනි ප්‍රශ්නයක්නේ...
    ම්..මම හිතන්නෙ 3 වෙනියා හරියට කියාවි. 3 වෙනියා ඉදිරිපත් වුනේ නැත්නම් 2 වනියා හරියට කියාවි. ඒ නිසා ඔක්කොටම අනිවා බේරෙන්න පුළුවන්..

    ReplyDelete
  3. මමනං කියන්නෙ අලුගෝසුවම කියන්න ඇති . . . . (හික් හික්)

    ReplyDelete
  4. මහ රෑ ඔළුව කචල් වෙන ප්‍රශ්ණනේ අයියා අහන්නේ.. මං හිතන්නේ 4.. පොර අන්ධයි කියලා හිතුවට අන්ධයෙක් නොවෙන්න ඇති..

    ReplyDelete
  5. මුලින්ම ඉන්න එකා තමා කිවුවේ... :D

    ReplyDelete
  6. අන්ධ එකා නේද පාට කිව්වේ ? මම හරි නේද :)

    ReplyDelete
  7. ඔන්න එක් උදව්වක් කරන්නම්...
    අන්ධයා නම් නෙමෙයි... මොක්ද ඒකට ඇත්තටම පේන්නේ නැ...
    හික්ස්...
    වෙන එකෙක්මයි...

    ReplyDelete
  8. ආහ... අලුගෝසුවත් නෙමෙයි....

    ReplyDelete
  9. http://en.wikipedia.org/wiki/Prisoners_and_hats_puzzle#Four-Hat_Variant

    ReplyDelete
  10. ඇයි බිඟු අයියේ , එකෙක්ටවත් තමන්නේ ඔළුවේ තියෙන තොප්පියෙ වාටියවත් පේන්නේ නැත්ද? ඔය ගාන්ධි තොප්පි හරි තම්බි තොප්පි හරිද?
    නැත්තම් මං හිතන්නේ පළවෙනි එක්කෙනා වෙන්න ඇති. දෙවෙනියා කනට කරලා කියන්න ඇති.
    නැත්තම් තුන්වෙනියා කිව්වද දන්නෙ නෑ. කළු තොප්පි දෙකයි සුදු තොප්පි දෙකයි කියලා ෂුවර් එකටම දැනගෙන හිටියා නම් සහ ඉස්සරහ දෙන්නම එකම පාටක තොප්පි දෙකක් දාගෙන හිටියා නම් තුන්වෙනියා ෂුවර් කරලාම කියන්න ඇති. ඒත් නැත්තම් කනා උත්තරේක වුනත් නිවැරදි වීමේ වැඩිම සම්භාවිතාව ඇතුව කියන්න පුළුවන් තුන්වෙනියට.

    ReplyDelete
  11. දෙවෙනියා නේද?

    තුන්වෙනියා කඩේ වහලා ඉන්නේ පලවෙනියාගෙයි දෙවැනියාගෙයි පාට දෙක වෙනස් නිසා කියලා දෙවැනියාට තේරෙනවා

    ඌට පලවෙනියාගේ පාට පේන නිසා එලකිරි වාගේ තමන්ගේ පාට කියත හැකි නේද?

    මොනවත් කියන්න බැරි තැන කට වහගෙන ඉන්න එකෙනුත් යමක් කියවෙනවා අම්මපා....

    ReplyDelete
  12. පළවෙනි එකා
    අලුගෝසුවගෙ ඇස් වල ප්‍රතිබිම්ඹයෙන් දැකලා
    (අලුගෝසුවා පෝලිමේ ඉස්සරහ හිරකරුවන්ට මුහුණලා සිටි බව උපකල්පනය කරමි)

    ReplyDelete
  13. මේ මොන තොප්පියක්ද මේ......

    ReplyDelete
  14. තුන් වෙනියා, නමුත් උපකල්පනය මත.හරියට කියන්න එයාටත් බැහැ.ඉස්සරහම තොප්පි දෙක පාට දෙකෙන් තිබ්බොත් :)

    ReplyDelete
  15. තොප්පි කඩේ දාගත්තට පස්සෙද තොප්පි බිස්නස් එකකට එකෙක් ගිහින් වඳුරොත් එක්ක සෙල්ලමක් දා ගත්තේ

    ReplyDelete
  16. හතරවෙනි එකා වෙන්ටෑ.....

    ReplyDelete
  17. සමහරු හරියට තෝරලා වගේ නේ....
    උත්තර දෙකක් තියෙනවා.

    පළමු අවස්ථාව: 1 වෙනියා හා 2වැනියා එකම ජතියේ පාට තොප්පි දාගෙන ඉන්න අවස්ථාව

    දෙවන අවස්ථාව: 1 වෙනියා හා 2වැනියා ජති 2කින් යුතු පාට තොප්පි දාගෙන ඉන්න අවස්ථාව

    පැළමු අවස්ථාවේනම් ෂුවර් එකටම කියන්නේ 3න්වෙනියා. ඒකට ඒ දෙකම පේන්වනේ...

    දෙවන අවස්ථාවේ නම් මොකාද? ....\

    ReplyDelete
  18. දෙවන අවස්ථාවේ නම් මොකාද? ....\

    ඒ වෙලේ තුන් වෙනියා සද්ද නැතුව හිටියොත් දෙවෙනි එකා.
    එයා පළවෙනි එකාගෙ ඔලුවෙ තියෙන තොප්පියට විරුද්ධ පාට තොප්පියක් තමන්ගෙ ඔලුවෙ තිබෙන බව දැන ගන්නවා තුන් වෙනියා සයිලන්ට් හිටියොත් :)

    ReplyDelete
  19. ආන්න හරි. මේහෙමනේ සීන් එක. 3වැනියා සද්ද නැ කියන්නේ අනිවා 1,2 දාගෙන ඉන්නේ පාට දෙකකින්. ඒ වෙලාවේ 2වැනියා මීටරේ දාලා කියන්න වෙනවා.

    ඉතින් මෙවුන් දැන් මරන්නනේ යන්නේ. ඉතින් මන් හිතන්නේ මේකලා මේ වෙලාවෙවත් හරි තීරණයක් ගනීවී නේද?

    ආ.. අද ඉඳලා අපිට හයි ස්පීඩ් යන්න පුලුවන් නේද?

    ReplyDelete
  20. Mona magulak da ban !

    ReplyDelete
  21. හික් හික්..මාර මීටර් තියෙන හොරු සෙට් එකක්නෙ අප්පා..මටත් පුරස්ණ දෙකක් තිබේ..

    1.මෙහෙම මීටර් හොරු තුන් දෙනෙක්ට අහු නොවී හොරකමක් කරගන්න බැරි වුණෙ ඇයි..??
    2.අර අන්ධයා මොන මගුලකට හොරකමේ ගියාද..??? :D

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!