මදහස පෑව'මුත් නුඹේ
මුවකමල සිහියට ගෙනෙයි
සැඟවුණු රහස
පවසන තෙපුල් වදනින් නොව
ඉඟියෙන් සිහින් සරින්
කිති කවයි, සියොත්කැල
ගයන ඒ සුරල් නාද සේ
ගගණ ඇතිරූ සුසිනිදු
කිරි කැටි කෝමල පියාපත්
කලඹවයි සොම්නසින්
නිතර සලිතවන
සිත් පහන් මල
December 2, 2011
Subscribe to:
Post Comments (Atom)


ලස්සන අදහසක් අයියේ...
ReplyDeleteලස්සන අදහසක් !!
ReplyDelete"කිරි කැටි කෝමල පියාපත්
ReplyDeleteකලඹවයි සොම්නසින්
නිතර සලිතවන
සිත් පහන් මල"
ලස්සනයි...
ඉඟියෙන් සිහින් සරින්
ReplyDeleteඇය පවසනා රහස කුමක් ද???
වචනත් ලස්සනයි, අදහසත් ලස්සනයි........
නියම අයිඩියා එක....... ලස්සනයි.
ReplyDeleteහප්පෝ නිතර සලිතවෙන එක නං දොස්තර මාමා කෙනෙක්ට පෙන්නන්න වෙයි...
ReplyDeleteලස්සනයි අයියා..
ReplyDeleteම්...ම්...දැන් මේ කවුද නිතරම මතක් වෙන්නේ..
ReplyDelete@Dinesh, @මධුරංග
ReplyDeleteස්තුතියි
@ජංජාල,
මේකද ආසම කැල්ල..
@මහි ,
ඒකනම් කියනන් බැ
@රහස් පරික්ෂකයා, @සිත්රූ සිහින
ReplyDeleteස්තුටියි...
@ඔබ නොදුටු ලොවක්..... ,
හී හී..
එක පාරක් නෙමෙයි කීපසැරයක්ම පෙන්නුවා...
@රූ....
ඒකනම් රහසක් ඔන්න