December 23, 2011

සීක්‍රට් සැන්ටා

සීක්‍රට් සැන්ටා කියන වැඩසටහන ගැන මට පොඩි අදහසක් ආවා. දැනට මේ වැඩසටහන කිහිප ආකරයකින් සිදුවෙනවා. පොඩි විස්තරයක් ලිව්වොත් මෙහෙමයි වෙන්නේ.

මේකට සම්බන්ධවෙන අයගේ නම් ටික තුන්ඩු ටිකක ලියලා මිශ්‍ර කරලා එක එක්කෙනාට ගන්න කියනවා. තමන්ගේම එක ලැබුනොත් ඒක ආයෙත් දාලා වෙනත් එකක් ගන්නවා. දැන් තමන්ට හම්බ වෙච්ච එක් කෙනා තමන්ගේ සැන්ටා. ඔයා එයාට තෑග්ගක් දෙනවා ජනවාරි 1 වෙනිදාට. ඒ විදියට හැමෝම තමන්ගේ සැන්ටාට තෑග්ගක් දෙනවා. මෙතනදී ඔක්කෝටම ජනවාරි පළවෙනිදා තෑග්ගක් හමබ වෙනවා.

මේක ක්‍රම කිහිපයකට සිද්ද වෙනවා. ගොඩාක් අය කරන්නේ උදෙන්ම ඇවිල්ලා තෑසි ටික කාටත් හොරෙන් එක තැනක තියෙනවා. හැමෝම එතැන තියන්නේ හොරෙන්. ඉතින් මේ විදියට කලාම කවුරුවත් දන්නේ නෑ තමන්ට තෑග්ග හම්බ උනේ කාගෙන්ද කියන්න. ඒක හින්දා තමා මේකට සීක්‍රට් සැන්ටා කියන්නේ. නමුත් සමහර අයනම් තෑග්ග දෙන්නේ මූණටම. එතන සීක්‍රට් වෙන්නේ ජනවාරි පළවෙනිදා වෙනකම් විතරයි. එදාට අහුවෙනවා. මට නම් ඒකේ කිසි ගතියක් නැ. පස්සේ දුන්න කෙනා හොයා ගන්න එක තමා ආසම වැඩේ. ඒක හින්දා මේක හොරෙන් දෙන එකට තමා මම කැමති. තවත් සමහරු තමන් කැමති මෙන්න මේකටයි කියලා කොහේහරි ලියලා තියෙනවා. ඉතින් ඒක හොයාගෙන ඒකම දෙන්න පුළුවන් නම් මරුම තමා. නමුත් ඉල්ලලා තෑගි ගන්න එකට නම් මම කැමති නෑ. මම කැමති හොරෙන්ම මගේ සැන්ටා කැමති, එයාට උවමනා දෙයක් එයාටත් හොරෙන් දෙන්නයි. පස්සේ කාලෙක එයා මව හොයාගත්තාම මාරම සතුටුයි. නැතුව මට මේක දෙන්න කියලා, ඒක නොලැබුණාම හිත රිදවාගනන්වත්, වටිනාමක අඩු එකක් දුන්නා කියලා දුක් වෙන්නවත් නෙමෙයි. මේ නීති රීති දාගෙන බලෙන් තෑගි ඉල්ලන වැඩේ ජාතියක් හැටියට පිළිගන්න බෑ. තමන් තමන්ට නිහතමානීව මේ වැඩේට සම්බන්ධද වෙනවානම් මේක සාර්ථකව සිදුවෙනවා. මම පොඩි තෑග්ගක් දීලා ලොකු එකක් බලාපොරොත්තු වෙනකොට තමා අවුල එන්නේ.

තමන්හේ යාළුවෙක් වෙනුවෙන් පැය කිහිපයක් වෙන් කරන්න බැරි නම් ඒ පුද්ගලයා සැබැවින්ම යාළුවෙක් නොවේ යන්න මාගේ මතයයි. මේ අතරම අපි එකිනෙකාගේ ආර්ථික තත්වයත් හිතන්න ඕනෑ. ඉතින් සමහරු කියනවා අපි ඔක්කොමලා මේ පාර රුපියල් 2000ක අවමයක් තියාගමු කියලා. ඒක නම එච්චර හොඳ වැඩක් නෙමෙයි. තෑග්ගක වටිනාකම තියෙන්නේ මුදලේ නෙමෙයි. මුදලට වහල් වෙන්න එපා. ජනවාරි පළවෙනිදාට මූණ ඇඹුල් කරගන්නවාට වැඩිය හොඳයි මේක නොකර ඉන්න එක.

ඉතින් මේ ඔක්කොම ලියන්නේ සමහරු හොඳහිත දියුණු වෙන්න කියලා මේක පටන් අරගෙන අන්තිමට වදයක් කර ගන්නවා. මේකේ නියම අරමුණ,  අර්ථය පස්සට දාලා වෙනම එකකට යොමුවෙනවා. ඉතින් මේ ගැනත් පොඩ්ඩක් හිතන්න. වඩා වැදගත් අවංකව නිහතමානීව කටයුතු කිරීමයි.

17 comments:

  1. wadath wedagath wanne team spirit eka. athe thiyena ganata podi hari theggak dena eka hodai. mage adahasa nang, thegi bedaganna dawasata fun ekak aran hitha hodin thegga dena ekai. thagga ganna kenath maha lokuwata hitha gena inna eka narakai. mona de lebunath sathuten baraganna one. Illala ganna thegi walata mamath kemathi ne. mona eka dunnath kamak ne.

    ReplyDelete
  2. මට නම් ඔය වගේ අත්දැකීමක් කවදාවත් ලැබිලා නෑ. දැන් ඉන්න ගෙදර මල්ලී නංගී උපන්දිනේට දෙන තෑග්ග තමයී මට ඉතිං ලැබෙන එකම තෑග්ග. ඔය වගේ දේවල් තියෙනවනම් ෂේක්. ඒත් නෑනේ.එහෙම දේවල් වලින් බැදීම් තව වැඩි වෙනවා කියලයී මං නම් හිතන්නේ.

    ReplyDelete
  3. ඇත්ත… අපි තෑගි වලට වටින කම් දෙන්නෙ ඒකෙ තියෙන මුදල්මය වටිනාකමට.

    ඒක මෙහෙමයි මට හිතෙන්නෙ…

    අපේ රටෙ තිබුනෙ ගුණ ධර්ම වලට ගරු කරන සමාජයක්… --> “Spiritual Wealth”

    නමුත් අපි දැන් ගරු කරන්නෙ ආර්ථිකව කොයි තරම් වැදගත් ද කියන එක… --> “Material Wealth”

    ඉතින් තෑග්ගටත් වෙලා තියෙන්නෙ ඕක තමයි. අපි තෑග්ග ඔතන්නෙ නෝට්ටුවකින් (සල්ලි කොලේකින්)

    අපේ සමාජය නැවතත් ගුණ ධර්ම වලට මුල් තැන දෙන සමාජයක් බවට පත් වුනොත් අපිට ලැබෙන තෑගි වල වටිනාකම වැඩි වෙයි…

    ReplyDelete
  4. oke dena thaagge awama gaana wenuwata uparima gaanak thiyaaganna eka nam maxa. api eka paarak ehema karala thiyenawa.

    ReplyDelete
  5. Secret Santa කෙසී වෙතත් ඔතන වෙන අරමුනක් තියෙන බවනම් පෙහෙඩිලි බොල......ඔයා මෙයාට දීලා මෙයා ඔයට දීලා දෙන්නම අවුල්...මොකද present දෙකම දෙන්නට මෙලො රහක් නෑහ.But තව කට්ටියක් බලන් ඉන්නව මෙ full fun එක.මොකද වෙන කට්ටියක් කරන්න තියෙන දෙයක් උම්බලා උම්බලම කොරගෙන තවකලික අතල් එකක් අරන් තියෙන නිසා....
    Good Luck for a better present :P

    ReplyDelete
  6. මාත් කැමති කවුද කියල නොදැන කරන සික්‍රට් සැන්ටා ක්‍රමයට තමයි.

    ෆන් ම පාට් එක කවුරු කාට තෑගි දුන්නද කියල හොයන එක! අනිත් එක තමයි, දැන් යාලුවෝ එහෙම ෂොපින් යන්නේ එකට නම්, මොනවා හරි ගනිද්දීත් කට්ටියම ඔන්න බලන්න ගන්නවා මොනාද ගන්නේ, සික්‍රට් සැන්ටා ප්රෙසෙන්ට් එකක්ද කියල.

    ඔවු මාත් මම කැමති මොකද්ද කියල කියන්නේ නැහැ. අනිවාර්යෙන්ම යාලුවෙක්ට ඕනේ මොනවාද, කැමති මොනාද කියල ටිකක් හිතන්න කාලයක් වැය කරන්න බැහැ කියන්නේ හොඳ දෙයක් නෙවෙයි. අනිත් එක මේක නිකම් සෙල්ලමට කරන දෙයක්නේ. ඉතින් මම කැමතියි මගේ ප්රෙසෙන්ට් එක සප්‍රයිස් එකක් විදිහට තියාගන්න. :)

    ReplyDelete
  7. අපිත් ලංකාවේදී ඕක කළා...මෙහෙ අය කරන්නේ dirty santa :)

    ReplyDelete
  8. මේක නම් මරු වැඩේ. අපේ බොසාට අදහස දාලා බලන්න ඕනා.

    ReplyDelete
  9. ගොඩක් කාර්යාලවල මෙහෙම දෙයක් වෙනවා කියලා අහලා තිබුණ ට මේ වගේ අතුරු ප්‍රතිපල ගැන අවබෝධයක් තිබුණේ නෑ මට. අම්මේ දැන් නේ දැන ගත්තේ ඒකත් හිතන තරම් ලේසි නෑ කියලා.....
    අළුත් අවුරුද්ද ලබද්දි ම මූණ ඇඹුල් කරගන්න එක නම් කොහෙත් ම හොඳ දෙයක් නෙවෙයි තමයි.....

    ReplyDelete
  10. අදහස නං මරු ක්‍රියාවෙ යොදවන්න විදියක් තමා නැත්තෙ . . .

    ReplyDelete
  11. මම මේ අදමයි මේ ගැන ඇහුවේ...

    ReplyDelete
  12. අඩේ සිරා ගේම් එකක්... :)

    ReplyDelete
  13. උඹලගෙ තිබ්බට අපේ ෆ්ලෝ එකේ ඕක වෙන්නෑනෙ...

    ReplyDelete
  14. අන්තිමට ගන්න එක්කෙනාට තමන් ගේම නම ලැබුනොත් මොකද වෙන්නේ? :)
    /නාඩ්

    ReplyDelete
    Replies
    1. එහෙනම් තව එක්කෙනෙක්ට තමුන්ගේම නම ගිහින් තියෙන්න ඕනනෙ..
      --
      හරී
      http://dreamsofharee.blogspot.com/
      --

      Delete
  15. This comment has been removed by the author.

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!