December 2, 2011

නිතර සලිතවන සිත් පහන් මල

මදහස පෑව'මුත් නුඹේ
මුවකමල සිහියට ගෙනෙයි
සැඟවුණු රහස
පවසන තෙපුල් වදනින් නොව
ඉඟියෙන් සිහින් සරින්
කිති කවයි, සියොත්කැල
ගයන ඒ සුරල් නාද සේ
ගගණ ඇතිරූ සුසිනිදු
කිරි කැටි කෝමල පියාපත්
කලඹවයි සොම්නසින්
නිතර සලිතවන
සිත් පහන් මල

10 comments:

  1. ලස්සන අදහසක් අයියේ...

    ReplyDelete
  2. "කිරි කැටි කෝමල පියාපත්
    කලඹවයි සොම්නසින්
    නිතර සලිතවන
    සිත් පහන් මල"

    ලස්සනයි...

    ReplyDelete
  3. ඉඟියෙන් සිහින් සරින්
    ඇය පවසනා රහස කුමක් ද???

    වචනත් ලස්සනයි, අදහසත් ලස්සනයි........

    ReplyDelete
  4. නියම අයිඩියා එක....... ලස්සනයි.

    ReplyDelete
  5. හප්පෝ නිතර සලිතවෙන එක නං දොස්තර මාමා කෙනෙක්ට පෙන්නන්න වෙයි...

    ReplyDelete
  6. ම්...ම්...දැන් මේ කවුද නිතරම මතක් වෙන්නේ..

    ReplyDelete
  7. @Dinesh, @මධුරංග
    ස්තුතියි

    @ජංජාල,
    මේකද ආසම කැල්ල..


    @මහි ,
    ඒකනම් කියනන් බැ

    ReplyDelete
  8. @රහස් පරික්ෂකයා, @සිත්රූ සිහින
    ස්තුටියි...


    @ඔබ නොදු‍ටු ලොවක්..... ,
    හී හී..
    එක පාරක් නෙමෙයි කීපසැරයක්ම පෙන්නුවා...


    @රූ....
    ඒකනම් රහසක් ඔන්න

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!