March 27, 2010

පෝරුවක් සෑදුවෙමු

පහුගිය දවස් ටිකෙ ඇත්තටම සයිබර් යායට ගොඩ වෙන්නට තරම ඉස්පාසුවක් ලැබුනේ නෑ. ඒ මොකද කියනවා නම් එකක් මගේ ප්‍රියාවිය වෙනුවෙන් බබා වෙනුවෙන් පවත්වන ලද පිරිත් කටයුතුය. ඒ අතරම මෙන්න මේ වගේ වැඩකටත් සෙට් වෙන්න වුනා. මගේ යාළුවෙක් ඉන්නවා මංජුල කියලා. අපි දෙන්නා එකට සෙට් වූයේ උසස් පෙළ කාලයේදීය. එයද අහඹු සිදුවීමකි. කෙසේ නමුත් අපි බොහෝ කිට්ටුවෙන් ආශ්‍රය කල අය වෙමු. ඔහු අපේ නිවසේ සිදුවන සියළුම වැදගත් කටයුත්තකදී පාහේ මුල් චරිතක් ගෙන ක්‍රියා කලේය. මාද එසේම විය. පහු ගිය දිනෙක ඔහුගේ බාල නැගණියන්ගේ විවාහ උත්සවය විය. වෙනදා මෙන්ම එයට සහභාගී වීම මාගේ යුතුකමක් විය. ඊට දින කිහිපයකට කලියෙන් ඔහුගෙන් දුර-ඇමතුමක් විය.


"මචං පොඩි සීන් එකක්.."
"මොක්ක්ද බං..."
"පොඩි අපේ තාලේ වැඩක් සෙට් වෙන්න යන්නේ..."
එල එල... මොකද්ද.. කවදද... කොහෙද...""
"අපේ නංගිගේ... මාර්තු 17 රෑ සෙට් වෙන්න තියෙන්නේ..."
"හරි.. මම ප්‍රසන්න, කෝසල්, සූරි... ඔක්කොමලා සෙට් කර ගන්නම්.."
"හරි හරි.. අපේ වෙපන් ටික මලකඩ කාලද දන්නේ නෑ බං... හී.."


මෙහෙම කියලා අපි කෂ්ටිය සෙට් උනා මාර්තු 17 රෑ. මම යනකොට රෑ 12.15 විතර ඇති. යනකොට කෂ්ටිය වැඩේ පටන් අරගෙන නැගලා යනවා. මංජුගේ නංගීගේ යාළුවෝ කිහිප දෙනෙක් අපිට වැඩ කරන්න ඕනේ උත්ප්‍රේරක දෙන්න අමතක කලේ නෑ. එතන හිටියා හරිම කටකාර කෙල්ලෝ කිහිප දෙනෙක්ම. හැබැයි ගොඩක් ලස්සන නෑ.... ඒත් මොකද නේ බං...

ඉතින් වැඩේට මාත් සෙට් උනා. ඒත් එතන තිබුණ සුදු පාට ගොක් අත්ත ගැන මගේ වැඩි පැහැදීමක් තිබුණේ නෑ. මොකද ඒක පොල් ගහේ පළවෙනි අත්ත තරම් සුදු පාට නැති හින්දා. මංජුත් එසේමයි.

"ඒ ප්‍රසන්න... මචං ගනින්කෝ පිහියක් හොයලා..."
"හරි.. යමන්..."

මෙහෙම කියලා මමයි ප්‍රසන්නයි කෝසලයි අපි තුන්දෙනා පිහියකුයි විදුලි පන්දමකුයි අරගෙන ගියා ළඟ තියෙන පොල් වත්තකට. මං හිතන්නේ අවුරුදු ගානකින් තමා අපි මේ හොර වැඩකට සෙට් උනේ.


"වැඩිය ඕක පත්තු කරන්න එපා. මුරකාරයා ඒවි"
"මචං සත්තුත් ඇති බලාගෙන.. පෑවිල්ල හින්දා ගහ ලිස්සනවාත් ඇති.."
"හරි... මචං පොඩි සප් එකක් දීපං.. මේ මගුල ලිස්සනවා.."

ඔහොම කියලා මම නැග්ගා පොඩි පැල ගහකට. වාසනාවට ඒකේ තිබ්බා අලුත්ම ගොබයක්. සට සට ගාලා කපා ගත්තා. බිමට බැහැලා වැටුන ඔක්කොම පොල් කොල ටික අහුලා ගත්තා. මොකද ඒක තමා එකම සාක්කිය. අපි මේ කොල අහුලන්නේ නැතුව ගිහින් ඉස්කෝලේ වැඩකදී, මාට්ටු වුනා. එදා ඉඳලා අද වෙනකන් අහු උනේ නෑ...



ඉතින් කොහොම කොහොම හරි උදේ පාන්දර 7.30 විතර වෙනකොට අපි වැඩේ ඉවර කලා. මුලදී කෂ්ටිය 10 ක් විතර හිටියා. අන්තිමට මමයි, මංජුයි, ප්‍රසන්නයි විතරයි. කෝසලයා නම් ගියේ පාන්දර 5ට විතර, අනිත් උන් ටික හිමීට මාරු වෙලා. ඔහොම තමා හැමදාම. අපි හැමදාම තිරය පිටු පස වැඩ.

ඔන්න මගුලේ වැඩ ගත්තා. මල කෙලියයි. පෑවිල්ල තදකම හින්දා මංජුලගේ ළිඳේ වතුර අඩු වෙලා. පිටින් ගෙනාපු වතුර ටැංකියකුත් තිබ්බා. ට්ක වෙලාවකින් ඒකත් ඉවර උනා. මොනා කරන්නද. අපි තුන්දෙනාට තවම නින්දක් නෑ. මගුල් ඇඳුම් නෑ. වතුර දෙන වැඩේට සෙට් උනා. මංජු ටිකක් අමුතු මනුස්සයා. මිනිහා පින්තූර ගන්නවාත කැමති නෑ. මේවා පුස් වැඩ විදියට දකින අමුතු තාලේ වැඩ කරන කෙනෙක්. පල්ලෙහා ලිඳකින් වතුර ගෙනල්ලා ටැංකිය පුරවලා... ඔහොම ගොඩාක් වැඩ කලා. හැබැයි තිරය පිටු පස. කොට කලිසමක් ගහගෙන. මොනා කරන්නද.. මේවා කරන්න වෙන කෙනෙක් හිටියේ නෑ... මගුල් ගෙදරට ආපු අය අපි දිහා බැලුවේ නිකන් අමුතු විදියට. දන්නවනේ ඉතින් අඳුමට මුල් තැනක් දෙන තැනක්නේ මගුල් ගෙදර කියන්නේ... කොහොම උනත් අපි 3 දෙනා කැපිලා ඉවයි. එතන හිටියා ලස්සන නංගිලා කිහිප දෙනෙකුත්..

මෙන්න මේ විදියට මගේ දවස (දෙකද මන්දා) ගෙවුනා...

33 comments:

  1. යාළුවගෙ ගෙදර උදව්වට ගිහින් මනමාලය වෙන්න බැහැනෙ. කරපු උදව්ව යාළුවට අමතක නොවෙවි.

    ReplyDelete
  2. යාළුවගෙ උදව්වට ගිහින් මනමාළය වෙන්න බැහැනෙ. කල උදව්ව වටිනව. යාළුවට කවදාවත් අමතක නොවෙවි.

    ReplyDelete
  3. අහා...
    ඒකත් ඇත්තනේ මල්නායක...
    මේක ලංකාව හින්දා ඒකත් කියන්න බෑ ඔන්න

    /බිඟුවා...!

    ReplyDelete
  4. වැඩේ නම් මාර ලස්සනයි අයියා..... සිංහලෙන් කියනවනම් perfect..
    යාලුවට අමතක උනත් නංගිට අමතක වෙන්නෑනෙ..... :D

    ReplyDelete
  5. රතු නිල් කමිසේ ඇඳලා ඉන්නේ උඹ නේද?

    ReplyDelete
  6. හා පැංචි,
    ම්..ම්...
    නැත්නම් නංගිට අමතක වෙලා අයියට මතක තියේවිද?

    /බිඟුවා...!

    ReplyDelete
  7. පට්ටයි මචං වැඩේ නම්...

    ReplyDelete
  8. අපේ අක්කාගේ මගුලත් ළගම එනවා..... පෝරුව හදන්න පොරක් හොය හොයා හිටියේ.... බැරිද බිගුවො පොඩි හෙල්ප් එකක් දෙන්න එන්න...

    වැඩේ නම් එළටම කරලා තියෙවා වගෙයි!!

    ReplyDelete
  9. ස්තුතියි ක්‍රිශාන්.
    මම අද තමයි මුලින්ම දැක්කේ ඔයාව සයිබර් යායේ. එල කිරි.

    /බිඟුවා...!

    ReplyDelete
  10. @ළමයා
    දෙන්නම් දෙන්නම්..
    හැබැයි ළමයෝ... දන්නවනේ මගේ ඉදිරි කාල සටහන

    /බිඟුවා...!

    ReplyDelete
  11. මම කමති අන්තිමත ඉන්න පුන්චි ලමයට

    ReplyDelete
  12. පොරුව නම් මාර ලස්සනයි..ඔයාගෙ හැකියවට අත දෙන්න කවුරුත් නැද්ද

    ReplyDelete
  13. දැන් කාගෙ ගොක්කොල පෝරුවක් පාවිච්චි කරන්නෙ බොහොම සුළුතරයක්නෙ. ඒකක් දකින්න ලැබීමත් සතුටක්.
    කට්ටිය මරු වැඩකාරයො ටිකක්නෙ.

    ReplyDelete
  14. මැක්සා වැඩක් නෙ.. බිගු දැන් කාලෙට ඔබින වැඩක්... හැමොම සල්ලි දිලා කරගන්න වැඩ ඉස්සර මිනිස්සු එකතුවෙලා කරෙ. එනිසා එ මිනිස්සු අතර සමගිය සහායොගය වර්ධනය උනා. මිනිස්සු අතර සබැඳියාව රැකුනා. දැන් ඔක්කොම එකට ගෙනත් හයි කරනවා, කාලා බිලා ගහගෙන උන්දෙන්නගෙ ජිවිතය විනාශ කරලා යනවා...ඇත්තටම අගය කරන්න ඔනා දෙවල් මෙවා....

    ReplyDelete
  15. එලකිරි දාමුද රිසෙප්ෂන් හොල් එකක් ....

    ReplyDelete
  16. @යසේල,
    අනේ මචං අපි මේක බිස්නස් විදියට නම් කොරන්නේ නෑ.
    කොහොම වුනත් ස්තුතියි අගය කිරීමට.

    @නදී,
    අහ..
    මංජු තමා වැඩ කාරය. අපි දෙවැනි පේළිය.

    @රවා,
    ඔබ හරි රවා. අද කාලේ කඩෙන් ගත්තා. වැඩේ කලා. එතනින් ඉවරයි. ඔයා කියනවා වගේ මෙහෙම වැඩකදී කට්ටිය හරිම විනෝදයෙන් හා වගකීමෙන් එකට වැඩ කරනවා. සමගිය වගේම අපේ දැනුමත් වැඩි වෙනවා. එකිනෙකාගේ අදහස් හුවමාරු කර ගන්න මුළු රැයක්ම තියෙනවනේ. අනික වියදම ගත්තත් බොහොම අඩුයි. (කන්න බොන්න දෙන වියම නැතුව... හික්ස්..) පරණ යාළුවෝ එකතු වෙන්න කියාපු වැඩේ. අනික මනමාළිටත් හරිම සතුටුයි. එයා වෙනුවෙන් අයා අඳුරන අය මහන්සි වෙනකොට එයාගේ මගුල වෙනුවෙන්. ඉතින් ඔය වගේ ලිපියේ නොකිය වුනු දේවල් ගොඩාක් තියෙනවා.

    @මුතූ,
    ස්තුතියි අගය කිරීමට.

    @වැප්,
    අහා...
    මම කිව්වේ... මේවා ආයෝජනය තකා කරන්නේ නෑ.
    උඹ එකක් දානවානම් කියපන් අපි මොනවා හරි කරලා දෙන්නම්..
    හික්ස්..

    /බිඟුවා...!

    ReplyDelete
  17. හිතෙන්ම කරන දේවලුත්
    හිතෙන්ම ලියන දේවලුත්
    කොච්චර ලස්සණද හිතුණා

    අගේ කරන මතක තියා ගන්න අය ගැන නොගන්න අය ගැන කරදර වෙන්න එපා බිඟු කවදාවත්. කරන්නෙ හිතේ සංතෝසෙන් නෙ. ඒක තමයි ලොකුම දේ ලැබෙන ආපහු.

    වාසනාවන්.

    -ලොකු

    ReplyDelete
  18. ඒක හරි ලොකූ,
    හිතේ සතුට පවතින්නේ අපි ඇතුලෙන්ම (අපේ භාෂාවෙන් කිව්වොත් බොක්කෙන්ම ) හිතලා කරන කොට තමා.
    ඒක හැමදාම මතක් කර කර සතුටු වෙන්න පුලුවන්.

    /බිඟුවා...!

    ReplyDelete
  19. වැඩේ නම් ප්‍රොෆෙෂනල්. නරකද පොඩි සයිඩ් බිස්නස් පාරක්වත් පටන් ගත්තොත්..?
    කොහොමත් බිඟුවෝ ඔය කලාත්මක වැඩවලට දක්ෂයිනේ.
    නියමයි සහෝ..

    ReplyDelete
  20. ආ මිස්සක මලයෝ,
    උඹට කියන්න වෙන්නෙත් අර වැපාට කියපු දේම තමා.
    හික්ස්.

    /බිඟුවා...!

    ReplyDelete
  21. හී.. හී...
    මිස්සක දැන් මේවා කොරන්න කාලයක් නෑ. දන්නවනේ අපේ ජීවිත හැඩ ගැහිලා තියෙන හැටි.
    හරිම සංකීර්ණයි. මේවා නිකන් එහෙන් මෙහෙන් කලොත් ඒක කලාවට නිගාවක්.
    ඒක හින්දා මේවා කරනවානම් හරියටම කොරන්න ඕනේ නේද?
    නැත්නම් නොකරම ඉන්න ඕනේ.
    මේකට වෙලා යනවා. ඉතින් වෙලාව තමා පුරස්ස්නේ.
    නැත්නම් නියම ආදායම් මාර්ගයක් මේක.

    /බිඟුවා...!

    ReplyDelete
  22. බොහොම අපූරුයි..!

    ReplyDelete
  23. බිගූ ලස්සන වැඩක්.මගෙත් හිත ගියා.ඔයාටයි ඔයාගෙ යාලුවන්ටයි හොද අනාගතයක් තියනව.

    ReplyDelete
  24. @වක්කඩ,පීටර්,මිස්සක, ජීවිතය

    බොහොම ස්තුතියි දිරි දීමට....


    /බිඟුවා...!

    ReplyDelete
  25. බිඟුවා හෙන වැඩකාරයෙක්නෙ....:)

    ReplyDelete
  26. බොහොම ස්තුතියි දිරි දීමට indik

    ReplyDelete
  27. හරිම ලස්සනයි... අලංකාරයි... බිඟුවාගේ ගුමු ගුමුව අස්සෙ මටත් හිතුනා පෝරුවේ කතාව ලියන්න... ටිකක් ඉන්න...

    ReplyDelete
  28. මේ වැඩේ නම් මාරයි බිඟු...
    මේවා දකිද්දි මෙහෙම අහන්න හිතෙනවා
    මචං
    උඹට බැරි මොනවද...??

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!