එක කිරුළක් වෙනුවෙන් සටන් වදින්නා වූ කණ්ඩායම් සතරක් වෙත්.
ඒ සඳහාම සංවිධානය කරන්නා වූ වෙන් වෙන් ඉසව්වන්ගෙන් පළමු අභියෝගය, අද දින එක් තීරණාත්මක සටනක් ලෙසින් මෙසේ අවසන් විය. ඒ සඳහා රැය දවල් නොබලා, කූසීත නොවී, මනා සිහියෙන් සිට මහත් කැපවීමෙන් නොයෙක් ආකරයෙන් පුහුණු පුරුදු වූ අපගේ සහෘද සිංහ කැල, අවිවාදයකින් තොරවම අගය කළ යුතු වන්නේය. ඒ අතරම තිරය පිටුපස සිට නන් අයුරින් දිරිදුන් අපගේම සිංහ සහෘදයනි, මෙය ඔබගේම ජයග්රහණයයි. ඔබ නොසිටින තැන අපගේ ජයග්රහණයද නොසිටින්නේය. (හො.ම.ත.ග.යු.)
මෙය අප ලද පළමු ජයග්රහණයක් මෙන්ම අනෙක් සිගාලයන්ගේ සිත් නන් අයුරින් සත්ත්රාසයට ලක් කිරීමක් යැයි පැවසූවොත් වැරදි නොමයැයි මට සිතේ. එසේම එම සිගාලයන් නෙයෙක් ආකරයෙන් අපගේ සමගිය බිඳිනටත්, අප දුර්වල කිරීමටත් පිඹුරුපත් අදිනවා සිකුරුමයි. අප ඒ සඳහා මනාව සූදානම් විය යුතු වන්නේය. ඒ සඳහා ඔබ සැමගේ ම නොමසුරු දායකත්වය ම අවැසි බව පුන පුනා කිව යුතු වන්නේය.
අප ලද ජය වෙනකෙකු වෙත දෙන්නට ඔබ සූදානම්ද?
සැ.යු: මෙම ලියැමන හුදෙක් මගේ ක්රීඩා උත්සවයේ මිතුරන් උදෙසා ලියැවූවක් බවත් කිසිවෙකු රිද්දන අයුරින් කුරුටු ගෑවක් නොවන බව කරුණාවෙන් සලකන්න.
No comments:
Post a Comment
දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ
ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.
/බිඟුවා...!