April 30, 2010

තවත් එකෙක් ඇමති කෙනෙක් අමු අමුවේ සිහි කලා

විදුලිය හෙණ හඬ සමගින් එකතු වෙලාය
ඒ හින්දම මගේ කන් බෙර සිදුරු වෙලාය රෑ හරියට නෑ නින්දක් ගෙරවිලි එය මගේ නොවේය අහසින් ඌ පැන්න නමුත් මගේ නිවස බේරිලාය උඩින් උඩින් පැන යන මහ වැස්සක් අස්සේ පොඩි ළමයින් සැංගුනාය ඇඳ රෙද්දක් අස්සේ ලොකු අයටත් පොඩිම බයක් දැනේවි ඔය අස්සේ ගෙදර මුට්ටු බඩු පිච්චෙයි විදුලි කම්බි අස්සේ වැස්ස තදයි හරිම තදයි ඊයේ මුළු රෑ පුරාම හරියට මට නින්දක් නෑ විඩාව මුළු ගත පුරාම අද උදේම ආවා මා කන්තෝරුව දිහ බලාම එන්නේ කොහෙද මේ වතුරේ කම්මැලිකම සිත පුරාම අමාරුවෙන් නැගුනා මා කම්මැළිකම ඉවත දමා රෝද දෙකක් නිසා මෙමට ගමන ටිකක් පහසු තමා එනමුදු එය ලේසි නොමැත කියනා ඔය සැවෙම තමා බස් එකකට අපව පෙනේ හිතන්න බැරි කරුණ තමා පිළියන්දල පසු කරමින් වේගෙන් මම පැද ආවයි කිහිපදෙනෙක් මා පසු පස එලවන්නට වූවයි හනික සැවොම එක පාරට වේගය ඇඩු කෙරුවයි බුදු අම්මෝ පෝලිමයක්ය යටි හිත මට කීවයි ලොකු වාහන පාරේ අද මොකද මේ කරන්නේ පොඩි පොඩි අය ඒ අස්සෙන් රිංගාලා යන්නේ මම හිතුවත් රිංගන්ට වතුර කඳක් දකින්නේ මුළු පාරම යට වෙලාය කවුරුත් එය කියන්නේ මොනා කරන්නද දැම්මා මං පළමු ගියරයට ආර් පී එම් එක නැග්ගුව අසූ හාරදාහකට වතුර ගියොත් කම්මුතු වෙයි සිතේ සැකේට හිමින් හිමින් පැද්දා මහ වතුරේ ඉදිරියට ඒ.සී. බස් එක කැඩිලා මහ පාරේ කරදරේ සාරි ඇඳන් නෝනලා දැන් ඉන්නේ කරදරේ මේවා ඇඳන් කොහොමද අපි යන්නේ කරදරේ මොනා කරනවද කියමින් කොන්දොස්තර බර බර්‍රෙ තවත් කෙනෙක් අපිට බනියි ඇඟේ වතුර ගෑවිලා අපි යන්නේ අමාරුවෙන් වලවල් ටික බේරලා ඉතින් අනේ මොකද වදේ මේ ටික දැන් අතිවෙලා තවත් එකෙක් ඇමති කෙනෙක් අමු අමුවේ සිහි කලා කවුරු නමුත් විසඳුමක් දෙන්න කාලය ඇත එලඹිලා මොකද කියන්නේ ඇත්තට අපිට මේක ඇති වෙලා කියන දෙයක ඇහෙනවනම් අසරණ අපි එක් වෙලා ලොකු පුටුවේ ඉන්න ඈයෝ මෙලහටත් දුක් වෙලා

18 comments:

  1. නිර්මාණය අපූරුයි. කොහොමත් වහින කාලේට පිළියන්දල වැවක් වෙනවා නේද? ලංකාවේ වාරිමාර්ග/ ප්‍රවාහන දියුණු කරන්න බැරි උනොත් වැනීසියේ වගේ බෝට්ටු සේවයක් පටන් ගත්තා නම් ප්‍රයෝගිකව කාලෝචිතයි කියලා මම හිතනවා.

    ReplyDelete
  2. කියන්න අමතක උනා... මැරතන් එක ගැන පසු වදනක් ලියමින් සිටිමි.

    ReplyDelete
  3. ඔව් මචං..
    කියලා වැඩක් නෑ...
    අදත් එනකොට අඩි 1 1/2ක් විතර වතුර. බෝකුන්දර හරියේ..
    වෙලාවට බයික් එකේ ගියේ...

    ReplyDelete
  4. ලොකු පුටුවල ඉන්න අයට වලවල් නැත තේරිලා
    උන් පාරට ආපු කලට ට්‍රැපික් නොමැත ඇතිවෙලා
    පාර වහල අපි සිරකර උන් යනවනෙ ඉගිලිලා
    වලවල් ගැන නොහිත ඉන්න හයිවේ එයි මල්ලිලා

    ReplyDelete
  5. "කියන දෙයක ඇහෙනවනම් අසරණ අපි එක් වෙලා
    ලොකු පුටුවේ ඉන්න ඈයෝ මෙලහටත් දුක් වෙලා"

    අපෝ පවු අයියේ ලෙඩ්ඩු.....
    ඇහෙන්නෙ නැත්තේ ඒ අයට කන් ඇහෙන්නැති නිසානේ.... :D :D :D :D :D

    ReplyDelete
  6. රත්තනපිටියත් යට වෙලා ඇති, අපෝ ඒ දවස්වල මටත් උදේට යන්න එපා වෙනවා.ලොකු පුටුවල ඉන්න අයට ඕවා පේන්නේ නෑ..

    ReplyDelete
  7. අහා කියන්න බැරි උනානේ.. හා පැටික්කි ඉන්නේ දෙවැනියට

    ReplyDelete
  8. ලොකු පුටු විතරක් නෙමෙයි...මහජනතාව වන අපිත් මේ වට වග කිව යුතුයි.... ගෙවල් වල වතුර මහ පාරේ කාණු වලට හරවනවා. වතුර බහින්න තියෙන බොක්කු කටවල් ගාව බිල්ඩින් ගහ ගන්නවා..ඉඩ්ම් ගොඩ කර ගන්නවා...ලොකු පුටු මේවා මහ පරිමානයෙන් කරනවා..තව සමහරු ප්‍රශ්න මග හැරලා බලන් ඉන්නවා...
    වහින දවස් වලට හොරන කොළඹ පාරට දෙයියින්ගෙම පිහිටයි...

    ReplyDelete
  9. බිගූට උන දේම මගෙ ඔෆීස් එකේ කෙනෙක්ටත් වෙලා.උදේ 7.30 ඉදන්ම බෝකුන්දර හරියේ හිරවෙලා ඉදලා මේ දැන් ඔෆීස් එකට ආවේ..ඔතන ඉතින් පොඩි වැස්සටත් යටවෙන තැනක් නෙ....

    ReplyDelete
  10. වැස්ස දවසට ලංකාවෙ පාරවල් ගැන නං කියලා වැඩක් නැහැ. අර පාරවල් වහගෙන ආරක්ෂකයො පිරිවරාගෙන යන උත්තමයින්ට නං ඕවයෙන් බාදාවක් නෑ මයෙ හිතේ...
    ඔය වතුර පිරිච්ච තැන් වල තියෙන කාණු, වලවල් එහෙම පේන්නෙ නැතුව කී දෙනෙක් ඒවයෙ වැටිලා අනතුරට පත් වෙලා තියෙනවද...

    මේ...ඒක නෙමේ... ඇයි බං උඹට පියාඹලා යන්න තිබුණනෙ.

    ReplyDelete
  11. මොකක්ද බිඟු අයියේ ඒ හරුපේ තේරුම????? ඔයත් තරගයක් වත් සංවිධානය කරලද තැන් තෝරන්නේ?????

    ReplyDelete
  12. නියමයි බිඟු. ඊයෙ රෑ ඉතින් කොහෙත් ඔහොම තමයි. හොඳවෙලාවට අද අපිට නිවාඩු (ඒත් වැඩට එන්න ඕනේ, කැෂුවල් ආවා). මම එන්නෙ බොරැල්ල පැත්තෙන්. එනකොට වතුර හිඳිලා.
    ඇල මාර්ග වල බයිසිකල් ධාවනය කලා වගෙ නෙවෙයි, වක්කලම් තියෙනවා එමට. හොඳේ.

    ReplyDelete
  13. "තවත් එකෙක් ඇමති කෙනෙක් අමු අමුවේ සිහි කලා" මැක්සා වර්ඩ් එක හික්ස්.. :ඪ්

    සිරාවට අත්ත මචං බිඟු අයියේ...

    -සෝරෝ

    ReplyDelete
  14. බිගුවෝ ඔබ කිවු දේවල් අපි හැමටම තේරුනා
    පුටු රත් කරමින් ඇති උන් මේවා දැක වෙයි හිනා
    තේරුම් කරනට ඔවුනට මේ සිදුවෙන දේ හැමා
    කවදා හෝ ට්‍රයි කරමුකො එක් වී අපි දෙන සැමා

    ReplyDelete
  15. @DJ Slash (ස්ලෑෂ්): "ඇල මාර්ග වල බයිසිකල් ධාවනය කලා වගෙ නෙවෙයි, වක්කලම් තියෙනවා එමට. හොඳේ..."
    නියම කතාව බං...මං අනන්තවත් වැටිලා තියනවා...

    ReplyDelete
  16. වතුර බහින්න තියෙන කාණු ගොඩ වෙන්න කුණු පුරවන අපිත් එක අතකට වගකිව යුත්තෝ තමා.

    ReplyDelete
  17. නියමට ගලපලා තියෙනවා...සුභ පැතුම්!!!
    හ්ම්...වහිනකොට මුළු කොළඹට ම ඔහොම තමා...

    ReplyDelete
  18. එල එල...
    කට්ටිය ඇවිත් ගිහිල්ලා...
    මම කාලෙකින් ගොඩ උනේ...
    වෙලාව වෙලාව...
    දන්නවනේ සීන් එක....
    එහේ දුවනවා මෙහේ දුවනවා
    ඉවරයක් නෑ....

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!