April 25, 2010

අම්මා කෙනෙක් නෙමෙයි අම්මගේ

දැන් කියන්න හදන්නේ නම් ටිකක් විතර අපි හිතන්නේ ඕනෑ දෙයක් ගැන. මේ ළඟදී මගේ නැන්දම්මා මෙහෙම කතාවක් කිව්වා මාත් එක්ක...

"අම්මා කොහෙද යන්න හදන්නේ?" මං ඇසුවා.
"අපේ අර ටීචර් කෙනෙක්ගේ අම්මා කෙනෙක්ගේ මළ ගෙදරක් වෙලා."
"නෑ නෑ.. අම්මා කෙනෙක් නෙමෙයි. අම්මගේ මළ ගෙදර.."  කියලා ආයෙත් එය නිවැරදි කලා.

පස්සේ තාත්තා ඇහුවා මෙහෙම.
"ඒක දැන් කියන්න පුළුවන් අම්මා තාත්තාට විතරද?"

"ඔව්නේ. එහෙම නැත්නම් ඉතින් ඉන්න ඕනේ ඔය කියන ජාතියෙන් එක් කෙනෙක් විතරනේ..."
කියලා අම්මා කියාගෙන ගියා.. කතාව නම් දිගටම ගියා.

අපි කියන විදිය වැරදි තමා නේද? බලන්න අපි කියන්නේම අඳුරන කෙනෙක්ගේ කෙනෙක් අම්මා කෙනෙක් කියලනේ. නමුත් එයාට ඉන්නේ එකම අම්මා කෙනෙක් නේද? ඉතින් මේ භාවිතය වැරදියි කියලා මටම හිතුනා. එහෙනම් ආයෙත් කියනකොට මෙහෙම කියන්න...

"මම අඳුරන කෙනෙක්ගේ අම්මා/තාත්තා අසනීප වෙලා."

"මම අඳුරන කෙනෙක්ගේ අම්මා/තාත්තා කෙනෙක් අසනීප වෙලා."
කියලා නෙමෙයි ඔන්න

5 comments:

  1. ඔය වැරැද්ද මාත් කරනවා තමයි.... දැනුයි click වුනේ....

    ReplyDelete
  2. අහවලාගෙ අම්ම/තාත්ත කිව්ව නම් නෝ ප්‍රොබිලම් නේ අයියේ.......

    ReplyDelete
  3. හ්ම්ම්ම්ම්ම්......එල එල

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!