April 25, 2010

බිඟුලන්තය - කැලය (IV) - උරගයෝ



පිඹුරා නම් අහිංසකයි කියන්නේ
එයා නෑනේ එලවාලා හපන්නේ
වෙලාගත්තොතින් මේ අහන්නේ
ඇට කුඩුවෙලයි ඌ මැරෙන්නේ

නයා නෑලූ බොරුවට ඔය පුප්පන්නේ
පුප්පනකොට පෙනේ හොඳට පේන්නේ
දෂ්ඨ කලොත් වැඩි වෙලා නෑ ඉඳින්නේ
ඌට ගහල පොල්ල වරද නොගන්නේ

පොළඟා නම් මග රැකලා ඉඳින්නේ
දැක්ක ගමන් එලවන්නට හදන්නේ
වලිගේ කොටා කියලත් අර කියන්නේ
වල් ඌරට පුදුම බයක් තියෙන්නේ

මෙකී නොකී බොහෝ උරග සිටින්නේ
හැම එකාම දෂ්ඨ නොකර සිටින්නේ
දෂ්ඨ කලත් නිසරු බයක් නොගන්නේ
විසකුරු අය කිහිප දෙනයි සිටින්නේ

3 comments:

  1. අපේ මනුස්ස ලෝකේ වගේමයි නේද....

    ReplyDelete
  2. බිඟුවා දුවපාං, කමෝන් පුතා...

    ReplyDelete
  3. ඒක ඇත්ත අපේ අය උඩ පැනගෙන හූ කියාගෙන මරන්නෙ වැඩිහරියක් විස නැති සර්පයෝ....

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!