April 25, 2010

ජීවිතය මෙසේ වීද




පාවෙන නිවසක්
සිතෙයි ආනන්දයක්
සිසිල් සුළං රැල්ලක්
ගත පිනවයි විඩාව දුරලයි
ගෙනෙයි මන්දහාසයක්
අතරින් පතර තියෙන
කුඩා සිදුරු සදයි
වියත් දැලට මංමාවත්
කිරණ ගලයි
පාවෙන ඔරුවක්
ගමනට අපහසු එහා මෙහා
නමුත් පැදිය යුතු
පොඩි උන්ට සෙල්ලම
මහවුන්ගේ ගිනිහිස මත
ජීවිතය මෙසේ වීද
ගලන ගඟක
තනිව පාවෙන

1 comment:

  1. ගලන ගඟකි ජීවිතේ
    ඔරුව තමයි ආදරේ...

    නිදිමතේ හිතෙන විකාර.... :O

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!