April 24, 2010

බිඟුවාට මදුරු ප්‍රහාරයක් - II

ඔහු කලේ වහාම රථයා වමට දැමීමය. එය වැදුනේ මගේ දුම් කවුලුවේය. මට මගේ සමබරතාවය ගිලිහී රෝද දෙක බිම ඇද වැටුනේය. සිදු වු දෙය පැහැදිළිය්. මගේ වාසනාවට පිටුපසින් ආ මෝටර් රථය වහා නැවතුනි. මා හනිකට මගේ රෝද දෙක කෙලින් කරගෙන බැලීමි. එහිදී මගේ රත් වූ දුම් කවුළුවේ මගේ දකුණු කකුල ගෑවිණ. මට තරු 100000... විතර දිස්වන්නට විය. හටගත් කෝපයත් සමග මම ආපසු බැලීමි. මදුරුවා පදවමින් සිටියේ අවුරුදු 15 කටත් අඩු කොලු ගැටයෙකි. මදුරුවන් පැදවීමට බලපත්‍ර අවශ්‍ය නොවන බැව් අප කවුරුත් දන්නා කරුණකි. ඔහු තක්බීර් වී සිටගෙන සිටී. මට වේදනාව ඉතා මහත්ය. අර කොල්ලාට කනේ පාරක් ගැසීමට තරම්ය. ඒ පාර මගේ තුවාලය හොඳ කරන්නේ නැත. එම නිසාම නොව මම රෝද දෙක පණ ගන්වා නැවත පැද ගියෙමි. යන අතරේ පිලිස්සුම්වලට බෙහෙත් දමා ගත්තෙමි. තවම ඒ තුවාලය වේදනා දෙමින් අර කොල්ලාව සිහි ගන්වන්නේය.

4 comments:

  1. හප්පා..... මදුරුවෙක් බිඟුවෙක්ට කල හදිය....... දැන් කකුල හොඳයිද?

    ReplyDelete
  2. අනේ හෆොයි.....පව් බිගු අයියා...

    ReplyDelete
  3. දෙකක් ගහලා කන්න අරන් දුන්නනම් උ කවදාවත් ආපහු කාවවත් හප්පන්නෙ නැහැ

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!