April 25, 2010

බිඟුලන්තය - මුහුදු තීරය

ඔන්න එකෝමත් එක කාලෙක මහා සාගරය මැද තිබුණා දූපතක්. ඒකට හැමෝම කිව්වේ බිඟුලන්තය කියලා. වෙරළ වටේ සිප්පි කටු පිරිලා හරිම ලස්සනයි. අතරින් පතර කොරල් ගල මල් එහෙමත් තිබුණා. දූපතක් හින්දා වටේම මත්ස්‍ය සම්පතත් සපිරුණ එකක් වුනා. හැන්දෑවට ඉරගල වැටෙන ඇහිල්ලට හරිම ලස්සනයි. රන්වන් පාට හිරු කිරණ මුහුදත් අහසත් යා කරන මායිමේ වැටිලා කියන්න ආසාවේ බෑ. ඒ වගේමයි උදේට තියෙන මුහුදු රැල්ල. හරිම දිග රැළි සුදු පාටට වෙරළ සිපගෙන ආපසු යන හැටි පැය ගාණක් වුනත් බලාගෙන ඉන්න පුළුවන් තරම සුන්දරයි. කොරල් අස්සට අව්ව වැටිලා එක එක පටින් දිළිසෙනවා. එක මුහුදු තීරයක්ම මේ කොරල් වලටම වෙන් වුනු එකක් විදියටයි සැලකුනේ. මේ අස්සේ පාට පාට පුංචි මාලු එහාට මෙහාට පීනලා ගියේ හරිම විනෝදයෙන්. මේ පුංචි මාළුවොත් දැනගෙන හිටියා මේ තීරයේ ලස්සන.

කවුරුවත් ඒ ලස්සනට හානි කලේ නෑ.

5 comments:

  1. උන්නා එක ගංඟාවක

    ReplyDelete
  2. @ මිස්සක...
    නැ නැ උන්නා එක මුදු වෙරළක....
    හික්ස්

    ReplyDelete
  3. ඔය කොහෙ තියන බිඟුලන්තයක් ගැනද කියන්නෙ

    ReplyDelete
  4. කොහෙද ඕක තියෙන්නේ?
    :D

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!