April 25, 2010

මගේ ඩොන්ගලේ හොරු ගෙනිහිල්ලා-II

දැන් මොකවත් කියන්නත් බෑ. අහන්නත් බෑ. මොකද හොඳ විශ්වාස අය හින්දා. අපි අයෙත් අහුවා අර අක්කගෙන්. එයා කිව්ව නෑ කියලා. ඒත් මගේ හිතනම් කිව්වේම එයා වැරදිලා ගෙනියන්න ඇති කියලාමයි. ඒ අක්කා වැඩ කරන්නේ අපේ නංගිත් එක්ක. ඔන්න දැන් අපි ගේ පීරලා ඩොන්ගල් එක හොයන්න ගත්තා. මොන... ඔහේ කොහේවත් නෑ..
අපි වැඩේ අල්ලලා දැම්මා. පස්සේ අපේ නංගී ආවා වැඩ ඉවර වෙලා. අපි නංගිටත් කිව්ව අර කොල්ලා ඩොන්ගල් එකට ගේම් එක දුන්නා කියලා. නංගී එච්චර ගණන් ගත්තේ නෑ. ඔහේ කොහේ හරි ඇති කියලා කිව්වා. මට ඒක ඇල්ලුවෙ නෑ. පස්සේ නංගී කිව්ව මේ තියෙන්නේ ඒක කියලා ගෙනත් දුන්නා.

වෙලා තියෙන දේ පැහැදිලියිනේ.

අර අක්කව්ට බැරි වෙලා පෙන් එක කියලා මේක ගෙනිහිල්ල. නංගිට කියලා ඒ ආයෙත් ගිහින් තියන්න කියලා.  නංගිත් ඒක අපිට කොලේ වහලා ගෙනාවා. අපි මෙහේ නිරපරාදේ අහිංසකයෙක් සැක කලා.

ඉතින් කවුද දැන් වැරදි.???

4 comments:

  1. මොකද මේ..මෙගා ටෙලි නට්ය වගේ කැලි කඩන්නෙ...
    කමක් නැ...මෙන්න මගෙනුත් වතුර පාරක්..

    ReplyDelete
  2. මලා මම හිතුවේ හා පැටික්කි ගත්තා කියලා...
    සොලී.....

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!