April 30, 2010

මා දුටු මිනි මැරතන්- බිඟු ලන්තයේ ජල ප්‍රවාහකයෝ


ඔන්න හරියටම 8.05ට පළවෙනි ලිපිය ලියලා "ඩම්පිට ඩම් පටෝන්..." කියලා දුවන්න ගත්තා. "උදාරයා" තමයි ඉස්සරලාම වතුර බාල්දිය ඇද බෑවේ. දෙවැනියට "රේවන්" නොහොත් "මහ කපුටා" සහ නයාගේ ලොකු එකා ඒ කියන්නේ "මුචලින්දයා" තුන්වැනි වතුර එක ඇද බෑවා. ඔය අස්සේ මාරයාත් ආවා. හැබැයි මාරයා එනකොට 3 වැනි ලිපියත් ලියලා ඉවරයි. ඔය අතරේ රේවන් හා උදාරයා දෙවැනි බාල්දියත් ගහලා ඉවරයි. ඒ කොහොමහරි පළවෙනි ලිපියට අවසන් කොමෙන්ටුව "තිසර" කවියකින්ම ලියලා තිබුනා.

මේ අතරේ ප්‍රභාත්ට තිබුණා "අහිංසක කෙල්ලෙක් කොහොමද දඩබ්බර" වෙන්නේ කියලා ප්‍රශ්නයකුත්. අනේ කවුරුවත් ඒකට උත්තර නම් දීලා තිබ්බේ නෑ... තුන්වැනි පුද්ගලයා නොහොත් "තර්ඩ් මෑන්", විශ්මි සමග මරණය ළඟා උනා හීමීට බාල්දි උස්සාගෙන ඔන්න. "සිප ගන්න ඇත්නම්" කිව්වා විතරයි මෙන්න "විහඟිගෙ සිතුවිලි" පහල උනා(මට නම් නෙම්යි ඔන්න).

හිතුවක්කාරියක් ආවා ලොකු වතුර බවුසරයක් නැගලා. ගහලා තිබුණා "මිස්සක නම් වතුර, වතුර නම් මිස්සක" කියලා බෝඩ් එකක්. රාත්‍රීයේ ගමන් යන්නා නොහොත් නිසාචරයා නයෙක් අරින්නේ නැතුව මට මදුරුවෝ එලවන විදිය කියලා දුන්නා.

මට එක පාරම හිතුනා පුරා සඳේ කවියක් ලියන්න. ඒත් මං හිතුවා කවුරුත් එන එකක් නෑ ඒක කියවන්න කියලා. බලපුවාම ඔක්කොමලා හඳ දිහානේ බලාගෙන ඉඳලා තියෙන්නේ. 19 දෙනෙක් හඳටම වතුර පොම්ප කලානේ. වත්, නුවන්, හෙළයා, නිමන්ති සහ කවි ද මන්දා අලුතෙන් එකතු උනා වතුර ගහන්න. එකෙක් අහපි "ඇයි බං හාවා... ඒකාවත් නැද්ද" කියලා... ඒකට නම් හිනා හිනා....

ඉතින් රෑ හින්දා මම පැතුවා හැමදාම වගේ මගේ කුමරියට සිහිනෙනුත් එන්න කියලා... මේක කිව්වා විතරයි සපෝටර්ලා අහනවා පෙත්ත ගත්තේ නැද්ද කියලා. හික්ස්... පුන්චි සොරොව්වට නිෂ්ට ආසා හිතිලා එයත් ඔන්න එකතු උනා. පඤ්චාංගය ගැන කිව්වා විතරයි දුටුගැමුණු ආවේ නැතැයි කඩුවක් අරගෙන කොටන්න... මෙන්න කුම්භකර්ණයා අහනවා බිඟුවෝ ගොන් වැඩ කරනවාද කියලා... ඔය අස්සේ ස්භාවධර්මයෙන් ඇමතුමක් ඇවිල්ලා තිබ්බා.

මට මතකයි කිව්වාම රවිමල්ට මතක් උනේ ගොම බෙට්ටක් උඩට පැනපු කතාවක්. පස්සේ හරියටම අහ ගන්න ඕනෑ ඒ කතාවත්. මම බොරළු පාරට හැරුනා විතරයි බුදු අම්මෝ මෙන්න මුහුදක් අරගෙන හසී එනවා. රවා කැමති උනා මා එක්ක බොරුළු පාරේ යන්න. මම ඉතින් මුකුත් කිව්වේ නෑ ඒකට නම්.... ජික්ස්...

මේ අතරේ මම පොඩි කෙටි ක්‍රමයකුත් කියලා දුන්නා කොහොමද වේගෙන් දුවන්නේ කියලා. මෙන්න එක පාරම හදිසි නිවේදනයක් ගියා මෙහෙම. "සුන්දර යුවතිකගේ සෙනෙහස වහාම ඕනෑකර තිබේ". ඔන්න ඊළඟට බිඟුලන්තය ගැන ලියන්න ගත්තා. මෙන්න බලනකොට මගේ අමෘතය හසී වෙනස් කරලා. මම මෝඩ ගිම්හානයට එන්න එපා කියලත් කිව්වා, මොකද වසන්තයා ඉන්නවානේ දැන්.

මහ රෑ වෙනකොට මගේ එක වතුර පයිපයක් ගැලවෙන්න හැදුවා. ඒත් කොහෙද ප්‍රධාන පෙලේ වතුර සපයන්නේ 3 න් දෙනෙක් අතරේ ද්වන්ධ සටනක් (හික්ස්..) තිබ්බා. එකෙක්වත් නිකන් ඉන්නේ නෑ. පරදින්න කැමතිත් නෑ. හසී, නිසාචරයා සමග මිස්සක. මේ වෙලාවේ මට හිතුනා කට්ටිය පවා දෙන්නත් ඔන්න. මම ෆුල් ඩම් එක දාලා දුවනකොට මෙන්න ආවා පැන පැන යන එකෙක්... ඇදගෙන ආවේ නැතැයි හෙන වතුර බෝතලයක්... ඒකිගේ ගෙම්බත් එවන්න හදනවා ඔය අස්සේ මදුරුවෝ මරන්න...

මීයාගේ මැද එක කරකවනකොට හා පැටික්කිට මීයෙක් නැති හින්දා ඒක ප්‍රශ්නයක් උනේ නෑ.... එයා තනියම බිස්කට කනවා. වස් කවියකුයි සෙත් කවියකුයි දෙකක්ම කිව්වා.  හසියා එක පාරම මගේ උකුස්ස ඩිලීට් කරන්න හැදුවනේ...
.........
.........
.........
ආ තව එකක්.. හසීලා දෙන්නෙකුත් හිටියනේ. තව ටිකෙන් මාරු වෙනවා
.........
.........


ඉතින් මේ විදියට මේක ලියන්න ගියොත් එහෙම අකුරු මදි වෙයි කියලා දැනට මම නවත්වනවා. මෙන්න අවසාන ප්‍රථිපලය.


බිඟු ලන්තයේ ලොකුම ජල ප්‍රවාහකයෝ ලෙස "හසී" සහ සමාගම සම්මාන ලබා ගත්තා.
දෙවැනි ස්ථානයට හා පැටික්කි පත් වූ අතර තෙවැනි ස්ථානය නිශාචරයා ලබා ගත්ත. මෙහිදී හසී ශතකය පෙනි පෙනී සිටියදී ඔහුගේ ජල නල පද්දතියේ සිදු වූ දෝශයක් නිසා එය අහිමි වී යෑම විශේෂ සිද්ධියක් වුනා.

මෙලෙස මේ තරඟයට තරඟ කරුවන් "77" දෙනෙක් සහභාගී වූ අතර ජල පහර "679" ක් එල්ල කර තිබූ බව බිඟුලන්තයේ ප්‍රවෘත්ති අංශය දන්වා සිටියා.

තවද මෙම සියළුම තරඟ කරුවන් කල සේවය අගය කිරීමක් වෙනුවෙන් ඒ සෑමදෙනාටම තම විශේෂ ස්තුතිය හා ප්‍රණාමය පුදකර සිටින මෙන් බිඟුලන්තයේ බලධරයින් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටියා.


1 හසී 97
2 හා පැටික්කි (MS) 72
3 නිශාචරයා 67
4 මිස්සක 53
5 තර්ඩ් මෑන් 42
6 බිඟුවා…! 41
7 Ansh Lucky Sri Jay 27
8 Raven 23
9 හසී 23
10 විශ්මි 21
11 wath 20
12 රවා 20
13 ළමයා 15
14 Yasela Sumanasinghe 12
15 උදාරයා 9
16 Prabhath Darshana 6
17 කුම්භකර්ණයා 6
18 මිත්‍රයා 6
19 DJ Slash (ස්ලෑෂ්) 6
20 Madhuranga Rathnayake 6
21 Naya 5
22 Anonymous 4
23 සුළග 4
24 RoshanHerath 4
25 මල්$han 4
26 චේජනා 4
27 nimanthi 3
28 තමීර | Thameera 3
29 නිෂ් 3
30 චතුරංග රූපසිංහ 3
31 mahesh 3
32 ආදර කතාව 3
33 දයියා 3
34 a 3
35 2
36 නුවන් චින්තක 2
37 dutugemunu 2
38 කවි ද මන්දා 2
39 Madhawa Habarakada 2
40 හසිත කොල්ල 2
41 සොදුරු සිතැත්තී 2
42 .::පිස්සා::. 2
43 änthräX 2
44 විහඟ ගීතය 2
45 ගයන්ත 2
46 Prabhash 2
47 කාලිංග 2
48 මම 2
49 mymrna 2
50 මුචලින්ද 1
51 මාරයාගේ හෝරාව 1
52 තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි 1
53 හෙළයා 1
54 Anu 1
55 තීර්ථ යාත්‍රිකයා 1
56 Thilina 1
57 Ravimal 1
58 freedom 1
59 CD Athuraliya 1
60 දුකා 1
sd
61 ජීවිතේමල් 1
62 punchisamanalee 1
63 ප්‍රියන්ත කරුණාරත්න 1
64 කසුන් නදීහන 1
65 ඉශාන් තිළිණ 1
66 leks’ world 1
67 Confiuzd ප්‍රෝග්‍රැමර්1
68 වැප් 1
69 Hipo 1
70 Uraj Deemantha 1
71 අනුරාධ 1
72 Outsider 1
73 chutte malli 1
74 නිර්මල 1
75 කස්සා 1
76 peter bernard dolahamunage 1
77 කසුන් නදීහන 1



අපේ වතුර සපයන්නන්ට ජය වේවා!
අපේ වතුර සපයන්නන්ට ජය වේවා!!
අපේ වතුර සපයන්නන්ට ජය වේවා!!!




43 comments:

  1. හප්පා මං එක වතුර බල්දියයි

    ReplyDelete
  2. වතුර ගහන්න එන්න උනේ නෑ බං මැර්තන් එක රෑ තිබුන නිසා.. කොහෙද අපේ ගෙද‍ර ඉන්ටර්නෙට් නැහැ නොවැ..

    කොහොම උනත් බිඟු අයියට හොඳ සහායක් දීල තියෙනව නේ අපේ කස්ටිය.. එළ එළ ඔහොම යං...

    ඔන්න මගෙන් සුභම සුභ පැතුම් බිඟු සහොදරයට...

    ජය ජය ජය ඔබටත්..

    -සෝරෝ

    ReplyDelete
  3. පිස්සු හදෙනව, බිගුවො. ඔයාට මාර කට්ටියක්නෙ ෂපෝට් කරල තියෙන්නෙ.

    ReplyDelete
  4. යකෝ මාත් ඇවිත් නේ..
    මග් බාල්දිය හොරු අරන් ගියානේ නැත්නම් තව වතුර ගහන්න තිබුනා..

    ReplyDelete
  5. මම වතුර බාල්දි 20ක් දීලා. හරියට ගණන් කරලම දීල වගේ නෙව.... මම නම් නිදි මරන් හිටියෙ නැහැ... කට්ටියට සේවයක් වුනානම් ඕං එච්චරයි..........

    ReplyDelete
  6. ඔව් ඔව්... දැක්කනේ....
    මට එපා වුනා....
    අන්තිමට සීතලේ ඇල්ලුවා.....
    තාම සීතලයි වගේ...

    ReplyDelete
  7. ඔය මාත් ගෙඩි පිටින්ම 4ක් ගහල තියෙන්නෙ! :D

    ReplyDelete
  8. මමත් 2යි! :D

    ReplyDelete
  9. ෂා මම ඒ පැය දෙකට වතුර බාල්දි 23ක්ම ගහලනේ, නියමයි.. අපරාදේ කලින්ම එන්න තිබ්බා.. ආහ් හසී අයියානේ වැඩියෙන්ම වතුර ගහලා තියෙන්නෙ...
    කොහොමද බිඟුවා අයියේ වතුර පාර...... හිකිස්

    ReplyDelete
  10. කියන්න බැරිවුණා ... ලස්සන විශ්ලේෂණයක් කොරල තියෙන්නේ... :D

    ReplyDelete
  11. තාමත් ඇඟ හිරි වැටෙනවා මතක් වෙනකොට....
    :D

    ReplyDelete
  12. හප්පේ මම බාල්දි 15ක් ගහලා නෙව.. නිදි දෙවුදුව ඇවිත් වැඩේ කෑවනේ.. නැත්තන් කොහොම හරි එළිවෙනකන් වතුර සපයනවා..

    බිගුව සහෝ එළටම ලියලා තියනවා පසුවදන නම්..

    සුබපැතුම් සහෝ!!

    ReplyDelete
  13. උදේ නැගිටලා ගුගල් රීඩරේ බලද්දි බිගුවාගෙ ලිපි වලින් පිරිලා තිබ්බා..මූට බ්ලොග් දිස්ටියක් වත් වැහිලද් කියලා කල්පනා කරන කොට ත්මයි මැරතන් එක ගැන ම්තක් උනේ..ඔන්න ඒ වෙලාවේ ඉදන් මමත් වතුර ගහන්නන් සෙට් උනා...

    ReplyDelete
  14. හප්පා...නියම පොස්ට් එක..සහයෝගයක් දක්වන්න ලැබුණු එක ගැන සතුටුයි..!

    ReplyDelete
  15. කියන්නත් අමතක උනා මේ මැරතන් එක නිසා මගේ නමින්ම තවත් කෙනෙක් සයිබරයේ ඉන්නව කියලා දැනගත්තා.. එයාවත් අඳුරගත්තා, එ අස්සේ පොඩි බැනුමකුත් අහගත්තා හසීල දෙන්නා මාරු වෙලා.... හික්ස්..
    කොහොමින් කොහොම හරි බිඟුවා සහෝ ජය ගත්ත එක ගැන සතුටුයි... සුබ පැතුම්...!

    ReplyDelete
  16. හපොයි හතර විළි ලැජ්ජාවෙ සංතෝසෙ බෑ. එක බාල්දියයි.
    නිදහසට කාරණාව මේකලු. මැරතන් දුවන කොට අපේ ගේ ගාවින් යනකොටනෙ වතුර ගහන්නෙ. දිගටම ගහන්න නම් දුවන කෙනා එක්ක අපිත් යන්නෝනනෙ. බිඟු අයිය ඉගිලිච්ච වේගෙත් එක්ක යන්න මගෙ දුප්පත් කකුල් දෙකට බෑ නොවැ. බයිසිකල් කට්ටක් වත් තිබුන්නෑ නොවැ.අනේ ඉතින් එක බාලිදියක් ගහල හූල්ල හූල්ල නිකං හිටිය

    ReplyDelete
  17. හික්... මමත් එක බාල්දියයි ගහල තියෙන්නෙ

    ReplyDelete
  18. මට නම් සති අන්තය කියන්නෙ හරිම අවිවේකී දින 2ක්. සෙනසුරාදා කොළඔ ඉඳන් රෑ10 විතර ගෙදර ඇවිත් ඉරිදා උදේම 4 බස් එකේ ආය යන්න වුනා. ඒ නිසා වතුර ගහන්න ලැබුණේ විනාඩි 45 විතරයි.. ඒකත් උදේ නැගිටපු ගමන්.. එහෙම නොවුනනම් ඉරිදා ක්ලාස් එකේ 8.30-5.30 හොඳට නිදාගන්න තිබුණා.. සෙනසුරාදා ක්ලාස් නොගිය නිසා ඉරිදා කට් කරන්නත් හිතුනෙ නෑ නෙව.. (මේ සෙමෙස්ටරේ අන්තිම ක්ලාස් එක..)
    දැන් ඉතින් මැයි (විභාගෙ) ඉවර වෙනකන් බ්ලොග් කියවීමට පොඩි තිත් කොමාවක් තියන්න වෙනවා...

    ReplyDelete
  19. අනේ පුංචිසමනලීට එදා රෑ අවුරුදු නෑගමනක් යන්න උනා නෙව :( සමනලී බ්ලොග් කරණයට අලුත් ඒ නිසා මැරතන් බලන්න හරිම ආසාවෙන් උන්නේ ඒත් බැරිඋනා..... සමාවෙන්න ඕනා වතුර ගහන්න එන්න බැරි උනාට..... :(

    ReplyDelete
  20. ආහ් මට ගැලපෙන ගානක් තමා ඇදල තියෙන්නෙ නොදැන හරි...... :)

    ෂහ්.... හා පැටික්කි ඔච්චර වතුර ඇදලද??????
    ෂිහ් ඔයා කලින් දවසේ අංචියක් දැම්මෙ නැත්නම් මං කලින්ම එනවනේ....... :( :(
    මං ඉතින්
    මුලයි අගයි නැති,
    මැද විතරක් හිටි.....

    @හසී
    කොල්ල දස්සය නේ.....????
    අපරාදෙ සෙන්චරිය...... :( :( :( :(

    ReplyDelete
  21. අමතක උනා.....

    @ Nishacharaya
    අයියේ අරවත් මෙයාගෙ ගණන් ගොඩට වැටුනද දන්නෑනේ.......

    ReplyDelete
  22. උඹෙත් අමුතුම වැඩ බං තියෙන්නේ...
    ඒක තමා උඹට මුං කැමති නේ...?
    උඹ උදව් පදව් කරපු උංව අමතක කරන්නෙත් නෑනේ... එල... නිකන් බොරු "තියරි ෂෝ බ්ලොග්" වලට වඩා මටනං මේක මරු...

    ReplyDelete
  23. ඊළඟ වතාවෙත් දුවමු බිඟු අයියේ...... ජය වේවා........ :D

    ReplyDelete
  24. හප්පා. මම වතුර බාල්දි 23ක්ම ගහලනෙ. මේ සැරේ වතුර බිල වැඩි උනා කියල ගෙදරින් මට කචල් වැටෙයි වගේ :(

    ReplyDelete
  25. ආහ්... මමත් කණාවට වගෙ එකක් ගහලා. තව පොඩ්ඩෙන් එකත් මිස් ෆියර් එකක් වෙනවා. ඇත්තම කියනවා නම් බින්ගු මට මැරතන් දුවන දවස අමතක වුනා... දුකේ බෑ.... තරහා වෙන්න එපා ඕං...

    ReplyDelete
  26. බිඟු අයියට වතුර ගහන්න එන්න උනේ නැහැනේ. කොහොම උනත් කස්ටිය හෝ ගාලා වතුර ගහලා තියෙන හැඩයි. වතුර වැඩි වෙලා දියවීමක් එහෙම උනේ නැද්ද?

    බිඟුලන්තෙ ප්‍රවෘත්ති අංශයේ වැඩ නියමයිනෙ. වතුර ගහපු කට්ටියගෙත් ලිස්ට් එකක් හදලා..එල..එල...

    ReplyDelete
  27. කලින් කිව්වනං ෙමෙහම වැඩක් කරනව කියලා වතුර ගහනව නැති ෙවන්නම. අෙන් අම්මප බිඟුෙවා් උඹටත් හිෙතන ෙද්වල්. හැබැයි උඹට වතුර ගහපු අපි දිහා අාපහු හැරිලා බලපු එක ගැනනම් හරිම සතුටුයි.
    අෙන් බිඟු උපෙදසක් දීපං window7 වල සිංහල හරියට ලියන්න.

    ReplyDelete
  28. දයියා, යුනිකෝඩ් පාවිච්චි කරන්ඩ. මටත් ඔය ප්‍රශ්ණය තිබ්බ. දැන් මම පාවිච්චි කරන්නෙ යුනිකෝඩ්. මෙන්න මෙක.
    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

    ReplyDelete
  29. බිඟු...ගණන් කිරීම සම්පූර්ණ වැරදියි.. මම පළවෙනි තැනට එන්න ඕනෙ..
    ඔයා මම වතුර ගහද්දි පැනල දුවල...නැත්නම් මම එකසිය පනස් සැරයක් ගනන් කරලම වතුර ගැහුව...;-)

    ReplyDelete
  30. හප්පා.. මම වතුර බාල්දි 27ක් ගහලද? අනෙ, පහුවදා මට පන්ති යන්න තිබුණා නෙව, ඉතින් ඒකයි පාන්දර 4ටද කොහෙද ගියේ. නැත්නම් ඉන්න තිබ්බා යස අපූරුවට. කොහොම උනත්, ජයග්‍රහණයට නැවතත් සුභ පැතුම්.
    :)

    ReplyDelete
  31. මම 3 වෙනි ස්ථානය වාර්තා කොරලනේ දන්නෙම නැතුව.... :) :)
    67ක්... :o නිදිමරාගෙන වතුර ගැහුවට පාඩුවක් නෑ වගේ... හිකිස්... :D :D

    @ හා පැටික්කි,
    මටත් හිතෙන්නේ මෙයා ඒවත් එක්කම තමයි ගණන් හදලා තියෙන්නේ... :) :) 72 කොහොමද ඔයාට ගැලපෙන ගානක් වෙන්නේ..?

    ReplyDelete
  32. Biguwa singlish uata kammana meka okkoma keyawanna hode---

    Hafoi, mama nam wathura eka baldiyakwath gahawe na. edawas wala mata mara wada godak thebune. habai sarin sare awith baluwa biguage thathwe.

    marathan ekedi biguwata sapot karanne nathuwa kata sapot karannada.

    mokada mama cyberyaya blog eka patan gaththata passe haha pura keyala mata comment kale oyane. eda habai thebune oyage comment eka withai. passe nam comment 50/60 labunu post pawa thebuna. eth ara oya mulima dapu comment eka mata sada amaraneyai. me theyenne eka,
    http://cyberyaya.blogspot.com/2010/02/blog-post.html

    eke nisai mama me Air Port eke idan hari welawak labunu welawe oyata comment kale.meke wada katauthu nisa thama mata edath wathura baldiyak wath gahanna nolabune. amanapayak nane?

    dan kohomada ''ape puthata?''

    mama Buddhi - www.cyberyaya.blogspot.com

    ReplyDelete
  33. සට පට ගාල බ්ඟුවා වතුර ගැහුවත් මටනම් වතුර බාල්දියක්වත් උස්සගන්න බැරිඋනා නොවෑ. පන නැති හන්දනම් නෙවෙයි මගේ මැරතොන් දිවීම අච්චාරුවක් වෙලා තිබ්බ හන්දා. මෙලෝ සූදානමක් නැතුව ගේමට බැහැල මටම තම අන්තිමට ඇදගෙන නාන ගමන් මැරතොන් දුවන්න උනේ. බ්ලොගම අච්චාරු වෙච්ච හන්දයි කස්ටියට වතුර සප්ලයි කොලන්න බැරිවෙච්ච හන්දයි මගේ බ්ලොග ගානේ බ්ලොගෙන්ම වතුර බවුසර් හා සුනාමි මදි නොකියන්න ලබාදුන්නා නොවැ..... බ්ඟුලන්තෙ පැත්තට හිරිකඩයක්වත් වදුනද දන්නෙනෑ...... හික්ස්..... කොහොම උනත් බිඟුව සහෝ පට්ටම තමා මේ පට්ට කිව්වට ගස්පට්ට කෙහෙල්පට්ට ගැනනෙමේ මම කියන්නෙ හරිද ලොලෙ ලොල් කිව්වලු..... මගෙ අච්චාරුවටත් එළම කිරි සප් එකක් දුන්නට ස්තූති මචෝ. ඔබට සුභ............

    ReplyDelete
  34. මාත් නිදිමතෙ ඇවිත් දුවන ගමන් වතුර ගැහුව කියලයි මතක තිබ්බෙ.
    වතුර වදිල නෑ වගෙ.
    නිදිමතෙ වෙන එකෙක්ටද මන්ද වතුර ගහල තියෙන්නෙ.
    කොහොම හරි බිගුව දක්ස්සයනෙ, මගෙනුත් සුභපැතුම්...... :)

    ReplyDelete
  35. මේක දැන් නොවැ දැක්කෙ !
    මාර විශ්ලේෂණයක්නෙ බිඟු අයිය කරල තියෙන්නෙ.

    ස්තූතියට, ස්තූතියි ! :P

    ReplyDelete
  36. මමත් හොඳයි එහෙනම්.. :)

    මැරතන් දුවන්නත් බැරිවුන එකේ වතුර ගහලා හරි 4 වත් ගත්ත එක හොඳයි..

    ReplyDelete
  37. අම්මෝ ඇති යාන්නම්. මාත් ඔය එක බාල්දියක් ගහල තියෙන්නෙ. එකක් හරි ගහගත්ත මදෑ. ෂි...... මට මැරතන් එක අමතක උනානෙ. නැත්නම් අපේ බිඟුවා කොලුවට වතුර නොගහ ඉන්නවද.

    ReplyDelete
  38. අපොයි ගෙදර නෙට් නෑනෙ නැත්නම් දෙන්න තිබුනා ජල සන්නිය හැදෙන්නම.

    ReplyDelete
  39. අනේ ..ඔව් බිඟු ...
    මටත් ගෙදර ඉන්ටර්නෙට් නෑ.
    මේ දවස්වල shop එකත් වහලනේ තිබුනේ.

    සතුටුයි..මචං උඹ ගැන.
    වතුර ගහපු හැමෝටමත් ස්තුතියි...බිඟුවට දීපු සපෝර්ට් එකට.

    ReplyDelete
  40. මීයාගේ මැද එක කරකවනකොට හා පැටික්කිට මීයෙක් නැති හින්දා ඒක ප්‍රශ්නයක් උනේ නෑ.
    haaaaaa haaaaaaa

    ReplyDelete
  41. හප්පොච්චියේ අදනේ දැක්කේ මේ පෝස්ට් එක...අපලාදේ සැන්චොරිය... :'( කවුද දන්නේ මෙච්චර දැම්ම කියල..දන්නවනම් තව 3ක් දානවා....
    පරක්කු වෙලා වුනත් ඔන්න මගෙන් සුභ පැතුම් මුළු හදවතින්ම බිඟු අයියේ....මමත් සතුටු වෙනවා මැරතන් එකෙදි වතුර ගහන්න ලැබුනට....

    @ හසී...
    හිහ්..හිහ්... මටත් සංතෝසේ බැලුවා....අදුනගන්න ලැබුන එක ලොකු සතුටක්.....

    @ හා පැටික්කි (MS)‍‍‍....
    තැන්කු තැන්කූ...ඒක නේන්නම් අපලාදේ සැන්චොරිය....වතුර ගැහුව මිසක් කොච්චර බාල්දි ගැහුවද කියල ගැන්නේ නෑනේ....

    ReplyDelete
  42. එල එල...
    කට්ටිය ඇවිත් ගිහිල්ලා...
    මම කාලෙකින් ගොඩ උනේ...
    වෙලාව වෙලාව...
    දන්නවනේ සීන් එක....
    එහේ දුවනවා මෙහේ දුවනවා
    ඉවරයක් නෑ

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!