April 24, 2010

මැරතන් දිවිල්ල

ඔන්න ඉතින් මැරතන් එක දුවන්නයි හදන්නේ. වැඩි වෙලාවක් දුවන්න වෙන්නේ නෑ. මොකද මට රෑ ඇහැරිලා ඉන්න පුරුදු නැති හින්දා. මම දුවන්නේ ෆිට් එකට මිසක් දිනන්නම් නෙමෙයි ඔන්න. මගදී නැතුවනා කියලා ඔන්න ඔච්චම් කරන්න බෑ හරිද?

මම කැම්පස් ඉන්න කාලේ නම් මැරතන් දුවලා තියෙනවා. ම්ම්ම්... දෙවැනියා නෙමෙයි තුන් වැනියාද කොහෙද උනේ..
ඒ කාලේ කොල්ලා දස්සයානේ... මාර හයියක් තිබ්බේ කොල්ලට.. දැන් ඉතින් වයසක මනුස්සයනේ.. පොඩ්ඩ ඇත්නම් හති වැටෙනවා. මොනා කරන්නද?


අනේ කාලේ වනේ වාසේ කිව්වලු.

එහෙම කියලා කොල්ලෝ දුවන කොට නිකන් ඉන්න බෑනේ. හිත තවම තරුණයි කියලා හිතෙනවා. මේක දුවලම බලන්න ඕනේ දැන් කොල්ලට දුවන්න පුළුවන්ද කියලා. ඒක හින්දා දුවනවා. මගේ ගත නම් එච්චර ෆිට් නෑ.... හිතේ හයියට දිව්වොත් මිසක්. බලමුකේ ලොරිය පස්සෙන් එනවනේ... බැරි උනාම ඒකේ එල්ලෙනවා..
හික්ස්...

අනේ මාව දාලා නම් යන්න එපා. මේ සයිබර් යායේ අතරමං උනොත් එහෙම ආයේ කොහේ කියලා හොයන්නද? දැන් තියෙන බ්ලොග් කන්දරාව දැක්කාම මට බයත් හිතෙනවා. ඒත් බය වෙලා කෝමද....

රැජිණත් කිව්ව දුන්න කියලා. එයා කිව්වාම මං කොහොමද නොදුව ඉන්නේ...
ඒ කිව්වට රැජිණත් ළඟ පාතක නෑ. හිටියානම් උනු උනු කෝපි එකක් එහෙම හමබ වෙයිනේ...
අනේ කරුමෙක මහත තමා...

ඕන් එහෙනම්...

සැරසෙන්...
එලවේන්...
ඩම්පිට ඩම් පටෝන්...

5 comments:

  1. දුවපාන්....... හයියෙන් හයියෙන්....... ඔන බාල්දියක්

    ReplyDelete
  2. කමෝන් බිඟු අයියා..පුලුවන් තරමක් දුවල ඉතිරි ටික පියාඹල හරි ෆිනිෂ් කරපන්. දෙන්නම් සප් එක.

    ReplyDelete
  3. දුවපන් බිඟුවා දුවපන් හතිවැටෙන තුරු
    එතකම් ඉතින් කාපන් උඹෙ නියපතුරු
    හති වැටුනොතින් දුවලා මැරතන් පොකුරු
    උඹට දෙනව තේ සමඟින් උක් හකුරු

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!