April 25, 2010

මගේ ඩොන්ගලේ හොරු ගෙනිහිල්ලා

මේක සිද්ධවුනේ හරියටම පරණ අවුරුද්දට දවසකට කලියෙන්. ඊට කලින් දා අපි දෙන්නා කියන්නේ මමයි රැජිණයි ගියා අපේ ගෙදර. මීට කලියෙන් හිටියේ අපි රැජිණගේ ගෙදරනේ. ඉතින් ඔන්න අපි දෙන්නා යන වෙලාවේ එයාලගේ අක්කා කෙනෙකුත් නිවාඩුවට ඇවිල්ලා ඉඳලා අපිත් එක්කම යන්න ගියා. කලින්දා රෑ ඒ අක්කා අපිත් එක්ක මූණු පොත ගැන විස්තර කිය කියා ඉඳලා එයාගේ පිංතූර වගයක් "පෙන්" එකට දා ගත්තා. පහුවදා කට්ටියම යන්න පිටත් උනා. ඉතින් ආපහු අපි දවස් දෙකකට පස්සේ ආපහු ඇවින් බලනකොට අපේ ඩොන්ගල් එක නෑ. හුටා... මල කෙලි 100යි.
දැන් මොකද කරන්නේ...

ඉතින් අපි අර අක්කාගෙන් ඇහුවා ඔයා පෙන් එක කියලා හිතාගෙන ඩොන්ගල් එක ගෙනිච්චද කියලා. එයා නෑ කිව්වා. ඉතින් අපි අම්මගෙන් ඇහුවා වෙන කවුද ආවේ කියලා. වෙන එක පවුලක් ඇවිදින් ගිහින් තියෙනවා. අම්මගේ යාළුවෙක්ගෙ පවුලක්. අවුරුදු 20 විතර කොල්ලෙකුත් ඉඳලා තියෙනවා. ඉතින් අපි හිතුවා ඌ තමා එහෙනම් බුවා කියලා.

7 comments:

  1. කෝ උඹට සාක්ෂි තියෙනවද? බලාගෙන ඌ දැක්කොත් නඩු දායි ප්‍රසිද්ධියේ අපහාස කලා කියලා.... :)

    ReplyDelete
  2. ඉතින් එයාගෙන් ඇහුවෙ නැද්ද?????

    හුටා අම්ම නැගිටල.... දැන් කට්ටිය ගොඩක් නැගිටලනේ...... ඒ අය වතුර ගහයි.....
    එහෙනම් ඔන්න මං නිදාගන්න යනවෝ.....
    දිගටම ලියන්න අයියේ......
    ජයෙන් ජය......!!!!

    ReplyDelete
  3. ප්‍රෝඩාව.... ප්‍රෝඩාව....

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. මට පේන විදිහට හොරා හා පැටික්කිද මන්ද..

    ReplyDelete
  6. වතුර ගහන්න ආපු අහිංසක මට "හොර" ලේබලේකුත් අලවල.......

    බිඟු අයියේ..... ඉහි ඉහි ඉහි......හි...හි....... :( :( :( :( :( :( :( :( :( :(

    ReplyDelete
  7. මොන ඩොංගලේ ද? O_o

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!