April 25, 2010

විස කටුවක්


විස කටුවක්
සියුමැලි පුංචි පා
සිදුරු කරන්නට
අරා සිටිනු දැක
ඉවත් කෙරුමට
දැරූ තත
ඔබ නොමදැන
යථාර්තය
සැඟවී අඳුරේම
දොස් නගනු ඇත,
යම් දිනෙක කියනු ඇත
දැනෙනු ඇත
කිම විය එදා...

10 comments:

  1. බිගු අයියේ යන්න වෙනවා දැන්නම්....වතුර ගහන්න දැන් කට්ටිය ඉන්නවනේ....මගේ නමින්ම තව කෙනෙකුත් ඉන්නේ.... ;)
    දුවන්න දුවන්න....අයියා තමයි දිනන්නේ.....සුභ පැතුම් හදවතින්ම....දුවල ඉවර වෙනකන් ඉන්න තිබුණ නම් හොදයි...ඒත් හදිස්සි වැඩ ටිකක් සෙට් වුනා.ඉතිං යන්නම වෙනවා..

    ReplyDelete
  2. තව පැයක්වත් නැහැ නේ හසි නංගි්‍... ඉන්න ඉන්න

    ReplyDelete
  3. හ්ම්ම්ම්......

    ඔන්න මං ගියා..... (ඕක කීපාරක් කිව්වද නේ...) මේ ඇත්තටම.....
    ඉතුරු ටිකත් හොඳට දුවන්න....
    මාතරින් මං නැතුවට වත් අක්ක ඇවිල්ල වතුර ගහන්න.......

    ජයෙන් ජය.....!!!!
    පන්ති ගිහින් එනකොට ඔන්න දිනල ඉන්න ඕනා.......

    ReplyDelete
  4. අපි දෙන්නාම එහෙනම් නංගිලාද? මැරතන් එක අස්සේ උනත් අදුරගන්න ලැබිම සතුටක්, දුවමු අයියා

    ReplyDelete
  5. නොසිතුනොත් තමයි හොඳ
    පමා වැඩි යැයි සබඳ...

    ReplyDelete
  6. මම මේ කවිය පස් පාරක් කියෙව්වා ,..

    ReplyDelete
  7. අහ් නැ නංගියො....මම නම් කොල්ලෙක්.....

    @ වත්සලා අක්කියෝ...‍

    මම මල්ලි බබෙක්...නංගි බබෙක් නෙවේ අනේ.....

    ReplyDelete
  8. @ හසී නංගි...

    ඔව් මටත් අදුනගන්න ලැබීම ලොකු සතුටක්.....

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!