April 8, 2010

ආච්චිගේ ජන්දය

අපේ ආච්චිට දැන් ගොඩාක් වයසයි. (මගේ නොව මගේ බිරිඳගේ ආච්චීය.) ඒ කෙසේ වෙතත් මෙවර මැතිවරණයේදීත් ඇය තම මනාපය නොහොත් ජන්දය භාවිතා කිරීමට තරම් මනා ශරීර ශක්තියකින් හෙබි වූවාය. එමෙන්ම ඇය ඒ වෙනුවෙන් මග බලා සිටියාය. ඇයගේ වයස නිසාම දැන් ඇයගේ ඇස් පෙනීම ගොඩාක් දුර්වලය. එනමුදු ඒ ගැන නොතකා ඇය ජන්ද පොළට ගියාය. මෙහිදී ඇයට මහත් කරදරයක් විය.

ඇය කැමත්ත පල කිරීමට සිටියේ "ඇඳට" යයි කියමු. ජන්ද පොළේ මෙවැනි අසරණ අය වෙනුවෙන් ජන්දය ලකුණු කිරීමට වෙනමම නිළධාරීන් නම් කර ඇත. ඔවුන්ගේ කාර්යය වනුයේ අදාලා පුද්ගලයා කැමති පරිදි කතිරය ගසා ජන්දය ලකුණු කර දීමය. නමුත් මේ අතර එක නිළධාරිණියක් යම් යම් නිසි නොවන ක්‍රියාවන් කරමින් සිටින්නට විය. ඇය සහාය දැක්වූයේ "ගෙම්බා" ට යැයි කියමු. ඇය කළේ මෙවන් අසරණ අයගේ ජන්දය ගෙම්බා ලකුණ ඉදිරියේ හොරෙන් ලකුණු කිරීමය. මේ ගැන කිසිවෙකුටත් සැක නොසිතෙන අයුරින් කිරීමට තරම් ඇය දක්ෂ වූවාය.

අපේ ආච්චී ජන්ද පොළේදී අර කී කාන්තාවට මෙසේ කියන්නට විය.

අනේ ළමයෝ... මෙන්න මේක ඇඳට ගහලා දෙන්නකෝ....
හරි හරි...

කියමින් ඇය ගෙම්බාට ඉදිරියෙන් කතිරය ගැසුවාය. ඇය ගැන සැක සිතුනු ආච්චී වහාම පත්‍රය අතට ගෙන දෑස් ළං කර බැලුවාය.

"මේ ගෙම්බාටනේ ගහලා තියෙන්නේ ළමයෝ... මම කිව්වේ ඇඳ කියලනේ..."

කියමින් උච්ච සංඛ්‍යාත නගන්නට විය. මේ පිළිබඳ ආරංචිය ලැව් ගින්නක් සේ පැතිරුන අතර ආච්චී ඇඳටද කතිරය ගස්සවා ගෙදර ආවාය.

ඔන්න ඔහොමයි මේ පාර අපේ ආච්චී ඇයේ මනාපය ලකුණු කළේ...

44 comments:

  1. ආච්චි කල්පනාවෙන් හිටි නිසා හොඳයි..... නැත්නම් ඇඳට කතිරයක් අඩු වෙනව...... :)

    ඔහොම කරන අය ඕන තරම් ඇති අයියේ.... ඒත් කවුද ඔය ගැන කියන්න යන්නේ......

    ඕන් හා පැටික්කි නම් අද කාටවත් මනාපේ දෙන්න ගියේ නෑ.... ;D

    ReplyDelete
  2. ඇයි මේව නිකං අරින්නෙ? පැමිණිලි කලේ නැත්ද?

    ReplyDelete
  3. මේ පාර ඕක කලේ කොහොමද බන්?? පෑනෙන්නේ ගැහුවේ

    ReplyDelete
  4. vote eka cancel wenna athi sure ekatama.

    ReplyDelete
  5. ගෑණු ඔහොමම තමා

    ReplyDelete
  6. බලාගෙන ගියාම ආච්චිත් හරි ස්මාට් නෙ ;)

    ReplyDelete
  7. හුටා මචෝ චන්දේ කැන්සල් නෙව.
    ඇදටයි ගෙම්බටයි දෙකටම ගැහුවම..
    හැබැයි ඉතින් ආච්චි නම් ෂෝක්..

    ReplyDelete
  8. ස්මාට් graneeda... ara ladyda?

    ReplyDelete
  9. ආච්චිට පුලුවන් දේ අපේ ගොඩක් අයට බැහැ නේද???
    අනේ අපි

    ReplyDelete
  10. 1. මමත් අහන්නෙ පැමිණිලි කලේ නැද්ද කියල..
    2. චන්දෙ කැන්සල් වේද දන්නේ නෑ තමා.. හැබැයි වෙන චන්ද කොලයක් දුන්නද දන්නේ නෑ.. එහෙම නම් ගොඩ.. නැත්නම් අප‍රාදේ ඇද.. :D

    -සෝරෝ

    ReplyDelete
  11. හොද වැඩේ හොරුන්ට..ටාඅච්චිගේ ඇස් හරියට නොපෙනුනත් සිහිබුද්දිය තියෙනවා නොවැ අපිටත් වඩා හොදට.මං නම් අද චන්දේ දුන්නේ නෑ කාටවත්.කාට දුන්නත් අපට හුලං තමයි අන්තිමට.
    බිඟු අයියාගේ ආච්ච්ට දීර්ඝායූ පතනවා....

    ReplyDelete
  12. හ්ම්ම් හොරුන්ගේ ලෝකයක්... මම හිතන්නේ අලුත් කොලයක් දෙන්න ඇති. නැත්නුම් ඡන්දය කැන්සල් තමා. ආච්චි ගැන ආඩම්බරයි...

    ReplyDelete
  13. ඇත්තමයි...ආච්චි තමා දවසකටත් ආච්චී. තමන්ගේ ඡන්දය ගැන මොනතරමක් සැලකිළි මත්ද ?
    ඒකටත් එක්ක මම.......නුවර යන්න කම්මැලි කමට ඡන්දය දැම්මෙත් නෑ...මොකෙක් හරි අපතෙක් ඒක දාගන්න ඇති

    ReplyDelete
  14. @දිල්
    හික් හික්... දැම්මත් නැතත් වෙන්නේ එයාලට ඕනාදේ නේ... ඉතින් ගානක් නෑ දිල්....

    ReplyDelete
  15. HiPo ට/

    ඒක ඇත්ත.......ඔන්න ඔහෙ දාගෙන දිනාගත්තාවේ...නේද හිපෝ ;)

    ReplyDelete
  16. ඇත්තටම මොනව කියන්නද කියල තේරෙන්නෙ නෑ...

    මගේ තහනම් වචනය දේශපාලනය...
    මොකද ඒ තරමටම අප්පිරිය නිසා...

    ඒත් මමත් අද ඡන්දය පාවිච්චි කළා...
    වෙන අපතයෙක් පාවිච්චි කරන්න කළින්..

    ඒ ආච්චි නම් අදහන්න වටින චරිතයක්...
    මේ වයසේදි වුණත් තමන් ජීවත් වන රටේ උත්තරීතර සභාවට තෝරා යවන සභිකයන් ගැන ඈ දැක්වූ සැලකිල්ල අදහන්න වටිනවා...

    ඉන් එහාට මුකුත් නොකියා ඉන්නම්...

    ReplyDelete
  17. අර ගෙඹි නෝනට ඇඬෙන්න ඇති :D

    ආච්චි තමයි ආච්චි...

    ReplyDelete
  18. great granii..
    maxaaa

    ReplyDelete
  19. ඇඳ != පුටුව (දැන් බුලත්)
    ගෙම්බා != අලියා

    කියලා මට හිතෙනවා

    ReplyDelete
  20. බිගුවත් කොහෙන් හරි දේශපාලනේමයි ඇදල ගන්නෙ. මට වහ කදුරු වගේ. හැබැයි ආච්චි කලවැඩේනම් මල් හතයි.

    ReplyDelete
  21. උඹ වගේම ආච්චිත් මාර ගේම් කාරියක් වගේනේ...

    ReplyDelete
  22. අද රජය වග කියන්න ඕනේ මේ වගේ දේවල්වලට. කලින් පාරත් මෙහෙම දෙයක් වෙන්න ඇති.

    ReplyDelete
  23. Niyamai ayye, achchige haiya oya goda goda inna ape pirimingen tikakata thiyenawaanam me rata honda ekak wenawaa.aththatama duka hithenawa.Achchita deerghayu wewa pathanawaa.

    ReplyDelete
  24. @දිල්...
    අනේද කියන්නේ දිල්... බඩුත් හොරුන්ගේ... නඩුත් හොරුන්ගේ... කියුවා හරිද මන්දා...

    ReplyDelete
  25. හලෝ කියන්නම් කට්ටියට. එකක් කියන්න වෙනවා මුලින්ම.
    මම දැන් ඉන්නේ නෝනගේ ගෙදර. ඒ හින්දා පොඩ්ඩක් වැඩ වැඩී.
    ගමන් බිමන්, සුද්ද කිරීම්, කඩේ යෑම් ආදී මෙකී නොකී දහසක් කටයුතුය.
    කලින් ලිපියත් අමාරුවෙන් කොටා ගත්තේ. තියෙන පරිගණකයත් පරන එකක්...
    අමාරුවෙන් තමා සයිබරයට ගොඩ වෙන්නේ...

    අනික මට මීළඟ සති දෙකම වාගේ මේ අයුරින් සිටීමට වනු ඇත.
    එම නිසා ඔබලාගේ බ්ලොග් තුලට වෙනදා මෙන් රිංගීමට ඇති හැකියාව අඩු බවද දන්වා සිටිමි.
    ඒ ගැන මාගේ අවංක (ද මන්දා...) කණගාටුව පළ කරමි.

    /බිඟුවා...!

    ReplyDelete
  26. කියන්න අමතක උනා. එක් අයෙක් වෙනුවෙන් එක් ජන්ද පත්‍රිකාවක් පමණක් නිකුත් කරනු ලැබේ.
    එම නිසා ආච්චීට ලැබුනේද එක අවසථාවකි.
    ආච්චී ජන්දය අවලංගු කිරීම උදෙසාම තවත් කතිරයක් ගැසූ බවද කියන්නට අමතක විය.

    මේ ගැන ආච්චී විසින් අදාල නිළධාරීන්ට එවේලේම දැනුම් නොදුන් නිසා එය නොසලකා හරින ලදී.

    ඔන්න ඔක්කෝලටම කිව්වා ස්තුතියි කියලා...


    /බිඟුවා...!

    ReplyDelete
  27. ආච්චිට ලැජ්ජාවක් නැති හැටි ආ..එහෙම කැගහනවද එවගෙ තැනකදි ආ..හොද වෙලාවට ඔයාගෙ අච්චිට එහෙම උනෙ.. අපෙ ආච්චිට එහෙම ඔහොම උනා නම් චන්ද පොලෙ වැඩ කරලා ඉවරයි කස්ටිය..

    ReplyDelete
  28. ඔව්වා නම් මොනවද ... දැන් තියන ජිල්මාට් වල හැටියට

    ReplyDelete
  29. අපේ ආච්චිටත් ඡන්දෙට යන්න විදියක් නැතුව මාර upset......

    ReplyDelete
  30. මේක සිරාවටම උන දෙයක්ද බිගුවො?

    ReplyDelete
  31. /* Anonymous said...

    අද රජය වග කියන්න ඕනේ මේ වගේ දේවල්වලට. කලින් පාරත් මෙහෙම දෙයක් වෙන්න ඇති. */

    කොහෙවත් යන ගෑනියෙකුට ආණ්ඩුව පලි!!
    අනේ කාලේ වනේ වාසේ.
    බොරු ඕන නෑ. මම නං ඡන්දෙ දැම්මා. දැම්මෙ නෑ කියන බාගයක් බොරු.

    ReplyDelete
  32. බාගයක් බොරු කිව්වෙ ඡන්ද ප්‍රතිශතය 50% හින්දා

    ReplyDelete
  33. සේරටෝම කලියෙන් සමනලී බිඟුවාගේ ආච්චිඅම්මාට දීර්ඝායුෂ පතනවා...
    ආච්චිඅම්මා හරිම සෝදිසියෙන් නෙව ඉදලා තියෙන්නේ? කොහොමින් හරි ආච්චිඅම්මා දිනපු එකගැන සමනලී‍ට සතුටුයි :-)

    ReplyDelete
  34. machan chande 'nishkriya' karanawa kiyanne okata thami

    ReplyDelete
  35. ආච්චි හරිම බුද්ධිමත් නෙව..
    දීර්ඝායු වේවා ! ආච්චිට... මේ වගේ අය තමයි ලංකාවට ඕන....

    ReplyDelete
  36. තමන් කැමති කෙනාට තමන්ගෙ ඡන්දය දෙන්න බැරිනම් අවලංගු කරන එක හොඳයි...

    ReplyDelete
  37. ආච්චි හොඳ වැඩක් කරල තියෙන්නෙ........ :) තමන් කැමති කෙනාට චන්දෙ දාන්න බැරිනම් එක අවලංගු කරන එක තමා හොඳම.....

    ReplyDelete
  38. මරු වැඩේනෙ! උඹට ගිහිං complain කරන්න තිබුනෙ!!

    ReplyDelete
  39. ආච්චි කරපු දේ හරි.....

    ReplyDelete
  40. බිඟු... මාරයි නෙ ආච්චි.... මමත් ආච්චියෙක් වුන දවසට ඔයාගෙ ආච්චි වගේ වෙනවා.. ගෙම්බියන් පරාද කරනවා..

    ReplyDelete
  41. හි හී මරු වැඩේ... දෙන්න තිබ්බෙ දෙකක් අල්ලගෙන ;)

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!