April 6, 2010

කහ මල් වැල්

මෙම පිංතූරද පසුගිය සෙනසුරාදා (03-අප්‍රේල්)
නාරම්මල නගර ආසන්නයේදී මා විසින් ගන්නා ලද ඒවාය.
එතන තිබුණු විදුලි රැහැන් මගහැර පිංතූරයක් ගැනීමට අවශ්‍ය
වුවද එය කිරීමට නොහැකි වුනා.
මේ පැපරාසි වැඩේට ගිහින් දවසක මොනවාහරි වෙයිද දන්නේ නෑ.

මේ මල් දැක්කාම මට මතක් වුනේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ "ගෙම්බා" කැන්ටිම අසල තිබුණු මල් වැල් ටිකමයි.
මුළු ගහම කහ පාටයි...
හරිම ලස්සනයි...

මේකේ නම දන්නවද කවුරු හරි?



56 comments:

  1. ෂහ්. මාරම ගති..

    ReplyDelete
  2. ලොකු කපුටෝ,
    මේකේ නම දන්නවද? මේක ගහක් නෙමෙයි, වැලක්...
    මල් හැදෙන කාලේට වැලේ කොළ නෑ.. මල් විතරමයි...

    /බිඟුවා...!

    ReplyDelete
  3. @ බිගුවා- නම නම් දන්නේ නැහැ. මේක අර අපි පොඩි කාලෙ මොට්ටු තියන්න කියල පොහොට්ටු ගන්න මල් වර්ගය නෙමෙයිද? මම හිතුවෙ ඒක කියල.

    ReplyDelete
  4. මේ ඇහැල මල්ද?

    ReplyDelete
  5. @ලොකු කපුටෝ,
    නෑ නෑ...
    ඒක නම් නෙමෙයි.
    ඒක ගහක්නේ...

    @ඇනී,
    මං හිතන්නේ ඒක නෙමෙයි කියලා..

    /බිඟුවා...!

    ReplyDelete
  6. ආ මේ කල්මහ වැල් ...

    ReplyDelete
  7. වැල්මහ කල්ද දන්නෙත් නෑ නේද වැප්,
    උඹටත් හිතෙන දේවල් හැබෑටම ඔන්න

    /බිඟුවා...!

    ReplyDelete
  8. ආ..මේ මල ඊට වඩා ලොකුයි නේද? මෙච්චර සාරෙට වැවිල තියනව දැක්කමයි. එළ එල දැන් මතකයි මේ වර්ගය.

    ReplyDelete
  9. මටත් පේන්නෙ කහ මල් වැල් වගේ

    ReplyDelete
  10. ලස්සනට තියෙනවා....

    ReplyDelete
  11. ෂාහ් මාර ලස්සනයි අයියේ.....
    කට්ටියට ඡන්දෙට දැක්ක නම් ඕක ඉවරයි.... පරිසර හිතකාමී කියලා සැරැසිලි වලට ගනී..... :) :)
    චූටි මල් ගොඩක්ද අයියේ තියෙන්නේ ලොකු කරාට පැහැදිලි මදි පේන්නෑ.......

    ReplyDelete
  12. හරිම ලස්සනයි.

    ReplyDelete
  13. අගේ ඇති පින්තූරයක්!

    ReplyDelete
  14. නියම්යි අයියා අසාහිතෙනවා....මේ වැලේ නම මොකක්ද.....හාදගන්න හිතයි.......


    ඉලංදරියා....

    ReplyDelete
  15. කියලා වැඩක් නෑ. මාරම ලස්සනයි.

    ReplyDelete
  16. @රේවන්,
    ඔව් ඔව්.. මේක ටිකක් ලොකුයි.

    @ලස්සන ලන්කා,
    අනේ මන්දා...

    @අයි සමන්,
    හරිම ලස්සනයි...

    @හා පැටික්කි,
    මම ලොකු පින්තූරක් දාන්නම්කෝ....

    @ඉසිඹුව,
    ඔව් ඔව්...

    @පිටස්තර,
    මරේ මරු...

    @සමී,
    ස්තුතියි අගය කිරීමට,

    @ඉලංදරියා....,
    මොකෝ අද ඇනී වෙලා...
    බලාගෙන මේක ලොකු වෙනවා විශාලෙට

    /බිඟුවා...!

    ReplyDelete
  17. @හුටපටයා ,
    මේක වැලක් වෙන්න ඕනේ

    @නිල් අහස,
    දැක්කානම් ආස හිතෙනවා...

    /බිඟුවා...!

    ReplyDelete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. හරිම ලස්සනයි...පේරාදෙනියෙ විතරක් නෙමේ බිගු අපේ කැම්පස් එකේ ( කැළණියෙ )ත් තියෙනවා. මම හිතන විදියට මේක ඇහැළකුළයට අයිති ගහක් වෙන්න ඕනෙ. මට හිතෙන්නෙ එහෙමයි. දැකලා තිබුනට ගහේ නම නම් දන්නෙ නෑ

    ReplyDelete
  20. @දිල්,
    අහා එහෙමද...?
    කහපාට හින්දද ඇහැල කුලයේ කියල හිතන්නේ...
    අනේ මන්දා...
    කවුරුවත් නම් දන්නේ නැද්ද මන්දා....
    හැබැයි ගොඩාක් අය දැකලා තියෙනවා මං හිතන්නේ....

    ReplyDelete
  21. මාර ලස්සනයි. . . . !

    ReplyDelete
  22. කහ පාට හින්දම නෙමේ. මේ ගහත් ඇහැල ගහට සමානයි. අනික මල් උනත් අතුවල බරට ඉල්ලිලා වගෙනෙ තියෙන්නෙ. ඒක නිසා මම නම් හිතන්නේ ඇහැලකුලයට අයිති ගහක් කියලයි

    ReplyDelete
  23. කහ මල් යාය ගෙන එයි සිත සැනසුමට
    බැහැ නම දැන ගන්න පැහැදිලි වැඩි කමට
    බිඟුවෙක් වෙන්න ඇති උඹ පෙර ආත්මෙට
    මල් වලටම හිත යන්නෙ ඒ පෙර පුරුද්දට

    ReplyDelete
  24. @ SRI MANJULA /

    wow ..... බිගූට ලැබුන හොදම comment එක වෙන්න ඇති :D

    ReplyDelete
  25. මේ මල් වැල නම් හරිම ලස්සනයි බිඟු අයියෙ... මේකෙ නම නම් දන්නෙ නෑ...... හැබැයි කලින් දැකලනම් තියෙනවා...

    ReplyDelete
  26. පේරාදෙණියට දිව ගියා හිත..සරසවි බිම , ගලහ පාර, කලා පීඨය අසල මේ මනරම් මල් වැල් මවන දර්ශනය මතක් වී හිත කීරි ගැසී ගියා.

    ReplyDelete
  27. හයියෝ කියලා වැඩක් නැහැ..මේ බිඟුවා ඉදලා ඉදලා කරපු වැඩේ.. :-(

    ReplyDelete
  28. අම්මෝ මරැ මල් ගහක් නේ.. ඇතට මාර ලස්සනක් නේ බොලේ තියෙන්නේ...

    කොහොම උනත් බිඟූ බලාගෙනයි පැපරාසි වැඩේට බහින්නේ...

    -සොරා

    ReplyDelete
  29. @දිල්,
    අහා.. ඒකද එහෙනම් එහෙම කිව්වේ...
    හරි හරි...

    @විශ්මි,
    ඔව් ඔව්.. මේක තියෙනවා ගොඩාක් තැන්වල...

    @ජීවිතේමල් ,
    ඔයත් එහේ කෙනෙක් කියලා දැනගෙන හිටියේ නෑනේ...
    හෆොයි...

    @නිමන්ති,
    අනේ මම මොකද කලේ...???

    /බිඟුවා...!

    ReplyDelete
  30. අසෝක මල් නේද මේ?

    ReplyDelete
  31. @මංජුල,
    ඒ බව පෙනේ කහ මල් වැලක් දුටු සැනෙකින්
    නම ගම මොටද පැහැදිලි නම් මල් වැලකින්
    බිඟුවෙක් වෙලා ඉන්නට ඇති කිවු විලසින්
    දැක්කොත් නෙලන්නටමයි හිත මගෙ සොඳුරු සිතින්


    @සෝරෝ,
    ආයෙත් සොරා වෙලාද?

    /බිඟුවා...!

    ReplyDelete
  32. @දුකා,
    ම්ම්ම්...

    @නදී,
    අනේ දන්නේ නෑ...
    ඔයා දන්නවනම් කියන්න...
    අපි පිළිගන්නම්...

    /බිඟුවා...!

    ReplyDelete
  33. ම්.... බිඟූ අයියේ....වයිෆ් ගේ මල් වත්තෙන් ලඟදි මල් හොරකම් කලේ එහෙම නෑ....

    ReplyDelete
  34. @මම,
    අනේ මම මේ ඒක ගැන ලියන්න හිටියේ..
    ටික දොහකට කලියෙන් තිබ්බ ඉඩෝරේ හින්දා මල් ගස් කිහිපයක්ම සදාකාලික නින්දට වැටුනනේ
    හපෝයි...
    මීට කලි‍යෙන් මී‍යට ගොඩ වැදිලා තියේ වගේ...

    /බිඟුවා...!

    ReplyDelete
  35. අනේ අයියෙ ලස්සන මල් ටිකක්. අයියගෙ නමටම හරි යනවා. හී හී... මල් ගැන විතරක් නෙවෙයි අක්ක ගැන කියන්නකො.අක්කවයි බබාවයි මම මතක් කලා කියන්න.

    ReplyDelete
  36. අපෝ ඔව්.මං ලිව්වේ නැති උනාට ඔයාලගේ බ්ලොග් කියවනවා...

    ReplyDelete
  37. @බිඟුවා - නෑ බං සොරා උනා.. හික්ස්..

    -සෝරෝ

    ReplyDelete
  38. අර පේරාදෙනියෙ තියන මල් වැලනෙ ඔයා මේ මතක් කරේ.

    ReplyDelete
  39. mea doxantha kiyana wala ne... mama A/L project eka kaleth mewa gana..

    ReplyDelete
  40. මට හිතෙන විදියට "ඇනී" කියපු කථාව හ‍්රි වගේ..
    මම ගූගල් එකට ගිහින් doxantha කියල ගහල බැලුව.. ආවනේ පින්තූර ටිකක්.. ඒකෙන් මෙන්න මේක ටිකක් සමානයි වගේ බිඟුවාගේ මල් වැලට
    http://toptropicals.com/pics/garden/05/8/8223.jpg

    ReplyDelete
  41. බලාගෙන ගුටිකන්නෙ නැතුව කරන දෙයක්.
    හරිම ලස්සන කහ මල් යාය.

    ReplyDelete
  42. සොරාටත් වැරදිල, ඇනීටත් වැරදිල ඔය ඒ මල නෙමෙයි.

    ReplyDelete
  43. Speaking to The Sunday Leader Director General Peradeniya Botanical Gardens Dr. C. Wijesundera said,
    "There are vines such as the Doxantha unguis-cati with yellow flowers which can be seen at the Peradeniya Gardens and in the Peradeniya University premises,

    http://rasawathiya.blogspot.com/2010/04/blog-post.html

    ReplyDelete
  44. doxantha is the Correct name

    ReplyDelete
  45. nice one machan.

    ReplyDelete
  46. කවි සංවාදයකුත් දැම්ම නම් මල් ගැන ලස්සන අදහස් තියේවි.

    ReplyDelete
  47. හැබෑටම කොහෙද නාරම්මල පැත්තෙ යන්නෙ? මම ඉන්නෙ ඔතන ඉදලා හූවක දුරින්. ආයෙ එනව නම් කියන්න... :D

    ReplyDelete
  48. SHA MARU NE..........

    ReplyDelete
  49. Sha Marai Ne..........

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!