April 4, 2010

අමුතු පා පැදියක් (ද මන්දා...)


මම පසුගිය සෙනසුරාදා නාරම්මල හරහා මගේ රෝද දෙක පදවමින් සිටියෙමි.
නාරම්මල නගරය ආසන්නයේදී එක පා පැදියක් (ද මන්දා...) මගේ සිත් ගන්නට විය.
ඔහු ඡන්ද ප්‍රචාරක කටයුත්තක නියැලෙමින් සිටියේ ඔහුගේ පාපැදි අමුතු ආකාරයට වෙනස් කර ගෙනය.
වහා ක්‍රියාත්මක වුනු මගේ කැමරාව එය සටහන් කරගත්තේ ඔබත් සමග එය මෙසේ බෙදා ගැනීමටය.

සැළකිය යුතුයි.
මෙම ලිපිය මොහු සහාය දක්වන පක්ෂය හෝ පුද්ගලයා වෙනුවෙන් නොව ඔහුගේ මෙම අපූරු පාපැදිය වෙනුවෙන්  ලියවුනු බව සලකනු මැනවි.

මට නැගුනු ප්‍රශ්න වූයේ:
1. මොහු මෙයට කෙසේ ගොඩවිනිද?
2. කෙසේ බහීවිද?
3. තදබදයකදී කුමක් කරන්නේද?
4. මොහුගේම නිර්මාණයක්ද?
....
....

ඔබට මොකද හිතෙන්නේ... ???

50 comments:

  1. පිළිතුර
    1. අපේක්ෂකයා මතින්
    2. පොදු ජනතාවගේ හිස මතට
    3. එච්චර දුර යා නොහැක
    4. විය හැක මන්ද දේශපාලණ උන සැදුනු විට අමුතු නිර්මාණ බිහිවෙයි

    ReplyDelete
  2. හික්ස්..
    උඹ කොහොමද හරියටම කියන්නේ...???
    ඒ කියන්නේ මේකට සපොර්ට් කලා නේද???

    /බිඟුවා...!

    ReplyDelete
  3. 1.ඉණිමගකින්...
    2.ඉස්පිරිතාලේ ඇඳක් මතට...
    3.එකතැන පැදීම...
    4.නෑ.. අපේක්ෂකයගෙ..

    ReplyDelete
  4. කලියුග කාලෙට පුදුම අදහස් එනවලු නේද...

    චැප් සොයුරා උත්තරේ දීලා තියෙන්නේ හරියට!

    ඇත්තෙන්ම ඔබට තුතියි මෙය කැමරා ඇසට ගෙන අපිත් එක්ක බෙදා ගත්තාට.

    ReplyDelete
  5. මේ වගේ මිනිස්සු තමයි රටට ඕනෙ.
    බිඟු අයියා වැඩිය ඔය දේශපාලන කේස් ෆොටෝ ගහන්න එහෙම යන්න එපා.
    :o

    ReplyDelete
  6. @සන්සර,
    නියමයිනේ උත්තර ටික.
    මැක්සා...

    @ගල්මල්,
    ඒත් බයේ බෑ බං පින්තූර ගන්න මේ දවස්වල...

    @මිස්සක,
    ඔව් ඔව්.. කන්න වෙයිද දන්නේ නෑ...
    නැත්නම් සුදුපාට වෑන් එකකින් අරගෙන යයිද දන්නේත් නෑ..

    නමුත් මෙයා නිර්මාණශීලී කියලා මට හිතෙනවා

    ReplyDelete
  7. @vap & sansara,
    just check 1 & 4 answers.
    Both have used අපේක්ෂකයා

    that is nice

    ReplyDelete
  8. 1. නැගල ඉවරනෙ දැන්. ප්‍රශ්නය අදාල නැත. ඒත් නැග්ගා නොව උඩක ඉඳලා මේකට බැස්සා කියා සිතමි.

    2. දිගටම පදිනවා නගින්න පුළුවන් ගහක් හමුවෙනකම්ම. උත්තරය ඈත්තේ නැගීම වෙනුවට බැසීමත්, බැසීම වෙනුවට නැගීමත් යන 'පෙට්ටියෙන් එපිට' [out of the box] කල්පනාව තුලයි.

    3. කවදාවත් දැකල තියෙනවද උඩින් යන අය තදබද වලට හිරවෙනව? ඈතිවෙන තරමක් තද බද ඈති වෙන්නේ උඩින් යන අය නිසාය.

    4. අපොයි නෑ. මේ වාගෙ දෙයක් හදන්න මොලේ ඈති එකෙක් ඒක පදියි කියල හිතනවද පාරෙ?

    ReplyDelete
  9. පිස්සු හැදෙනවනේ බං මේක දැක්කම...:O

    මටත් හිතෙන්නෙ වැප්, උඹ කියපු උස්ත‍රේ හ‍රියටම හ‍රි.. හික්ස්..

    ඒත් වැප්, බිඟුවා කිවුවා වගේ උඹත් මේකට සපොට් නේද හා..
    නැත්තන් කොහොමද උබ දන්නේ හ‍්රියටම උස්ත‍රේ.... හික්ස්..

    -සොරා

    ReplyDelete
  10. මං මේ කල්පනා කොලේ නිකමට හරි සීට් එකෙන් ලිස්සුවොත් වෙන සංගදිය... ආයේ කකුල පොලවේ තියන්නයෑ අප්පා....

    ReplyDelete
  11. @ලොකූ,
    දෙවැනි එක තේරුනේ නෑ හරියටම...
    අනිත් ඒවා නම් හරි.
    3 වැනි එකනම් නියම මඩපාර..

    @සෝරෝ,
    දැන් නම හරි නේද.. සොරො නෙමෙයිනේ දැන්.
    ඒකනේ බලපන්කෝ මේකට වැපාගේ කොහෙන්හරි සම්බන්ධයක් තියෙන්න ඕනේ..

    @තිස්ස,
    ඒක නම් ඇත්ත තමා....
    කොහොමද හිටගෙන පදිනකොට දම්වැල පැන්නොත් එහෙම...
    අම්මෝ...
    මතක් වෙනකොටත් රිදෙනවා වගේ....

    /බිඟුවා...!

    ReplyDelete
  12. what a design from sl guys. nice one man.

    ReplyDelete
  13. @ඇනී 1,2
    වැප& සන්සර කතාව ඇත්ත.
    දෙන්නම ඉස්සරලාම අල්ලගත්තේ අපේක්ෂකයාව තමා.
    අනික මේක ලංකාවේ නිපැයුමක් හින්දා මාත් අගය කරනවා.

    /බිඟුවා...!

    ReplyDelete
  14. සියරට දේ සිරි සැප දේ කිව්වලු නේ...

    ReplyDelete
  15. නිර්මාණයක් විදිහට විශිෂ්ටයි.
    ලංකාවේ වැඩියෙන් ඉන්නේ දක්ෂයෝ තමයි. හැකියාවන් මරලා දානවා කිසි හඳුනාගැනීමක් නැති නිසා.
    පොලිතින් වලින් ඉන්ධන හදන විදිහත් ලංකාවෙනෙ හොයාගත්තේ.
    අත් ට්‍රැක්ටර් එකට පේටන්ට් තියෙන්නේ ලංකාවට.( මට මතක විදිහට )UPS එක පේටන්ට් ලංකාවට.
    දක්ෂයෝ නිකන් නැති කරගන්නවා.

    ReplyDelete
  16. @බිඟුවා.. @සෝරෝ
    දැන් දෙන්නම කියනවා පිළිතුරු හරි කියලා ... එහෙනම් ඉතින් තොපි දෙන්නත් මේකට සම්බන්දයි හිකිස් :)

    [ කට වරද්ද ගන්න එපා විස්තරේ කියනවා, අපි කස්ටිය එකතු වෙලා හදපු මේ නිරිමාණය ගැන ... මේ කොටස බිඟු හා සොරෝට පමණක් දිස් වෙයි ]

    ReplyDelete
  17. හොඳ හෝ නරක හෝ නව නිර්ම්ණයක්නෙ. අගයකල යුතුයි.
    ඒක යොදාගන්නෙත් නිර්මාණාත්මක විදියටනෙ. (වෙන ඡන්ද අපේක්ෂකයනට වඩා වෙනස් විදියට.)
    අපිත් එක්ක බෙදාගත්තට ස්තුතියි බිඟුවා.

    ReplyDelete
  18. @හෙළයා,
    දක්ෂයෝ නිකන් නැති කරගන්නවා ද?
    දක්ෂයෝ නිකන් නැති කරනවාද කියලා හිතා බලන්න ඕනේ...

    එහෙම වෙනවානම් කවුද ඒකත වග කියන්න ඕනේ කියලත් බලන්න ඕනේ


    @වැප්,
    කට කට....
    කාටවත් ඇහෙයි...

    /බිඟුවා...!

    ReplyDelete
  19. බිඟු,
    මට හිතුනේ මේක තරප්පුවක් නැති උඩතට්ටුවක කුලියට ඉන්න හරි, ගස් උඩම රස්සාවක් කරන හරි කෙනෙකුගෙ නිර්මාණයක් වෙන්න බැරිද කියලා. එහෙම හිතුවොත් මෙයාගෙ වාහනේ තියෙන්නේ පහලින්.
    අපි සයිකලේට නගින කොට එයා සයිකලේට බහිනවා. අපි සයිකලෙන් බහින කොට එයා සයිකලෙන් නගිනවා. කොහොමත් මේක නොවැටි නවත්තන්න ගහකටම හේත්තුවක් දාන්න ඕනිනෙ. නාරම්මල හින්ද හොඳයි. හිඟයක් නෑනෙ පොල් ගස්. පාරෙ නම් ලයිට් කණු, ටැලිෆෝන් කණු තියෙනවා​නෙ ...

    ReplyDelete
  20. පිස්සු හැදිලා බම්ප් වෙනවා කිව්වලු......... හික්zzzzzz වැටුනොත් තමා එළම ආතල් එක...........

    ReplyDelete
  21. @නදී,
    අනිවා....
    නිර්මාණ අගය කළ යුතුමයි...

    @ලොකූ,
    අපි සයිකලේට නගින කොට එයා සයිකලේට බහිනවා. අපි සයිකලෙන් බහින කොට එයා සයිකලෙන් නගිනවා.
    මේකට තමා වැඩියෙන්ම කැමති මම...
    ලස්සන අදහස. මට මේක හිතුනේම නෑ ලොකූ....
    මැක්ස්....

    @ජේ.ඩී,
    මම අර කිව්වා වගේ හිටගෙන පදිනකොට දන්වැල පැන්නොත් එහෙම කොහොමද ???

    /බිඟුවා...!

    ReplyDelete
  22. @හෙළයා කියනවා...
    "දක්ෂයෝ නිකන් නැති කරගන්නවා."

    ඈත්තමයි මේ දක්ෂයා නම් හුඟක් දේවල් නැතිකරගනී නේද හිතුණා.

    ReplyDelete
  23. ලොකූ නරක් වෙලා තියෙන තරමක්...
    හික්ස්...

    /බිඟුවා...!

    ReplyDelete
  24. එල පොරක්

    ReplyDelete
  25. සිංග්ලිෂ් පෙට්ටිය වැඩ නැත

    ReplyDelete
  26. කෝ බලන්න..
    මේ වැඩ කරන්නේ...

    ReplyDelete
  27. නියම වාහනේ... ඒත් නගින්න නම් ඇත්තේ ඉණිමගකින් හරි කවුරු හරි අල්ලන් ඉද්දි ඇල්ලකින් පල්ලේ වැටෙන්න තරම් උඩ ඉඳන් පැනලා වෙන්න ඇති .. හිහ් හී හී...

    අනේ මන්දා..ඔහොම කොරවක්කෙක් වගේ බෙල්ලත් දික් කර යන්නාට වඩා නරකෙයි පයින් බඩගාන එක.. නැද්ද හොඳයි???

    ReplyDelete
  28. හතර දෙනෙකුට යන්න පුළුවන් කැලි ටිකක නෙ මෙකා අනිත් උන්ට වැඩිය උඩින් යන්නෙ.. හරි කමක් නැහැ පුතා යමන්.. මාමා පිටිපස්සෙන් පයින් බිමින් එනවා...
    බිඟු ඔයාගෙ ප්‍රශ්න වලට මම පිළිතුරු දෙන්නෙ නැහැ..වැපා හරි..

    ReplyDelete
  29. අපේ අයත් එළ එළ දේවල් නේ කරන්නේ...ඡන්දේ දවස් වල හරි අලුත් දෙයක් හිතුන එක ලොකු දෙයක් :)

    ReplyDelete
  30. 1. මොහු මෙයට කෙසේ ගොඩවිනිද? ගෙදර ඉනි මගින්
    2. කෙසේ බහීවිද? පැනිම තමා
    3. තදබදයකදී කුමක් කරන්නේද? වැටිම තමා
    4. මොහුගේම නිර්මාණයක්ද? ලංකාවේ..... හා හා... නෑ
    ....

    ReplyDelete
  31. මටත් පදින්න ආසාවක් ආවා නෙවැ මේක දැකලා.

    ReplyDelete
  32. නිර්මානය කාගේ වුවද අවසානයේ අමාරුවෙ වැටෙන්නේ මෙමෙ පදින තැනැත්තනෙ. අනික පේන හැටියට මෙකෙ ඛ්‍රේක් නෑ.
    බිගුවා, ඔබ අන්තිමට මොහුව දකිනකොටත් මොහු යහතින් සිටියද? :D

    ReplyDelete
  33. මටත් පදින්න නම් ආස හිතුනා..

    ReplyDelete
  34. Paare wrong side ne me yaka yanne!!..
    3 denekma double daala yanna puluwan...:)
    Mid night meekawa dekkoth sure ekatama baya wenawa!!

    ReplyDelete
  35. Only Front Break
    huh

    ReplyDelete
  36. නිර්මාණයත්, එය නවතායකින් යුතුව ප්‍රචාරණය සඳහා යොදා ගැනීමත් ‍අගය කළ යුතුයි. ඒ වගේම "බිඟුවා"ට අපිව මතක් වුන එක තවත් හොඳයි. ඒකත් අගය කළ යුතුයි.
    ඒක නෙමේ නාරම්මල පැත්තෙ කොහෙද යන්නෙ අපිට නොකියා. (හිහ් හිහ්)

    ReplyDelete
  37. @ජීවිතේ,
    එහෙමද කස්ටිය බලාගෙන ඉන්නකොට...

    @රවා,
    මාමා පිටිපස්සෙන් පයින් බිමින් එනවා...
    ඒ කිව්වේ...

    @පන්හිද,
    ඇත්ත, ඇත්ත... මේ කාලෙටවත් මොලේ පාවිච්චි කරන එකනම් හොඳා....

    @මධුක,
    මොහුගේම නිර්මාණයක්ද? ලංකාවේ..... හා හා... නෑ
    මොකද මේක ලංකාවේ වෙන්න බැරිද?
    ඉම්පෝටර්ට් කියලද කියන්නේ... හික්ස්...

    @දුටු,
    ඉස්සරහ තිරින්ග තියෙනවා..
    පස්සට නම් නෑ...

    @මාරයා,
    අපරාදේ...
    මට මොයිල් එක ඉල්ලාගෙන එන්න බැරි උනානේ...

    @රංග,
    ඔව් ඔව්.. රෑට් දැක්කොත් නම් ඉතින් බය වෙනවා ෂුවර්මයි...

    @ඉෂාර,
    මොනවා හරි අමුතු දෙයක් දැක්ක ගමන් මතක් වෙන්නේ සයිබර්යායේ ඉන්න ඈයෝ තමා...


    /බිඟුවා...!

    ReplyDelete
  38. කවුරුවත්‍ වෙනුවෙන් මරුවා සමග වාසේ සීන් රඟපාන පොරවල් ඕනි තරම් ඉන්නෙ. ඒත් ඉතින් ඒව ඔක්කොම එතනින් ඉවරයි.

    ReplyDelete
  39. මොන දේකට හැදුව උනත් නියම බයිසිකලේ........ ලංකාවෙ මිනිස්සු නිර්මානශීලියි... ඒවට උදවු කරන්න කවුරුවත් නැතිකම මිසක්....... දේශපාලුවොන්ට මෙහෙම අලුත් අදහස් වලින් වැඩක් ගන්න හිතෙන්නෙ ඡන්දෙකදි විතරයි.....

    ReplyDelete
  40. sira seen ekak ne...mole kuruwal wena wedak newe...

    ReplyDelete
  41. හොඳ නිර්මනයක් මේක හොඳ දේකට ප්ඩ්විච්චි කරනවනම්
    වැඩේ තියෙන්නෙ ඕක දේසපාලනයට පවිච්චි කරපු එකයි.

    ReplyDelete
  42. @බිඟුවා - දැන් නම හ‍රි මචං මේ යුනිකෝඩ් වල පොඩි පොඩි අඩුපාඩු තමයි ඉතින් [මම භාවිතා ක‍රන හැටියෙ අවුලක්ද මන්දා]

    @වැප් - අයියෝ උඹ වැඩේ කෑව නේ..

    -සෝරෝ

    ReplyDelete
  43. kurunegala narammalada, mamath narammala, mamanam ohoma1k dakala nane.

    ReplyDelete
  44. බිඟු.. මට අර out-of-the-box ප්‍රශ්නයක් තියනවා... කවුරු හරිත් මේක නිර්මාණය කරා කියමුකො.. නැගලා හරි බැහැලා හරි පැදගෙන ගිහිං අඬු පඬු කඩා ගෙන ගෙදර ආවා කියමුකො... මේ නව නිර්මාණයේ අයිතිය හඟවන ලියවිල්ල තියෙන්නෙ අර කිව්ව අපේක්ෂකයාගෙ නමටද දන්නෙ නැහැ...(මේක ලංකාව පුතෝ.. මං දන්න දන්න අයට ඒ වගේ හරි හරි වැඩ වෙලා තියනවා)

    ReplyDelete
  45. @පිටස්තරයා,
    ඒක නම් මෝඩ කමද මන්දා....

    @විශ්මි,
    ඔව් ඔව්... ලංකාවේ මිනිස්සු නියමයි.
    දේශපාලුවෝ තමා කේස් එක.

    @ගීත්,
    හික්ස්...

    @පීටර්,
    ඒක නම් ඇත්ත. එහෙම හරි කමක් නෑ නිර්මාණ කරනවනම් ලංකාව දියුණු වේවිනේ....

    @සෝරෝ ,
    ඒකනේ. වැපා වැඩේ කෑවනේ....

    @ඇනී,
    ම්ම්ම්... මොකද කරන්නේ ඒකට ඉතින්...

    @පුර සඳ ,
    හික්ස්...
    මේ ඒක නෙමෙයි,
    ඔයාගේ බ්ලොග් එකට කමෙන්ට් දාන්න බෑ...
    අලුත් හමක් දාලා බලන්න.

    /බිඟුවා...!

    ReplyDelete
  46. ඒ නිර්මාණය ඔහුගේම නම් ඒ සඳහා අවශ්‍ය බලපත්‍ර, තවත් වැඩි දියුණු කිරීමට අවශ්‍ය දැනුම, ආධාර ආදිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා!!

    “මම පසුගිය සෙනසුරාදා නාරම්මල හරහා මගේ රෝද දෙක පදවමින් සිටියෙමි.“

    බිඟුගේ රෝද දෙක නෙමේනෙ මේ?

    ReplyDelete
  47. අනේ මේ දෙක නම් මගේ නෙමේ තනෝජා...
    මගේ දෙකේ වම් කණත් කැඩිලා තියෙන්නේ තාම http://bingunada.blogspot.com/2009/12/blog-post_15.html

    ReplyDelete
  48. පිස්සු පොරක්නෙ :P මෙලහකට ඇති හදිසි අනතුරු එකේ ;)

    මේ පැත්තට 3වන ප්‍රශ්නය නම් කොහොමටවත් අදාල වෙන්නෙ නෑ බිඟුවා මහත්තයෝ... අර කහ මල් තිබ්බ තැන නම් ටිකක් විතර තදබදයක් තියෙනවා. ඊට චුට්ටක් එහායින්නෙ කුප්‍රසිද්ධ නාරම්මල ස්කාගාරය තියෙන්නෙ :D

    ReplyDelete
  49. ඒක හරි මදුරංග. :D

    /බිඟුවා...!

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!