April 15, 2010

කෙසෙල් ඉදවන්න - "ඇහැල" අතු දාන්න


අවුරුදු හින්දා මේ දවස්වල සයිබරයට ගොඩවෙන්න ටිකක් අමාරුයි. නෑදෑයෝ, අසල්වැසියෝ, යාළුවෝ එකී, මෙකී, නොකී අය එනවා යනවා. හරිම කාර්යය බහුලයි. මේ අස්සේ පොඩි පොඩි රහස් කිහිපකුත් කණට වැටුනා. එකක් කියන්නම්කෝ හදිස්සියෙන් හරි. අපි ඉස්සර කෙසෙල් ඉදවන්න කරන්නේ අවරි කපලා එක්කෝ මුට්ටියකට දාලා දුම් ගහනවා. ඒ දුම් ගැහිල්ලටනම් ගන්නේ රතිඤ්ඤා තමා. එහෙම නැත්නම් වලක් කපලා කෙසෙල් ඇවරි ඒකට දාලා ඇති වෙන්න දුම් ගහනවා. ආ කියන්න අමතක උනා. ඔය කෙහෙල් කැන කපන්න ඕනෑ විශේෂ කෙනෙක්. මොකද සමහරු අතින් කෙසෙල් කැන කැපුවාම ඉදෙන්නේ නෑ කියලා කියනවනේ.

ඒ මොකවුනත් මෙන්න තව විදියක්. මම මේක අද තමා ඉස්සරලාම ඇහුවේ. සමහරු නම් දන්නවත් ඇති දැනටමත්. දස්ස කොල්ලො කෙල්ලො ඉන්නවනේ....

කෙසෙල් කැන ඇවරි කපලා මුට්ටියකට දාලා "ඇහැල" අතු කිහිපයකුත් ඒකටම දාන්න. හැබැයි බලාගෙන. එක දවසකින් ඉදෙනවලු. දවස් දෙකක් තිබ්බොත් ඔන්න මම  වග කියන්නේ නෑ ගෙඩි කඩාගෙන වැටුනට. රසේ අඩුවකුත් නෑලූ. මම නම් කරලා නෑ. අපි හෙට ඒක කරනවා. කියන්නම්කෝ මොකද උනේ කියලා. එහෙනම් දැන් ගියා.

සුභ (කෙසෙල්) අවුරුද්දක් වේවා!!!



18 comments:

  1. ආනේ වටින රහසක් නෙ බිඟුව කියල තියෙන්නෙ. අම්මටත් කියන්න ඕන මේ ගැන.

    ReplyDelete
  2. බිගූ කොහෙන්ද අප්පා ඕව හොයාගන්නෙ. ඔයත් මාරයි. දැන් ඉතින් දන ගහගන කැරකිල්ල හැදෙනකන් දුන් පිබින්න ඕන නෑනෙ, අපිට අලුත් ක්‍රමයක් දැන් තියනව. බිගූට ස්තූතියි.

    ReplyDelete
  3. මුට්ටියකට කෙසෙල් ඇවරි දාලා හඳුන්කූරු පත්තුකරලා තියන එක තමා අපේ ගෙදර කළේ.

    ReplyDelete
  4. ඈයි බිලිං කොළ. අත්දුටුවයි සත්‍යයයි. මේවා මාතර මන්තර... මන්තරේ නම් මමත් දන්නෙ නැහැ...

    ReplyDelete
  5. ෂහ්...ටිකක් කලින් කිවුවනම් මේ අවුරුද්දේම අත්හදා බලන්න තිබ්බ! තැන්කූ තැන්කූ..දැනුම පොතට දුන්නට මේ ටිප් එක,,,

    ReplyDelete
  6. මාරයිනෙ. කාබයිඩ් ගහන මුදලාලිලාට ඔන්න ඔය සූත්තරයක් දීල දාපංකො.

    ඔබටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  7. අයියෝ බිඟු... ඕක කලින් එපැයි කියන්න.
    අවුරුද්දට කියලා කපපු කෙසෙල් කැන් දෙකම තාම අපට ඉදව ගන්න බැරි උනා. අන්තිමට සල්ලි දීලා කඩෙන් කෙසෙල් ගෙඩි ගෙනාවා.
    කමක් නෑ.. මේ අදහස් සියල්ලම ලබන සැරේ කෙසෙල් ඉදවන කොට ප්‍රයෝජනවත් වේවි.

    ඉතිං ‍ඔයාලා හැමෝටම.. 2010 වසරේ උදා වූ... සිංහල, දෙමළ අළුත් අවුරුද්ද.. සිතුම්.. පැතුම්.. ඉටුවන, සාමය සතුට ඉතිරුනු, නිදුක් නීරෝගී සුවය රැදුනු... වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක්ම වේවා..කියලා පතන්නම්.

    120 ට 220 ක් ආයුබෝ වේවා...

    ReplyDelete
  8. බිඟු... තව වැඩක් තියනවා.. ටිකක් ස්ලොව් එකේ ඉදවා ගන්න නම්... ටැංකියේ වතුරෙ හොඳට දෙතුන් සැරයක් ඔබලා ගොඩට අරන්.. පත්තර පිටුවක් උඩ තියලා තියන්න... ඒ කියන්නෙ නිවාඩු පාඩුවේ නෑදෑ ගෙවල් වල ගෙනියන්න එහෙම හොඳයි..

    ReplyDelete
  9. මෙන්න නියම බඹර නාදෙ මගෙන් (එහෙම නේද යාළුවා?) අපේ වත්තෙත් කෙසෙල් ගහේ කෙසෙල් කැනක් දාල තියෙනවා...තාම ඉදිලා නෑනේ?
    බඹරා

    ReplyDelete
  10. සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබට

    ReplyDelete
  11. idichcha kehel gediyak kala !!! lella idenna one kanata daalaa tibbahamat oya de wenawa kiyala ahala thiyenawa.

    ReplyDelete
  12. බිලිං කොළ වැඩේ අපේ ගෙදරත් මේ පාර අත් හදා බැලුවා ......ඔය මොකුත්ම නැත්නන් සිලි සිලි මල්ලක කෙසෙල් ඇවරිය දාලා කට ගැටගහලා තියන්න පැහිලානන් බඩු ෂුවර්

    ReplyDelete
  13. shaah . . niyama kramea . ..
    thankooo wewaa . ..

    ReplyDelete
  14. ah..apith issara podi dawaswala passa uda dagena dungahanawa..kehel walata...lagadinam karala nehe...meeka hoda tip ekak.

    ReplyDelete
  15. එළ කිරි මචො තැන්කුයි වේවා..!!

    -සෝරෝ

    ReplyDelete
  16. තව ක්‍රම තියනවා.
    මම මේ සැරේ ඉදෙව්වේ කෙසෙල් වලට ගස්ලබු කොල සහ මුරුන්ග පොතු දාලා...
    මේකත් අත්දුටුයි සත්තයි...

    ReplyDelete
  17. ela ela... Next time i'll use one of these

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!