April 25, 2010

බිඟුලන්තය - මුහුදු තීරය (II)



මහ මුහුදේ තට්ට තනිව මෙය පිහිටන්නේ
කවුරුත් මෙය හරිම අගේ කියා කියන්නේ
දූපතක් ලෙසට හරිම වටී සැවෙමො සිතන්නේ
බිඟුලන්තය කියා එයට නමක් හැදෙන්නේ

ලස්සන මේ රට වටේට මහ මුහුද තියෙන්න
වෙරළේ දිගේ තියෙන සිරිය එය පහදන්නේ
සිප්පි කටුවලින්ම පුංචි වෙරළ පිරෙන්නේ
මෙය දුටු කා කාගෙත් සිත් පිනවන්නේ

කොරල් පරයි ගල් මලුයි ගැවස තියෙන්නේ
පාට පාට පුංචි මාළු අතර සිටින්නේ
ලොකු මාළුන් මෙතනට එන්නෙම නෑ සිතෙන්නේ
පුංචි මාළු කිසි බයකින් තොරව ඉඳින්නේ

හැන්දෑවට ඉර දෙයියෝ යන්නට යන්නේ
අහස මුහුද එක් වන තැන එය සිදුවෙන්නේ
රන්වන් පැහැ අහස් තලේ පාටම ගන්නේ
හිරු දෙයියන් නැති හින්දද ඔබ දුක් වෙන්නේ

පිංතූරය

3 comments:

  1. මොකක්ද හැබෑට

    ReplyDelete
  2. බිඟුවා කවිෙයක් ෙවච්ච හැටි.

    ReplyDelete
  3. මාලයි.....දුවන්ඩකෝ....

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!