April 24, 2010

මට මතකයි

කටු ඇනෙන
පය රිදෙන
බොරළු මාවතේ
අපි පිය මැන්නා
මට මතකයි
නිදිකුම්බා
පඳුරු උඩින්
අපි පැන්නේ
තවත් එවන් පඳුරකටම
කියලා
මට මතකයි

 පිංතූරය

7 comments:

  1. මේකෙ තියනවා අමුතු ගතියක්. එල.

    ReplyDelete
  2. තව අඩියක් තියමු බලන්න. දිගටම කටු නැතිවෙන්න ඇති..

    ReplyDelete
  3. බලාගෙන කකුලෙ කටු ඇනුනොත් අයින් කරන්න අමාරු වෙයි....

    ReplyDelete
  4. දෙපැත්තකින් හිතන්න පුළුවන් ..... නියමයි....... ඔහොම යන් අයියේ......

    ReplyDelete
  5. මේක කියවද්දි මට මතක් වුනේ අර සර්පයෙක් කියලා ගොනා බැඳපු ලනුවට බයේ ගොම ගොඩ පාගපු සිද්ධිය.. මේකෙත් අමුතු ගතියක් තියනවා... මොකද ඕක මටත් අනන්තවත් වෙලාතියන නිසා..

    ReplyDelete
  6. බොරු කියන්න එපා බිඟු අයියෙ ඉස්සරහ ඉන්න පොඩි එකා සපත්තු දාලනෙ ඉන්නෙ. හික්ස්
    raven කිව්ව වගේ ඒකෙ අමුතු ගතියක් තියේ තමා. ලියමු ලියමු

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!