April 1, 2010

සාරසුබාවට කාන්දු වෙලා බොලල්ලා...

හැන්නැදිරාලගේ පුංචි එකී
ඔරුව පුඩිංගු කොරාලා
ගං තාවුල්ලේ
එහාට මෙහාට
ඔරු කඳ ආම්බාන්
කොරන ඇහිල්ලේ
මගේ සිත්පොජ්ජ
අරක් ගත්තේ
බිං ඇඳිරියට වැටෙන
වැහි ආනාවෙන්
හිරි ගඩු පිපෙන ආසාවට
වගේය කියාලා
මට හාන්කවිස්සියක් වත්
නොදැනෙන්න
සාරසුබාවට
කාන්දු වෙලා බොලල්ලා...


පින්තූරය

63 comments:

  1. මේකේ නොදන්න වචන ටිකක් තියෙනවා. නමුත් අදහස නම් පැහැදිලියි මට

    ReplyDelete
  2. ඇනී,
    මොනවද ඒ වචන ටික කිව්වොත් උත්සාහයක් කරන්න පුළුවන් මට

    /බිඟුවා...!

    ReplyDelete
  3. ෂා ෂා........හරිම අපූරු පද පෙලක්.... බස් වහර වෙනස් නිසා අමුතු රසයක් තියෙනවා.....
    නියමයි බොලල්ලා.....

    ReplyDelete
  4. @දිල්,
    ඒකනේ පැංචියේ මං දොඩන්නේ හැම හුන්නැහේම,
    මොකා හරි වෙනසක් කොරාලා
    හඳුන්පොත් හාරාවුස්සනට කියාලා

    /බිඟුවා...!

    ReplyDelete
  5. නියමයි! අමුතු රසයක් තියෙනවා.

    ReplyDelete
  6. අමුත්තක් තියනවා ... කිසි දෙයක් තේරුනේ නැහැ ...

    අදින් පස්සේ මං එනේන් නැහැ මේ පැත්තේ ... මීට වඩා හොඳයි ෟෟෟ පත්තරයක්

    ReplyDelete
  7. මේ බිඟුවා බිංතැන්න පැත්තෙ කාලයක් වද බැඳගෙන ඉඳල වගේ.
    හරිම ලස්සනට පෙල ගස්වල තියෙනව පද ටික.

    ReplyDelete
  8. @හෂී,
    ඒකනේ...

    @වැපා,
    මොකෝ උනේ බං...
    "මීට වඩා හොඳයි ෟෟෟ පත්තරයක්" කිව්වේ මොන පත්තරයක්ද???
    මටත් දීපන්කෝ ටිකක් බලන්න...
    හික්ස්

    @``` Outsider```
    ඔව්.. ඔව්...
    එහෙ නියමෙට වද බඳින්න පුළුවන්..
    මී පැණී බේරෙන්න....

    /බිඟුවා...!

    ReplyDelete
  9. nice lng. that is strange dude

    ReplyDelete
  10. හා පැටික්කිට මේ ලෝකෙ දෙයක් තේරුන්නෑනෙ අයියණ්ඩියේ.... :( :(
    යන්තම් මට තේරුනදේ නෙමෙයි අදහස් වෙන්නෙ වගේ දැනුනෙ..... අපොයි......:( :(

    ReplyDelete
  11. වැප්ට එකඟ වෙමි.(මෙලෝ දෙයක් තේරුනේ නෑ)

    ReplyDelete
  12. @හා පැංචියේ
    නෑ නෑ.. ඔයාට හිතුන දේ හරි වෙන්න ඇති.
    බය වෙන්න එපා...
    මම නරක දේවල් ලියන්නේ නෑ....
    හික්ස්

    /බිඟුවා...!

    ReplyDelete
  13. @සසී,
    තේරුනේ නෑ කියන එකටද?
    එන්නේ නෑ කියන එකටද?
    අර පත්තර කතාවටද?

    /බිඟුවා...!

    ReplyDelete
  14. "හැන්නැදිරාල" කියන්නේ "ඔරු කාරයා" කියන එක නේද?
    ape teacher meka dawasak kiwwada koheda

    ReplyDelete
  15. 1.තේරුනේ නෑ කියන එකටද? ඔව්
    2.එන්නේ නෑ කියන එකටද? නෑ කොහෙත්ම නෑ
    3.අර පත්තර කතාවටද? මම පත්තර කියවන්නෙත් නෑ

    ReplyDelete
  16. @සසී,
    ආ... එහෙනම් හරි..
    මන් හවස්වෙලා දාන්න්ම්කෝ මොකද්ද මේකේ තේරුම කියලා.

    @ඇනී,
    ඔය ඉන්නේ දන්න අය...

    /බිඟුවා...!

    ReplyDelete
  17. O_o

    හොඳට හිටපු මනුස්සයට මොකද එක පාරට උනේ ?? :p

    ReplyDelete
  18. @තිළිණ,
    අනේ මන්දා කොලු පොජ්ජෝ...
    මයේ හිත්පොජ්ජට මොනාද වෙලා

    /බිඟුවා...!

    ReplyDelete
  19. හිත්පොජ්ජ කීතු ගෑවා,
    උෘරු පොජ්ජ කදිමැයැ

    ReplyDelete
  20. අඩෙ බිගුවා.. කෙල්ල ඔරුව ගඟට දාද්දි හැන්දැවෙ වැහි අන්ධකාරයෙ එ දෙවල් විඳින කොල්ලගෙ හිතට දැනුන අදහසද නෙද මෙ තියන්නෙ... හරිම ලස්සනයි හැම වචනෙකම තෙරුම දන්නෙ නැහැ.. නමුත් කියවගෙන යද්දි වචන වල තෙරුම හිතෙ ගැලපෙනවා ඉබෙම...

    ReplyDelete
  21. මමනං හිතන්නෙ ඔරුවෙන් වතුර කාන්දු වෙලා වගේ

    ReplyDelete
  22. @රවා,
    ඔය තියෙන්නේ එලටම කියලා...
    උඹේ සිංහලනම් එලම වගේ...
    මට කියන්න හිතුන දේ උඹට තේරිලා තියෙන්නේ...

    /බිඟුවා...!

    ReplyDelete
  23. @ජීවිතේ,
    එහුන් කොරන්නේ බලාගෙනයි....

    @සසී,
    සාරසුබාව කියන්නේ නම් ඔරුව නෙමෙයි කොල්ලෝ...

    /බිඟුවා...!

    ReplyDelete
  24. රවා අයියා හරිනම් මට හිතුන දේත් වැරදි නෑ...
    කව්ද දැන් නරක දේවල් හිතුන කිව්වෙ... ඕන් හා පැටික්කි එහෙම කිව්වේ නෑ..... :p

    ReplyDelete
  25. කමෙන්ට්ස් ටිකත් කියෙව්වට පස්සෙ නම් තේරුනා වගේ . .

    ReplyDelete
  26. ආවා උඹේ බිඟු ලන්තය දැක ගන්න
    සතුටුයි! සිත් බඳියි! ලියු දේ කියවන්න
    එනමුත් ඇත යමක් උඹ ගෙන් දැන ගන්න
    හේතුව මොකද මැස්සියො අඩුවෙන් එන්න???

    ReplyDelete
  27. @දුකා,
    අහා... එහෙම හරි ගොඩ ගියානම් එල...

    @හා පැන්චි,
    කරලා තියෙන වැඩවල හැටියට මම හිතුවා එහෙම

    @මංජුල
    සයිබරයේ මැස්සියෝ අඩුවෙන් ඉන්නේ
    ඉන්න ගොඩක් අය මෙහි ගැවසෙන්නේ
    මැස්සියෝ නැතැයි කියලා දුක් නොමවන්නේ
    මගේ පාළුවට රැජිණක් බිඟුවේ ඉන්නේ

    /බිඟුවා...!

    ReplyDelete
  28. වෙනස් නිර්මාණයක් බිඟු අයියෙ.......අපූරුයි....කියවගෙන යද්දි ටිකක් තේරුනා... සමහර වචන නම් අල්ල ගත්තෙ තුන් හතර වතාවක්ම කියවල.... :)

    ReplyDelete
  29. සමහර වචන නම් තෙරෙන්නේ නෑ ‍බොල!

    අදහස් පොජ්ජ නං මංද කොරගත්තා!!
    (කිවුවා හරිද මන්දා)

    ReplyDelete
  30. මැස්සියො ගැනම මොකටද මේ විමසන්නේ
    මැස්සන් කෙරේ කිසි ඇල්මක් නෑ වැන්නේ
    ජාතිය කුල‍ය අගම ගැන නෑ මෙහි සලකන්නේ
    බිඟුලන්තය කාටත් පොදු නිවහන වන්නේ

    @විශ්මි,
    ආන්න ඒක වටිනවා.
    කොහොමහරි තේරුම් ගන්න උත්සාහ කරපු එක...
    අගය කලයුතුයි.
    අද හවස ඔක්කොම වචනවල තේරුම කියන්නම්කෝ...

    @ළමයා,
    ඔය තියෙන්නේ....
    ළමයගේ හැටියට හොඳටම ඇති.

    /බිඟුවා...!

    ReplyDelete
  31. අනේ මන්දා..උඹත් ඉඳලා ඉඳලා ලියනවා නේද, අපිව හිරවෙන්නම.
    මට නම් තේරෙන්නේ නෑ...මොනා කියන්නද කියලා.

    අර දාපු රූපේ නම් පංකාදුයි...අම්මපා.

    ReplyDelete
  32. පෙනේද හා පැටික්කි ගැන හිතන් ඉන්න හැටි..... :( රැජිණට රිපෝට් කරනව මම.... :p
    ආයේ එන්නෑ මේ පැත්තේ... නෑ නෑ නෑමයි.... :( :(
    (ඔයා බලන්න නාවට post බලන්න එනව...)

    ReplyDelete
  33. සයිබර් පොජ්ජේ කාල් ගාලා කාල් ගාලා මෙහාට මන්දු කොරා. මෙලෝ පයන්නක් නිච්චි වෙන්නේ නෑ නොවෑ මේ කවි පොජ්ජ.

    ReplyDelete
  34. සාරසුබාව කියන්නේ මොකැයි මයෙ අය්යන්ඩි...

    ReplyDelete
  35. This comment has been removed by the author.

    ReplyDelete
  36. අනුරාධ මල්ලි
    පරිසරයෙ තියන සුන්දරත්වයට වෙන්නැ මල්ලියා.. හප්පෙ ඔයාව දැක්ක කල්..

    එක නෙමෙ බිගුවා.. මෙ වැදි බාසාවෙන් කවි ලියන්න ඉගෙන ගත්තෙ කොහොමද...... හා... හා... හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නෙ එලියෙ පුතා.. ...

    මෙ වැදි බාසාව සම්භන්දව පොත් එහෙම තියනවා නම් දාන්නකො අපිටත් බලන්න...පොතෙ නමයි...කතෘගෙ නමයි දාන්න..

    ReplyDelete
  37. මට මේක තේරුම් ගන්න නම් වැදි භාෂාව වත් ඉගෙන ගන්න වෙයි.

    ReplyDelete
  38. මෙන්න අමාරු වචන් ටික.

    හැන්නැදිරාල - ඔරු අයිති කාරයා
    පුඩිංගු - ඔරුව දියට දානවා
    බිං ඇඳිරිය - බිමට අඬුර වැටෙන වෙලාව
    වැහි ආනාව - වැස්සේ ශබ්දයට මෙන්ම අස්සේ දැනෙන සිසිල් භාවයට
    සාරසුබාව - සිහි කල්පනාව

    තව මොනවාහරි වචනයක් තේරුනේ නැත්නම් කියමුකෝ බලන්න...

    /බිඟුවා...!

    ReplyDelete
  39. හැන්නැදිරාල - ධීවරයින්ගේ වචනයක්
    පුඩිංගු - ධීවරයින්ගේ වචනයක්
    බිං ඇඳිරිය - ධීවරයින්ගේ වචනයක්
    වැහි ආනාව - නුවර ප්‍රදේශයේ වචනයක්
    සාරසුබාව - නුවර ප්‍රදේශයේ වචනයක්

    ReplyDelete
  40. @නිල්-අහස,
    මම ඒ පින්තූරේ හොයා ගත්ත තැන මතක නෑනේ.
    නැත්නම් මම අදාල ලිපිනය දානවා...

    @හා පැටික්කි,
    අම්මට කියනවාමයි එහෙනම් මමත්...

    @හෙළයා,
    මෙලෝ පයන්නක් නිච්චි වෙන්නේ නෑ
    හික්ස්...
    මේකට මට හිනා ගියා...

    @අනුරාධ,
    ඔන්න මම දැම්මා ඔක්කොම විස්තරේ...

    @රවා,
    අනේ මන්දා බං.
    මේකේ තියෙන වචන වැදි භාෂාවේ ඒවාම නෙමෙයි.

    @හුටපටයා,
    දැන් හරිනේ...

    /බිඟුවා...!

    ReplyDelete
  41. අයියා පිස්සු හැදෙනවා.. කොහෙන්ද බං මෙච්චර හොයා ගත්තෙ.. කොහෙන්ද ගත්තෙ....අපිත් ආසයි නෙ වචන අහුලගන්න ....

    ReplyDelete
  42. සමහර වචන නම් මම දැනගෙන හිටිය ඒවා..
    සමහර ඒවා පරණ පත්තර කෑල්ලක තිබිලා මගේ පරණ පොතකින් ලියපු ඒවා...
    තව ටිකක් තියනවා..
    හිමීට අකුරු කරමුකෝ නේද...
    ආසනම් මම ලියන්නම් අද හෙටම...

    /බිඟුවා...!

    ReplyDelete
  43. බිගූ,ඔයාට මාර අදහස්නෙ තියෙන්නෙ.කලාත්මක අදහස්.හැබැයි ඔය වැදි බාසාවනම් මට තේරෙනව අඩුයි.කියල දෙන්න බැරිද.

    ReplyDelete
  44. @පීටර්,
    මේක වැදි භාෂාවම නෙමෙයි.
    භාෂා කිහිපයක එකතුවක්...
    මම දන්නෙත් වචන කිහිපයක් විතරයි අහුලා ගත්ත ඒවා...
    හික්ස්...

    /බිඟුවා...!

    ReplyDelete
  45. මම වැදි බාසාව කිව්වට,ඒව අපේ සම්පත්,මට පේන්නෙ ඔයත් අාසයි වගේ පරණ සිරිත් විරිත් ගති පැවතුම් වලට.

    ReplyDelete
  46. අනිවා..
    අපේ සංස්කෘතිය වෙනුවෙන් අපිම හඬක් නැගිය යුතු නේද?
    ඇමෙරිකන් කාර‍යට තියෙන්නේ අවුරුදු දෙතුන්සීයක විතර ඉතිහාසයක්..
    එහෙමද අපිට...
    විජයටත් කලින් යුගයක් තිබුණා...
    මම ගොඩාක් කැමතියි ඒ අතීතය වල පල්ලට යන එක පොඩ්ඩකට හරි නවත්වා ගන්න පුළුවන්නම්...

    මේ සිංහල බ්ලොග්කරනය ඒකට පොඩි හරි සහයෝගයක් දෙනවා කියලා මට හිතෙනවා...
    එ හින්දා පුළුවන් හැම වෙලාවෙම ඒකට වැඩ කරන්න ඕනේ...
    ඔයා කිව්වා වගේම අර පෝරු වැඩේත් ඒකට සම්බන්ධයි...

    /බිඟුවා...!

    ReplyDelete
  47. අන්න හරි බිගූ. ඔයාට පුලුවන්නම් ෙම් සම්බන්දව යමක් කරන්න. මමත් පුලුවන් වාදිහකට සහයෝගය දෙනව.අපේ රජ වරැ ඒයාල කරපු වැඩ,ඔය වැදි බාසාව,වාගෙ දේවල් ලිපි මගින් අනිත් අය දැනුවත් කරනවනම් ගොඩක් වටිනව.උත්සහ කරල බවන්න.

    ReplyDelete
  48. ඔන්න ඔහොම අපේ කොල්ලෝ ඉන්නවානම් ෆිට් එකට මරුනේ....
    අපේ අතීතය කෑ ගහලා කියාවි

    "අපිව වල දාන්න් හදන්න එපා...
    අන්න ඉන්නවා සෙට් එක අපිව ගොඩ දාන්න..
    උන් ආපුවාම බලා ගන්න පුළුවන් කොහොමද කියලා"

    බලමු... බලමු...
    ඔයා මොනවත් ලියලා තිබුනේ නෑ ඔයගේ බ්ලොග් එකේ...
    ඒකෙන්ම පටන් ගන්න...
    අපි දෙන්නම් ඇති වෙන්න පෙට්ට්‍රල්....

    /බිඟුවා...!

    ReplyDelete
  49. ඔයා මොනදේ කිව්වත් මං රැජිනට කියන එක කියනව.....
    ඊටත් අපේ අම්මට ඕකෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑ... ගෙදර හැමෝම, මා ගැන දන්න ඕන කෙනෙක් ඕක දන්නව.....
    හිහ්...... :) :)

    ReplyDelete
  50. බිඟුවෝ
    තව ටික කාලෙකින් කොහොමත් උඹට රෑට නිදාගන්ක වෙන්නෙ නෑ. ඒ නිසා ඉදිරියෙදි තවත් ලස්සන දේවල් අපිට බලන්න ලැබේවි. නොලැබෙන්නත් ඉඩ තියෙනව. වැඩ වැඩි වෙනවනේ.
    සුභ දවසක්

    ReplyDelete
  51. නුවර කැලෑසිය කිව්වේ මේ පැත්තෙද බිඟු අයියා ?
    සමහර වචන සාරසුබාවට ආවේ නෑ. හැබැයි ගොඩක් වටිනවා. මොකද ඉගෙන ගන්න දෙයක් තියෙනවා.

    ReplyDelete
  52. රවා අය්යන්ඩි
    ඒක නෙන්නම් දකින්නම නතුව ගියා නෙවැ ඔබතුමාව. අපේ වාදෙත් අතරමග චකබ්ලාස් වෙලා ගියා නේද?

    ReplyDelete
  53. අම්මපා බිගු මචො

    බොහොම අමාරුවෙන් නොවැ මේකෙ තෙරුම් පොජ්ජෙ හිත් පොජ්ජෙට වැද්දගත්තේ..

    හැබැයි බොලං මට තේරුම් ගන්න බැරි උනානේ "ඔරුව පුඩිංගු කොරාලා" කියල තියෙන එකේ හරුපේ..

    තෙරුම් කොරලා දියන්කො බොලං...

    -සොරා

    ReplyDelete
  54. අගෙයි නොවෑ බිගුවෝ උබ රාජ ජල්ලිය වත් වලදලාද බොල මේක අකුරු කොලේ

    ReplyDelete
  55. බිඟුවාගේ අළුත් නද අසන්නට ආ අන්තිමයා...

    මයෙ හඳුන්පොතත් කී ගෑවා...
    පංකාදු පහයි නොවැ...
    උඹහැ කීපු දේවල් සාරසුබාවට ගත්තා බොලල්ලා...
    මංගච්චන්ට අවසර...

    ReplyDelete
  56. @බිඟු
    හිපෝටත් මේ ලොකේ දෙයක් තෙරුනේ නෑ අප්පා. :(

    ReplyDelete
  57. mona magulakda me?

    ReplyDelete
  58. @හා පැටික්කි,
    අහා.. එහෙමද එහෙනම්...

    @දයියා,
    ඒක නම් ඇත්ත කොල්ලෝ...
    නින්ද හොයන්න වෙයි කුලියටවත් ගන්න...

    @මිස්සක,
    අපේ නෑදෑයෝ ඉන්නවා බොල නුවර කැලෑසියේ...
    එහෙව් එකේ ඔය වචන මහ දෙයක්ද...

    @අනුරාධ ,
    ඒක නේන්නම්...
    ඔයා ගමේ ගියානේ..
    පස්සේ කතාව නැවතුනා..

    @සෝරෝ ,
    දැන්නම් නම හරියටම හරි වගේ..
    ආ.. ඔය ඉහලින් තියෙන්නේ කියලා
    පුඩිංගු - ඔරුව දියට දානවා

    @නුවන්,
    එහෙව් එකක් නෑ ආයුබෝවන්ඩ...

    @සන්සර,
    එහෙම එකක් නෑ බං..
    අපිට වෙලාව තියෙන හැටියටනේ එන්නේ යන්නේ...

    @හිපෝ,
    ඔන්න ඉතින් අමාරු වචන් ටික කලින්ම දැම්මා..
    කියවලාම බැලුවනම්...

    /බිඟුවා...!

    ReplyDelete
  59. මට නිකම් අන්ද මසක්කං වගේ ... අනේ අම්මෝ...

    ඒත් ලස්සනයි බිඟුවෝ.... අමුතුයි... ඒත් හැඩයි.... මට නිකම් වැදි කෙල්ලෙක් පේනවා පේනවා වගේ ගං ඉවුරක,,,, :-)

    ReplyDelete
  60. අර මොක්කැයි කිරි කැකුලියේ..
    සීපරාද වෙන්ට කලියෙන් දෙඩුවනම්...

    /බිඟුවා...!

    ReplyDelete
  61. අපොයි... ම.ට.. ව..තු..ර... ටික...ක්..... !

    ආදරය උනත් වැදි බාසාවෙන් කියනකොට නිකම් මෙවුවයි මෙවුවයි වගේ මෙයා... හික්ස්... අනේ සංසාරේ !
    :D

    ReplyDelete
  62. ලස්සනයි.ඒත් ඔයාට මීට වඩා කවි සිතුවිලි තියෙන බව තමයි මට හිතෙන්නේ.
    ඔය හිත්පොජ්ජට කැකුළියක් උනත් මන්දො වෙන්න පුළුවන්.තව ලස්සනට ලියන්න.

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!