April 25, 2010

නොවේ මා හා ඇසුරට


බෝමලුවේ
සුදු වැලි තලයේ
ඔබ මොබ
සැහැල්ලු ගමනින්
සක්මන් කරනා ඈ...
පෙරදා පරම පිවිතුරු
පෙම්වතිය ප්‍රේමයේ
සදාතනික බව පැවසූ...
ඇයම අද සිවුරු දරා
මා තනිකර සිතිජය පුරාවට
කඳුලු පුරවා...
යලි යලිත් උපනත් මගේ
සිතේ අතීත ප්‍රේමය
නොවේ මා හා ඇසුරට
පැවසූ දහම
කණට අම බිඳූ
මනසට මෙන්ම...








6 comments:

  1. යමු යමු පෙරටම

    ReplyDelete
  2. මෙහෙණියක වී සසර කතරින්
    එතෙර වන්නට පාරමී පුරනා
    ඔබ පෙම්වතියක් ලෙසින් එදා මා
    පෙමින් එදා මා ළඟ උන්නා....

    ReplyDelete
  3. බිගුවො..ඔය නම් මාරයි..මට නම් කොමෙන්ට් එකක් දාන්නත් ඔයිට වඩ වෙලාවක් යනව,,ඔන්න වතුර පාරක්..අහ්..මාවත් නැ වුනා..

    ReplyDelete
  4. හ්ම් දුකයි තමයි.....

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!