April 25, 2010

තනිකරලා බොඳ වූ සිත්තම සේ මේසය මත වූ


දෙනෙතින් ගිලිහුනු
කඳුලක්
තෙත් කලා
සිතුවම මේසය මත වූ
ඔබ වෙනුවෙන්ම
සැකසුනු
ඔබ වෙනුවෙන්ම
පාට කළ....
බොඳවුනා සිහින
කඳුළු බිඳුව
බොඳකලා සේම
තනිකරලා බොඳ වූ
සිත්තම සේ මේසය මත වූ

2 comments:

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!