April 30, 2010

මා දුටු මිනි මැරතන්- බිඟු ලන්තයේ ජල ප්‍රවාහකයෝ


ඔන්න හරියටම 8.05ට පළවෙනි ලිපිය ලියලා "ඩම්පිට ඩම් පටෝන්..." කියලා දුවන්න ගත්තා. "උදාරයා" තමයි ඉස්සරලාම වතුර බාල්දිය ඇද බෑවේ. දෙවැනියට "රේවන්" නොහොත් "මහ කපුටා" සහ නයාගේ ලොකු එකා ඒ කියන්නේ "මුචලින්දයා" තුන්වැනි වතුර එක ඇද බෑවා. ඔය අස්සේ මාරයාත් ආවා. හැබැයි මාරයා එනකොට 3 වැනි ලිපියත් ලියලා ඉවරයි. ඔය අතරේ රේවන් හා උදාරයා දෙවැනි බාල්දියත් ගහලා ඉවරයි. ඒ කොහොමහරි පළවෙනි ලිපියට අවසන් කොමෙන්ටුව "තිසර" කවියකින්ම ලියලා තිබුනා.

මේ අතරේ ප්‍රභාත්ට තිබුණා "අහිංසක කෙල්ලෙක් කොහොමද දඩබ්බර" වෙන්නේ කියලා ප්‍රශ්නයකුත්. අනේ කවුරුවත් ඒකට උත්තර නම් දීලා තිබ්බේ නෑ... තුන්වැනි පුද්ගලයා නොහොත් "තර්ඩ් මෑන්", විශ්මි සමග මරණය ළඟා උනා හීමීට බාල්දි උස්සාගෙන ඔන්න. "සිප ගන්න ඇත්නම්" කිව්වා විතරයි මෙන්න "විහඟිගෙ සිතුවිලි" පහල උනා(මට නම් නෙම්යි ඔන්න).

හිතුවක්කාරියක් ආවා ලොකු වතුර බවුසරයක් නැගලා. ගහලා තිබුණා "මිස්සක නම් වතුර, වතුර නම් මිස්සක" කියලා බෝඩ් එකක්. රාත්‍රීයේ ගමන් යන්නා නොහොත් නිසාචරයා නයෙක් අරින්නේ නැතුව මට මදුරුවෝ එලවන විදිය කියලා දුන්නා.

මට එක පාරම හිතුනා පුරා සඳේ කවියක් ලියන්න. ඒත් මං හිතුවා කවුරුත් එන එකක් නෑ ඒක කියවන්න කියලා. බලපුවාම ඔක්කොමලා හඳ දිහානේ බලාගෙන ඉඳලා තියෙන්නේ. 19 දෙනෙක් හඳටම වතුර පොම්ප කලානේ. වත්, නුවන්, හෙළයා, නිමන්ති සහ කවි ද මන්දා අලුතෙන් එකතු උනා වතුර ගහන්න. එකෙක් අහපි "ඇයි බං හාවා... ඒකාවත් නැද්ද" කියලා... ඒකට නම් හිනා හිනා....

ඉතින් රෑ හින්දා මම පැතුවා හැමදාම වගේ මගේ කුමරියට සිහිනෙනුත් එන්න කියලා... මේක කිව්වා විතරයි සපෝටර්ලා අහනවා පෙත්ත ගත්තේ නැද්ද කියලා. හික්ස්... පුන්චි සොරොව්වට නිෂ්ට ආසා හිතිලා එයත් ඔන්න එකතු උනා. පඤ්චාංගය ගැන කිව්වා විතරයි දුටුගැමුණු ආවේ නැතැයි කඩුවක් අරගෙන කොටන්න... මෙන්න කුම්භකර්ණයා අහනවා බිඟුවෝ ගොන් වැඩ කරනවාද කියලා... ඔය අස්සේ ස්භාවධර්මයෙන් ඇමතුමක් ඇවිල්ලා තිබ්බා.

මට මතකයි කිව්වාම රවිමල්ට මතක් උනේ ගොම බෙට්ටක් උඩට පැනපු කතාවක්. පස්සේ හරියටම අහ ගන්න ඕනෑ ඒ කතාවත්. මම බොරළු පාරට හැරුනා විතරයි බුදු අම්මෝ මෙන්න මුහුදක් අරගෙන හසී එනවා. රවා කැමති උනා මා එක්ක බොරුළු පාරේ යන්න. මම ඉතින් මුකුත් කිව්වේ නෑ ඒකට නම්.... ජික්ස්...

මේ අතරේ මම පොඩි කෙටි ක්‍රමයකුත් කියලා දුන්නා කොහොමද වේගෙන් දුවන්නේ කියලා. මෙන්න එක පාරම හදිසි නිවේදනයක් ගියා මෙහෙම. "සුන්දර යුවතිකගේ සෙනෙහස වහාම ඕනෑකර තිබේ". ඔන්න ඊළඟට බිඟුලන්තය ගැන ලියන්න ගත්තා. මෙන්න බලනකොට මගේ අමෘතය හසී වෙනස් කරලා. මම මෝඩ ගිම්හානයට එන්න එපා කියලත් කිව්වා, මොකද වසන්තයා ඉන්නවානේ දැන්.

මහ රෑ වෙනකොට මගේ එක වතුර පයිපයක් ගැලවෙන්න හැදුවා. ඒත් කොහෙද ප්‍රධාන පෙලේ වතුර සපයන්නේ 3 න් දෙනෙක් අතරේ ද්වන්ධ සටනක් (හික්ස්..) තිබ්බා. එකෙක්වත් නිකන් ඉන්නේ නෑ. පරදින්න කැමතිත් නෑ. හසී, නිසාචරයා සමග මිස්සක. මේ වෙලාවේ මට හිතුනා කට්ටිය පවා දෙන්නත් ඔන්න. මම ෆුල් ඩම් එක දාලා දුවනකොට මෙන්න ආවා පැන පැන යන එකෙක්... ඇදගෙන ආවේ නැතැයි හෙන වතුර බෝතලයක්... ඒකිගේ ගෙම්බත් එවන්න හදනවා ඔය අස්සේ මදුරුවෝ මරන්න...

මීයාගේ මැද එක කරකවනකොට හා පැටික්කිට මීයෙක් නැති හින්දා ඒක ප්‍රශ්නයක් උනේ නෑ.... එයා තනියම බිස්කට කනවා. වස් කවියකුයි සෙත් කවියකුයි දෙකක්ම කිව්වා.  හසියා එක පාරම මගේ උකුස්ස ඩිලීට් කරන්න හැදුවනේ...
.........
.........
.........
ආ තව එකක්.. හසීලා දෙන්නෙකුත් හිටියනේ. තව ටිකෙන් මාරු වෙනවා
.........
.........


ඉතින් මේ විදියට මේක ලියන්න ගියොත් එහෙම අකුරු මදි වෙයි කියලා දැනට මම නවත්වනවා. මෙන්න අවසාන ප්‍රථිපලය.


බිඟු ලන්තයේ ලොකුම ජල ප්‍රවාහකයෝ ලෙස "හසී" සහ සමාගම සම්මාන ලබා ගත්තා.
දෙවැනි ස්ථානයට හා පැටික්කි පත් වූ අතර තෙවැනි ස්ථානය නිශාචරයා ලබා ගත්ත. මෙහිදී හසී ශතකය පෙනි පෙනී සිටියදී ඔහුගේ ජල නල පද්දතියේ සිදු වූ දෝශයක් නිසා එය අහිමි වී යෑම විශේෂ සිද්ධියක් වුනා.

මෙලෙස මේ තරඟයට තරඟ කරුවන් "77" දෙනෙක් සහභාගී වූ අතර ජල පහර "679" ක් එල්ල කර තිබූ බව බිඟුලන්තයේ ප්‍රවෘත්ති අංශය දන්වා සිටියා.

තවද මෙම සියළුම තරඟ කරුවන් කල සේවය අගය කිරීමක් වෙනුවෙන් ඒ සෑමදෙනාටම තම විශේෂ ස්තුතිය හා ප්‍රණාමය පුදකර සිටින මෙන් බිඟුලන්තයේ බලධරයින් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටියා.


1 හසී 97
2 හා පැටික්කි (MS) 72
3 නිශාචරයා 67
4 මිස්සක 53
5 තර්ඩ් මෑන් 42
6 බිඟුවා…! 41
7 Ansh Lucky Sri Jay 27
8 Raven 23
9 හසී 23
10 විශ්මි 21
11 wath 20
12 රවා 20
13 ළමයා 15
14 Yasela Sumanasinghe 12
15 උදාරයා 9
16 Prabhath Darshana 6
17 කුම්භකර්ණයා 6
18 මිත්‍රයා 6
19 DJ Slash (ස්ලෑෂ්) 6
20 Madhuranga Rathnayake 6
21 Naya 5
22 Anonymous 4
23 සුළග 4
24 RoshanHerath 4
25 මල්$han 4
26 චේජනා 4
27 nimanthi 3
28 තමීර | Thameera 3
29 නිෂ් 3
30 චතුරංග රූපසිංහ 3
31 mahesh 3
32 ආදර කතාව 3
33 දයියා 3
34 a 3
35 2
36 නුවන් චින්තක 2
37 dutugemunu 2
38 කවි ද මන්දා 2
39 Madhawa Habarakada 2
40 හසිත කොල්ල 2
41 සොදුරු සිතැත්තී 2
42 .::පිස්සා::. 2
43 änthräX 2
44 විහඟ ගීතය 2
45 ගයන්ත 2
46 Prabhash 2
47 කාලිංග 2
48 මම 2
49 mymrna 2
50 මුචලින්ද 1
51 මාරයාගේ හෝරාව 1
52 තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි 1
53 හෙළයා 1
54 Anu 1
55 තීර්ථ යාත්‍රිකයා 1
56 Thilina 1
57 Ravimal 1
58 freedom 1
59 CD Athuraliya 1
60 දුකා 1
sd
61 ජීවිතේමල් 1
62 punchisamanalee 1
63 ප්‍රියන්ත කරුණාරත්න 1
64 කසුන් නදීහන 1
65 ඉශාන් තිළිණ 1
66 leks’ world 1
67 Confiuzd ප්‍රෝග්‍රැමර්1
68 වැප් 1
69 Hipo 1
70 Uraj Deemantha 1
71 අනුරාධ 1
72 Outsider 1
73 chutte malli 1
74 නිර්මල 1
75 කස්සා 1
76 peter bernard dolahamunage 1
77 කසුන් නදීහන 1



අපේ වතුර සපයන්නන්ට ජය වේවා!
අපේ වතුර සපයන්නන්ට ජය වේවා!!
අපේ වතුර සපයන්නන්ට ජය වේවා!!!




තවත් එකෙක් ඇමති කෙනෙක් අමු අමුවේ සිහි කලා

විදුලිය හෙණ හඬ සමගින් එකතු වෙලාය
ඒ හින්දම මගේ කන් බෙර සිදුරු වෙලාය රෑ හරියට නෑ නින්දක් ගෙරවිලි එය මගේ නොවේය අහසින් ඌ පැන්න නමුත් මගේ නිවස බේරිලාය උඩින් උඩින් පැන යන මහ වැස්සක් අස්සේ පොඩි ළමයින් සැංගුනාය ඇඳ රෙද්දක් අස්සේ ලොකු අයටත් පොඩිම බයක් දැනේවි ඔය අස්සේ ගෙදර මුට්ටු බඩු පිච්චෙයි විදුලි කම්බි අස්සේ වැස්ස තදයි හරිම තදයි ඊයේ මුළු රෑ පුරාම හරියට මට නින්දක් නෑ විඩාව මුළු ගත පුරාම අද උදේම ආවා මා කන්තෝරුව දිහ බලාම එන්නේ කොහෙද මේ වතුරේ කම්මැලිකම සිත පුරාම අමාරුවෙන් නැගුනා මා කම්මැළිකම ඉවත දමා රෝද දෙකක් නිසා මෙමට ගමන ටිකක් පහසු තමා එනමුදු එය ලේසි නොමැත කියනා ඔය සැවෙම තමා බස් එකකට අපව පෙනේ හිතන්න බැරි කරුණ තමා පිළියන්දල පසු කරමින් වේගෙන් මම පැද ආවයි කිහිපදෙනෙක් මා පසු පස එලවන්නට වූවයි හනික සැවොම එක පාරට වේගය ඇඩු කෙරුවයි බුදු අම්මෝ පෝලිමයක්ය යටි හිත මට කීවයි ලොකු වාහන පාරේ අද මොකද මේ කරන්නේ පොඩි පොඩි අය ඒ අස්සෙන් රිංගාලා යන්නේ මම හිතුවත් රිංගන්ට වතුර කඳක් දකින්නේ මුළු පාරම යට වෙලාය කවුරුත් එය කියන්නේ මොනා කරන්නද දැම්මා මං පළමු ගියරයට ආර් පී එම් එක නැග්ගුව අසූ හාරදාහකට වතුර ගියොත් කම්මුතු වෙයි සිතේ සැකේට හිමින් හිමින් පැද්දා මහ වතුරේ ඉදිරියට ඒ.සී. බස් එක කැඩිලා මහ පාරේ කරදරේ සාරි ඇඳන් නෝනලා දැන් ඉන්නේ කරදරේ මේවා ඇඳන් කොහොමද අපි යන්නේ කරදරේ මොනා කරනවද කියමින් කොන්දොස්තර බර බර්‍රෙ තවත් කෙනෙක් අපිට බනියි ඇඟේ වතුර ගෑවිලා අපි යන්නේ අමාරුවෙන් වලවල් ටික බේරලා ඉතින් අනේ මොකද වදේ මේ ටික දැන් අතිවෙලා තවත් එකෙක් ඇමති කෙනෙක් අමු අමුවේ සිහි කලා කවුරු නමුත් විසඳුමක් දෙන්න කාලය ඇත එලඹිලා මොකද කියන්නේ ඇත්තට අපිට මේක ඇති වෙලා කියන දෙයක ඇහෙනවනම් අසරණ අපි එක් වෙලා ලොකු පුටුවේ ඉන්න ඈයෝ මෙලහටත් දුක් වෙලා

April 28, 2010

සිංහල අක්ෂර පරිවර්ථකය

වැඩි විස්තර නෑ. ගිහින් බලන්න.

http://www.google.com/transliterate/Sinhalese



April 25, 2010

ගිනි ගින්දර


හරි ඔන්න නිල වශයෙන් මම නැවතුනා...

අවසාන මිනිත්තු කිහිපය ඔබ වෙනුවෙන්...

කියන්න තියෙන්නේ පට්ටම කියලා...
මේ ගැන පසු වදනක් වෙනම ම ලියන්න හිතාගෙන ඉන්නවා.
ඔන්න නම් වශයෙන් කියන්නේ නෑ මම...
ඔක්කෝලටම ස්තුතිවන්ත වෙනවා හැමදේටම.... (පසුව ලියමි )

එලම එල


ගිනි ගින්දර

අවසාන මිනිත්තු 15 නේද...


අවසාන මිනිත්තු 15 නේද...
මල කෙලියයි...
අරූ මාව ඉස්සර කලා නේද...
ජෙමාගේ හරකා පස්සේ අඹන එකේ මේකා මහ කජ්ජාක්ද?
හිටු ඔහොම දෙන්න බැටේ....

කවි සිතිවිලි හිත ඇතුලේ පෙරලෙනවා



කවි සිතිවිලි හිත ඇතුලේ පෙරලෙනවා
ඒ සිතිවිලි පත් ඉරුවල බොඳ වෙනවා
පත් ඉරු තුරුළු කරගෙන දැන් එනවා
මේවා මොටද මං ආපහු යනවා

පත් ඉරු බොඳ උනේ තීන්ත පොදින්ද
නැත්නම් එය උනේ සිතිවිලි වලින්ද
එය මොක උනත් හදවත ඔබේ හොඳින්ද
නැත්නම් මගේ හදවත දැන් එවම්ද

ඔබේ සිතත් මේ ලෙස බොඳ වේද
එවන් මෝඩ පැණයක් කෙලෙසක අසම්ද
අසනට සිටියේ සිත ගැන නොව  ගත ගැන නොවෙද
එහෙනම් ඔබේ සිත නොව ගත හොඳින්ද


ගාන්නේ කොල්ලෝ ගාන සබන්...


වත් ඒ අස්සේ මාව නාවලා දුවවන්න හදනවා..
එහෙම බෑ... සබන් එපා...
වමනෙට එන්න පුලුවන්නේ...
අනිම මම් ලක්ස් ගාන්නේ නෑ...

අපි කොල්ලොනේ...
ගාන්නේ කොල්ලෝ ගාන සබන්...

ඕනෑ එකක්... මගේ ඔලුව බේරලා...


මෙන්න ඔය අස්සේ මගේ වචන ගනන 4000ත් පැන්නා... මරු මරු...
මම හිතාගෙන හිටියේ 300ක් ලියන්න... ඒත් කොහෙද මේ වතුර ගැහිල්ල එක්ක බෑනේ...
දුවන්නමයි හිත.... ඔය ඔය...
ඕනෑ එකක්... මගේ ඔලුව බේරලා...

එහෙනම් ආයෙත් දිව්වා

මම දැන් ඉන්නේ ඉතාමත් වේගයෙන් දුවන මන්තීරුවක... වේගය බොහොම අදිකයි... වැරදිලා ඉර කපාගෙන ඩුවන්න ඉඩ තියෙනවා.. එහෙම කලා කියලා මාව අයින් කොරනවා නෙමෙයි ඔන්න... එහෙනම් ආයෙත් දිව්වා

යන්න එපා කොහෙවත් ඔන්න....


මේ යන්නේ අන්තිම හරිය, ඉතින් අකුරු පැටලිලා ඇති ඕනෑ තරම්...
ඔන්න ඉතින් ඒවා හදාගෙන කියවනවානම් අගෙයිකියලා මම මතක් කරලා දෙන්නම්කෝ...
ඔන්න එහෙනම් තව පැය 1/2 ක් වත් නෑ මේක අහවර වෙන්න....

යන්න එපා කොහෙවත් ඔන්න....

මේ දිව්වා ජීවිතේටම ඇති.


ඔන්න ඉතින් මට ඔයාලගේ බ්ලොග් වලට රින්ගල වතුර පාරක් ගහන්න බැරි වෙච්ච එක ගැන මගේ අවංක ශෝකය පලකර සිටිනවා. ඒ ගැන අහිතක් හිතන්නේ නැති වෙයි කියලා හිතනවා... ආයේ මම දුවන්නේ නෑ... වතුර ගන්න සෙට් වෙන්නම්..
මේ දිව්වා ජීවිතේටම ඇති.

අපේ පූසා කළුම කළුය.

අපේ පූසා කළුම ක  ළුය.
ඉන්නේද කළුවර තැන්වලමය.
හොයන්නේද කළුවරමය.
අපිට හොයා ගන්නට බැරිවන්නේද කලුවරේ ඉන්න විටය.

අපිට ඕනෑ බාල්දිවලින් ගහන වතුරමයි...


මෙන්න බූලි වලින් වතුර ගහනවෝ...
එහෙම බැරියො....
අපිට ඕනෑ බාල්දිවලින් ගහන වතුරමයි...

එක හසියෙක් ගියා... තව හසියෙක් ආවා...


එක හසියෙක් ගියා...
තව හසියෙක් ආවා...

ඒකට  කමක් නෑ.. ඔන්න වතු දෙන්න ඕනෑ නාන්න..
මොකද තවම නෑ මූණ හෝදලා...

ජීවිතය මෙසේ වීද




පාවෙන නිවසක්
සිතෙයි ආනන්දයක්
සිසිල් සුළං රැල්ලක්
ගත පිනවයි විඩාව දුරලයි
ගෙනෙයි මන්දහාසයක්
අතරින් පතර තියෙන
කුඩා සිදුරු සදයි
වියත් දැලට මංමාවත්
කිරණ ගලයි
පාවෙන ඔරුවක්
ගමනට අපහසු එහා මෙහා
නමුත් පැදිය යුතු
පොඩි උන්ට සෙල්ලම
මහවුන්ගේ ගිනිහිස මත
ජීවිතය මෙසේ වීද
ගලන ගඟක
තනිව පාවෙන

තව මිනිත්තු 30යි...


තව මිනිත්තු 30යි...
නිදිමත නම් ගියා ඔන්න..
මගේ රැජිනත් ආවා මගේ වැඩ බලන්න...
අලුත් කික්ස් එකක් ආවා...
අවසන් මෙහෙයුම් කරන්නේ...

අභීතයනි...


කෝ මගේ දුනුවායන්
වරෙල්ලා..
උබලා රට වෙනුවෙන්
කරනා උත්තම
පූජාවට සූදානම් වෙයල්ලා...
තොපේ එක් හීයක්වත්
නාස්ති නොකරල්ලා..
සියල්ල
සතුරු කඳවුරු විනාසයට යොදල්ලා
බිය නොවව්...
අභීතයනි...



සතුරාගේ පපු කුහරයටම...


අබලන් වූ
මගේ අසරුවානෙනි
පදවපන් උබේ
අශ්වයා
ලඳු කැලෑ
උඩින්...
වාවාපන් උබේ
හද වත
හසුරවාපන් උබේ
අසිපත
සතුරාගේ පපු කුහරයටම...

අවසන් සටන


අවසන් සටන
පටන් ගෙනය
සතුරා විනාශ කළ
යුතුමය
සිංහල කම වෙනුවෙන්
යුද පිටිය
දෙවනත් කල යුතුය
කිසිවකුට බිය විය යුතු නැත...
අසිපත මා සතුය...

ඉඳා.....

තව මොහොතක්



සොඳුරු නිමේෂයක
අවසානයක්
වෙනත් කෙනෙකු හා
බැඳුනු සිතක්
තව එකෙකුගේ
සිහින මාළිගාවක්
පවා දෙන්නට
ස්වංහදවත
මොහොතින්
වෙනස් කරන්නට
වෙනස් වන්නට
නෙත් යුග  දල්වා
ගතවෙන යුගයක්

අවසන් සංග්‍රාමය


අවසන් සංග්‍රාමය
එළඹ ඇත
යුදය අවසන
බොහෝ වීරයන් මැරිලාය
සමහරු අතහැර ගොසිනි
රන සූරයන් කිහිප දෙනෙක්
තවමත් අභීතව
කාලය හා පොර බදමින්
සිල්ප දක්වති

මගේ කැකුලියේ...


අත්වැල වී
මගේ දිවි මගේ
දිගු ගමනක් යන්නට
සිනා පොකුරුකදී මෙන්ම
කඳුලු ගංඟාවකදීත්
නොසැලී යන්නට
ඔබට විරිය
මගේ කැකුලියේ...

විස කටුවක්


විස කටුවක්
සියුමැලි පුංචි පා
සිදුරු කරන්නට
අරා සිටිනු දැක
ඉවත් කෙරුමට
දැරූ තත
ඔබ නොමදැන
යථාර්තය
සැඟවී අඳුරේම
දොස් නගනු ඇත,
යම් දිනෙක කියනු ඇත
දැනෙනු ඇත
කිම විය එදා...

ජීවිතයේ නීති සියල්ල

ජීවිතයේ
නීති සියල්ල
උගෙන
යම් යම්
ඒවා
කිහිපයක්
සිඳලන්න
ගෙනේ
සිතට
ප්‍රබෝධයක්
තමාද
අන් අය
මෙන්ම
වැරදි
කරන නියාවෙන්...

ඉර ගල වැටෙන


ඉර ගල වැටෙන
වෙලාවේ ඉඳලාම
අරුණෝදය වනතුරු
එක සීරුවට
අකුරු කෙරුවයි
සයිබරය පිරෙන්නට
වතුර පාරක් විය
නැහැවෙන්නට
මුළු ගතම
විඩාව දුරු වන්නට
නැවත දුවන්නට....

සිතාසි

ආ බඩුවක් කියන්න බැරි උනානේ.. පහු ගිය සතියේ පොලිස් මහත්තයෙක් මට නවතින්න කියලා සංඤා කලා. මම ඒක අහන්නේ නැතුව 100 ට පැද්දා. ඒක පට්ට ආතල් උනා. හැබැයි ලබන සතියේ මට උසාවි එන්න කියලා සිතාසි එයිද දන්නේ නෑ...

විරිය දෙන්න සවිය දෙන්න


දෑස නිදි බරයි
අකුරු ඇදවෙයි
සිතිවිලි අයාලේ යයි
කිසිවක් නෑ හරියට ගැලපෙන්නේ...
මිනිත්තු 90ක් දුවන්න
විරිය දෙන්න
සවිය දෙන්න

දැන්නම් ලියැවෙන්නේ නිකන් වචන විතරයි.


දැන්නම් ලියැවෙන්නේ නිකන් වචන විතරයි. හරියට ගැලපෙන්නේ නෑ.... අකුරුත් පැටලෙනවා... ඒත් තව පොඩ්ඩනේ.. ඔන්න ඔහේ ඉන්නවා....

එකම එක යතුරක්

එකම එක යතුරක්
එකම එක
යතුරු හිලක්
වෙන්වුනු
යතුරු කැරැල්ලක්
යතුර ගෙවුණු කල
තවත් එවන්ම
යතුරක්
කැමති උනත්
නැතත්




පිංතූරය

ජීවිතේ මල්

ජීවිතේ මල්
අම්ම ඉන්නකල්
අම්මා නැති කල්
අපි විහින් පල්

එයත් එම් බී බී එස් ද?

මෙය මාගේ බිරිඳගේ එක් නෑදෑ කෙනෙකුගේ දුවක කී කතාවක්. කතාව මෙසේය. ඇයගේ වයස අවුරුදු 7ක් හෝ 8 ක් වන්නට ඇත. ඇගේ කිරි අම්මා නොහොත් ආච්චී නිතරම පාහේ තමාගේ වාසගම ගැන පුරසාරම දොඩන්නියක වූවාය. අපි නම් "කුළුමීමාගේ ගොන්කිරි උන්නාන්සේලාගේ..." මිනිස්සු. අපේ වරිගේ ඇත්තෝ මෙහෙමයි. මෙවැනි දේ නිතර කියනා බැවින් අපේ කථානායිකාව වන පොඩි එකීද මේ වාසගම යනු කුමක්ද කියා දැනගෙන සිටියාය.

දිනක් හදිසියේම ඇය එක් වෛද්‍යවරකු වෙත රැගෙන ගියේ ඈට තිබූ අජීර්ණයකට ඔසුවක් සොයනු පිරිසය.


සෙනඟ තරමක් වූයෙන් ඔවුනට ටික වෙලාවක් අසුන් ගෙන සිටින්නට විය. මේ අතර අර කී වෙදදුරාගේ එක් දැන්වීම් පුවරුවක් අසල බිත්තියේද එල්ලා තිබිණ. පොඩි එකී මෙය කියවන්නට විය. හදිසියේම ඈ මෙසේ කියන්නට විය.

"අම්මේ මෙයත් එම් බී බී එස්. මේයා අර දොස්තරගේ නෑදෑයෙක් වෙන්න ඇති නේද?"

මෙය ඇසූ දෙමාපියන්ට සිනහා නවතාගත නොහැකි වුවත් අසල සිටි අයට සිද්ධිය තේරුණේ නැත. ඒ කිසිත් නොකියා දෙමාපියන් ආපසු නිවසට පැමිණ ආච්චී සමග මෙය පවසා ඇත. ඊට පසුව ආච්චීගේ කියවිල්ල ටිකක් අඩු වූ බව ද ඒ කී නැන්දා අප සමග පැවසුවාය.

පිංතූරය

ලේ පිපාසිත රුදුරු පාපතරයනි

ලේ පිපාසිත
රුදුරු පාපතරයනි
නොබී
ළදරු රුධිරය
පලයව්
මහ වන මැද
සොයව්
තොපිටම වෙන්වුනු
තිරිසන්
ලේ

ආයෙත් පරිසරයට විනාඩියක් ඔන්න

ආයෙත් පරිසරයට විනාඩියක් ඔන්න

මට කියා පාන්නටද නංගියේ....


හිමිදිරියේ
උදාවන හිරු කිරණින්
විකසිත වන්නට්
පෙරුම් පුරනා
අවිහිංසක
පුංචිම පුංචි
මල් පොහොට්ටුවක්
මා ඉදිරියේ
කුරිරු ලෙසින්
තලා දැමුයේ
හදවතේ කුරිරු බව
මට කියා පාන්නටද නංගියේ....

පොඩි එකක්

ඔන්න එක ගහක හිටියලු කුරුලු රංචුවක්. ඉතින් දවසක් මේ ගොල්ල පිල් දෙකකට බෙදිලා හිටියලු. ඔහොම ඉන්නකොට එක පිලක ඉන්න එකෙක් කිව්වලු මෙහෙම.

"උඹලගෙන් එකෙක් අපිට දීපල්ලා, එතකොට උඹලගේ ගානට අපේ ගාන සමානයි"

ඒකට පිළිතුරු විදියට අනිත් පැත්තේ එකා මෙහෙම කිව්වලු.

"උඹලගෙන් එකෙක් අපිට දීපල්ලා, එතකොට උඹලාගේ ගාන වගේ දෙගුණයක් වෙනවා අපි"



ඉතින් මෙහෙම කියවා ගත්ත කමක් නෑ.

මට කියන්න එහෙනම් මේ රංචුවේ කීයක් හිටියද කියලා?

පිංතූරය

මගේ සුරතලා අපේ බල්ලාය.

මගේ සුරතලා අපේ බල්ලාය. උගේ නම ටාසන්ය. අපි ඌට ගොඩාක් ආදරය කරමු. ඌ කලු පාටය. ඌට කකුල් හතරක් ඇත. ඇඟිලි 20 ක් ද ඇත.සමහර බල්ලන්ට ඇත්තේ ඇඟිලි 18 ක් හෝ 19කි. අපේ බල්ලා අනිත් බල්ලන්ට සපා කනවා. ටාසන් අප සමග වැවට නාන්නට යන්නේය. ටාසන් වැඩියෙන්ම ආදරේ මටය. අරේ ඌ අපේ ගෙදර ආරක්ෂකයාය. සමහරදාට ඌ මාත් එක්ක පාසල ළඟට එන්නේය. ටාසන් මාත් සමග හවසට සෙල්ලම් කරයි. අපිට ටාසන් දුන්නේ කුමාර මාමාය. කුමාර මාමා ළඟ තව ටාසන් කෙනෙක් ඉන්නවා.

පොඩි බිඟුවා
4 වසර

අම්මා කෙනෙක් නෙමෙයි අම්මගේ

දැන් කියන්න හදන්නේ නම් ටිකක් විතර අපි හිතන්නේ ඕනෑ දෙයක් ගැන. මේ ළඟදී මගේ නැන්දම්මා මෙහෙම කතාවක් කිව්වා මාත් එක්ක...

"අම්මා කොහෙද යන්න හදන්නේ?" මං ඇසුවා.
"අපේ අර ටීචර් කෙනෙක්ගේ අම්මා කෙනෙක්ගේ මළ ගෙදරක් වෙලා."
"නෑ නෑ.. අම්මා කෙනෙක් නෙමෙයි. අම්මගේ මළ ගෙදර.."  කියලා ආයෙත් එය නිවැරදි කලා.

පස්සේ තාත්තා ඇහුවා මෙහෙම.
"ඒක දැන් කියන්න පුළුවන් අම්මා තාත්තාට විතරද?"

"ඔව්නේ. එහෙම නැත්නම් ඉතින් ඉන්න ඕනේ ඔය කියන ජාතියෙන් එක් කෙනෙක් විතරනේ..."
කියලා අම්මා කියාගෙන ගියා.. කතාව නම් දිගටම ගියා.

අපි කියන විදිය වැරදි තමා නේද? බලන්න අපි කියන්නේම අඳුරන කෙනෙක්ගේ කෙනෙක් අම්මා කෙනෙක් කියලනේ. නමුත් එයාට ඉන්නේ එකම අම්මා කෙනෙක් නේද? ඉතින් මේ භාවිතය වැරදියි කියලා මටම හිතුනා. එහෙනම් ආයෙත් කියනකොට මෙහෙම කියන්න...

"මම අඳුරන කෙනෙක්ගේ අම්මා/තාත්තා අසනීප වෙලා."

"මම අඳුරන කෙනෙක්ගේ අම්මා/තාත්තා කෙනෙක් අසනීප වෙලා."
කියලා නෙමෙයි ඔන්න

නොවේ මා හා ඇසුරට


බෝමලුවේ
සුදු වැලි තලයේ
ඔබ මොබ
සැහැල්ලු ගමනින්
සක්මන් කරනා ඈ...
පෙරදා පරම පිවිතුරු
පෙම්වතිය ප්‍රේමයේ
සදාතනික බව පැවසූ...
ඇයම අද සිවුරු දරා
මා තනිකර සිතිජය පුරාවට
කඳුලු පුරවා...
යලි යලිත් උපනත් මගේ
සිතේ අතීත ප්‍රේමය
නොවේ මා හා ඇසුරට
පැවසූ දහම
කණට අම බිඳූ
මනසට මෙන්ම...








ආදර සයනයිඩ්


මල්සරා
පුරාණ මල්
දුන්න කැලයට
විසිකර
නව සහස්‍රයට
අති නවීන
මල් තුවක්කුවක්
ගෙන ආදර සයනයිඩ්
ගෙල පලඳා
ඔබ මොබ යනු
මීට දින කිහිපයකට
කලියෙන්
දුටිමි එක් වීථියක

තොග වශයෙන් ලිපි ලියන්නන් ඕනෑ කර තිබේ

හනික ලියන්න බිඟුලන්තයට.

වචන 3000ක් තමා මගේ ඉලක්කය


වචන 3000ක් තමා මගේ ඉලක්කය. ඒකෙත් වැඩියෙන් ලියන්න ඕනෑ නිසැඳැස් වෙන්නත් ඕනෑ.. මොකද මේක බිඟු නාදයයි සයිබරය පුරාවට නැගෙන. ඒ හින්දා පුලුවන් තරම කවි ලියන්න ට්‍රයි එකක් දුන්නා. සෑහෙන්න සාර්ථකයි වගේ... තව 150ක් විතර ලිව්වානම් මම ගොඩ වගේ... බලමු බලමු... පත්තර වගේ ලිපි ලියන්න අදහසක් තිබ්බේ නෑ. ඒ මොක උනත් මේක මට වතුර සප් එක උනු දුන්නු ඔක්කෝමලට ස්තුති කරන්නත් අවස්තාවක් කර ගන්නවා... එහෙම කිවා කියලා යන්න එපා දැම්ම... තව එලි වෙන්න වෙලා තියෙනවා....
හික්ස්...

මගේ ඩොන්ගලේ හොරු ගෙනිහිල්ලා-II

දැන් මොකවත් කියන්නත් බෑ. අහන්නත් බෑ. මොකද හොඳ විශ්වාස අය හින්දා. අපි අයෙත් අහුවා අර අක්කගෙන්. එයා කිව්ව නෑ කියලා. ඒත් මගේ හිතනම් කිව්වේම එයා වැරදිලා ගෙනියන්න ඇති කියලාමයි. ඒ අක්කා වැඩ කරන්නේ අපේ නංගිත් එක්ක. ඔන්න දැන් අපි ගේ පීරලා ඩොන්ගල් එක හොයන්න ගත්තා. මොන... ඔහේ කොහේවත් නෑ..
අපි වැඩේ අල්ලලා දැම්මා. පස්සේ අපේ නංගී ආවා වැඩ ඉවර වෙලා. අපි නංගිටත් කිව්ව අර කොල්ලා ඩොන්ගල් එකට ගේම් එක දුන්නා කියලා. නංගී එච්චර ගණන් ගත්තේ නෑ. ඔහේ කොහේ හරි ඇති කියලා කිව්වා. මට ඒක ඇල්ලුවෙ නෑ. පස්සේ නංගී කිව්ව මේ තියෙන්නේ ඒක කියලා ගෙනත් දුන්නා.

වෙලා තියෙන දේ පැහැදිලියිනේ.

අර අක්කව්ට බැරි වෙලා පෙන් එක කියලා මේක ගෙනිහිල්ල. නංගිට කියලා ඒ ආයෙත් ගිහින් තියන්න කියලා.  නංගිත් ඒක අපිට කොලේ වහලා ගෙනාවා. අපි මෙහේ නිරපරාදේ අහිංසකයෙක් සැක කලා.

ඉතින් කවුද දැන් වැරදි.???

මගේ ඩොන්ගලේ හොරු ගෙනිහිල්ලා

මේක සිද්ධවුනේ හරියටම පරණ අවුරුද්දට දවසකට කලියෙන්. ඊට කලින් දා අපි දෙන්නා කියන්නේ මමයි රැජිණයි ගියා අපේ ගෙදර. මීට කලියෙන් හිටියේ අපි රැජිණගේ ගෙදරනේ. ඉතින් ඔන්න අපි දෙන්නා යන වෙලාවේ එයාලගේ අක්කා කෙනෙකුත් නිවාඩුවට ඇවිල්ලා ඉඳලා අපිත් එක්කම යන්න ගියා. කලින්දා රෑ ඒ අක්කා අපිත් එක්ක මූණු පොත ගැන විස්තර කිය කියා ඉඳලා එයාගේ පිංතූර වගයක් "පෙන්" එකට දා ගත්තා. පහුවදා කට්ටියම යන්න පිටත් උනා. ඉතින් ආපහු අපි දවස් දෙකකට පස්සේ ආපහු ඇවින් බලනකොට අපේ ඩොන්ගල් එක නෑ. හුටා... මල කෙලි 100යි.
දැන් මොකද කරන්නේ...

ඉතින් අපි අර අක්කාගෙන් ඇහුවා ඔයා පෙන් එක කියලා හිතාගෙන ඩොන්ගල් එක ගෙනිච්චද කියලා. එයා නෑ කිව්වා. ඉතින් අපි අම්මගෙන් ඇහුවා වෙන කවුද ආවේ කියලා. වෙන එක පවුලක් ඇවිදින් ගිහින් තියෙනවා. අම්මගේ යාළුවෙක්ගෙ පවුලක්. අවුරුදු 20 විතර කොල්ලෙකුත් ඉඳලා තියෙනවා. ඉතින් අපි හිතුවා ඌ තමා එහෙනම් බුවා කියලා.

දහවලට මෙන්ම රැයටද දැල්වෙන පහනක්


නිල්ල නෙලන
කෙත් යායකට මායින්ව
තිබූ කුඩා පැල් පතේ
දහවලට මෙන්ම රැයටද
දැල්වෙන පහනක්
දුටිමි
නිම නොවනා වරුණා
සිත් බැඳ ගන්නා

අද අමාවකද


අහසට නෙතු
යොමන කල
පුරා සඳ නුඹයි
සිනාසෙන
මුළු අහසම එකලු කරමින්
අඳුර මකාලමින්...
මගේ යහනට
සිරිය සැපත ගෙනෙන...
ඒත්
අද අමාවකද
ඔබ තාම නැත්තේ...
සියල්ල පාලූ වී
කාන්සිය පමනක්
ඉතුරු වී. ...

විදුලි පං කවේ

මේක නම් මේ පහුගිය දවස්වල මගේ රැජිණගේ කටේ තිබුණ වචන කිහිපයක්.


විදුලි පං කවේ
විදුලි පං කවේ
මගේ ගතට සිසිළ දෙන්න
විදුලි පං කවේ







මෙය "විදුලි පංකවේ" නොව "විදුලි පං කවේ" ම විය යුතුය.
මේ ලෙසට වැරදි තැනින් අකුරු බෙදා වචන කතා කිරීම අප දෙදෙනාගේ එක් ප්‍රියතම ක්‍රියාවකි.


පිංතූරය

මෙන්න දැන් ලිපියක් ලියලා පෝස්ට් කරනකොටත් අර මගුල එනවා

මෙන්න දැන් ලිපියක් ලියලා පෝස්ට් කරනකොටත් අර මගුල එනවා


Visual verification
 Listen and type the numbers you hear 

Type the characters you see in the picture above.
If you make a large number of posts in a single day, you will be required to complete word verification. After 24 hours, the word verification will automatically be removed. Learn more

සීයා ආයෙත් වලෙන් ඒවි. ඔන්න


මෙන්න දැන්නම් කිරන්න ගත්තා මම... ඒත් මේ වතුර පාරට ආපහු ඇහෙරෙනවා.. ඒ හින්දා දුවනවා...දැන් නම් දුවන කොට සට සට ගාලා දනිස් පොල්කටු දෙක වදින සද්දේ ඇහෙනවා... අම්මෝ එccඅර අමාරුයි. අපේ සීය කියන්න වාගේ කරන දෙයක් හරියට කරපන්, නැත්නම් නිකං ඉඳපන් කියලා හිතෙනවා. එහෙනම් ඉතින් ඉවර වෙනකන් ඉන්නව වෙනවා.. මොනවා හරි බූත ටිකක් ලිය ලිය. නැත්නම් සීයා ආයෙත් වලෙන් ඒවි. ඔන්න එහෙනම් යා....න්........

බිඟුලන්තය - කැලය (IV) - උරගයෝ



පිඹුරා නම් අහිංසකයි කියන්නේ
එයා නෑනේ එලවාලා හපන්නේ
වෙලාගත්තොතින් මේ අහන්නේ
ඇට කුඩුවෙලයි ඌ මැරෙන්නේ

නයා නෑලූ බොරුවට ඔය පුප්පන්නේ
පුප්පනකොට පෙනේ හොඳට පේන්නේ
දෂ්ඨ කලොත් වැඩි වෙලා නෑ ඉඳින්නේ
ඌට ගහල පොල්ල වරද නොගන්නේ

පොළඟා නම් මග රැකලා ඉඳින්නේ
දැක්ක ගමන් එලවන්නට හදන්නේ
වලිගේ කොටා කියලත් අර කියන්නේ
වල් ඌරට පුදුම බයක් තියෙන්නේ

මෙකී නොකී බොහෝ උරග සිටින්නේ
හැම එකාම දෂ්ඨ නොකර සිටින්නේ
දෂ්ඨ කලත් නිසරු බයක් නොගන්නේ
විසකුරු අය කිහිප දෙනයි සිටින්නේ

නුඹේ මුව කමල


මැංගනීස් සල්පයිඩ්
පැහැති නුඹේ
මුව කමල
ආලෝකයේ
පූර්ණ පරාවර්තනයට
පිං සිදුවන්නට
මනාව දැක ගතිමි...

පිං කර ඇතිද

උස සීත
සුදෝ සුදු
සුන්දර
දුන්හිඳ
ඔබ
රළු බොරළු
විරූපී
අවලස්සන
නමුණුකුල
මම
මතු බවයේත්
මෙලෙසම උපදින්නට
මූණට මූණ
බලාගෙන
පිං කර
ඇතිද... 


පිංතූරය

සිත්තම් කරන්නට මගේ අතීතය


වෙරළ් කොනක
පොඩි ගල් පරයක්
උඩට වෙලා
තදින් අල්ලාගෙන
සුළඟට ගසාගෙන
යා යැයි බියෙන් වෙන්නැති,
පුංචි කුඩයක්
යටට වෙලා
මුහුටද මුහුණලා
දෙදෙනෙක් විය
සිත්තම් කරන්නට
මගේ අතීතය
එදා ගෙවුනු
නැවතත්, නැවත නැවතත්...

එලවා පහර දෙමි...


දෙති පහර
වට කරගෙන
බල්ටි ගසමින්
එක එක වැඩ දමමින්...
වෙනදා
තලමි චප්ප කරමි...
එලවා පහර දෙමි...
අද,
නොමැත දඟරයක්වත්
දල්වන්නට
මීය අතහැර යා නොහැක...
කොටි වලිග 100ක්
අල්ලාගෙනය...

අඳුර විතරමයි

අඳුර විතරමයි
අද මගේ තනියට
වෙනදා පායපු
පහන් තරුවත්
අද කොහෙද ගිහිල්ලා
සඳසාවී
මාත් එක්ක
තරහ වෙලා
රැහැයි නාදය
කුමක් වීද
එයටත්
අනේ නොදනිමි
කෑලි කැපෙන
අඳුර විතරමයි

ඒත් මම කැමතියි ඔබට

බිඟුලන්තය - කැලය (III) - සිවුපාවෝ




නපුරු රුදුරු කොටියන් ගැවසී ගත්තේ
මහ විශාල අලියන් හැම තැන ඇත්තේ
මීට නපුරු වලසුන් නම් මෙහි නැත්තේ
හරිම දරුණු අය නම් පිරිලා ඇත්තේ

දරුණු අයට විතරක් නොව මේ කැලය
මුව පොව්වන් හා පැටවුන් එක රැලය
සිත් සේ දුවන්න්ට එහෙ මෙහෙ නලිය
රැදුනේ මේ තුරු අතරයි රඟ කෙලිය

කැලේ රජා කියනා සිංහ බොලන්නේ
නපුරු නෑලු බඩ පිරුනම කියන්නේ
කෙසර තියෙන අය හරි අඩුවෙන්නේ
කිසිම එකෙක් හිටියේ මේ පෙදෙසෙන්නේ

තැන තැන තියෙන දිය කඩිතී හරිම අගෙයි
කැලේ අයට පිපාසයට සුවය ගෙනෙයි
කිඹුල් රාළ මේ අසලම තපස් රකියි
අවස්ථාව ආව ගමන් සීලේ කැඩෙයි


පිංතූරය

පුලුවන් තරමට මට වතුර දියන්ය



හසී කිව්වා වගේ හාවී නියම බවුසරක්ය
එ හින්දා අනේ බඩ නොම රිදියන්ය
එකට දෙකක කාලා සවිය ගනින්ය
පුලුවන් තරමට මට වතුර දියන්ය



දෙන්න බැරිනම් ඒකිට බඩ රිදියන්ලූ


මෙන්න මෙයා කන්න එන්නලූ
අපි යන්නේ කොහොමද දැන් තරගේලූ
කන්න පොඩි පොඩි බිස්කට් ඒවාලූ
දෙන්න බැරිනම් ඒකිට බඩ රිදියන්ලූ

විහිලුවට

බිඟුලන්තය - කැලය (II) - කුරුළු උයන



ලොකු පොඩි ගස් එකතු වෙල එක කැලයක් තියෙනා
මල් පළතුරු හැම අත්තක පිරිලා තියෙනා
කුරුල්ලන්ට ගී ගයන්න තුරු මුදුනින් සරනා
සුරපුර වන් මෙවන් තැනක් කොහිදැයි සිතෙනා

කුරුළු කැදලි අතු අග එක එක සැදෙනා
ටික දොහකින් ඒවායින් ගී හඬ ඇසෙනා
කුරුළු පැටව් දෙමා පියන් සතුටින් සිටිනා
සොඳුරු දසුන් කාගෙත් මන දොල පිනනා

පුංචි පැටව් බේරා ගන්න කැදැල්ලේ සිටිනා
දෙමාපියන් සෑම විටම අවදිව ඉන්නා
උකුසු රජා මේ කිසිවක් ගනනට නොගෙනා
පුංචි පැටව් එක කටටම ගිලගෙන යන්නා

උකුස්සාට නොපෙනෙන්නට කූඩුව තනනා
කුරුළු මවක් සිතා සිටී අනතුරු නොවෙනා
ගැරඬි ආදී උරගයින්ගේ උෂ්ණය දැනෙනා
අනේ අපිට මොන සරණක් හදවත කියනා


පිංතූරය

කන දෙයක් දීලම කෑවොත් හොඳයි


එක හා පැටික්කියකි හරිම පෙරේතයි
අපිට පෙන්න පෙන්න බිස්කට්ම කයි
කන්න තියා බොන්නත් වතුර හිඟයි
කන දෙයක් දීලම කෑවොත් හොඳයි

නෙතු අයා සිටිමි සිත් දල්වා සිටිමි සැමදාම


සඳ කිරණක් සේ
මගේ හද මඩලට
සිසිල ගෙනෙන්නට
සැමදාම...
මගේ ජීවිතය
දල්වාලන්න
ඔබේ මිනි පහණ
මගේ සිර කුටියේ
සැමදාම....
නෙතු අයා සිටිමි
සිත් දල්වා සිටිමි
සැමදාම

දැන්නම් හරිම බඩ ගිනියෝ...


දැන්නම් හරිම බඩ ගිනියෝ...
ලියනවා කියලා මෙහෙමත් ලිවිල්ලක්...
අනේ අම්මෝ.... මම අර ඉස්සරල කිව්ව වගේම රහස් පොලීසියෙන් ඇවිල්ල මාව උස්සයිස්ද දන්නේ නෑ.. මේ මොනා කරනවද කියලා මහ රෑ ඇහැරගෙන කියලා... ආ කියන්න අමතක  වුනානේ අද මට මාර වැඩක් වුනා.. ඒක මෙහෙම කියලා බෑ... පස්සේ වෙනම ලිපියකින් කියන්නම්කෝ... මාර ෆන්... කන්න මුකුත් නෑ ගේ හරියේ...
බොන්නවත් මොනා හරි තිබ්බානම් කියලා හිතෙනවා....

හික්ස්....

බිඟුලන්තය - කැලය

බිඟුලන්තයේ එක් පැත්තකට වෙන්න පොඩි කැලයක් තිබුණා. මේ කැලය අලි කොටි වගේ නපුරු සත්තුගෙන් ගහන ප්‍රදේශයක් උනා. ඒ වගේම හාවුන්, ගෝනුන්, මුවන් වැනි අහිංසකයින්ද අඩු නැතුවම හිටියා. හැබැයි මේ කැලේ රජෙක් කියලා සිංහයෙක්නම් හිටිය් නෑ. මේ වනේ මැද්දෙන් අර ඉස්සරලා කියපු ගඟ ගලන්නට වූයෙන් සතුන්ට වතුරෙන් නම් කිසි අඩුපාඩුවක් වුනේ නෑ. ඒ වගේම මේ කැලයේ තැනින් තැන පොඩි දිය කඩිති තිබුණා. ඒවා අර අහිංසක මුව පොව්වන්ට දරුණු කොටින්ගෙන් ආරක්ෂාවෙලා තමන්ගේ පිපාසය සංසිඳවාගන්න කදිම තෝතැන්නක් වෙලා තිබුණා. මේ දිය කඩිති අසල ලොකු පහේ කිඹුල් රාලලාත් අව්ව තපින්නා සේ දෑස් පියාගෙන සිටියේ ගොදුරක් දැහැගැනීමට නොවේමයි කියලා කියන්න බෑ. අවස්ථාව ආව ගමන් ඔවුන් ක්‍රියාත්මක වෙලා තමන්ගේ බඩ ගොස්තරය පුරවාගන්නා බවත් මේ හිටිය අහිංසකයින් දැනගෙන හිටියා. ඒ හින්දා හැමෝම පරිස්සමින් තමා ජීවත් වුනේ. පිඹුරා, නයා, පොළඟා වගේ බඩගාගෙන යන අයත් කීප දෙනෙක්මත් මේ කැලයේ එක් පැත්තක් අයිති කරගෙන හිටියා.

මීයාගේ මැද එක කරකනවා


ඉහලට පහලට
මීයාගේ මැද එක
කරකනවා
ආයෙත් පොඩ්ඩක්
සොලවනවා දෙපැත්තට
ඇස් පොඩි කරලා
බලනවා...
ඔන්න...
ඔන්න...

ආයෙත් ලියනවා...

කටුක අසුන්ඳර වීමය ජීවිතය...


මීදුම් ගැවසී ගත්
සීතලෙන් සැඟවී
කඳු නිම්න...
සියොතුන් පෙම්
ගී ගයන
තුරු මුදුන්...
සිනිඳු සේද සේ
සීතල පටල
අස්සෙන් ගලන
සුදෝ සුදු ජල දහරා....

සේ සුන්දර නොවී

කටුක අසුන්ඳර
වීමය ජීවිතය...

වැස්ස




වැස්ස
මොකට වහිනද මන්දා
මට
ටීවී බලන්න බැරි හින්දා
නුඹ
පලයන් මෙතනින් නන්දා
ඇඳ
මම එනතුරු ඉන්නා හින්දා

කැඩුනා කැඩුනා ලොකුම එකක් කැඩුනා


කැඩුනා කැඩුනා ලොකුම එකක් කැඩුනා
ආවා ආවා අලුතෙන් වතුර බවුසර ආවා
පැන පැන යන ඒවත් ආවා...
රාතියේ රජ කරන්නත් ආවා...

හසියා දිගෙටම වතුර දෙන්නා
එලම තමා ෆුල් ෆිල් වෙන්නා
මිස්සකයා දැන් යන්නා
අනූවත් කොනකින් දැක්කා

තනිකරලා බොඳ වූ සිත්තම සේ මේසය මත වූ


දෙනෙතින් ගිලිහුනු
කඳුලක්
තෙත් කලා
සිතුවම මේසය මත වූ
ඔබ වෙනුවෙන්ම
සැකසුනු
ඔබ වෙනුවෙන්ම
පාට කළ....
බොඳවුනා සිහින
කඳුළු බිඳුව
බොඳකලා සේම
තනිකරලා බොඳ වූ
සිත්තම සේ මේසය මත වූ

මට හම්බ උනා හිත අස්සේ තිබිලා

නටරාජා
කවකටු පෙට්ටිය
රබ්බේ නැති
කහ පාට පැන්සල
අඟල් දොලහේ
ලී අඩි රූල
සුවඳ මකන
කෑල්ල
මට හම්බ උනා
හිත අස්සේ තිබිලා

රිදෙන්න තරම් තවත් හිතේ ඉතුරු වෙලා නෑ




වේදනා දැනෙන්නේ නෑ
නිදිකුම්බා කටු
ඇනුනත්
අත් රිදෙන්නේ නෑ
රෙදි කන්දක්
සේදුවත්
ඇස් රිදෙන්නේ නෑ
අව් කාස්ටකේ
ඇවිද ගියත්
හිත රිදෙන්නේ නෑ
නුඹ තව
බොරු කීවත්

රිදෙන්න තරම් තවත්
හිතේ ඉතුරු වෙලා නෑ 
මගේ පුතේ...

සැක සිතේ යලි යලිත්


ඝණ අන්ධකාරය
කෑලි කැපෙන
ඉතා කුඩා
දරුවෙකි අවිදින
බියෙන් වෙව්ලන
අතැහි ඇති
එකම එක
ගිනි කූර
දැල්වීයේ කලුවර
එලවනු සඳහා නොව
මහ මග දමා ගියා
තම (ආදරද ) අම්මා
සොයනු වස්ද කියා
සැක සිතේ යලි යලිත්

තව මිනිත්තු කිහිපයකින් පැය 6ක් ඉවරායි...


තව මිනිත්තු කිහිපයකින් පැය 6ක් ඉවරායි...
ඒ කියන්නේ ... භාගයක්ම ඉවරායි....
දැන් ඉතින් නිදියන්න තියෙන්නේ....
මෙතන හරියට මදුරුවොත් ඉන්නවා...
අනේ මන්දා...
අපි හිටු කියලා ඔහේ බූත ලියනවා ...
ෆිට් එකේ ලියන්නේ...
මොනවා ලීවත් ඒවා මම ලියපු දේවල් නිසා මම කැමතියි ඔක්කොම මගේ බ්ලොග් එකේම පල වෙනවට.
වෙනම බ්ලොග් එකක් මට එපා...
මගේ විකාර මේකේම තිබුනාදෙන්...

දුවමි මෙලෙස ෆුල් ඩම් දාලා


මෙන්න මෙන්න වතුර කියාලා
ගහන ගහන පාර ඔයාලා
ගෙනෙයි සවිය විරිය අඹරාලා
දුවමි මෙලෙස ෆුල් ඩම් දාලා

මගේ වේදනාව ඔහේ තිබුනාවේ...


තවම රිදෙනවා
හද පතුලට
බස්සවපු ඔබේ ඔය
කිනිසි පාර
ඇදලා ගත්තට
වෙන කෙනෙකුට
අනින්නටත්
එපා එපා...
ඔහුටත් රිදේවී
වේදනාවෙන් බර වේවි...
මගේ වේදනාව
ඔහේ තිබුනාවේ...

බිඟුලන්තය - දිය ඇල්ල (II)





බිඟුලන්තය මැදිවෙන්නට කඳු ගැටයක් ඇත්තේ
ඒ කන්දෙන් දොළ පාරක් හටගෙන ඇත්තේ
කවදාවත් නොසිඳෙන බව කවුරුත් දත්තේ
එකම එක බිඳක්වත් එහි ගැවසී ගත්තේ

ඈ දැන් ලොකු වෙලාය ගංඟාවක් වෙන්නේ
ඇගේ තරුණ කාලේදීම ඈ දරඳඩු වන්නේ
ගලක් දැක්කොතින් පනින්නටයි හිත දෙන්නේ
එහෙම කලාමයි ඔය දිය ඇලි ඇති වෙන්නේ

අඩි ගාණක් උඩ ඉඳලා බිමට පනින්නේ
කිසි ගාණක් නැතුව වගේ අපිට පේන්නේ
කොහොමවුනත් හරිම හැඩයි කැපිල පේන්නේ
අපි පැන්නොත් ඔහොම නොවෙයි පෙනිල කැපෙන්නේ

විහඟ නදයි ගුමු ගුමුවයි රසය මවන්නේ
සීතල පිණි බිංඳු ටිකත් එකතුම වෙන්නේ
සුදු කැටියට පෙණ බුබුලුයි මෙන්න නගින්නේ
කියන්න බැරි අසිරියකුයි ඉන් ඇති වෙන්නේ


දුවනවා අද හිටු කියලා


කිව්වට යානවා කියලා
තාමත් ඉන්නවා ඔහෙලා
ඒකමායි කාරිය කියලා
දුවනවා අද හිටු කියලා

පාවා දෙන්නේ තියෙන්න ඉහලින්ම....


තව ටිකකින්
රහස් පොලීසියෙන්
දුරකතන ඇමතුමක්
මොකද මේ....
අද මුළු සයිබරයම
හරිම කලබලයි...
කියාපල්ලා කවුද
වග කියන්නේ ...
අනේ මම නෙමේ
කියා පාවා දෙන්නේ
තියෙන්න ඉහලින්ම....

සදාදරණීය සුන්දරත්වය


හිතේ
එක කොනකටවත්
උඹේ ඔය කියනා
සදාදරණීය සුන්දරත්වය
මට දැනෙන්නේ නෑ...
ඉතින්
තවත් කුමටද
මා ළඟ රැඳෙනවද
මන්දා...

මගේ එක වතුර පයිපයක් කැඩෙන්න යන්නේ...


මගේ එක වතුර පයිපයක් කැඩෙන්න යන්නේ...
උදව් වෙන්න....

බිඟුලන්තය - දිය ඇල්ල

බිඟුලන්තය මැද්දේ තරමක ලොකු කඳු ගැටයක් තිබ්බා. මේකෙන් පුංචි දොල පාරක් පටන් අරගෙන හිමීට ගලාගෙන ගියා. මේ දිය උල්පත කවදාවත්ම සිඳුනේ නෑ. අවුරුද්ද මුලුල්ලේම වතුර ගලන්න තරම් මෙයාට හයිය හත්තිය තිබුණා. තද නියඟයක් ආව කාලෙකදී පවා මේ දිය උල්පත සිඳුනේ නෑ. පුංචිම පුංචි දිය සිරාවක් හරි ඒකෙන් මතුවෙලා ගලා යන්න තරම් වුනා. මේ දිය පහරට මගදී තවත් පොඩි දිය පහරවල් එකතු වෙලා තරමක ලොකු ගඟක් විදියට තමා මුහුදට එක වුනේ. මේ ගඟ අර කන්ඳෙන් පහලට වැටෙන එක තැනක පොඩි දිය ඇල්ලක් හදවමින් තිබුනා. මෙතන හරිම ලස්සන තැනක් වුනා. අඩි 30ක් විතර උසට වැටෙන මේ දි ඇල්ලෙන් ඒ ප්‍රදේශයටම පුදුම ලස්සනක් ගෙන දෙමින් තිබුණා. දිය ඇල්ලේ ගුමු ගුමුවයි පරිසරයේ විහඟ නදයි ඒ පැත්තම සුර විමනක් බවට කරන්න තරම් සමත් උනා.

කවුරුවත් ඒ ලස්සනට හානි කලේ නෑ.

නැවත සොබාදමේ ඇමතුමක්...

නැවත සොබාදමේ ඇමතුමක්...

මේ අහපන් මෝඩ ගිම්හානය


මේ අහපන්
මෝඩ ගිම්හානය
තෝ එන්නේ
නැතුව හිටියා නම්
වසන්තයාත් එන්නේ නෑ,,,,
ඒත් උඹ දැන් ඇවිල්ලා...
උඹේ කුරිරුකම
උඹේ අස්සේමයි...
දැන් ඉතින් වසන්තයාගෙන්
හොඳ පාඩමක් ඉගෙන ගනින්...

බිඟුලන්තය - මුහුදු තීරය (II)



මහ මුහුදේ තට්ට තනිව මෙය පිහිටන්නේ
කවුරුත් මෙය හරිම අගේ කියා කියන්නේ
දූපතක් ලෙසට හරිම වටී සැවෙමො සිතන්නේ
බිඟුලන්තය කියා එයට නමක් හැදෙන්නේ

ලස්සන මේ රට වටේට මහ මුහුද තියෙන්න
වෙරළේ දිගේ තියෙන සිරිය එය පහදන්නේ
සිප්පි කටුවලින්ම පුංචි වෙරළ පිරෙන්නේ
මෙය දුටු කා කාගෙත් සිත් පිනවන්නේ

කොරල් පරයි ගල් මලුයි ගැවස තියෙන්නේ
පාට පාට පුංචි මාළු අතර සිටින්නේ
ලොකු මාළුන් මෙතනට එන්නෙම නෑ සිතෙන්නේ
පුංචි මාළු කිසි බයකින් තොරව ඉඳින්නේ

හැන්දෑවට ඉර දෙයියෝ යන්නට යන්නේ
අහස මුහුද එක් වන තැන එය සිදුවෙන්නේ
රන්වන් පැහැ අහස් තලේ පාටම ගන්නේ
හිරු දෙයියන් නැති හින්දද ඔබ දුක් වෙන්නේ

පිංතූරය

දොලහේ කනිසම


දොලහේ කනිසම
නගරයේ
හොරා දර්ශකයේ
නද වනු ඈතින්
ඇසෙන නිමේශයක
මූසල කරුවල
අතරින්
පුරුදූ ඉකි බිඳුමක්
මා සලිත කරන්නට විය

මට වාසනාවක් නැත්තේ රසය විදින්නට


සීත හිමිදිරියක
මීදුම අතරින්
දුවගෙන යනකොට
පොපියන දෙතොලට
හිරි ගඩු පිපෙන
සුළං රැල්ලක්
පහස ලබද්දී...
මට වාසනාවක්
නැත්තේ රසය විදින්නට

හසීට පිළිතුරු


අනේ කෙල්ලේ
කියන් මෙමට
මගේ අඩුව හනිකට
දමා යන්නට
මෙලෙස
තකහනියේ...
කියන් හනික කියන්...

රැකුමටවත් මගේ
මීළඟ ගොදුර රිසි සේ...

නුඹට වගේ නොවෙයි මෙමට...


පුංචි සොරෝ
දියන් මගේ
හදවත
එකම එකයි
මට තියෙන්නේ...
නුඹට වගේ
නොවෙයි මෙමට...

අමෘතය සේ...


ඔබට තනිකම
දැනෙන සැමවිටෙකම
ඔබට පාළුව
දැනෙන සැමවිටෙකම
සිහි කරන්න
ඔහුගේ නම
මගේ නම නොව
ගෙනේය
සුවයක් පහසක්
අමෘතය සේ...

බිඟුලන්තය - මුහුදු තීරය

ඔන්න එකෝමත් එක කාලෙක මහා සාගරය මැද තිබුණා දූපතක්. ඒකට හැමෝම කිව්වේ බිඟුලන්තය කියලා. වෙරළ වටේ සිප්පි කටු පිරිලා හරිම ලස්සනයි. අතරින් පතර කොරල් ගල මල් එහෙමත් තිබුණා. දූපතක් හින්දා වටේම මත්ස්‍ය සම්පතත් සපිරුණ එකක් වුනා. හැන්දෑවට ඉරගල වැටෙන ඇහිල්ලට හරිම ලස්සනයි. රන්වන් පාට හිරු කිරණ මුහුදත් අහසත් යා කරන මායිමේ වැටිලා කියන්න ආසාවේ බෑ. ඒ වගේමයි උදේට තියෙන මුහුදු රැල්ල. හරිම දිග රැළි සුදු පාටට වෙරළ සිපගෙන ආපසු යන හැටි පැය ගාණක් වුනත් බලාගෙන ඉන්න පුළුවන් තරම සුන්දරයි. කොරල් අස්සට අව්ව වැටිලා එක එක පටින් දිළිසෙනවා. එක මුහුදු තීරයක්ම මේ කොරල් වලටම වෙන් වුනු එකක් විදියටයි සැලකුනේ. මේ අස්සේ පාට පාට පුංචි මාලු එහාට මෙහාට පීනලා ගියේ හරිම විනෝදයෙන්. මේ පුංචි මාළුවොත් දැනගෙන හිටියා මේ තීරයේ ලස්සන.

කවුරුවත් ඒ ලස්සනට හානි කලේ නෑ.

දකිමි විඳිමි


ඔබේ සුරත
මගේ සුරතේ
දැවටුනේ
අහම්බයකින් වුනත්
එදා දුටු
සුන්දරත්වය
අදත්
දකිමි විඳිමි
හදපතුලෙන්ම

මිස්සක පසු පස එලව එලවා පහර දෙයි

මිස්සක පසු පස එලව එලවා පහර දෙයි

මුලදී හිටිය අය කෝ දැන්..



වරෙල්ලා කොල්ලනේ... කෙල්ලනේ...

ආයෙත් කතාන්දරයක් ඔන්න..


.
මේක නම් කලින් ලියපු එකක්..
හරියැ...
ඉතින් පොඩි නින්දක් එහෙම දාලා එන්න පුළුවන්නේ...
හික්ස්...
මෙන්න අපේ ජිල්මාර්ට්ස්...
හැබැයි ඔක්කොම නම් ජිල්මාර්ට් නෙමෙයි ඔන්න...

හපොයි මොකද මේ ආයෙත්....

මේ මොකද මේ....

මේ මොකද මේ....
මොබිටෙල් EDEG වෙලා.
මොනවත් එන්නේ නෑ.

ඔන්න එපා වෙනවා...
මේක ලංකාවනේ...

මෙවන් වියොවකින්

ආදරය
මුල්ම දැකුමෙන්ම
හඳුනාගත් නම්
කිසිදා
නොතැවෙමි
මෙවන් වියොවකින්
කිසිදාක

හදිසි නිවේදනයයි:


සුන්දර යුවතිකගේ සෙනෙහස වහාම ඕනෑකර තිබේ

පැය 4ක් අහවරයි...



දැන්නම් අත කැඩෙනවා ෂුවර්...
පොඩි විවේකයක් ගන්න බැරිද???
නිකන් අල්ලන සෙල්ලම් වලදී වගේ...
නැත්නම් කෝටු පොරක් දෙන්න බැරිද?
ඕනේ එකක් කියලා තව ලියන්නම්..
දැන්නම් විකාර තමා ඉතුරු වෙලා තියෙන්නේ ලියන්න...


ඔබේ ළමැදේ


ඔබේ ළමැදේ
මූණ හොවාගෙන
අඬන්නම්
ඉකි ගසමින්
මගේ දුක
ඔබේ හදට
දැනෙන තුරා...

වස්සානය අහවර වෙලා


අත දිග නැති දා
නෙලාගන්න බැරි ඒ
සුවඳ විතරමක්
ඉතිරි වන්නට
තෙපලූ වදන්
උඩු හුළඟට විසිරිලා
වස්සානය අහවර වෙලා
ගිම්හානය
ඉතිරි වන්නට
දුකක් වුනත්
ඒ මුළු අතීතයම
වේදනා පාකරලා
එන්න හිතයි
කටු පිරුණු
අපේ නොවන
නිවහනට

දැන් විදුලිය ඇන හිටියොත්

නැගලා යනවා අපේ මැරතන් එක..
කට්ටිය එක හැල්මේ දුවනවා..
කොහොමද දැන් කරන්ට් එක ගියොත් එහෙම....

අනේ වාසනාවන්....

April 24, 2010

මා තවමත් ප්‍රමාදද???

කියන්නට
දහසකුත් දේ
පොදි බැඳගෙන
හිත
එක තැන් කරගෙන
පිය නැගුවා
පදික වේදිකාවට...
ඒත්
ඈ තාම
නොමැත
මාගේ නෙත් මානයක
ගැටෙන ඉසව්වක
මා තවමත් ප්‍රමාදද???

ආලය කලෙමි... ආලය පුදමි...


අහිමි පෙමක් කියා
දැන දැනම
අහිමි සිතක් කියා
දැන දැනම
ආලය කලෙමි...
ආලය පුදමි...
කිසි විටෙක
අඩුවක් නොකෙලෙමි
අනාවකටත් නොකරන්නෙමි....
මගේ හදවත දැන්
වෙහෙසිලා....
නමුත් තවමත්
එදා සේම...
ආලය කලෙමි...
ආලය පුදමි...

බිඟුවාට මදුරු ප්‍රහාරයක් - III

සියළුම යතුරු පැදි සඳහා බලපත්‍ර ලබා දිය යුතුද?

මේ මදුරු වසංගතය (49CC) කෙසේ හෝ පාලනය කළ යුතුද?

එවිට පාසල් ළමුන් සඳහා කුමක් කරමුද?

පාරේ කිසිම විනයක් නැතුව පදවන්නේ මේ මදුරුවෝ විතරද?

බිඟුවාට මදුරු ප්‍රහාරයක් - II

ඔහු කලේ වහාම රථයා වමට දැමීමය. එය වැදුනේ මගේ දුම් කවුලුවේය. මට මගේ සමබරතාවය ගිලිහී රෝද දෙක බිම ඇද වැටුනේය. සිදු වු දෙය පැහැදිළිය්. මගේ වාසනාවට පිටුපසින් ආ මෝටර් රථය වහා නැවතුනි. මා හනිකට මගේ රෝද දෙක කෙලින් කරගෙන බැලීමි. එහිදී මගේ රත් වූ දුම් කවුළුවේ මගේ දකුණු කකුල ගෑවිණ. මට තරු 100000... විතර දිස්වන්නට විය. හටගත් කෝපයත් සමග මම ආපසු බැලීමි. මදුරුවා පදවමින් සිටියේ අවුරුදු 15 කටත් අඩු කොලු ගැටයෙකි. මදුරුවන් පැදවීමට බලපත්‍ර අවශ්‍ය නොවන බැව් අප කවුරුත් දන්නා කරුණකි. ඔහු තක්බීර් වී සිටගෙන සිටී. මට වේදනාව ඉතා මහත්ය. අර කොල්ලාට කනේ පාරක් ගැසීමට තරම්ය. ඒ පාර මගේ තුවාලය හොඳ කරන්නේ නැත. එම නිසාම නොව මම රෝද දෙක පණ ගන්වා නැවත පැද ගියෙමි. යන අතරේ පිලිස්සුම්වලට බෙහෙත් දමා ගත්තෙමි. තවම ඒ තුවාලය වේදනා දෙමින් අර කොල්ලාව සිහි ගන්වන්නේය.

බිඟුවාට මදුරු ප්‍රහාරයක් - I

මම පහු ගිය දවසක රැකියාව අවසන් කරලා ගෙදර එමින් සිටියෙමි. හරියටම පිළියන්දල නගර මාධ්‍යයේදී සීබ්‍රා ඉරි අසල මම නවතාගෙන සිටියෙමි. මට ඉදිරියෙන් එක් යතුරු පැදියක්ද පසුපසින් තව එකක්ද වම් පැත්තට වන්නට කුඩ වර්ගයේ මෝටර් රථයක්ද විය. දැන් පදියකයින් කහ ඉරි මතින් යන බැවින් අප ඔවුනට ඉඩ දී නවතා සිටින්නට විය. එක් වරම පසු පසින් ආ මදුරු වර්ගයේ (49 CC) යතුරු පැදියක් ඉතා වේගයෙන් පියඹනු ඇසිණ. ඒ සමගම පදිකයින් පාර පැන ඉවර නිසා අපිද ඉදිරියට යෑම ආරම්භ කෙළෙමු. අපිට විරුද්ධ දිශාවෙන් ආ වාහනද ඉදිරියට ඇදෙන්නට විය. එම නිසා අර මදුරුවාට නවතා තිබූ පෝලිමේ ඉස්සරහට යාමට නොකැකි විය. එසේම ඔහුට තිරිංග යෙදීමද කල නොහැකි විය.

කෙටි ක්‍රමයක්...



ඉක්මනට ලිපියක් ලියන්න අදහසක් ගන්න ඕනේ නම් කරන්න තියෙන්නේ පොඩි දෙයයි.


  1. යන්න ගූගල්
  2. ගහන්න ආස කරන වචනයක්
  3. තෝරන්න පිංතූරයක්
  4. අකුරු කරන්න සැනෙකින්




මී ළඟට පොඩි කතාවක්...



බොහොම මෑතකදී වෙච්ච කතාවක්...
හැබැයි කොටස් වශයෙන් තමා යන්නේ...

සිප ගන්න ඉඩ දෙන්න

සිප ගන්න
ඉඩ දෙන්න
එකම එක් වරක්
ඔබේ සිනිඳු
තොල්පෙති
දෑස් වසා
සිටින්න
ලොවම
අමතක කරන්න
ඉඩ දෙන්න
ඔබට
මා වන්නට







පිංතූරය

මොහොතකට පිවිසුනා


මොහොතකට පිවිසුනා
අපි දෙදෙනා
පියමන් කල
බොරුළු පාරට
තවත් බොහෝ අය
අප මෙන්ම
එදා මෙන්ම
යති එති
විහිළු කරති...
අද මා පමණකි

මට මතකයි

කටු ඇනෙන
පය රිදෙන
බොරළු මාවතේ
අපි පිය මැන්නා
මට මතකයි
නිදිකුම්බා
පඳුරු උඩින්
අපි පැන්නේ
තවත් එවන් පඳුරකටම
කියලා
මට මතකයි

 පිංතූරය

කියන්න බැරි උනානේ ගියපු ගමන..


කියන්න බැරි උනානේ ගියපු ගමන..
ඒක මරේ මරු....
සෑහෙන්න සනීපයි...

ආයෙත් ලියමු නිසැඳැස් වගේ ටිකක්...


ආයෙත් ලියමු නිසැඳැස් වගේ ටිකක්...
අර විකාරයක් අල්ලගෙන හිටියා පැයක් විතර...
චිකේයා...

දුටුවෙමි - සිතුවෙමි


දුටුවෙමි
එක් මල් වත්තක්...
මලින් පිරුණු
රොනින් ගැවසුණු
සිතුවෙමි
නෙලන්නට එකම එක
මලක්
අතු අගම පිපුණු
කාටත් හොරෙන්...

පිංතූරය

පඤ්චාංගය - කරණය-II

කරණ 11 ක් සියල්ල දැක්විය හැකි බව ඉහතදී මා විසින් සඳහන් කරන ලදී. ගොවිතැන් යුගයේදී වන සතුන්ගෙන් තම ගොවිතැන  ආරාක්ෂා කර ගැනීමට මේ කරණ යොදා ගත් අයුරක් පොත පතෙහි කියැවේ. ඒ වෙනුවෙන් කියැවුනු කවි කිහිපයක් මෙලෙස දක්වමි.


එක සිහ දෙක ඌරු තියවක ගජ කරණ
ජලවක කුකුළු පස එළු කරණ
සත ගව අට සිංහ නව සුකර කරණ
දසවක ගජ කරණ දැනගන් මේ ලෙසිණ

එකොළොස්වක කුකුළු කරණය කියන්නේ
සොළොස් දිවි තෙළෙස් එළු කරණය වන්නේ
තුදුස් ගවය පසළොස් සිංහය වන්නේ
පුරට කරණ මේ ලෙස දැන කියන්නේ

අට්වක ඌරු දියවක ගජ කරණවණු
තියවක කුකුළු ජලවක දිවි කරණවණු
පස එළු කරණ සැටවක ගජ කරණවණු
සතවක සිංහ අටවක සුකරයි දණු

නව ගජ දස කුකුළු එකොළොස් දිවි කරණ
දොළොස් එළු තෙලෙස් දැන් ගන් ගව කරණ
තුදුස් සිංහ අමාවක් සුකරයි දැණ
අවට කරණ මේ ලෙස ගැන ගෙන කියණ

ඒ මදිවට ස්භාවධර්මයෙන් ඇමතුමක් ඇවිල්ලා...


මේ මම පොඩි ගමනක් ගිහින් එන්නම්...
අතත් රිදෙනවා...

ඒ මදිවට ස්භාවධර්මයෙන් ඇමතුමක් ඇවිල්ලා...

පඤ්චාංගය - කරණය

කරණය යනු අප ඉහතදී කී තිථියේ භාගයකි. මේවා කොටස් දෙකකි. ඒවා නම් චර කරණ හා තිර කරණ වේ.

චර කරණ 7 
  1. බව 
  2. බාලව 
  3. කෞලව 
  4. තෛතිල 
  5. ගරජ 
  6. වනිජ 
  7. විෂ්ටි

තිර  කරණ 7 
  1. ශකුණ 
  2. වතුස්පාද 
  3. නාග 
  4. කිංස්තුංග 

හරි 4ක් ඉවරා...යි තව එකායි..


හරි 4ක් ඉවරා...යි තව එකායි... ඒකත් ලිව්වා ම ඉවරායි.
අම්මෝ ආයේ නම් මේ වගේ ගොං වැඩක් කරන්නේ නෑ...
මාර අමාරුවක තමා වැටුනේ...

පඤ්චාංගය - යෝගය

මෙහිලා යෝග 27 ක් ගැන සඳහන වන අතර මේ යොඉග කුමක් සඳහා යොදා ගන්නේදැයි මම නොදනිමි. නමුත් පඤ්චාංගයේ එක ඇංගයක් බවින් එහි අඩංගු දෑ පිළිඹද අසටහනක් තැබීමට සිතුවෙමි.

එම 27 මෙසේය.
  1. විශ්කමභ 
  2. ප්‍රීති 
  3. ආයුෂ්මන් 
  4. සෞභාග්‍ය 
  5. ශෝභන 
  6. අතිගණ්ඩ 
  7. සුකර්ම 
  8. ධෘති 
  9. ශුල 
  10. ගණ්ඩ 
  11. වෘද්ධි 
  12. ධෘව 
  13. ව්‍යාඝාත 
  14. හර්ෂණ 
  15. වජ්‍ර 
  16. සිද්ධි 
  17. ව්‍යතිපාත 
  18. වාරියන් 
  19. පරිඝ 
  20. ශිව 
  21. සිද්ධ 
  22. සාධ්‍ය 
  23. ශුභ 
  24. ශුබ්‍ර 
  25. බ්‍රහ්ම 
  26. මාහේන්ද්‍ර 
  27. වෛධෘති

පඤ්චාංගය - තිථිය

තිථිය යනු චන්ද්‍ර මාස ක්‍රමයට අනුව එක් දිනයකි. නමුත් පෙර කී පරිදි තිථි 15 පමණක් වේ. එයින් කියැවෙන්නේ මාසයකට එකම තිථිය දෙවරක් යෙදෙන බවය. එය සැබෑවකි. නමුත් මෙය සිදු වන්නේ පුර පක්ෂයට 15 ක් හා අව පක්ෂයට 15 ක් ලෙසය. පුර පක්ෂය යනු සඳු පිරීගෙන එන කාලයයි. අමාවක දිනයෙන් පටන් ගෙන පුර පසළොස්වක දිනය දක්වා පුර පක්ෂය වේ. අව පක්ෂය යනු පසළොස්වක දින සිට අමාවක දින දක්වා කාලයයි.

තිථි 15 මෙසේ දැක්විය හැකිය.
  1. පෑලවිය 
  2. දියවක 
  3. තියවක 
  4. ජලවක 
  5. විසේනිය 
  6. සැටවක 
  7. සතවක 
  8. අටවක 
  9. නවවක 
  10. දසවක 
  11. එකොළොස්වක 
  12. දෙළොස්වක 
  13. තෙළෙස්වක 
  14. තුදුස්වක 
  15. පසළොස්වක (අමාවක)

අම්මෝ මේක ටිකක් අමාරු වැඩක් උනා...

අම්මෝ මේක ටිකක් අමාරු වැඩක් උනා... මොනා කරන්නද? කොටිවලිගේ අල්ලා ගත්තා වගේනේ.. ලිපිය ඉවර කරලම නවතිනවා.... කරන දෙයක් හරියට කරපන්, නැත්නම් නිකන් හිටපන් කියලා තමා අපේ සීයා කොයි වෙලාවෙත් කියන්නේ... ඒ හින්දා... ඔන්න ඉතුරු ටිකත් ලියනවා. නැත්නම් සීයා වලෙන් නැගිටලා ඇවිල්ලා මට තඩි බාවී

පඤ්චාංගය - නැකත

ජ්‍යොතිෂයේ නැකත් 27 ගැන සඳහන් වේ.
ඒ පිළිබඳව කෙටිම කෙටි අදහසක් දීමට මෙලෙස අකුරු කර තබන්නට උත්සුක උනෙමි.

ඒවා මෙලෙස දැක්විය හැකිය.
  1. අස්විද 
  2. බෙරණ 
  3. කැති 
  4. රෙහෙණ 
  5. මුවසිරිස 
  6. අද 
  7. පුනාවස 
  8. පුස 
  9. අස්ලිය 
  10. මා 
  11. පුවපල් 
  12. උත්‍රපල් 
  13. හත 
  14. සිත 
  15. සා 
  16. විසා 
  17. අනුර 
  18. දෙට 
  19. මුල 
  20. පුවසල 
  21. උත්‍රසල 
  22. සුවන 
  23. දෙනට 
  24. සියාවස 
  25. පුවපුටුප 
  26. උත්‍රපුටුප 
  27. රේවතී
මේ හැර අභිජිත් නම් නැකතක් ඇති අතර එය වැඩිපුර භාවිතා නොවන බව කියැවේ.


ඒ ඒ නැකතට අධිපති ග්‍රහයෙක් සිටිනා බව පොත පතෙහි සඳහන් වේ. එලෙසම නැකතකට අදාලව ගණ, යෝනි, වෘක්ෂ, පක්ෂි, ලිංගාදී කරුණු 10 වේ. පොරොන්දම් බැලීමේදී මෙමා කරුණු යොදා ගන්නවා ඇත.

කැති තුරුපල් තුරුසල ඉරුට සවිය ය
රෙහෙණ හත සුවණ දසවරුස සඳුට ය
මුවරිස් සිත දෙනට සත් අවුරුදු කුජ ය
අද සා සියාවස රාහුට අට ලොස ය

පුනවසි විසා පුවපුටු ගුරුට සොලොස ය
පුෂ නුර උත්‍රපුටුපා ශනි දස නම ය
අස්ලිය දෙට රේවතී බුධ සතලොස ය
මා මුල අස්විද කේතුට සතක් වී ය

පුවපල් ගුණය පුවසල බෙරණ නැකත ය
විස්සක් වරුස සිකුරා හට නියම වි ය
මෙකී මේ දශා මේ ලෙසට ගැන තී ය
උපන් නැකත දැන මෙලෙසින් දසාසො ය

පඤ්චාංගය - දිනය

පඤ්චාංගය යනු අංග පහක් යන්නයි. උදාහරණයක් ලෙසට ගසක පඤ්චාංගය ලෙස කොළ, පොතු, මුල්, මල් හා ගෙඩි අර්ථ දැක්විය හැකිය. නමුත් අද මා කියන්නට යන්නේ ජ්‍යොතිෂයේ පඤ්චාංගය දිනය ගැනයි.

එනම්
  1. දිනය,
  2. නැකත,
  3. තිථිය,
  4. යෝගය හා
  5. කරණය වේ.

එමෙන්ම දින 7 ක්, නැකත් 27 ක්,  තිථි 15 ක් , යෝග 27 ක්  හා කරණ 11 ක් ඇති බව මෙහි සඳහන් කළ යුතු වේ.

දිනයෙන් ආයු වර්ධනයද,  නැකතින් පව් දුරු කිරීමද, තිථියෙන් ශ්‍රියාවද, යෝගයෙන් නිරෝගී බවද, කරණයෙන් කාර්යය සිද්ධියද අර්ථ දැක්වේයැයි පොත පතෙහි සඳහන් වේ.

අපි මුලින්ම දන්නා කියනා දිනය ගැන බලමු.
එහිදී අප සාමාන්‍ය භාවිතයේ එන දින හතම වෙන වෙන නම් වලින් හැඳින්වේ.

සාමාන්‍ය භාවිතයේදී ජ්‍යොතිෂයේදී
ඉරිදා රවි දින
සඳුදා චන්ද්‍ර දින
අඟහරුවාදා කුජ දින
බදාදා බුද දින
බ්‍රහස්පතින්දා ගුරු දින
සිකුරාදා කිවි දින
සෙනසුරාදා ශනි දින

එමෙන්ම ඉරිදාට ශිව ද, සඳුදාට දුර්ගාද (පාර්වතී),  අඟහරුවාදාට ස්කන්ධ කුමාරයාද, බදාදාට විෂ්ණු ද,
බ්‍රහස්පතින්දාට මහා බ්‍රහ්මයාද, සිකුරාදාට ශ්‍රී කාන්තාවද සෙනසුරාදාට යමද අධිපතියන් ලෙස කියැවේ. 

ඔන්න දැන් කවි වලට පොඩි නිදහසක්


ඔන්න දැන් කවි වලට පොඩි නිදහසක්. ලියන්න හිතුනා පොඩි වැදගත් දෙයක්. මේක නම් සැමෝටම අල්ලන දෙයක් නෙමෙයි. මොකද සමහරු විශ්වාස නොකරන දෙයක්.පඤ්චාංගය ගැන තමා මී ලඟ ලිපි ටික ඔන්න . ඒකටනම් මගේ දැනුමයි පොතක උදව්වයි දෙකම යොදන්න වෙනවා...

පුන්චි සොරොව්වෙන් වාගේ




වැව් බැම්මක
එහා තියෙන
මහා ජල කඳ
බැම්ම සිදුරු කරන්
මතු වෙන්නේ
පුන්චි සොරොව්වෙන්
වාගේ
අපේ හිත්වල
හිරවුණු සිතිවිලි
එකපාරම
බොහොම තදෙන්
පිට වෙන්නේ
අපේ කටින්..

පිංතූරය

හැම රෑකම වාගේ


නුවන් අභියස
නොපෙනුනත්
සිහිනයක හෝ දැවටිලා
පින්වන්නට මගේ
සිත් යහන
ඔබේ ආදරයෙන්
එන්න සොඳුරියේ
මේ සීතල
රාත්‍රියේත්
හැම රෑකම වාගේ

අද මගේ තනියට


දියඹේ ඔරුව
පදින ඇහිල්ලේ
බියකරු කරුවල
මරුවාට
ඉඟි කරනාතුර
දිවි රැක ගන්නට
අනුන් රකින්නට
පාලු
හුදකලා
සිහින් සුළඟක් පමණක්
අද මගේ තනියට

පිංතූරය

පුරා සඳේ මතුපිට මං




පුරා සඳේ
මතුපිට මං
ලිවා එක පැදි පෙලක්
කියවන්නට
කිසිම කෙනෙක්
එන්නේ නෑ
ඒක හරිම මදි කමක්
කොවුලා නෑ
නැවතුනේ
ගිම්හානය ඉවර වෙලත්
තාමත් මම
වැලපෙනවා
නෑ කිසිවකුගෙන්
අවසරක්

පිංතූරය

මට කෙලිනවා


මෙන්න මෙන්න
මොබිටෙල්
මට කෙලිනවා....
මෙන්න මෙන්න
ඩොන්ගලේ
මට කෙලිනවා
මෙන්න මෙන්න
සිග්නල් ටික
මට කෙලිනවා
මෙන්න මෙන්න
මදුරුවෝ
මට කෙලිනවා

ආසයි මට




හිමවත් යායක
ඔබ හා තනිවී
මුනිවත රකිමින්
ආසයි මට
ලංවෙලා හිඳින්නට
උණුසුමේ දැවටී...

ඔබේ සුරත පටලා
ඈතින් ඈතට
පාවී යන්නට
සිහින් සිනිදු
පුළුන් රොදක් සේ
උඩු ගුවනේ
හුදෙකලා වූ...

සිප ගන්නට ඇත්නම්


සීතල පිණි පොද
පොකුරු ගැහි ගැහී
මිහිලිය සිප ගනිද්දී
සිහින් සුළං පොදක් වී
ඔබේ දෙනෙත්
මායිමේ සිට
සිප ගන්නට ඇත්නම්

තරු කැට නිදි කිරනා


තරු කැට නිදි කිරනා
මහා රාත්‍රියේ
මහා ඈතක සිටිනමුත්
ඔබ
නෙතට නොපෙනන
මායිමක සිට
හදේ පුංචිම පුංචි
ඉඩ කොනක
තනිවෙලා
ඉදින්නම්
සැමදා මෙලෙස

එදා වගේම අදත් හැමදාමත්


ජීවිතේ මහා දුරක්
නුඹ අසලින්ම
දැවටෙමින්
අහිංසක දඩබ්බර
ඔබේ නෙත් සඟලට අහුවෙන්න
ඒ ලස්සන හිත අස්සට
රිංගලා
හද පුරාම හිනැහෙන්න
පතමි
එදා වගේම
අදත් හැමදාමත්

වශීවෙන්න කවදාවත් හිතුවේ නෑ මේ විදියට...

මලේක තියෙන
ඒ සුවඳට
වශීවෙන්න කවදාවත්
හිතුවේ නෑ මේ විදියට...
දේදුන්නක තියෙනා
ඒ පාටවලට
වශීවෙන්න කවදාවත්
හිතුවේ නෑ මේ විදියට...
සුදු මීදුම් හැන්දෑවක
තියෙනා
ඒ සීතහලට
වශීවෙන්න කවදාවත්
හිතුවේ නෑ මේ විදියට...
දැක්ක ගමන්
ඔබේ සිතට
වශීවෙන්න කවදාවත්
හිතුවේ නෑ මේ විදියට...

අතුරන්නම් යහනටවත් නොදැනෙන්නට...



මලක් ලෙස
දෝතින් ගෙන
පිහාටුවකින් පිරිමැද
සේද ඇතිරූ
සුවඳැති යහනක
අතුරන්නම්
යහනටවත්
නොදැනෙන්නට


පිංතූරය

මැරතන් දිවිල්ල

ඔන්න ඉතින් මැරතන් එක දුවන්නයි හදන්නේ. වැඩි වෙලාවක් දුවන්න වෙන්නේ නෑ. මොකද මට රෑ ඇහැරිලා ඉන්න පුරුදු නැති හින්දා. මම දුවන්නේ ෆිට් එකට මිසක් දිනන්නම් නෙමෙයි ඔන්න. මගදී නැතුවනා කියලා ඔන්න ඔච්චම් කරන්න බෑ හරිද?

මම කැම්පස් ඉන්න කාලේ නම් මැරතන් දුවලා තියෙනවා. ම්ම්ම්... දෙවැනියා නෙමෙයි තුන් වැනියාද කොහෙද උනේ..
ඒ කාලේ කොල්ලා දස්සයානේ... මාර හයියක් තිබ්බේ කොල්ලට.. දැන් ඉතින් වයසක මනුස්සයනේ.. පොඩ්ඩ ඇත්නම් හති වැටෙනවා. මොනා කරන්නද?


අනේ කාලේ වනේ වාසේ කිව්වලු.

එහෙම කියලා කොල්ලෝ දුවන කොට නිකන් ඉන්න බෑනේ. හිත තවම තරුණයි කියලා හිතෙනවා. මේක දුවලම බලන්න ඕනේ දැන් කොල්ලට දුවන්න පුළුවන්ද කියලා. ඒක හින්දා දුවනවා. මගේ ගත නම් එච්චර ෆිට් නෑ.... හිතේ හයියට දිව්වොත් මිසක්. බලමුකේ ලොරිය පස්සෙන් එනවනේ... බැරි උනාම ඒකේ එල්ලෙනවා..
හික්ස්...

අනේ මාව දාලා නම් යන්න එපා. මේ සයිබර් යායේ අතරමං උනොත් එහෙම ආයේ කොහේ කියලා හොයන්නද? දැන් තියෙන බ්ලොග් කන්දරාව දැක්කාම මට බයත් හිතෙනවා. ඒත් බය වෙලා කෝමද....

රැජිණත් කිව්ව දුන්න කියලා. එයා කිව්වාම මං කොහොමද නොදුව ඉන්නේ...
ඒ කිව්වට රැජිණත් ළඟ පාතක නෑ. හිටියානම් උනු උනු කෝපි එකක් එහෙම හමබ වෙයිනේ...
අනේ කරුමෙක මහත තමා...

ඕන් එහෙනම්...

සැරසෙන්...
එලවේන්...
ඩම්පිට ඩම් පටෝන්...

April 23, 2010

තවත් පා පැදියක් ද මන්දා...



මේ පිංතූරය ගත්තේ නම් මම නෙමෙයි.
මේක විද්‍යුත් තැපෑලක මට ලැබුණ එකක්.
කොහොම වුනත් හොඳ නිර්මාණයක් කියලා හිතුනා.

ටැංකිය වතුර ගෙනියන්න ගන්න පුළුවන් නේද...

April 21, 2010

අපේ බබා - 8 වන මාසය

ඔන්න මේ අවුරුදු අරුමැක්කේ අපේ බබාගේ 8 වැනි මාසෙත් ගෙවුනා නොවැ. කියන්න කාරණා බෝමැයි. ඉතින් කියමුකෝ එහෙනම් මෙන්න මෙහෙම කෙටියෙන්.


හරියටම අප්‍රේල් 20 වැනිදා වෙනකොට බබාට මාස 8යි. මාර්තු මාසේ 20ට කලියෙන් පිරිත් කියන්න ලැබීම ගැන අප මෙන්ම අපේ දෙමාපියන්ද බොහෝ සේ සතුටුවූහ. එය මගේ බිරිඳටද යම් අස්වැසිල්ලක් වූයෙන් ඇයද සතුටින් කාලය ගත කළාය. වෙනදා මෙන්ම මාර්තු ගෙවී අප්‍රේල් මාසය නොහොත් අවුරුදු මාසය එළඹෙන්නට විය. අප්‍රේල් මාසයේ මුල් සතියේ ඇගේ මාසික සායනය වූයෙන් එහි ගියේ නංගී සමගය. ඒ වන විටත් මා රාජකාරී කරමින් සිටි අතර පසුදින අප අපගේ වෛද්‍යවරයා හමුවීමට යොදාගෙන තිබුණි. එම නිසා රාජකාරී අහවර වී රාත්‍රී කාලයේ ඇගේ නිවසට ගොඩ වූයෙමි. සැමදා මෙන්ම ඇගේ ආදර සිනාව මගේ විඩාව එලවා දමන්නට විය.

"උඹට කොහෙන්ද හයියක් මගේ මිනිහගේ ඇඟේ නගින්න තරම් මං ඉන්නකල්" වැනි සිතිවිල්ලක් ඈ තුල නොවූවා වන්නට බැරිය.

කෙසේ හෝ නිවසට ගොඩ වී රාත්‍රී ආහාරයෙන් පසුව ඈ සුපුරුදු පරිදි මගේ ඔඩොක්කුවේ පහස සොයා ඇල වෙන්නට විය. රූප පෙට්ටියේ වෙළඳ දැන්වීම් අතරින් පුංචි නාට්‍ය කැබැලි පෙන්වුවද ඒවා කිසිත් ගනන් නොගෙන ඈ මගේ කණ් ගොඩ කරන්නට විය. සතියක් තුළ එක කරගත් වල් පල් සියල්ල එකිනෙක ඇද දමන්නට විය. ඒවා රසබර වුවත් නැතත් ස්වාමියකුගේ පරම යුතුකම ලෙස මා හැඳින ගත් එක් ගුණාංගයකට ගරු කරමින් මා ඒවා සඳහා අඩුම තරමේ "ආ... එහෙමද.. ඉතින්... ඔව් ඔව්.." යන වදනින්වත් පිළිතුරු දෙමින් අසා සිටියෙමි. මෙය ඇයට මහත් රුචි ගෙන දෙන්නක් බැව් මා බොහේ කලෙකට ඉහතදී දැන  සිටීම මාගේ භාග්‍යයක් ලෙස මා දකිමි.

"මේ ඒක නෙමෙයි... අද අර මිඩ් වයිෆ් කිව්වා මගේ බර වැඩි වෙලා නෑ කියලා..." ඇය කීවාය.
"ඒ මොකද ඒ..."
"අනේ මංදා.. මම ඉතිං කනවනේ..."
"බොරු නේද.... කන්නේ නැතුව ඇති... නැත්නම් බර වැඩිවෙන්න ඕනේනේ... මෙන්න පුතේ.. අම්මා කන්නේ නෑ..."

කියමින් මම බොරුවට චෝදනා කරමින් ඇගේ උදරය පිරි මදින්නට වූයෙමි. ඇය මහත් වූ ආඩම්බරයෙන් එය බලා සිටින්නට විය. "ඔබ වෙනුවෙන් මගේ උතුම්ම තෑග්ග මෙලෙස මා රකිමි පණ සේ" කියා ඈට සිතෙන්නට ඇත. ඈ මගේ ඔඩොක්කුවෙන් කෙලින් කර මා ඇයව සිප, උදරයට කණ තබා කිසියම් ශබ්දයක් ඇසේදැයි බැලීමට උත්සාහ කෙළෙමි.

"ඩෝං" ගාලා පුතා දුන්නා නේද පයින් පාරක් මගේ කණට.

"අනේ අනේ තාත්තට එහෙමද සලකන්නේ.... ?" මම කීවෙමි.
"අනේ ඔයාටනම් එක පාරයි. අයියෝ මෙයා එක්ක බෑ.. ඔන්න... ඔය.... හරියට දඟයි. ඔයා වගේම නැතෑ..
මට ඉතින් දැන් දෙන්නෙක් නල වෙන්න වෙයි හෙට අනිද්දා ඉඳලම... අම්මෝ...."

මෙන්න මේ වගේ සොඳුරු මතකයන් අතරට අපේ බබා පැමිණීම අපි ආසාවෙන් රස වින්ඳෙමු. පසු දින අපි වෙදා වෙත ගියෙමි. එහිදී මනරම් සිදුවීමක් සිදුවිය.

වෙනදා මෙන්ම වෙදදුරා වේලාව වරදවා පැමිණියේය. අපි අංක පිළිවෙලට ඔහු වෙත ගියෙමු. රැජිණගේ පරීක්ෂා කිහිපයකට පසුව මෙසේ කියන්නට විය. 

"පුතා බබා පොඩ්ඩක් පොඩීනේ... වතුර මදි වෙලා... "
"අනේ සර්, ගොඩාක් පොඩිද?...."
"නෑ නෑ... ඔය බය වෙනවනේ... සතියක් විතර පරක්කුයි... බොහොම පොඩි එකක්... "
"අපි බලමුකේ ස්කෑන් කරලා...."

දැන් රැජිණගේ මූණ දෙක වෙලාය. මා හනිකට ක්‍රියාත්මක වීමි. අමාරුවෙන් හිත හදාගෙන ස්කෑනීන් කාමරයට ගියෙමු. මෙහිදී වෙදදුරා පරිගණක තිරය අපට පෙන්වමින් එක එක දෑ විස්තර කරන්නට විය.

"මේ තියෙන්නේ හාර්ට් එක.. දැක්කද?"
ආ... ඔව් ඔව්...
"මේ තියෙන්නේ ඩේට් එක. සතියක් පරක්කු වෙලා.. මම කිව්වේ... හරිනේ..."
ම්...ම්ම්....

එක්වරම වෙදා රැජිණ දෙසට හැරී මෙසේ විමසන්නට විය.

"මෙන්න මේ වගේ එකක් ගෙදරදී දැකලා තියෙනවද? "

ඔහු පෙන්වමින් සිටියේ අපේ බබාගේ කුරුල්ලාය.
තිරය හරියට නොපෙනුන නිසා ඇය ""මට පේන්නේ නෑ..." කීවාය....

"වෙන්න බෑ.... හොඳට බලන්න.... මේ වගේ එකක් දැකලම තියෙන්න ඕනේමයි..."
"අනේ... හික්ස්..."

මෙසේ කියමින් ඇය ලැජ්ජාවෙන් ඇඹරුණාය. දැන් අපේ බබා අහවරය. ඔහු දැන් අපේ පුතා වෙලාය. කුරුල්ලා හොඳටම පැහැදිළිය.
අපේ සිත් සතුටින් පිරී ඉතිරී ගොසිනි. හනිකට රෝහලෙන් පිට වූ අපි දෙදෙනා මෙය සැමරීමට පුරුදු විදියටම චොකලට් ගත්තෙමු.

ඒ අතර නොයෙකුත් පෙම් කතා කියමින් අපි විවෙස බලා පිය මැන්නෙමු.