December 5, 2012

සිතන්නට යමක්



මෙය හුදෙක්ම අප විසින් දැන හෝ නොදැන කරන්නාවූ වැරැද්දකි. දරුවන් අපේ අනාගතය මෙන්ම පාසලේද, රටේද, මුළු ලෝකයේමද අනාගතය වන්නේය. එමනිසා ඔවුන්ගේ අධ්‍යාපනය අපට මෙන්ම පාසලටද, රටටද, මුළු ලෝකයටමද ඉතා වටිනා අංගයක් බව පුන පුනා කිවයුත්තක් නොවන්නේය. ඒ කෙරන් අප විසින් ඒ සඳහා මහත් උනන්දුවක්, අවධානයක් යොමු කිරීම නිතැතින්ම අපේ සිත් තුල ගොඩනැගිය යුතු කරුණක් විය යුත්තේය. අප විසින් ඔවුන්ගේ අධ්‍යාපනය සඳහා යොදන වෙරය මතු යම් දිනෙක අප සියල්ලන්ගේම සිත් පහන කරන කාරුණක් වන බව සක් සුදක් මෙන් කාහටත් පැහැදිළිය. මේ බව වඩාත් තේරුම් ගත යුත්තේ අපේ දෙමාපියන් බව බොහේ දෙනාගේ මතය වුවත් ගුරුවන්ගේ වෙර වීර්ය ගැන බෝහෝ දෙනා අමතක කරන්නේය. ඒ හුදෙක්ම ඒ සියල්ල මුදලට යට කර ඇති බැවිනි. පාසල් අධ්‍යාපනයට මෙන්ම උසස් අධ්‍යාපනයටත් එය දැන් වී හමාරය. දැන් ඉතුරුව ඇත්තේ පෙර පාසල් අධ්‍යාපනය පමණකි. පෙර පාසැල් අධ්‍යාපනයට එහෙන් මෙහෙන් කණ කොකා හඬලනු යන්තම් හෝ ඔබටත් දැනෙන්නට ඉඩ නැතුවාම නොවේ. ඒ නම් ඔබට හෝ ඔබේ සමීපතයකුට පෙර පාසල් යන වයසේ කුඩා දරුවකු සිටීම නිස වන්නට හැකිය. මේ ලිපිය හුදෙක් ගොඩ නැගෙනුයේ මා ලද කිසියම් අත්දැකීම් හා සමීපතයන්ගෙන් ලද අදහස් උදහස් අනුවය. එමනිසා මෙහි අඩංගුවන කරුණු හුදෙක්ම නිවරද නොවන්නට බොහෝ ඉඩ ඇත්තේය.

මීට සති කිහිපයකට කලින් අප සියල්ලෝ විසින් "ළමා දිනය" මහා උත්සවාකාරයෙන් සමරන්නට විය. සමහර දෙමාපියන්ට එය අමතකවුවත් ගුරුවරුන් එය මතක් කර දීමට තරම් කාරුණික වූහ. එය එසේ වූයේ හුදෙක් ඔවුන්ට කිසියම් ගතමනාවක් හෝ වාසියක් ලබා ගැනීමේ අරමුණින් නොවන බව නම් නිවැරදිව පැවසිය හැක්කක් නොවේ. මෙම සිද්ධිය සිදුවූයේ පිළියන්දල අවට ඇති එක්තරා පෙර පාසලකය. එහි නම මේ ලිපියට ඇතුලත් නොකලත් මෙවන් සිද්ධීන් නිරතුරුව සිදුවන්නේ නම් එය පළ කිරීම කිසියම් අයෙකුට යහපතක්ම නොවන බව සිතීමට උගහය.

එදා පෙර පැවසූ පරිදිම ළමාදිනය වූයේය. මේ සඳහා මෙම පෙර පාසැලද කුමක් හෝ විශේෂ කටයුත්තක් කල යුතුයැයි සිතන්නට ඇත. ඒ සඳහා ඔවුන් තෝරා ගතතේ (සිතුවම්) දැක්මක් එනම් (චිත්‍ර) ප්‍රදර්ශණයක් පැවැත්වීමය. මේ වෙනුවෙන් කලයුතු කටයුතු බොහෝමයක් වන්නේය. ප්‍රධානම කටයුත්ත වන්නේ දරුවන් ලවා ඔවුන්ගේ සිතුවම් ඇන්ඳවීමක් හෝ කිසියම් කටයුත්තක් කරවා අවසන් ප්‍රථිපලය විදහා දැක්වීමය. (මෙහි සිතුවම් දැක්මක්යැයි ලෙස නම් කලේ බොහෝමයක් තිබුණේ සිතුවම් බැවිනුත් මේ කුමනාකාරයේ කටයුත්ත්දැයි කිසිවෙක් දැන නොසිටීම නිසාවෙනි. මෙය හුදෙක්ම මීට හාත්පසින්ම වෙනස් වී දැක්මක් වුනාදැයි යන්න නිවැරදිව කිව නොහැකිය.) අප බොහෝ දෙනා පාසැලේදි හෝ ඉන් බාහිරව මේවැනි දේ කර ඇත. එහිදී ඒ වෙනුවෙන් අප විසින් හෙලූ දහඩිය මෙපමණයැයි මායිම් කල නොහැක. නමුත් එක සත්‍යයයක් වන්නේ අප වෙහෙසුන තරම වැඩි නම්, කැප වී කල කටයුතු වැඩිනම් එහි සාර්ථකත්වයත් වැඩි බවත් අලසව සිට කටයුතු කිරීමෙන් ලැබෙන්නේ අලස ප්‍රථිපලයක් බවත්ය.

ගුරුවරුන් දරුවන්ට ආදරේය. විශේෂයෙන් කුඩා දරුවන්ට එය අති මහත්ය. එම කණ්ඩායම දැන් ප්ලේ ගෲප් (Play Group) ලෙසින් අලුත් වෙළඳ නාමයකින් අප අතරට පැමිණ ඇත්තේය. එහි කිසිදු වරදක් නැත්තේය. වරද ඇත්තේ මෙසේ විකුණන දෙය සතු ගුණාත්මකබාවයේය. පෙරපාසැල් අතර ඇති සිසිල් ගින්න ගැනද වෙනමම කතා කලයුතු වන්නේය. ඒ කෙසේ වෙතත් පෙර පැවසූ පෙර පාසල සූදානම් කල සිතුවම් දැක්ම සැලකූ කල්හි එහි නම් බොහෝ අඩුපාඩු වන්නට විය. අප කා අතින් වුවත් වැරදි සිදුවන්නේය. නමුත් නොසැලකිල්ල නිසා සිදුවන වැරදි සඳහා ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ල නොවේද? මෙය කිනම් වූ දැක්මදැයි එතැනට පැමිණ සිටි බොහෝ දෙමාපියෝ නොදැන සිටියහ. සමහරු මෙය සිතුවම් දැක්මයැයි සිතූහ. සහරු එය අත්කම් දැක්මයැයි සිතූහ. සමහරෙක් මේ කිසිවකුත් දැන නොසිටියහ. මෙය පළමු වරදයි. මෙහි අඩු පාඩුව ඇත්තේ හුදෙක්ම පරිපාලනයේය. පළමුව දැනුවත් කල යුත්තේ ගුරුවරුන්ය. දෙවැනුව දෙමාපියන්ය. දෙමාපියන් දැණුවත් කිරීමෙහිලා අපහට ගත හැකි ක්‍රියාමාර්ගයන් ගැන අවබෝධයක් පරිපාලනයට හෝ ගුරුවරුන්ට නොමැති නම් ඔවුන් ඒ පුටුවලින් ඉවත් වී කල හැක්කෙකුට දිය යුතුය. මා ගුරුවරයෙක් හෝ පරිපාලන නිළධරයෙක් වූවා නම් ගුරුවන් කැඳවා අප කරන්නේ කුමක්ද, කරන්නේ කෙසේද යන්න ගැන විවෘත සංවාදයක් ගොඩ නංවා එහි ප්‍රථිපලයන් මනවා පැහැදිළිව දරුවන්නේ දෙමාපියන්ට ලැබෙන්න්ට සලස්වන්නේ බොහෝ වුවමනාවෙනි. පසුව එය තහවුරු කරගැනීමත් සිදු කරන්නේ නිතැතිනි. ඒ වෙනුවෙන් පන්ති කාමරයේ හෝ ප්‍රධාන දැන්වීම් පුවරුවේ සටහන් කිරීමට අමතක නොකරමි. ගුරු-දෙගුරු සටහන් පොතේ පැහැදිළිව ලියා යවමි. එය තේරුම් ගත් බවට පිළිතුරු එවන මෙන් දන්වා යවමි. මේ ආකාරයෙන් දෙමාපියන් දැනුවත් කරවූ කල්හි ඔවුන්ද වඩා උනන්දුවෙන් තම දරුවන් කටයුත්ත සඳහා ක්‍රියාත්මක වන්නේය. සියල්ලම ගුරුවරුන්ට පවරන්නට නොවන්නේය. මෙසේ මා දොස් නගනුයේ මා දන්නා මවකට මේ දිනය ගැන තොරතුරු දැන ගත්තේ පෙර දිනයේ බවත් එයත් නිවැරදිව ලත් තොරතුරක් නොවන බවත් මා හා පුන පුනා කියමින් සිටි බැවිනි. තවද ඇය වැවසුයේ මේ බව අඩුම තරමින් දින දෙකකටවත් කලින් දැන ගත්තානම් දරුවා සමග විනෝදයෙන්ම කිසියම් කටයුත්තක් කර ඔහුටද කිසියම් දෙයක් කියාදී සතුටෙන් කිරීමට ඉඩ තිබුණ බවය. ඇය පාසැල ගැනද ගුරුවරුන් ගැනද දොස් නගමින් සිටින්නට වූයෙන් මා එතැනින් ඉවත්වූවත් එහි කිසියම් පාඩමක්/උපදෙසක් නැතුවාම නොවේ. (ඇය බොරුවක් කීවා වන්නටද ඉඩ නැතුවාමත් නොවේ.)

තවත් එක් විශේෂ සිද්ධියක් වනුයේ නිවේදන කටයුතු කල ආකාරයය. නිවේදන කටයුතු කිරීමෙහිලා දෙදෙනෙක් වන්නට වූ අතර භාෂා දෙදෙකින් යුක්ත විය. අපේ මව් බසින් කල නිවේදන කටයුතු ගැන සෑහිමකට පත් වුවත් ඉංග්‍රීසි බසින් කලාවූ නිවේදන නම් සතුටුදායක නොවීය. උදාහරණයකට මෙය දක්වමි.

ඔයිල් ලෑප්ම් එක පත්තු කිරීමට....

මෙම වැකිය කිසිම බසකට නත්තේය. ඔයිල් ලෑම්ප් එකෙන් පටන් ගත්තා නම් අඩුම ගානේ ලයිට්නින් කියලාවත් කියන්න ඕනෑය. පත්තු කරනවා කියන්නේ කියන භාෂාවෙන්ය. චිරානුගත වගේ ලස්සන වදන් නැතුව වුවත් මෙය සරලව පොල් තෙල් පහන දැල්වීමට කාරුණික ආරාධනය යනුවෙන් පවසිය හැකිව නොතිබුණා නොවේ. ඇය කලේ තමන්ගේ සායම යවා පාසැලේද සායම යැවීමය. මෙසේ වන්නේ හුදෙක්ම සූදානම නැතිකම නොවේද? මේ ගැන පරිපාලනය මෙන්ම අදාළ ගුරුවරියද තවත් වරක් සිතිය යුතුය. තවද මෙම දැක්මේ න්‍යාය පත්‍රය සියළුම දෙමාපියන් වෙත ලැබෙන්නට සැලැස්විය යුතුය. කිසියම් ප්‍රසිද්ධ ස්ථානයක අලවා තැබිය යුතුය. මේවා අප විසින් සිවයුතු දේ නොවේ. සාමාන්‍යය පරිපාලන සේවයේ නියුත්ත වූවන්ගේ සිත්හි නිතර නැගෙනා සිතිවිලි දාමයන්ය.

තවත් බොහෝ කරුණු කාරණා තිබුණත් ඒ ගැන විචාරයට වඩා වැදගත් වනුයේ මෙම ලිපිය කියවන කිසිවෙක් වෙත්නම් මේ ගැන නැවතවරක් සිතීමය. ඔබ පෙර පාසැල් ගුරුවරයෙක් නම් දෙමාපියන් අතර ඇති සබැඳියාව වැඩි කරන්න උපක්‍රම සිතන්න. මේ කියන්නේ අත යටින් ගහන්න කියන එක නොවේය. සමහර දෙමාපියන් කාර්ය බහුලය. සමහරු දැනුමෙන් අවමය. ලැජ්ජාශීලීය. නිහඬය.මේ ගැන ඔබ නැවත වරක් සිතන්න. ඔවුන් ඔබේ මිතුරන්ය. ඔබ මෙය කරන්නේ රුපියල් සත නිසා නොවන බව සිතන්න. ඔබ පරිපාලන කටයුතු කරන්නෙක්නම් ඔබට දහසක් දේ කරන්නට ඇත. මෙය ඔබේ ජීවනෝපාය බව සත්‍යයකි. නමුත් දෙමාපියන් ඔබේ ගනුදෙණුකරුවා පමණක්ම නොවන බව සිතන්න. ඔවුන්ට වැඩිපුර යමක් දෙන්නට සිතන්න. ඔබ පාසැලට දරුවා යවන මවක් හෝ පියෙක් නම් මීට වඩා ගුරුවරුන් හා සබඳකම් පවත්වන්නට උත්සුක වන්න. නැවතත් කියන්නට වන්නේ ඔබ විසින් අල්ලස්/තෑසි බෝග දීම නොවේය. ගුරුවරයාගේ හොඳ නරක දකින්නේ ඔබය. ඒ බව නොපැකිලව ඔවුන්ට පවසන්න. එය ඔවුන්ට කරනා ලොකුම උපකාරයයි. තැන තැන ඔවුන්ගේ වැරදි කීම කාටත් වැඩක් නොවන්නේය. එඩිතර වන්න. කෙසේ වෙතත් මේ සියල්ලම ඔබේ දරුවා වෙනුවෙනි. ගම වෙනුවෙනි. පාසැල වෙනුවෙනි. රට වෙනුවෙනි.


මොහොතක් සිතන්න.



November 8, 2012

මල්ලියෙක්ද? නංගියෙක්ද?



අම්මා පුතාගෙන් මෙසේ අසයි...

පුතාට ඕනෑ මල්ලි කෙනෙක්ද?
නංගි කෙනෙක්ද?

නෑ... මට ඕනෑ අයිය කෙනෙක්....

ඉතින් ගෙනල්ලා දීපංකෝ....

October 22, 2012

Image By 1G



 

බඩ වාගේම තට්ටෙත් යහමට තියෙනා
පිනකට වගේ තොප්පියකින් එය වැහෙනා
කවුද අඩෝ වරෙව් කෙලින් චන්ඩී කියනා
බැලූ සැරෙන් එක්වරටම පෙනිලා කැපෙනා

'මොකක් කිව්වා' කියමින් ආයෙත් අසනා
පින්තූරයක් දැක්කොත් යන්තම්වත් වටිනා
අරශොප් මේ ශොප් එක් කරමින් සොඳිනා
කෙල කරවයි නිල් සරමක් ඇඳ සිටිනා

ක්‍රීඩා ඇමතිකම හින්දා කෙල වෙන්නා
කතාවලට වැඩි වැඩියෙන් දුක් වෙන්නා
කාටවුනත් තේරෙන්නැති ගැට පෙන්නා
zසීනා හිමීටම එතැනින් පැන ගන්නා

දැක්කොත් ඉතින් පොල් පැලයක් හොඳින් වැඩී
ඉන්නට බෑනේ මේකගේ ඒ කකුල් දෙකම කසී
දණ්ඩ වගේමයි කෙරුවාවත් ඒ හැටිම නිසී
කැරම් විතරමයි බෝල ගැහිලිනම් ඒ හැටිම බැරී

බෝතලයක් ඇතුලේ  ලොව ගැබ් වෙන්නා
වැටෙනකම්ම ගහලා රජ කබරය වෙන්නා
බල්ලා වුනත් කම් නැත හාදුම දෙන්නා
තව මොහොතක් ආතල් එක ගනිමින්නා

අලුත් නාන ඇඳුමක් මම අරගත්තා
අලුතෙන්මයි කස්ටියටම පෙන්වමිනා
පිහිය අතේ රා කලයක් අනෙකතිනා
අද පෙන්වමි වැඩ කිඩ නිසි මම ලෙසිනා

අනිත් එවුන් ඕනෑ එකක් කර ගත්තෙන්
මම දෙන්නම් රා කලේට සිත් මත්තෙන්
කස්සා පෙන්නෙනේ කලේට පොඩ්ඩක් අස්සෙන්
තව පොඩ්ඩෙන් ඒකත් නොපෙනී යත්තෙන්

හරි හරි  ඔක්කොමලා මොකද සද්ද
මං නැති තැන උඹලා මේ ලූලා වෙද්ද
චන්ඩි බන්ඩි කරනා ඔය පුස් සද්ද
කියමින් ජැකියා පැන්නා උස්සන් රෙද්ද

 

October 19, 2012

සිත් රාවය මුමුනවමින්


නිල් අඹරේ පිය මනින්න
සීන පොදක් තුරුළු කරන්
තරු අතරේ නෙත් යොමන්න
පද ගොතමින් සිහින් සරින්
එක්'වා මතක ගෙත්තම් කරන්න
බිඳෙන් බිඳට කල් යවමින්
තවත් පොදක් ඉඩ තබන්න
සිත් රාවය මුමුනවමින්

October 18, 2012

බැඳලා අවුරුදු 5යි



අදට (ඔක්තෝම්බර් 18) බැඳලා අවුරුදු 5යි. සෑහෙන්න කාලයක් ගත වෙලා. ම්ම්ම් කරපු කියපු වැඩ මතක් වෙනකොටත් හිනා යනවා. අපේ කොල්ලා තමා දැන් ලොකුම සිද්ධිය. ඇත්තම කිව්වොත් සිද්ධිදාමය. හරිම ආසයි. බලාගෙන ඉන්නකොට ආස හිතෙනවා. කොල්ලෙක් හින්දා මුරණ්ඩුත් වැඩිද මන්දා...

කොහොම උනත් කොල්ලා කියලා රැජිණට අඩුවක් කරන්න බෑනේ... ඔන්න  ගිය සතියේ ගියා ෂොපින්.... බීච් එකටත් ගිහින් පොඩ්ඩා එක්ක නාලා කරලා ආවා.

සමරන්න තරම් උවමනාවක් නම් තිබ්බේ නෑ. ඒත් එදාටම රැජිණගේ පියාගේ උපන්දිනය තියෙනවනේ. ඒක හින්දා ඒක සමරන්න උවමනා හින්දා කේක් ගෙඩියක් ගෙනල්ලා කපලා කෑවා. පස්සේ අපි දෙන්නම ඔෆිස් ආවා. එච්චරයි. සරලයි. අවුරුදු 5හේ කියලා ලොකු සීන් නෑ.


මෙන්න ගිය අවුරුද්දේ ලියපු ආටිකල් එක. ඒක මේකට වැඩිය හොඳයි. :පී

http://bingunada.blogspot.com/2011/10/4.html

October 5, 2012

කොල්ලෙකුත් ඉඳලා




ශ්‍රී ලංකාව මෙදා පොටේ නම් ෆුල් ගේමක් දෙනවා වගෙයි කියලා හිතෙනවා. තවමත් නොපැරදී ඉදිරියටම යනවා. ඒක පට්ට. ඉතින් ඒ වෙනුවෙන අපේ අය එක එක වැඩ කරලා සපෝර්ට් එක දෙනවා. ඒකත් මරු.
සමහරු බොනවා, සමහරු නානවා, සමහරු අනුන්ගේ බිල් ගෙවනවා, සමහරු බඩු මිළ වැඩි කරනවා, සමහරි පිකට් කරනවා.... ඒ මොනවා කලත් මේ ඔක්කොම කරන්නේ රට දිනවන්න ටී 20න්. අපේ රටට ජයග්‍රගණයක් ලබා දෙන්න.
ඔය අස්සේ සමහරු සින්දු, කවි, කතා, විඩීයෝ එහෙමත් කරනවනේ. මේ තියෙන්නෙත් එහෙම හදපු එකක්.

මාර වැඩේ කියන්නේ මම මේ විඩීයෝ එක කීප සැරයක්ම බැලුවා. ඒ විඩීයෝ එකේ කොල්ලෙක් ඉන්නවා කියලා දැක්කේ තප්පර 50ක් විතර ගියාට පස්සේ, අර කොල්ලා බෝලයක් දාන තැනක් එන්නේ... ඊට පස්සේ ආයෙත් නැති වෙනවා... මාර සීන් එකනේ....
සමහරු කොල්ලව දැකලම නෑ...
හික්ස්...

එකක් කියන්න ඕනේ... කෙල්ලගේ නැටිල්ල නම් කියලා වැඩක් නෑ... මාර ඇක්ටිව්, එනජිටික් විදියට නටනවා...
කොල්ලට එච්චර ෆිට්නස් නැද්ද කොහෙද කැපිල පේන්න නටන්න තරම්...

අනේ මන්දා...

September 14, 2012

ඔබ යන්නේ බහු වචනය කුමක්ද?


Image from Here
මෙම සිද්ධිය මා දන්නා එක්තරා මිතුරියකට සිදු වූවකි. ඇය පාසල් යන සමයේ සිංහල භාෂාව සඳහා ලකුණු 0ක් ලබාගෙන වාර්ථාවක්ද පිහිටවූ තැනැත්තියකි. තමන්ගේ ජාතියඩ සිංහලව තිබියදී පවා ලකුණු 0ක් ලබා ගැනීම තුළ කිසියම් සැඟවුණු සාහිත්‍යම රසාස්වාදයක් තිබේයැයි මා සිත් සන්තානයේ හටගත් කුකුස සංසිඳනු වස් සිදු වූ සංවාදයක අවසන් නිගමනයක් මෙසේ අකුරු කරන්නයට වීමි.

නමින් ඇය මධුමතී වූවාය. නමට සරිලන පරිදි මධුමතින් වෙරි නොවූවත් ඇගේ යම් යම් කටයුතු එසේ නොවූවාම නොවේ. ඒ කෙසේ වෙතත් ඇගේ සිංහල ගුරුවරිය නම් තරමක් සැරපරුෂ තැනැත්තියක් වූවාය. වහා කිපෙන සුළු වූ ඇය එක් දිනෙක වාර විභාගයේදී සියළු ළමුන් සඳහා වහා නියෝගයක් පැන වූවාය. එනම්:

අද ප්‍රශ්ණ පත්‍රයේ 10 වැනි ප්‍රශ්ණය වැරැද්දුවොත් ලකුණු 0යි. හොඳට කල්පනා කරලා ලියන්න. ඔන්න ආයෙත් කියන්නේ නෑ. තේරුණාද?...

මේ ආකාරයෙන් ඇගේ විධානය මුළු ශාලාව පුරා රැවු දෙන්නට විය. ඒ ගැන මොහොතක් නොසිතූ මධූ කිසිවක් නොසලකා පිළිතුරු ලියන්නට විය. පිළිතුරු ලිවීමෙන් පසුව බොහෝ සතුටෙන් පිළිතුරු පත්‍රය ගුරුතුමියට භාරදී යන්නට විය. වාරයේ ලකුණු නිකුත් කරන ලදී. අහා!!! පුදුමයකි. පසුව සිංහල සඳහා ලකුණු 0ක් ලැබීම ගැන ඇය ගුරුවරියගෙන් විමසූ කල්හි ඇයගේ පිළිතුරු  පත්‍රය ඇයට පෙන්වන්නට විය. එමෙන්ම එදා කියූ කතාවද මතක් කර දෙන්නය විය. එදා නම් ඇයට මධු පානය කරන්නට සිත් වන්නට ඇත.

එහි වූ ප්‍රශ්ණය නම් මෙයයි.

ඔබ යන්නේ බහු වචනය කුමක්ද?


ඔබේ පිළිතුර කුමක්ද?
ඔබත් ලකුණු 0වේ කෙනෙක්ද?



පිළිතුර : ඔබ 

August 7, 2012

ගූගල් එකේ සෙල්ලමක් අද

මේක සරල වැඩක්.

යන්න මේ සබැඳුමට.


https://www.google.lk/

ගූගල් ඩොට් කොම්(www.google.com) නෙමෙයි. ඩොට් එල් කේ හරිද?

දැන් සෙල්ලම් පටන් ගන්න. ඇරෝ කී (Arrow Keys) මරුවෙන් මාරුවට ඔබමින් වේගය වැඩි කරන්න.
sස්පේස් බා (Space Bar Key) එකෙන් පනින්න කඩුල්ලට උඩින්....

ඔන්න මම තප්පර 13න් ගියා. පුලුවන්ද ඊට වඩා අඩුවෙන් දුවන්න?


.

August 2, 2012

නිලූක කරුණාරත්න, කාශ්‍යපට පැරදුනාද?

නිලූක, කාශ්‍යපට පැරදුනාද යන්න ගැන කතා කිරීමට පෙර ඔහුගේ ජයග්‍රහණය ගැන අප කතා කල යුතුයි.

නිලූක ලොව අංක 8 දරණ ජපාන ක්‍රීඩකයා පරාජය කලේය. එය අප ලද මහා ජයග්‍රහණයකි. ඔහු ලංකාවේ බැට්මිටන් ලොවට නව එළියක් ගෙනාවේ නව පිටු පෙරළමින් ලෝකයා මවිත කරමින්ය. මේ ගැන අප පිටු පුරා අකුරු කරන්නට හැකිය. නමුත් කාශ්‍යප හමුවේ ඔහුට උනේ කුමක්ද යන්න යාන්තමින් හෝ විමසා බැලිය යුතුය. ඔහු පළමු හා දෙවන තරඟ වාරයන් මනාව ක්‍රීඩා කළේය. ඒ බව තරඟය බැලූ ඕනෑම අයෙකුට සක්සුදක් සේ පැහැදිළිය. නමුත් අවසාන වටයේදී ඔහුගේ කිසියම් පසුබෑමක් දිස්වන්නට විය. ඉංදීය ක්‍රීඩකයා අසාර්ථක වන සෑම අවස්ථාවකදීම ඔහුගේ පුහුණුකරු කිසියම් උපදෙස්, උපක්‍රම ලබා දුන් බව තරඟයේ කැපී පෙනෙන්නට විය. නමුත් නිලූක අසාර්ථක වන අවස්ථාවේදී ඔහු කලේ තනිවම වතුර පොදක් තොල ගෑම පමණිකි. මහාමෙරක් තරම් බරක් හිසට දැනෙන විට එය පුළුන් රොදක් කිරීමේ හැකියාව ඇති එකම පුද්ගලයා ඔහුගේ පුහුණුකරු, රන් හා වටිනා මිනිත්තුවේදී ඔහු කොහිද? ඔහු හිතාමතාම නිවසේ රැඳුනාද? නැත්නම් ඔහුට රැඳෙන්නට සිදු වීද?

අප දුප්පත් රටක් බව පුන පුනා කීමට උවමනා නොමැත. නමුත් අපට කල හැකි යමක් ද නැතුවාම නොවේ. ඔලිම්පික් හෝ මොනයම් ලෝක තරඟයක් හෝ වේවා එහි ක්‍රීඩා කරන්නෝද පිටසක්වල ජීවින් නොවෙති. එමෙන්ම ඔවුනොවුන්ගේ දක්ෂතා අතරද මහා ලොකු වෙනසක් නොවෙති. එසේනම් වෙනස ඇත්තේ ඔවුන්ගේ අවට පරිසරයේය. එනම් පුහුණුවීම් හා පහසුකම් මතය. සෑම ක්‍රීඩකයකුටම අපට දිය හැකි උපරිමය දිය යුතුය. එමෙන්ම නිසි ක්‍රීඩකයා තරඟයට යැවිය යුතුය. ලොකු ලොක්කන්ගේ උවමනා එපාකම් මත ඒවා සිදු නොවිය යුතුය. ලංකාවේ ක්‍රිකට් වලට සිදුවී ඇත්තේද මෙවැනිම දෙයක් නොවේද? එය දැන් දැන් අනෙකුත් ක්‍රීඩා සඳහාද විසරණය වන බවක් නිතැතින්ම දැනෙන්නේය.

ඒවා කෙසේ වෙතත් කිසියම් තරඟයක් උඩු යටිකුරු කරන්නේ පුහුණුකරු විසිනි. පුහුණුකරු නොමැතිව නිලූක කල සටන අප කවුරුත් අගය කල යුතුය. කිසියම් හෙයකින් පුහුණුකරු සිටියා නම් නිලූක ජය ලබන්නට බොහෝ ඉඩ නොතිබුනා නොවේ. කාශ්‍යප ද සැබැ දක්ෂයෙකි. එයද අමතක නොකල යුතුය. නිලූක පැරදුනා නොව පැරැද්දුවා යන්න මාගේ මතයයි. ක්‍රීඩා ඉසව් මුවාවෙන් අපේ මුදල් නාස්ති කරමින් බාල් නැටීමට යන අපේ පුදගලියින් එකෙක් වෙනුවට මේ පුහුණුකරු යැව්වේ වී නම් අද මේ කතාව ලියැවෙන්නේ වෙනමම අයුරකිනි.

මේ ගැන නිසි බලධාරීන් විවෘත මනසකින් කටයුතු කරාවියැයි අප නෙත් යොමා බලා සිටින්නෙමු.


July 27, 2012

රිදුනු සිත

වීද අනවධානයක් නැතහොත් කරාද
හිතාමතාම උන් උන්
වෙසෙසින් සම්ප්‍රාප්ත වෙමින් අතරට
අපේ ප්‍රංසවාදය බිඳනු පිණිස
තිබූ කලක් යහතින් වැජඹෙමින්
එකම ධජයක් එකම සෙනෙහසක්
වීද කරාද කම් නොමැත්
අවසන දුටුවිට හිත් කිළිපොළන
තරමට ගෙනෙන්නට තත්සර
නගන පොපියන දෙනෙත්
බසින් අවසර නොමැතිව පවසන
කෲර කුහක අකුරු පෙළ
රිදවයි දෙසවන් දුන්නා වූද
දෙන්නට වීද මිථයාව අනෙකුගේ
කැමැත්ත මිසක නොපැතුවද
වාලේ සඳ සැල් මෙන්
ඉනංගු කරමින් සසංකත්වය
ත්‍රීව්‍ර කෙරෙමින්
ගෙනෙමින් නොහොඹිනා නොතරම්
සංගත බෙදුම බෙදමින් අපතරට
උවමනාවීද කුකුල් කඩන්නට
සිද බෙඳින්න්ට මෙතුවක් වුණු
ඉන්ද්‍රකීලයන් නොකී මුව සැහෙන
ඉවසන්නට නොහැකිවීද
කිළිටි මානස සහිත
ජය ලැබුවාද ඉතින් යහතින්


-රිදුනු සිත-

July 19, 2012

ෆූල් බෝයි

සඳුදා පටන් ක්ලෝරීන් එක් කරන්නේ
පුලුවන් අයත් ඒ හින්දයි නො එන්නේ
අනිත් දිනවලත් මමමයි මෙහි රැඳෙන්නේ
ෆූල් බෝයි කියලයි මට කියන්නේ

ආවා දිනේ ස්විමින් ගේම් එක තියෙනා
හෝ ගාලා කට්ටිය මෙතැනට පිරුනා
හැකි පමණින් දස්කම් පෙන්වමි හිතුනා
ඒ හින්දා උඩ පැන පැන කස්ටිය ඇදුනා

වෙල්පෙයර් එකට නෙයෙකුත් මැසිවිලි නැගුනා
අපිට ඉඩක් නැතුවාමයි කවුරුත් කියනා
එන පොට නොහොඳ බව ඔවුනට දැනුනා
හනිකට දින එක දෙක නම් වෙන් කෙරුනා

ගිණි ගත්තෝ සඳුදා එක් රැක් වෙන්නා
එහෙන් මෙහෙන් වැඩ දමමින් උන්නා
වටෙන් ගොඩෙන් වැඩ බැරි බව තේරෙන්නා
හිමින් හිමින් මෙගොඩින් ගොඩටම යන්නා

පස්කරුවෝ පසුදා හවසම එන්නා
පස්වැඩ මිසක් වතුරේ වැඩ නොමදන්නා
හැකි තරමින් එහෙන් මෙහෙන් වැඩ පෙන්නා
කින්ඩි නොවී කරුවලේම ගෙදරට යන්නා

දින දෙකකින් සුළං කරුවෝ පියඹන්නා
වතුර මොකද සුළඟ මොකද කියමින්නා
පොඩ්ඩ පොඩ්ඩ සද්දය නම් අඩු වෙන්නා
රෑ වෙනකොට කකුල් දෙකෙන් පියඹන්නා

ඔන්න බොලේ ජලකරුවන් එක් වෙන්නා
වැඩ පෙන්වන්නට කාලයමයි කියමින්නා
කියූ පරිදි උඩින් යටින් වැඩ පෙන්නා
ලෙවෙත් නොමැති ආතල් එක මට දෙන්නා

සියල්ලෝම එක සිතකින් ජය පතලා
තර්ස්ටනේ ෆූලය වෙත පිය නගලා
ලකුණ ලකුණ එක කරමින් සිටලා
ජල කරුවෝ දිනුවලු එය හිටු කියලා

එදා ඉඳලා කිසිම කෙනෙක් මේ පැත්තෙන්
ආවේ නෑනේ මං මැරුණා වත් ද බලන්
ඇස් දෙක රිදෙනවා මග ඉඳල බලන්
එන්නේ නැද්ද ආයෙත් මේ පැත්තේ බොලන්



June 15, 2012

පියවරුන්ගේ දිනය

මව්වරුන්ගේ දිනය යනුවෙන් පැවසූ සැනින් අපේ බොහෝදෙනාට එය කුමැක්දැයි යන්න ගැන අවබෝධයක් ඇතිවා මෙන්ම එය කෙසේ සැමරිය යුතුද, එය අවුරුද්දේ කවදාද යන කරුණු ගැනද නිතැතින්ම සිහියට එනවා ඇත. එදිනට මව්වරුන් වෙනුවෙන් නොයෙකුත් උත්සව, ප්‍රය සම්භාෂණ සූදානම් කරමින් නොයෙකුත් පෙදෙස්වල නෙයෙකුත් කයටුතු කෙරෙන්නේය.

මෙසේ කටයුතු සංවිධානය කරන පුද්ගලයකුගෙන් "ඔබ පියවරුන්ගේදිනය වෙනුවෙන් කුමක් කරන්නට බලාපොරොත්තු වනවාදැයි" විමසුවහොත් "ඒ කුමක්දැයි" යන පිළිතුර හෝ පැණය ඔබ වෙත එල්ල වන්නට ඇති ඉඩකඩ බොහෝය. ඒ තරමට ඔවුන් ඒ ගැන නොදැනුවත් විය හැකිය. "අම්මා රත්තරං" කිව්වාම "තාත්තා පිත්තලද" කියූ කතාව මගේ සිහියට එන්නේ මෙවන් අවස්ථාවකදීය.

ඒ කෙසේ වෙතත් අද සමාජයේ බොහෝ දෙනාට මෙම පියවරුන්ගේ දිනය අමතකව ගොසින්ය. එය යෙදෙන්නේ ජුනි මාසයේ තුන්වන ඉරිදා දවසටයි. 2012 අවුරුද්දේ නම් ජුනි 17 වැනිදාටයි. මෙසේ මේ දිනය අමතක වන්නේ අපේ පියවරුන්ගේ ක්‍රියාවන් මතමයැයි විටෙක කෙනෙකුටත් සිතෙන්නට පිළිවන. අපේ පියවරුන්ගේ සමහර ක්‍රියාවන් දෙස විමසුන් දෑසින් බලන කල්හි එය සැමරිය යුතුදැයි සාධාරණ සැකයක් ඔබේ සිතේද නිතැතින් ජනිත වන්නට ඉඩ නැතුවාම නොවේ.

ඒ කෙසේ වෙතත් ඔබේ පියා අගය කල යුත්තකුනම් අන් සියල්ල අමතක කර එදිනට ඔබේ පියා වෙනුවෙන් එක මිනිත්තුවක් ගත කරන්නට අමතක නොකරන්න.

.

May 23, 2012

අලුත්ම BMW එක

එක්තරා පුදගලයෙක් නවතම ස්වයංක්‍රීය BMW X8 වර්ගයේ මෝටර් රථයක් ගෙන්වා ගත්තේය. ස්වයංක්‍රීයව ගියර් මාරුවන නිසා ඔහුට බොහෝ පහසුවෙන් මෝටර් රථය පදවාගෙන යා හැකි විය. මෙසේ පැදවිය හැකි වූයේ දහවල් කාලයේදී පමණි. රාත්‍රියේදී මෝටර් රථය එකදු අඩියක්වත් පදවා ගැනීමට නොහැකි වීම ගැන ඔහු බොහෝ දුක් වී සිටියේය. අවසානයේදී ඔහු වාහනය මිළදී ගත් සමාගමට මේ ගැන දැනුම් දුන්නේය. එම සමාගම විසින් කාර්මික ශිල්පියෙක් එවන ලද්දේය. ඔහු වාහනය පිරික්සීමෙන් අනතුරුව මෙසේ විමසීය.

සර්, ඔබ වාහනය පදවාගෙන යනවිට නිවැරදි ගියරය භාවිතා කරනවාද?

අනේ මෝඩයෝ... උඹ හිතන්නේ මම මැට්ටෙක් කියලාද, මම D එක දවල්ටයි N එක රෑටයි කියලා දන්නවා යකෝ...


May 13, 2012

304 (ක්‍රීඩාව)


304 එසේත් නැත්නම් තුන්සිය හතර යන්න ශ්‍රී ලංකාව හා ඉන්දියාව වැනි දකුණු ආසියාතික රටවල ජනප්‍රිය කාඩ් ක්‍රීඩාවකි. පිල් දෙකකට බෙදී ක්‍රීඩා කරන මෙම ක්‍රීඩාව සඳහා 4 දෙනෙක් හෝ 6 දෙනෙක් සහභාගී වේ. මේ සඳහා සාමාන්‍යය කාඩ් කුට්ටමක ඇති කාඩ් 52න් 7 සිට A දක්වා ඇති කාඩ් භාවිතයට ගනී.

පටුන

  [සඟවන්න

[සංස්කරණය]දළ විශ්ලේෂණය

304 උපක්‍රම සම්බන්ධ කාඩ් ක්‍රීඩාවකි. යම් යම් අවස්ථාවන්හිදී යම් යම් කාඩ් මතක තබා ගැනීමට සිදු වේ. එක් ආකාරයටකට මෙය වාසනාව හා ඇතැයි සිතිය හැකිය. තවද මෙය ගණනය හා බැඳී ඇති යම් අවස්ථාවලදී තරඟය අවසන්වීමට ප්‍රථම ජය පරාජය ප්‍රකාශ කල හැකි වේ.
ආරම්භයේදී එක් ක්‍රීඩකයකුට කාඩ් 4 බැගින් දක්ෂිණාවර්ථව කාඩ් බෙදන්නා විසින් කාඩ් බෙදනු ලැබේ. කාඩ් බෙදන්නාට ආසන්නතම දකුණෙන් සිටින ක්‍රීඩකයා විසින් තුරුම්පු වර්ගය කිව යුතු වේ. මෙම ක්‍රීඩකයා තමාට ලැබුණු කාඩ් 4න් වඩාත් ගැලපෙන කාඩ් පත රැගෙන එහි මුහුණත අන් අයට නොපෙනෙන පරිදි මේසය මත තබයි. පසුව අනිත් ක්‍රීඩකයින්ට ඇසෙන සේ තමන්ගේ පිළට ලබා ගත් හැකි ලකුණු ගණනක් ප්‍රකාශ කරයි. මෙය බොහෝවිට තමා අතේ ඇති වාසි දෙස බලමින් කෙරෙන නිගමනයකි. දැන් ප්‍රතිවාදී කණ්ඩායමේ ක්‍රීඩකයකුට අවස්ථාව ලැබේ. ඔවුන්ගෙන් එක් අයෙකුට පළමු ක්‍රීඩකයා කී ගණනට වඩා ලකුණු ගණනක් ගත හැකි නම් ඒ බව කියමින් ඔහුගේ තුරුම්පුව අන් අයට නොපෙනෙන්නට වඩා තබයි. මෙසේ දෙවැනි ක්‍රීඩකයා කිරීම අනිවාර්ය නොවේ. කිසියම් හෙයකින් දෙවැනි ක්‍රීඩකයා වඩා වැඩි අගයක් ඉදිරිපත් කලේ වී නම් පළමු ක්‍රීඩකයාගේ තුරුම්පුව අවලංගු වී දෙවැන්නාගේ තුරුම්පුව වලංගු වේ. දැන් අවැසි නම් 3වැනි ක්‍රීඩකයාට එනම් පළමු ක්‍රීඩකයාගේ පිළේ අනෙත් ක්‍රීඩකයාට අවස්ථාවක් ලැබේ. ඔහු යම් හෙයකින් ඔහුට ඊටත් වැඩි අගයක් ලබා ගත හැකියැයි සිතයි නම් නව අගයක් කියමින් ඔහුගේ තුරුම්පු වර්ගය ඉදිරිපත් කරයි. මෙසේ 4 වැනියාටද අවස්ථාවක් ලැබේ. එක් අයෙකුට ලැබෙන්නේ එක් අවස්ථාවක් පමණි. එම නිසා වාසි අවස්ථාවන් බලා වඩා ඉහල අගයක් කීමෙන් වාසිය තමා කෙරේ රඳවා ගත හැකිය. මෙසේ තුරුම්පු සැඟවූ පසුව අනෙත්කාඩ් 4 බෙදනු ලැබේ. දැන් එක් ක්‍රීඩකයෙකුට කාඩ් 8 බැගින් ලැබී ඇත. එක් ක්‍රීඩකයෙක් පමණක් තුරුම්පු වර්ගය දන්නා අතර ක්‍රීඩාව පටන් ගනී.
පළමුව කාඩ් ලැබුණු ක්‍රීඩකයා පළමුව කාඩ් පතක් ඉදිරිපත් කරයි. මෙහිදී ඔහු විසින් තුරුම්පු සඳහන් කලේ වී නම් එම වර්ගයේ කාඩ් පතක් නිකුත් කිරීම කල නොහැකි වෙයි. එවිට අනෙත් ක්‍රීඩකයින්ට තුරුම්පු වර්ගය ගැන කිසියම් නිගමනයක් ලබා ගත හැකි වෙයි. බොහෝ විට පළමු ක්‍රීඩකයා J කාඩ් ඇත්නම් එය ඉදිරිපත් කරයි. එවිට අනෙත් ක්‍රීඩකයින්ට සමාන වර්ගයේ කාඩ් ඇත්නම් ඒවා ඉදිරිපත් කලයුතු වෙයි. යම් හෙයකින් එම ජාතියේ කාඩ් නොමැති නම් කිසියම් වර්ගයක කාඩ් පතක් මුනින් අතට නවා අන් අයට එක කුමක්දැයි නොපෙනෙන ලෙසට තුරුම්පු සඳහන් කළ තැනැත්තා වෙතට ඉදිරිපත් කරයි. යම් හෙයකින් එය තුරුම්පු වී නම් එය සියල්ලන්ටම පසවයි.

[සංස්කරණය]ලකුණු

කාඩ් සියල්ලේම ලකුණු එකතුව 304ක් වේ.(නැතහොත් 30.4ක් වේ.) එම නිසාම මෙම ක්‍රීඩාවට 304 යන නාමය ලැබී ඇත. එය පහත අයුරින් කාඩ් එකිනෙක හා බෙදී යයි. 8 හා 7 යන කාඩ් සඳහා කිසිදු ලකුණක් නොලැබේ. උපරිම ලකුණු එනම් 30 ලැබෙන්නේ J සඳහාය.
ලකුණු පුවරුව
කාඩ් පතලකුණුවිකල්ප
ලකුණු
J303.0
9202.0
A111.1
10101.0
K30.3
Q20.2
800
700

[සංස්කරණය]ආරම්භක ලකුණු

මුල් ක්‍රීඩකයාගේ ආරම්භක ලන්සුවේ අවම අගයක් පවතී. එය බොහෝ විට 160 ලෙසින් පිළිගනී. මෙයින් අදහස් වන්නේ ලන්සුව තැබූ පිළ ලකුණු 160ක් ගත යුතු බවයි. එවිට අන් පිලේ අයෙක් 170 හෝ 200 හෝ කිසියම් වැඩි අගයක ලන්සුවක් තැබිය හැකිය. මේ අවස්ථාවේදී ලන්සුව තැබූ පිළි ඒ ලකුණු ගණන ලබා ගත යුතුය. එනම් ලන්සුව වැඩිවන විට ලබා ගත යුතු ලකුණු ගණන වැඩි වේ. එසේ නැත්නම් අනිත් පිළ ලබා ගත් යුතු ලකුණු ගණන අඩු වේ. එසේ වන්නේ මුළු ලකුණු ගණන 304ක් බැවිනි.
මෙහිදී මුල් ක්‍රීඩකයාට විශේෂ අවසරයක් ලැබේ. එනම් ඔහුට පළමුව ලැබුණු කාඩ් සියල්ලේ ලකුණු එකතුව 116ට වඩා අඩු නම් අත බිම දැමීම එනම් අවලංගු කිරීම කල හැකි වෙයි. මෙයින් කියැවෙන්නේ ඔහුට ආරම්භක ලන්සුව තැබීමට තරම් වාසි කාඩි නොලැබුණු බැවින් එම ක්‍රීඩා වාරය අවලංගු කලා යන්නයි.

[සංස්කරණය]නීති

  • දැනට ක්‍රියාත්මක වාරයේදී සක්‍රිය කාඩ් පත් වර්ගයේ එකක් තමා සතුව ඇත්නම් එය ඉදිරිපත් කල යුතු වෙයි.
  • දැනට ක්‍රියාත්මක වාරයේදී සක්‍රිය කාඩ් පත් වර්ගයේ එකක් තමා සතුව නැත්නම් පමණක් වෙනත් වර්ගයක කාඩ්පතක් ඉදිරිපත් කල හැකි වෙයි.
  • පළමුව කාඩ්පත් ලැබුණු ක්‍රීඩකයා මුල්ම ලන්සුව තැබිය යුතුය.
  • අවම ලන්සුවේ අගය 160කි.
  • මුල් ක්‍රීඩකයා තුරුම්පු නම් කලේ වී නම් ඔහුට එම වර්ගයේ කාඩ්පතක් පළමු වාරයේදී නිකුත් කල නොහැකිය.
  • තුරුම්පු සියළුම කාඩ්වලට වඩා බලවත් බැවින් කිසිවිටෙක එය සඟවා තැබිම (පාස් කිරීම) කළ නොහැක.
  • එක් ක්‍රීඩකයෙකුට තුරුම්පු ඉල්ලීම(ලන්සු තැබීම) සඳහා එක් අවස්ථාවක් පමණක් ලැබේ. ඔහුට ලන්සුව වෙනස් කිරීම කල නොහැකිය.
  • එක ළඟ ලන්සු තැබීම එකම පිළකට කල නොහැක.
  • මුල් ක්‍රීඩකයා අනිවාර්යයෙන්ම ලන්සු තැබිය යුතු හෙයින් ප්‍රතිවාදී පිළට ලන්සු තැබීමේ එක් වාරයක් හෝ අඩුම තරමින් ලැබේ.

[සංස්කරණය]උදාහරණ

  • ක්‍රීඩකයින් 6 දෙනෙක් ඇති අවස්ථාවක් සලකමු. පළමු ක්‍රීඩකයාගේ කාඩ් 4 එතරම් හොඳ වාසි සහගත නොමැති බැවින් හා තමා අනිවාර්යයෙන්ම ලන්සු තැබිය යුතු හෙයින් 170 යැයි පවාසයි. 4 වැනි ක්‍රීඩකයා(ප්‍රතිවාදී පිළේ ක්‍රීඩයයෙක්) තමාගේ කාඩ් 4 තරමක් වාසි සහගත බැවින් හේ 180 යැයි කියමින් ලන්සුව ඉහල දමයි. දැන් 2 වැනි ක්‍රීඩකයාගේ කාඩ් වඩාත් වාසි සහගත උවත් ඔහුට මෙම ලන්සුව වැඩි කර ගත නොහැකි වෙයි. ඒ මන්දයත් එක ළඟ ලන්සු තැබීම එකම පිළකට කල නොහැකි බැවිනි. දැන් ක්‍රීඩාවේ අවසාන ලන්සුව 180 බැවින් ප්‍රතිවාදී පිළ විසින් ලකුණු 125(304 - 180 + 1)ක් ලබා ගත යුතු වෙයි. ක්‍රිඩාව අරඹන්නේ පළමුව ලන්සුව තැබූ ක්‍රීඩකයාම වේ.
  • තවමත් තුරුම්පු හෙලි වී නොමැත. මෙම වාරයේ ක්‍රීඩා කරනුයේ තුරුම්පු නොවන කාඩ් වර්ගයකි. එක් ක්‍රීඩකයෙක්ට මෙම ක්‍රීඩා වාරයේ කාඩ් නොමැති හෙයින් ඔහුට තුරුම්පු අනුමානා කරමින් කාඩ්පතක් සඟවා තුරුම්පු නම් කල ක්‍රීඩකයා වෙතට යවයි. මෙම අවස්ථාවේදී එය තුරුම්පු වර්ගයේ කොලයක් නම් සියල්ලන්ටම එය හෙලි කල යුතු වෙයි. තමා විසින් සැඟවූ කොළයද අන් අයට පෙන්විය යුතු වෙයි.

[සංස්කරණය]විචලනයන්

  • සමහර අවස්ථාවලදී 8 හා 7 යන කාඩ් ක්‍රීඩාව සඳහා යොදා නොගනී. එවිට එක් ක්‍රීඩකයකුට ලැබෙන්නේ කාඩ් 6ක් පමණි.
    • මෙම අවස්ථාවේදී පළමුව කාඩ් 3ක් හා දෙවැනුව කාඩ් 3ක් බෙදීම සිදු වේ.
    • සමහර අවස්ථාවලදී පළමුව කාඩ් 4ක් හා දෙවැනුව කාඩ් 2ක් බෙදීමද සිදු වේ.
  • ක්‍රීඩකයින් ගණන අනුවද යම් යම් විචලනයන් සිදු වේ.
    • ක්‍රීඩකයින් 4 දෙනෙක් ඇති විටදී
    • ක්‍රීඩකයින් 6 දෙනෙක් ඇති විටදී
    • ක්‍රීඩකයින් 8 දෙනෙක් ඇති විටදී
      • අවම ලන්සුව වෙනස් වේ.
  • තුරුම්පු
    • Half-Court
      • මෙම අවස්ථාවේදී Half-Court යනුවෙන් පැවසූ ක්‍රීඩකයා විසින් සියළුම වාර ගණන්වල ජය ලබා ගත යුතු වෙයි. මෙහි විශේෂත්වය වනුයේ දෙවැනි වටයට කාඩ් බෙදීමට ප්‍රථම එය අන් අයට පැවසිය යුතු වෙයි. එනම් කාඩ් 4ක්(හෝ 3ක්) ලැබීමෙන් අනතුරුවය. තවද සියළුම කාඩ් එකම වර්ගයකින් නම් මෙසේ කල හැකි නොවෙයි. තුරුම්පු වර්ගය අන් අයට පැවසිය යුතු වෙයි. පළමු කාඩ් පත ඉදිරිපත් කරනුයේ පළමුව ලන්සුව තිබූ තැනැත්තාම වේ.
    • Full-Court
      • මෙම අවස්ථාවේදී Full-Court යනුවෙන් පැවසූ ක්‍රීඩකයා විසින් සියළුම වාර ගණන්වල ජය ලබා ගත යුතු වෙයි. සියළුම කාඩ් එකම වර්ගයකින් නම් මෙසේ කල හැකි නොවෙයි. තුරුම්පු වර්ගය අන් අයට පැවසිය යුතු වෙයි. පළමු කාඩ් පත ඉදිරිපත් කරනුයේ පළමුව ලන්සුව තිබූ තැනැත්තාම වේ.

May 8, 2012

ලෝඩ් ඔෆ් අල්ටිමා (Lord Of Ultima)



ලෝඩ් ඔෆ් අල්ටිමා (Lord Of Ultima) යනු නිදහස් බවුසර පාදක වූ සද්දන්ත බහු ක්‍රීඩක සත්‍ය-කාල යුද්ධෝපක්‍රමය ක්‍රීඩාවකි. ඔය බර වචන නැතිව කිව්වොත් නොමිලේ ඉන්ටනෙට් එකේ ගොඩාක් අයට සෙල්ලම් කරන්න පුලුවන් ස්ට්‍රැටජික් කොම්පියුටර් ගේම් එකක්. වැදගත්ම දේ නොමිලේ. අනික තමා ගොඩාක් අය එක්ක සෙට් වෙලා ගහන්න තියෙන්නේ. Age of Empire වගේ එකක්. මේක සෙල්ලම් කරන්න ඕනෑ වෙන්නේ අන්ත‍්රජාල පහසුකමයි වෙබ් බ්‍රවුසරයකුයි විතරමයි. ඉතින් මේ දෙකම නිකම් අපේ ඇස් දෙක වගේනේ. කොහේ හරි කොම්පියුටරක් ඔන් එකේ තියෙනවා දැක්කොත් ඉතින් Google කියලා ගහල බලනවා නෙට් තියෙනවද කියලා.

එහෙනම් මෙන්න www.lordofultima.com ලින්ක් එක. දැන් තියෙන්නේ ගිණුමක් හදාගෙන ලොග් වෙන්නයි. log වෙලා අලුත් ගේමක් පටන් ගන්නකොට ලෝකයක්(World) තෝරාගන්න කියලා. දැනට මෙකේ ලෝක 70ක් විතර තියෙනවා. world1, world2, world3... කියලා ඒවා නම් කරලා තියෙන්නේ. මතක ඇතුව අලුත්ම ලෝකයට ඇතුල් වෙන්න. පරණ ලෝකවල ඉන්නේ ලෝකයෝ. ඒ කියන්නේ අත්දැකීම් ගොඩාක් තියෙන අය. වලි වැඩියි. අලුතෙන් ආපු එකෙකුට කුඩු වෙන්න ගහයි. ඒක හින්දා අලුත්ම ලෝකයකට ඇතුල් වෙන්න. කැමති ලෝක ගණනක එප පාර සෙල්ලම් කරන්නත් පුළුවන්. නමුත් එක ලෝකයක ඉන්නවානම් දිනන්න පුලුවන්.


ගේම දිනන්න නම් ඔයාට ලෝඩ් ඔෆ් අල්ටිමා වෙන්න වෙනවා. ඒ කියන්නේ level 10යේ palaces 8ක් හදන්න වෙනවා ජාති 8කින්. ඒක තනියම කරන්න අමාරු වැඩක්. ඒක හින්දා කස්ටිය සෙට් වෙලා තමා කරන්නේ. ටීම් එකකට සෙට් වෙන්න වෙනවා. එක alliance එකකට ඉන්න පුලුවන් උපරිමය 100යි. ඒ හින්දා හොඳම සෙට් එකකට සෙට් වෙන්න වෙනවා. ඉතින් අනිවා අනිත් එවුන් මාලිගා හදනකොට වලිය පටන ගන්නවා. හෙන ගේමක් දීලා තමා බේරා ගන්න වෙන්නේ. මේ දකුණු පැත්තේ තියෙන්නේ එක නගරයක ඇතුලේ පිහිටීමක්. දර, ගල්, යකඩ සහ රත්තරං තමා මූලික සම්පත් වෙන්නේ. නගර එක එක හදාගෙන තමන්ගේ බලය වැඩි කරගෙන ගේම ගෙනියන්නේ තියෙන්නේ. මම මේකේ ලෝක 26යේ (World 26) ගේම ගහලා දිනුවා. පට්ට ආතල්. දවස් ගාණක් ගහන්න පුලුවන්. ඇත්තම කිව්වොත් මම දවස් 216ක් ගහුවා. හැමදාම ගහන්න ඕනෑත් නෑ. මුලදී ටිකක් අමාරුයි. පස්සේ පස්සේ ගේම පට්ට ලේසියි. දැන් ගහන්නේ world_69 යේ. අලුත් අය ගොඩාක් ඉන්නේ. ඔහේ ෆන් එකේ ගහනවා. playersලා 500ක් විතර ඉන්නවා. ගේම් එක ගැන තව විස්තර තවත් ලියමනකින් ලියන්නම්. ඒක ලියන්නම ආස හිතෙන ගේම එකක්.



May 4, 2012

ඔහුත් ගොසින්ය

එකම එක
සුරංගනා කතාවක් කියන්න
හව්... හව්... කියමින්
හැංගි මුත්තම් කරන්න
ඇඬෙනකන්ම කිති කවමින්
හිනස්සන්න
කිංකිණි නාදය දෝර ගලන්න
නිවස පුරාවට
නැති අඩුව කෙසේ පිරිමසම්ද
ඔහුත් ගොසින්ය
ඇයත් ගොසින්ය.

April 26, 2012

වේලාවට කාර්යාලය හැර යන්න

වේලාවට කාර්යාලය හැර යන්න
නැත්නම් කාර්යාලය ඔබව හැර යනු ඇත.


ඔබ නියමිත වේලාවට කාර්යාලය හැර යාමට පුරුදු විය යුතුය. මෙසේ නොවන අවස්ථාවන්හිදී ඔබේ කාර්යක්ෂමතාවය අඩු වේ. ඔබට සවස 5ට ඔබේ කටයුතු නිම කිරීමට යුතුව ඇතැයි සිතන්න. ඔබේ දුම්රිය තවත් මිනිත්තු කිහිපයකින් වේදිකාවෙන් පිටත් වනු ඇත. එම දුම්රිය අතපසුවුවහොත් තවත් පැය ගණනකින් ඔබේ ගමන ප්‍රමාද වනු ඇත. මේ සියල්ල ඔබේ යටි සිතේ ක්‍රියාත්මක වෙයි. එම නිසා ඔබට නියමිත කටයුතු වහා නිම කළ යුතු වෙයි. මේ නිසා ස්වංක්‍රීයව ඔබේ ක්‍රියාශීලීබව වැඩි වේ. අවසන් මොහොත වන තුරු සිටීමට තරම් සිත් නොදේ. ඔබේ නියමිත වෙලාවට පිටත්වීමට පුරුදු වී සිටිනා විට ඔබට අදාල කටයුතු හැකි ඉක්මනින් කරන්නට ඔබ උත්සාහ ගන්නේය. ඔබට නියමිත වේලාවක් නොමැතිහිදී හවස තව පැක ඉඳලා කරනවායැයි හැඟීම ඔබේම ඔබේ මනසට ඇතුළ් වනු ඇත. ඊට පසුව ඔබේ කඩිසරබව ඉබේම ඔබ වෙතින් පලා යනු ඇත. ඔබේ කාර්යක්ෂමතාවය ඉබේම අඩුවනු ඇත. සැබැවින්ම සවස රැඳිය යුතු වේලාවකදී පවා නියමිත කාර්යක්ෂමතාවය නොලැබෙනු ඇත. එම නිසා ඔබ දුර්වලයෙක් ලෙසින් වෙනත් අයෙක් දකින්නට ඉඩ නැතුවාවම නොවේ

රජකාරී එසේත් නැත්නම් අදාළ වැඩ කිසිදාක අවසන් නොවේ. අදට වැඩ අවසන් වූවද හෙට සඳහා නව වැඩ ලැබෙනු ඇත. සියළුම වැඩ අද අවසන් කිරීමට තැත් කිරීම මෝඩ ක්‍රියාවකි. එම නිසා වැඩ අවසන සියළු වැඩ අවසන් කිරීමට උත්සාහ නොගන්න. සියළු වැඩ අවසන් නොවන්නේය. ඔබ හෙට අවසන් කල යුතු අද වැඩ ඔබ විසින් ඔබම හෙට කරාවි. ඔබට යම් හෙයකින් කිසිවක් කර ගන්නට බැරි තරම් අසනීප වුවහොත් හෝ රැකියාවෙන් ඉවත් වුවහොත් ඔබේ තනතුරට පත්වුනු තැනැත්තා ඔබ නැත්වූ තැන් සිට ඉතිරියට කටයුතු කරනා බව සිහියට ගන්න. එමනිසා සියළුම වැඩ අද නිම කරන්නට උත්සුක නොවන්න.

ජීවිතය යනු උදේ පාන්දරින් කාර්යාලයට පැමිණීම, රාත්‍රියට නිවසට ගොස් නිදා ගැනීම නොවේ. බොහෝදෙනා අද සිදු කරන්නේද මෙයයි. කුකුළා හැඬලීමට මත්තෙන් නිවසෙන් කාර්යාලය බලා පිටත් වෙයි. තමන්ගේ ආදරණීය පුතා දුව තවමත් සුව නින්දේය. ඔවුන් දෙස බැලීමටවත් අවකාශ නැත. මොහොතක් හෝ ප්‍රමාද වුවහොත් පාන්දර බසය තමා හැර යනු ඇත. එවිට ලොක්කාගෙන් බැනුම් අහන්නට වන්නේ අද ප්‍රමාද නිසා නොව ඊයේ වැඩ තවමත් අවසන් නොමැති නිසාය. එමනිසා පාන්දරින්ම නිවසින් යා යුතුව ඇත. සවස 4ට හෝ 5ට කාර්යාලයේ කටයුතු අවසාන වුවද නිවස බලා ගමන් යැමට උත්සුක නොවන්නෝ අද සමාජයේ බොහෝය. සමහරුන්ට අද අවසන් කිරීමට නියමිත කටයුතු තවමත් අවසන් නොමැත. එම නිසා ගෙදර යා නොහැකිය. තවත් සමහරුන් හෙට තිබෙන වැඩද අද කරන්නට උත්සහ ගන්නේය. එම වැඩක හෙට කල යුත්තක් වන බව මනාව පැහැදිළිව තිබියදී ඔහේ වැඩ කරන්නේය. හෙට උදේ සිට එම වැඩය අරඹන්නේ නම් පැය 2කින් එය අවසන් වනු ඇත. නමුත් හවස ඇති මහන්සිය හා තෙහෙට්ටුව නිසා ඔහුට අද පැය 2කින් නිම කර හත නොහැකි වේ.

ඔබේ පවුල තරම් ඔබේ සේවාදායකයා කිසිදා වටින්නේ නැත. ඔබේ ජීවිතයේදී ඔබ අසාර්ථකවූවොත් ඔබේ සේවාදායකයා හෝ ඔබේ ප්‍රධානියා ඔබට උදව් කරන්නේ නැත. නමුත් ඔබේ පවුලේ අය ඒ සඳහා ඉදිරිපත් වනු නොඅනුමානය. ඔබේ පවුලේ සහ කාර්යාලයේ වටිනාකම් සසඳා බලන්න. ඔබට අසනීප වූ විට කාර්යාලයෙන් නිවාඩු හැරෙන්නට කිසිවක් ලැබෙන්නේ නැත. එයද සමහරවිට නොලැබී යන්නටද ඉඩකඩ නැතුවාම නොවේ. නමුත් ඔබ අසනීප වූ විට පවුලේ අය ඔබ වෙනුවෙන් ඔවුන්ගේඅන් කටයුතු පසෙක දමා කටයුතු කරන්නේය. ඔබ වෙනුවෙන් ඔවුන්ගේ වැඩ අතපසු කරගන්නේය. ඔබ වෙනුවෙන් කැපවී සිටින්නේය. එනම් ඔවුන්ට ඔබව අගනා වස්තුවක් බැවිනි. ඔබ වටිනා වස්තුවක් බැවිනි. නමුත් කාර්යාල ප්‍රධානියාට ඔබව එසේ වටින්නේ නැත්තේය. තවමත් රස්සාවට ආවේ නෑ කියමින් සිතමින් ඔබගෙන් වැඩ ගැනීමට පමණක්ම සිතන්නේය. ඔබට වටිනාකමක් දෙන අය වෙනුවෙන් ඔබත් වටිනාකමක් දෙන්න.

ඔබ සවස නිවසට එන තුරා දොරකඩට වී මග බලනා අය සිටිනා බව සිතන්න. ඔබේ මිනිත්තුවක හෝ ප්‍රමාදය ඔවුන්ට මහමෙරක් සේ දැනෙනු ඇත. ඔවුන් වෙනුවෙන්ද ඔබත් යමක් කරන්න. ඔබටත් යමක් කර ගන්න. ඔබේ විනෝදය සැපය සතුට වෙනුවෙන්ද යමක් කර ගන්න. පවුලේ අය හෝ මිතුරු මිතුරියන් සමග හෝ විනෝද වන්න. විනෝදය පිනිස රැකියාස්ථානය යොදා නොගන්න. එම නිසා වේලාවට කාර්යාලය හැර යන්න. නැත්නම් කාර්යාලය ඔබව හැර යන බව සිහියට ගන්න.

April 5, 2012

සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

කාලය වේගෙන් පියඹනා
අනාවක වත්මනටත්
වත්මන අතීතයටත්
ඇද දමන සුන්දර යතාර්ථයක
ජීවන ගමන් යන
සබැඳි යහළු යෙහෙලියේ
මීන මේෂ රාශි ගෙවෙන
නොනගත හා උදා නැකත්
සමග දිවෙන කාල හෝරා මැද
උදාවේවි
නව මුහුර්ථ
සුබ පැතුමක් සුළඟක කර
සිහින් සරින්
ඔබේ ළඟට
මෙසේ එවමි බිඟු නද තුළ

March 6, 2012

බිග මැච්

බිග මැච් කාලේ ඇවිල්ලා. මරු මරු. ෆන් ෆන්. ඔන්න ඉතින් කොල්ලෝ කෙල්ලන්ගේ ඉස්කෝලේ ගවුමකුත් ඇඳගෙන පනිනවා කෙල්ලන්ගේ ඉස්කෝලෙට. මැච් එක ගහන්න සල්ලි ඔනේනේ. ඉතින් අනේ කෙල්ලන්ගේ ඉස්කෝලේ හරියට සල්ලි තියෙනවානේ. අක්කගේ හරි නංගිගේ ගවුමක් උස්සලා හිරට හිරේ හරි, බකලෙට බකලේ හරි ඇඳ ගත්තොත් යන්තාන් පැන ගන්න පුලුවන් තාප්පෙන් එහා පැත්තට. ඉතින් කොල්ලෝ දැක්ක ගමන් ඒකේ ඉන්න කෙල්ලන්ට පිස්සු වගේ. සත්තු වත්තේ සත්තු කැම දෙන වෙලාව ආවහම මොර දෙන්නේ ආන්න ඒ වගේ තමා. කොහෙද ඉතින් කොල්ලෙක් බලන්නෙවත් නැනේ ඒකේ ඉන්න කෙල්ලෝ දිහා. ඒ හින්දා ඔන්න කෙල්ලෝ ටික මඤ්ඤං වෙලා පිස්සු වැටිලා අර ගවුම් ඇඳපු කොල්ලෝ වටේ රොක් වෙනවා. ඉස්කොලේ ලොකු මැඩම් ආවත් කොහොම හරි හන්ගලා කොල්ලන්ව බේරා ගන්නවා. සමහර කොල්ලන්ගේ කකුල් වල මයිල් පිරිලා හින්දා වැඩේ කේස් වෙනවා. එහෙම කියලා කොල්ලෝ වැඩේ අතාරින්නේ නැ. රේසර්පාරක් දාලා ෆුල් ටියින් ලෙවල් එකෙන් කොල්ලෝ සෙට් වෙනවා. කොන්ඩේ පැත්තට දාලා හොයා ගන්නම බැ. වෙලාවකට කොල්ලොත් රැවටෙනවා ටීචර්ලා තියා. කොහොමහරි ඔහොම පැනපු කොල්ලෝ රංචුව සල්ලි කෙසේ වෙතත් ෆන් එකක් අරගෙන යනවා. කෙල්ලන්ටත් පන්.

ඔන්න දැන් තියෙන්නේ පෙරඩ් කාලේ. කොහෙන් හරි බස් ටිකක් සෙට් කර ගන්නවා. ගහනවා ලොකූ බෝඩ් එකක් XXX විද්‍යාලය කියලා. ගන්නව ලොකු බෙර ටිකක්. ඔන්න පටන් ගන්නවා සබ්ද පූජාව. ඔන්න තාත්තලා අම්මලා පෙරහැරේ ඉස්සරහින්ම යනවා ඔක්කොම පෙන්නාගෙන. අම්මලා දැක්කාම කොල්ලන්ට විතරක් නෙමෙයි තාත්තලාටත් ටිකක් මඤ්ඤං වෙනවා. පුතාව වාහනේ දාගෙන යනවා ලොකු බෝඩ් එකකුත් එල්ලාගේන. පුලුවන් නම් ගහපියව් කියලා. වාහන පේලිය හින්දා මාර ෆන්. කාටවත් යන්න බැ. දෙන්නම් පැලෙන්න බෙර පාර. පාර යන එවුන්ට දෙන්නම් විසිල් එක. මොකෝ එවුන් අපිට ගහන්නද? මෙතන ඉස්කොලේම ඉන්නවඩෝ... ඔන්න පුලුවන්නම් චොපර් එකකුත් ගන්නවා සල්ලි වලට. බැනර් එකක් දාගෙන අහසින් යනවා උජාරුවට. ළමයින්ට වැඩිය ලොකුවට දෙමාපියෝ හිනා වෙනවා. කොහොමද අපේ එකේ සයිස් එක කියලා. මාර ෆන්.

අන්තිමට මැච් එක හහන දවසේ කුඩු වෙන්න බොනවා. පුලුවන්නම් කොල්ලෙක් එක්ක හරි කෙල්ලෙක් එක්ක හරි සෙට් වෙලා කැලේ පනිනවා. ආතල් එකක් ගන්නව. මාර ෆන්.

මෙන්න මේකයි බිග් මැච් එක. අම්මලා පස්සේ කියන්නේ දැක්කට අපේ එක. උස්සාගෙන ගිය හැටි. ඉස්සරහින්මයි ගියේ. ලොකුවට තිබ්බනේ. රතු පාටට. ආසාවේ බැ. මෙන්න මෙතැනම තමා අවුල එන්නේ. පාසැල හා සිසුවා දැන් නැ. ඉන්නේ කවුද කියලා හැමෝම දන්නවා. පොරත්වය එහෙම නැත්නම් ගැට්ට පෙන්වන්න කාලේ මේක තමා කියලා හිතාගත්ත මෝඩ අම්මලා ටිකක් ෆුල් ෆෝම් වෙලා රටේ අනිත් මිනිස්සුන්ට ආතල් දෙන කාලයක්. දෙමාපියන්ට අවනත නැති දරුවන් ඉන්න කාලේ අවනත් දරුවන් පවා බොරුවට ඇද දමන සමාජයක අපි සිටිමු. පෙරඩ් එකට 10ක් ගියත් මොකද අනිත් මිනිස්සුන්ට කරදර නොවන විදියට. එහෙම බැ. මේක ඔක්කොටම් පේන්න එපැයි. අපි යමු ගාලු පාරේම. ඔන්න ඉතින් පැය ගාණක් වාහන තද බදය. සල්ලි තියෙන එකෙක් තමන්ගේ වාහනේක ඕනැ ගමනක් යයි. ඒත් පොදු සේවා බස් එකේ යන මිනිහා මේක ඉවසන්න එපැයි. යන මගුලක් පලයල්ලකෝ අස්සේ පාරක. කරන මගුලක් කර ගනිල්ලකෝ ඉස්කෝලේ ඇතුලේ. මෙහෙම කියන මිනිස්සු කොච්චර ඇත්ද?

මේක සංකර ජීවිතවල ආරම්භයයි. සිංහලකම නැති වෙලා ඉවරයි. බෞද්ධකමක් කොහොමත් නැ. නමුත් තවම පාසල හා සිසුවා ඉවර නැ. ගුරුතුමා හා සිසුවා ඉවර නැ. මේක ඉවර කරන්නේ අපේ දෙමාපියොයි. මේ ගැනත් හිතලා යමක් කලෝත් යහපත් දරුවන් පාසැලෙන් බිහි වේවි. නැත්නම් වැඩි කල් නොගොස් දෙමාපියෝ දරුවාගේ මෙහෙකරුවා වනු නිසැකය.

February 24, 2012

දිරාපත් වෙන්න කොච්චර කල් යයිද?

මෙන්න තියෙනවා පොඩි වගුවක් සමහර දේවල් දිරන්න ගත වෙන කාලයත් එක්ක සම්බන්ද වෙච්ච. සමහර දේවල් දිරන්න කලින් අපි මැරිලත් ඉවරයි. ඉතින් ඒක හින්දා යමක් විසි කරන්න කලියෙන් පොඩ්ඩක් හිතලා බලලා විසි කරන්න. එහෙම කියලා කෙහෙල් ලිලි එහෙම දානවා නෙමෙයි තැන තැන.

ද්‍රව්‍යය කාලය
කඩදාසි අත් පිස්න (ස්වියර්ට්) සති 2 ~ 3 ක්
කෙසෙල් ගෙඩි ලෙලි සති 2 ~ 3 ක්
කඩදාසි බෑග් මාස 1 ක්
පුවත් පත් මාස 1.5 ක්
ඇපල් ගෙඩියක මදය මාස 2 ක්
කාඩ්බෝඩ් මාස 2 ක්
කපු අත් මේස් මාස 3 ක්
දොඩම් පොත්ත මාස 6 ක්
තුනී ලෑලි අවුරුදු 1 ~ 3 ක්
වූල් මේස් අවුරුදු 1 ~ 5 ක්
කිරි පැකට් අවුරුදු 5 ක්
සිගරැට්ටුවක කොට අවුරුදු 10 ~ 12 ක්
වානේ ටින් අවුරුදු 50 ක්
ප්ලාස්ටික් කෝප්ප අවුරුදු 50 ක්
රබර් සෙරෙප්පු අවුරුදු 50 ~ 80 ක්
ප්ලාස්ටික් භාජන අවුරුදු 50 ~ 80 ක්
ඇලුමිනියම් ටින් අවුරුදු 200 ~ 500 ක්
ප්ලාස්ටික් බෝතල අවුරුදු 450 ක්
ළදරු නැපි(පැම්පර්) අවුරුදු 550 ක්
ප්ලාස්ටික් බෑග අවුරුදු 200 ~ 1000 ක්
වීදුරු අවුරුදු දශලක්ෂ 1 ~ 2 ක් 

February 23, 2012

මෙයාව මතකද

අපේ පුතාගේ පළමු වීඩියෝ පටය

මෙන්න මේ වීඩියෝ එකේ ඉන්නවා ඩොකෙක්.

අපේ පුතා සීසර් කරලනේ ගත්තේ. ඒ ඔපරේෂන් එක කලේ දොස්තර ලෙනදොර කියලා කෙනෙක්. ඒ කාලෙත් අපි ගියාම ඩොකා හම්බ වෙන්න එයා මොකද්ද මැෂිමක් ගැන හැමදාම මගෙන් අහනවා. ලීවර් සිස්ටම් ගැන පෙෂර් හැන්ඩ්ලින් වගේ මකැනිකල් ඉන්ජිනේරින් දේවල්. මොකද මැන්ස් දැන්ගෙන හිටියා මම ඉන්ජෙක් කියලා. මැන්ස්ගේ අලුත් අයිටම් එකකට මොකද්ද කැල්ලක් ලේත් කර ගන්න තැනක් එහෙම මගේ ඇහුවා. කොහොම හරි අන්තිමට බබා හම්බුනාට පස්සේත් ඉඳලා හිටලා කෝල් එකක් එහෙම දුන්නා. පස්සේ පස්සේ ඉතින් ඒකත් නැ.

මෙන්න බොලේ ඉරිදා පත්තරේ බලනකොට පුරුදු මූණක් තිබ්බා මහින්ද මාමා එක්ක ඉන්නවා. අප්පට සිරි. ලෙනදොර මාමා ඉන්නවා තැගි උත්සවේ. 2010 අවුරුද්දේ හොඳම නව නිමැවුම්කරු සඳහා තැග්ග දිනාගෙන. මොකද්ද මන්දා සැත්කම්වල දී පටක ඈත්කිරීම සඳහා වඩාත් දියුණු උපකරණයක් හදලා. මං හිතන්නේ මේ අර මගෙනුත් අහ අහ හිටපු ගැජට් එක වෙන්න ඇති. කොහොම උනත් ඔන්න මැන්ස්ට මගෙනුත් සුබ පැතුම්


http://sundaytimes.lk/120205/BusinessTimes/bt33.html

http://www.slcog.lk/news/news2.php


වැඩි දුර මෙතැනින් කියවන්න.

February 15, 2012

ඉතා අමාරු කටයුතු 2ක්

කිසිවෙකුට මුදුන්පත් කර ගැනීමට ඉතා අමාරු කටයුතු 2ක් පහතින් දැක්වේ.

  • 1. ඔබේ අදහස් වෙනස් අයෙකුගේ මනසෙහි රෝපණය කිරීම 
  • 2. වෙනත් අයෙකුගේ මුදල ඔබේ පසුම්බියේ දමා ගැනීම 

පළමුවැන්නය සාර්ථකව ඉටු කරන්නා ගුරුවරයා ලෙසින් හැඳින්වේ.
දෙවැන්න සාර්ථකව ඉටු කරන්නා ව්‍යාපාරිකයා ලෙසින් හැඳින්වේ.


මේ දෙකම සාර්ථකව ඉටු කරන්නා බිරිය ලෙසින් හැඳින්වේ. 
මේ දෙකම අසාර්ථකව ඉටු කරන්නා ස්වාමිපුරුෂයා ලෙසින් හැඳින්වේ.


 ඊයකින් උපුටන ලදී..

February 13, 2012

ඊයේ බොරතෙල් ගණන් - අද බස් ස්ට්‍රයික්

අද උදේ රස්සාවට එන්න පාරට බයික් එක දැම්මා විතරයි බුදු අම්මෝ තියෙන වාහන කන්දරාව. එහෙන් මෙහෙන් අස්සෙන් දාලා ආව පොඩි ෂෝට් කට් එකකට. අප්පර සිරි. ඒකෙත් පිරෙන්න වාහන. මං බැලුවා මොකද මේ කියලා. එක පාරම මිනිස්සු පොදු සේවය අතැඇරලා පුදගලික වාහනවල යන්නේ මොකෝ කියලා. පස්සේනේ කාරණාව තේරුනේ. ඊයේ බොරතෙල් ගණන් ගිය හින්දා අද බස් ස්ට්‍රයික්. පුදුම සම්බන්ධයක් නේ තියෙන්නේ. එක්කෙනෙක් කියනවා මෙහෙම.


මං හිතුවේ අද බස් නැති හින්දා වාහන අඩු වෙයි කියලා.
පිස්සුද අනේ... බස් නැති උනාට මිනිස්සු වැඩට යනෙන නැද්ද? එයාලා මොකක් හරි තියෙන වාහන කටුවක් අරගෙන පාරට බහිනවා.
ආ.. ඒක තමා.. කොහොමහරි ජීවත් වෙන්නත් ඕනැනේ..ඒක නෙමෙයි බලන්නකෝ මිනිස්සුන්ට තියෙන වාහන.
අනේ ඔය වාහන ඔක්කොම පාරට නොදාන එකමයි හොඳ... පේන්වානේ තියෙන තදබදේ...


ඇත්තටම අද මිනිස්සු හරිම අමාරුවක තමා වැටුනේ. තියෙන මිනිස්සු මොකක් හරි අරගෙන ගමන යනවා. නැති එකා ඉතින් පොදු සේවය තමා. ඉතින් මේ පොදු සේවය නැති උනාම ඔක්කොම වැඩ කොට උඩ යනවා. පෙට්‍රල් ගණන් ගියාට ලොකු අමාරුවක් වෙන්නේ නැ. මොකද පෙට්‍රල් ගහන්නේ පුදගලික වාහන ගොඩාක් වෙලාවට. නමුත් ලොරි බස් වැන් වගේ ඒවා ගහන්නේ ඩීසල්. ඉතින් ඩීසල් ගණන් ගියා කියන්නේ ඔක්කොම ගණන් ගියා වගෙයි. රුපියල් 30ක් කියන්නේ ලොකුම ලොකු ගාණක්. ඉතින් මේකෙන් අන්තිම බලපැම එන්නේ පුංචි මිනිහට. බස් ගාස්තුවේ ඉඳලා පිටු පාන් එළවළු වගේ පොදු දේවල් අහස උසට යයි. බූමිතෙල් ගණන්ගිය හින්දා මිනිස්සු මාළු අල්ලන්න ගිහින් නැ. ඉතින් ධීවර මිනිස්සු කොට උඩ. ඒ මිනිස්සු එදා වේලට සෙට් වෙන අය. ම

මේ ගැන ගොඩාක් ලියන්න හිතුනත් වැඩක් වෙයිද කියලා සැකයි. ඒක හින්දා මෙතැනින් මම නවතින්නම්. නමුත් රජයක් වශයෙන් මීට වඩා හොඳ තීරණ ගත යුතුයි කියලා මම පුදගලිකව හිතන්නේ... ඒ කොහොමද කියලා මගෙන් අහන්න එපා. මම උත්තරේ දන්නවානම් මමත් අද පාර්ලිමේන්තුවේ ඉන්න තිබ්බා...

February 6, 2012

මෝඩයන් සමඟ වාද නොකරන්න

මෝඩයින් යනු මෝඩකම පිරුණු පුද්ගලයින්ය. ඔවුන් කිසිවක් සොයා බලන්නේ නැත්තෝය. එසේ නැතහොත් සොයා බැලීමට තරම් උවමනාවක් නැත්තෝය. යමක් කල පසුව එහි අවසාන නොදකින්නෝය. ආදීනව නොදකින්නෝය. අන් අයගේ මතයන්හි වැරදිම දකින්නෝය. තමාට ඊට වඩා පහසුවෙන් ඉක්මනින් වඩා හොඳට කල හැකියැයි සිතන්නෝය. කිසියම් වරදක් සිදු වූයේ වී නම් ඒ සඳහා මොනයම් හෝ හේතුවක්ම තියෙන්නෝය. මේ ආදී වශයෙන් මෝඩයින්ගේ ගතිගුණ පිටු පිරෙන්නට අකුරු කරන්නට හැකි වන්නේය.

කෙසේ නමුත් මෙහි අදහස් දැක්වීම වූයේ මෝඩයන් සමඟ වාද නොකරන්න යන්නයි.

ඒ මක් නිසාද යත් ඔවුන් වාද කරන්නා තමාගේ තත්වයට ගෙන පරාජයට පත් කිරීමට තරම් දක්ෂ බැවිනි.

එම නිසා ඔවුන් සමග වාද කිරීමෙන් වලකින්න. ඔවුන් ඔබවත් මෝඩයෙක් බවට පත් කර, ඔබව පරාද කරනු ඇත.


.

January 6, 2012

උතුරනවෝ...

අපේ පුතන්ඩියා දැන් හරිම චන්ඩියා වෙලානේ. දැන් වයසත් අවුරුදු 1 හමාරක් වෙලා හින්දා ලොකු වැඩ තමා කරන්නේ. දවල් වරුවේ ඉන්නේ රැජිණගේ පියා එහෙම නැත්නම් මගේ මාමණ්ඩියා එක්ක තමා. පුතන්ඩියා හරිම කැමතියි සීයා එක්ක ඉන්න. මොකද අපි කරන්න ඉඩ දෙන්නේ නැති ගොඩාක් එව්වා සීය එක්ක කරන්න පුළුවන්නේ. අපේ ගෙදරට එන්නේ නගරසභාවේ වතුර නෙමෙයි. වත්තේ ළිඳෙන් ටැංකියට එන් කූල් වතුර. ඉතින් ගොඩාක් වෙලාවට වතුර ගහන වැඩේ කෙරෙන්නේ සීයයි පුතයි. ඉතින් වහලේ උඩ තියෙන ටැංකිය පිරෙන්නම අපි වතුර ගහනවා. මෙහෙම වතුර ගහනකොට පුතා කියනවා සීයට වඩා ගන්න කියලා. ඔන්න බලාගෙන ඉන්නවා වතුර උතුරනකල්. ඊට පස්සේ සීයා කියනවා..
උතුරනවෝ...
කියලා. ඉතින් පුතා කියනවා 
දුවමූ... දුවමූ...
කියලා. ඉතින් දෙන්නා එක්ක දුවලා ගිහින් ස්විච් එක වහනවා. ඉතින් මේක මාර ෆන් වැඩේ පුතාට. දවසක් පුතා මාර වැඩක් කරා. අපේ එළියේ තියෙන පඩිපෙළට නැගලා චූ කරන ගමන් කියනවලූ

උතුරනවෝ... උතුරනවෝ... 

කියලා...
සීයට මාර හිනා...
අපිටත් හිනා...
ඔන්න අපේ චන්ඩියාගේ වැඩ....