July 24, 2013

ඇයි බං මේ


ලංකාවේ මේ දවස්වල නැගලම/බැහැලම යන සින්දුව මේක වෙන්න ඕනෑ. සමහරු යූ නලේට රිංගන්නේ සිංදුව අහන්න නම් නෙමෙයි. ඒකේ තියෙන කොමෙන්ටු ටික කියවන්න. ඒ අස්සේ සමහරු පොඩි බිස්නස් වැඩත් කර ගන්නවා. මම කිව්වේ මේ පොඩි ෆෝන් එකක්, කැමරාවක්, වාහනයක් වගේ විකුණ ගන්න වැඩ. හිනා යන වැඩේ කියන්නේ වඩේත් විකුණනවා... හික්ස්...

සිංදුව නම් මට තේරුනේ නෑ. සමහරවිට ඒක තේරෙන්න වෙනමම මානයක් ඕනෑද දන්නෙත් නෑ. ඒක මොක උනත් ටිකක් මහන්සි වෙලා තියෙන පාටයි. තනියම ඔය වගේ වැඩක් කරන්න ලේසි නෑ. කස්ටිය කොහොම මොනවා කිව්වත් නම් ඒක අගය කරනවා. වැඩේ සාර්ථකද නැද්ද කියන එක වෙනම කතාවක්. සමහර තැන්වලදී කැමරාව එල්ලලා පද්දවලා වගේ විඩීයෝ එක කරලා තියෙන්නේ. පොඩි පොඩි ජිමික්ස් වැඩ ටිකකුත් කරලා තියෙන පාටයි. 

හැබැයි කස්ටිය නම් කුඩු වෙන්නම ගහන පාටයි. මේ දැන් වෙනකොටත් "අකැමති" එව්වා 2000+ වෙලා. කොමෙන්ටු 3400+ වෙලා. මාර හිට් වීමක් වෙලා තියෙන්නේ. ඒක හින්දමද කොහෙද සිංදුවත් අයින් කරගන්න පාටකුත් නෑ. මමත් සෑහෙන්න කොමෙන්ටු ටිකක් කියැව්වා. සිනා කාල මැරෙන තරම් එව්වා තියෙනවා. පට්ට පට පට කිව්වලු..

අනේ කාලේ වනේ වාසේ කියලා කතාවක් තියෙනවනේ. ඒක හින්දා ඒ ගැනත් පොඩ්ඩක් හිතුවොත් තමා හොද..

Ex- Alien Lyrics 
(Uttering words)- “now am gonna s*x it up guyz-kick otta my-BMW 
                                Werewolf-de EX-yeah” 
 
 
How I wonder when I see your face with blue eyes they're shimmering-wow 
And I want to be with you my baby you know what am saying –wow 
When I want you.. I'll give hints by ma eyes 
And then I'll wait for u…come with zephyr with no shy 
(above part is repeated) 
 
All I want is you-never turn back-what am I to do-am going to die now oh// 
Gonna die now oh// 
Go-go-gonna d-d-die now wo-o-o 
Wo-o-o/// 
 
Hey-Ex-alien, where iz ma exaltation 
Why you make me exasperated 
And know you are exceptional 
 
Oh no no no no no 
 
Ex-alien , your lips are shiny crimson 
Superstitious heart throb oh ready 4 heart breaking 
Ha-heart breaking/// 
(Below is the rap) 
I know Haute cuisine baby 
Libidinous smile is amazing 
Shiny hair fluttering it’s crazy 
Alien don't you wanna kiss me? 
 
You are like a prince from France 
Take me to boutique with your super glance 
The Reason I talked about the cooking in the France
Is thinking you'd like it giving me a chance 
 
Transcendental lad from Mars  or from where 
How I tried to catch the zenith getting you yeah 
No matter you can dress me anywhere 
Love's trapped in my heart how can I share? 
 
A Hypersonic creature like you 
Knows more about human love it ooh 
You are super sonic super technologically used 
To your world our world really will loose 
 
(Spanish part) - Te queiro 
                           Ahora 
                         Te amo 
                         Elamor-elamor-elamor 
 
Wear your heart on your sleeve 
Then tell me what your point of view 
You are notta be a guillotine even in few 
C'mon yeah –huw EX-Alien, Alien…AHA!

July 16, 2013

"මහා කෙලි" ජාතකය

යටගිය දවස බරණැස්නුවර නොව කොළොම්තොට අපේ ඔෆීසියේ ගැන්සිය සැනෙකෙලි කෙලින්න්ට දිනයක් යොදා ගත්හ. මහා බෝසතාණෝ සිතන්නේ යමක් වීද, එය ඒ ආකාරයෙන්ම ඉටුවන්නාක් මෙන් වෙල්පෙයාර් එකේ බුවාලා යමක් සිතීද එය ඒ ආකාරයෙන්ම ඉටු නොවන්නට වූහ.

මෙදා පොටේ මහා පිටිය සරසන්නට කෙල මහා කෝටියක් පිරිස එතැයි අපද ඔද වැඩී ගිය මෙත්තාවෙන් කුකුලාද රැගෙනම පිටයට බටහ. අපගේ මහා පුණ්‍යකර්මයක් හේතුකොටගෙන උදෑසනම කිසිදු බුවෙක් පිටිය සැකසීමට උත්සුක නොවූ සෙයක් වන්නට වූහ. පෙරදා කල සැකසුම් ඒ පරිද්දෙන්ම ඉටුවන්නේද කෙසේද'යත් කියතොත්, පෙරදා බෙදූ මහා තෛලයේ බිංදුවකද අගයක් නොවන්නට මෙන් එකිනෙකා එතැන මෙතැන කුඩා ගම්සබා තනමින් කාලය බුදිමින් වන්නට වූහ. කාලය සුළුවූයෙන් හනි හනිකට එක් කරගත් පිරිසෙන් අඩක් රැගෙන වහ වහා නිවාස අලංකරනයේ යෙදෙන්නට වූයෙන් අලස බව අපෙන් මිදෙන්නට වූහ.

මහා පිටිය අලංකරණයට ඔෆීසියේ ගැන්සිය සිව් අයුරෙන් යුත් කල්ලි ගතවූහ. එක් එක් කල්ලිය වෙත එකිනෙකට වෙනස් වූ ප්‍රකෘත්තියන් නොහොත් තේමාවන් වන්නට වූහ.

මහා වෘත්තාන්තය එක්තරා ලෝහමය ද්‍රව්‍යයයකින් සැදුනු මනඃකල්පිත යකඩ පුටුවක පරම අයිතිය උදෙසා කෙරන්නාවූ මහා ලේ වැගිරීම්, වංචා කිරීම්, රැවටීම් අලලා ලියැවුණු මනඃකල්පිතයක් විය. ග්‍රන්ථයන් සතකින් යුතුවූ මේ මහා කතාවේ තවමත් අවසන් වී ඇත්තේ ග්‍රන්ථ පහක් පමණක් බවත් එයිනිදු තුනක් දැනටමත් චිත්‍රපටියට නැගී අවසන් බවත් තතු දන්නා "සීනා" වැනි පණ්ඩිතයෝ පවසත්. මේ අතරැම ගත්කතුද තවමත් හරිහැටි නොදන්නා කතාවේ අවසානය මෙසේ වන්නේයැයි පූර්ව නිගමනවලට බට පිරිසකුත් අප අතරම ගැවස ගත්හ. ඒ කෙසේ වූවද අපේ කෙලියට එයින් අපගමනයක් නොවන්නා මෙන් මහා උත්සවයට පිරිස මහා උනන්දුවෙන් කටයුතු සැලසුම් වන්නේය.

එකෙක් පරයා තවැකෙක් පුටුව සොරා ගනිතැයි මහා බියෙන් වෙව්ලා ලහි ලහීයේ තම තම හැකි පමණින් වෙර යොදා යුධ කටයුතුවල නිරතුරු වූහ. සරඹ කණ්ඩායමක් සැදීම එක්තරා අංගයක් වූයෙන් තම පිරිසේ අභිලාසය ඇත්තෝ සොයමින් එතැන මෙතැන කරගැසූ මූලිකයන් මහාමාරුවෙන් පිරිස සොයා කුඩා ව්‍යායාම පද්දතියක් සකසා ගත්හ. සැමදා ඉර මුදුන් යාමයේ මෙකී පිරිස ලාහට ගෙම්බන් එක් රැස් කරන්නාක් මෙන් එක් කොට හැකි පමණින් පුරුදු පුහුණු කරන්නට වූහ. ඇතමෙක් ඇඟ සැරසිලි ගැන වෙහෙසුනාහ. තවෙකෙක් ආවුද ආම්පන්න ගැන වෙහෙසුනාහ. බොහෝමයක් මුන්ට මොන්ගල්යැයි කියමින් එතැන මෙතැන කාලය කමින් ජීවත්වූහ.

සිතේ දහිරිය නිසාවෙන්ම අවසන් දින කෙසේ හෝ අටවා ගත් දර කැබලි සමගින් යුධ පිටියට බට සොල්දාදුවෝ කිසි බියෙකින් තොරව සටනට වන්නේ පිටිය පිරාවට තිබූ හිස් බව නිසාවෙන්යැයි තවෙකෙක් සිතන්නටවුහ. සැමදා මෙන්ම මෙදාට පුරුදු සුපුරුදු මූණු එකිනෙකා පසසමින් සමගියෙන් යුතුව මදු පානය කරමින් තම යුධ කටයුතුවල නිරතවන්නට වූහ. සමහරෙක් සිරස්වසද, සමහරෙක් තිරස්වද තවත් සමහරෙක් අඩ සිහියෙන් යුතුව කෙලෙමින් කාලය විකන්නට වූහ. අවසානයේ සියල්ලෝම සතුටින් නිවෙස්බලා ඇදෙන්නට වූයෙන් "මහා කෙලි" ජාතකය මෙසේ අවසන් වන්නට විය.